Wednesday, March 2, 2016

එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ.....




කතර උණුසුම දැනෙන්නේ නැති ගොරහැඬිව වියළුණු සිතක්
සමග දුරුමග යන්න ලතැවෙන සුමුදු මොලකැටි මල් මිටක්
සිනා කිංකිණි මුවග රඳවන කෝලබර බැල්මෙන් බිඳක්
මවනවා රූ දහක් නෙතුමත එදා මා දුටු සිහිනයක්

පෙරුම්පුරමින් කවි පෙලක් ලෙස නුඹ මවන සුභ සිහිනයේ
දන්නවද නුඹ ගලන කඳුලැලි දුරක් යනවිට නෙතු කොනේ
සිනා කඳුලැලි සමව උසුලන මහමෙරක් වන් දිවි පෙතේ
නුඹේ සිත සවි ගැන බියක් මගේ සිත පුරා විසිරී තිබේ

වින්ඳ පාඩම් ඉණූ හසරැල් රූ රටා ඇඳි හදවතේ
තැනක් සොයනවා සමනළියකට ලැගුම් සදනට හැම බවේ
ටිකක් රිදුනොත් තටු සිඳෙන බව දන්නමුත් දැකනැති නෙතේ
කඳුළු පිරුනොත් ඒ පවින් මට මිදෙණු හැකිවෙද කිසිකලේ

ආදරෙයි මම නුඹට කිසිදින නොකල මෙන් මගේ ජීවිතේ
දකිනු රිසිවෙමි සිනහවම නුඹේ සිතුවමක් වන් රන් වතේ
සුරඟනක් ලෙස ගෙවූ දිවිමග කොහොම මවනෙම් නුඹ ලොවේ
එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ



කටුස්සා....

57 comments:

  1. ඔච්චර අඩන්න එපා බං. ලස්සනයි. කෙල්ලට කෝල් එකක් අරන් ඕක කියාපන්

    ReplyDelete
    Replies
    1. හැක්....ටෙලිෆෝන් එකෙන්ම ගහයි බොල මට.

      Delete
  2. සුන්දර විරිතක්... සුන්දර කවියක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වරුසා...

      ආ....පළවෙනි ගොඩවැදුමට වල්කම් කිවුවා....

      Delete
  3. බොට ඒකිගෙ ප්‍රේමය ගැන සැක නැද්ද?

    ReplyDelete
    Replies
    1. චික් විතරක්....අපි කවද්ද බොල ලලනාවන්ව සැකකලේ....

      Delete
    2. ලලනාවන්ව සැක කරන්න එපා. උංගෙ ප්‍රේමය ගැන හොඳට බලහං.

      Delete
  4. හිත පාරනා
    ආදර වේදනා
    සැක මතුවනා
    ප්‍රේමය වේ හරි අගනා...



    හදවත කටුසු නම්,
    කිම ආදරය ....
    කටුසු නොවනා

    ReplyDelete
    Replies
    1. හිත කටුසුනම් මොනවා කරන්න බැරිද බං. අවුල තියෙන්නේ හමේ විතරනේ පාට වෙනස්වෙන්නේ.

      අර මේල්ලුව ඉක්මනටම දාන්නම් සති අන්තයේදී වගේ.

      Delete
    2. මං හිතුවේ රසිකා ගුනවර්ධන කියලා.. කවියනත් ඇගේ වගේමයි..

      Delete
    3. එල එල.......කටුසු...

      Delete
    4. අම්මේ කල්‍යාන....එතුමියගෙ ලගටවත් යන්ඩ බෑ...😅

      Delete
  5. ආසයි බයයි... කටුස්සගෙ හිතයි.....
    පිපෙන සොඳුරු ප්‍රේම කතාවයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පිපෙන තියා පුප්පන්නවත් මලක් නෑ බං මේ දවස්වල.

      Delete
  6. //එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ// ඕකනේ බැරි...මෙච්චර ලස්සනට ගළපලා තියෙන පද ටික ඇහැ ගැටුනොත් කොච්චර risk එකක් උනත් ඔය හිතේ ලගින්න එන්නෙ නැතිවෙයි කියල කොහොමෙයි බොල කටුසු හිතුවේ? ඒ තරම් ලස්සනට ලියල තියෙනවෝ...

    ReplyDelete
    Replies
    1. දැන් නගේ ,බොල මේ කතාව දවස් දෙක තුනක්ම මට කිවුවා.කියන හින්දම ගිහින් අහනවා.ඒ අහලා මූනේ සපත්තු අඩි හිටියොත් එහෙම ඇත්තමයි උඹව උස්සලා පොලවේ ගහනවා.

      Delete
  7. ඔබ යන්නම යනන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනේ ඉතිං
    යලි එන්නම් එන්නම හිතුනේ නම්
    ඔබ එන්න එපා මගේ හිත තහනම් ද?

    ReplyDelete
    Replies
    1. එපා වෙන්නට පෙර ඔබට මම
      අවසරයි නික්මී යන්න ....ජාතියේ එකක්.

      Delete
  8. ~~~~~පිළිතුර කවියට මිස කවියාට නොවෙයි~~~

    නිතින හමුවෙන නෙතින දොඩමළු වෙන්න ආසයි මට... ටිකක්
    වඳින දෙවොලෙහි දෙවියො නැතිවද හදම බැතිබර වෙයි හුඟක්
    දකින සිහිනය මතුද ඔබ ගැන ලංව ඉන්නට හැක ........ටිකක්
    මගෙම වෙනවද දුරක යනවද තැනිව ඉන්නට බැහැ ..... දුකක්

    දුකද ඔබමය සතුට හිත තුල නොමැත වෙන අයෙකුට .....ඉඩක්
    හමුව වෙන්වන ලොවෙහි ඉතිරව ඉන්න හැකිවෙද එය ...සැකක්
    කඳුළු බිඳුවක සදා සුසුමක උරුම හිමිවෙද මට......... සැපක්
    අහසෙ බැබෙලෙන සඳට පෙම් බැඳ ඉකිය සඟවමි නැත... සුවක්

    කටොර දිවිමග සිනහ ඔබමය සතුට ඉතිරේ තුති....... නොවක්
    මියෙමි නැති කල දිවිය පල නැත ඉතිර වෙයි ලෙස සක් සුදක්
    සුවෙනි ඔබ ලඟ තිලොව ජයගමි වේය ඔබ මට නිල් මිණක්
    සුහද අපි අපෙ සසර භවයෙම වෙන්ව ඉන්නට බැහැ බිඳක්

    ReplyDelete
    Replies
    1. සක්.. අපරාදේ.. මේකේ කවියට/කවියාට දෙක මාරු වෙලා තිබ්බනම් නියම කවි වෙඩිමක් ගන්න තිබ්බ..

      Delete
    2. @kalanayya
      තට්ටුමාරු කරමෙ හැමදේකටම හරි යන්නෙ නැහැ අය්යෙ. තෙරෙනව නෙ හිටන්

      Delete
    3. කවියනම් ලස්සනයි .ඒත් ඉතින් අර උඩින් දාලා තියන එක දැක්කහම හඳුන්පොත කඩාගන වැටුනා අප්පා....

      බොහොම ස්තූතියි මහන්සිවෙලා අනුන්ගේ කවියක් වෙනුවෙන් පිළිතුරු කවියක් ගොතන්න තරම් වෙලාවක් වෙන්කලාට.

      කමියා-
      මම මේ හපුටිට කිවුවා බං කතාකරන කොට. මගේ අඬු කඩනවා කිවුවා.මම ඉතින් කට වහගත්තා.ගෑණු අරන් ගුටිකන්න පුලුවනෑ.

      Delete
    4. @karusu
      අනේ මලයණ්ඩි ... දරුවෝ හත් දෙනාගෙ අප්පච්චි ඔව්වට මනාප නැහැ නෙව අය්යණ්ඩි... ඕන් මීට 35 වසරකට කළින්වත් කියැව්වනං සොරි.කොම් තමා
      ,,,,

      Delete
    5. දරුවෝ කියන්නේ සම්පතක්නේ නඟා....ඔය දරුවෝ මට වැඩි නෑ...සත්‍ය ප්‍රේමය දරුවන් 6-7 දෙනෙකු සමග වූවද පැමිනියහැක කියලා හිත හදාගන්නම් මම.

      Delete
    6. හැක හැක හැක දැන්නෙ දැක්කෙ කමෙන්ටුව . එහෙනම් 'රෙඩිමේඩ් ෆැමිලි' එහෙකට ඔට්ටුයි නේ? ඔබට ජය!!

      Delete
  9. ඕක මෙහෙම කියල හරියන්නෑ අනේ...ගන්න කෝල් එකක්....හැබැයි ඔයාට බයයි වගේ නම්...එක්කෝ ඕනේ නෑ...හැක හැක
    ලස්සන කවි ටික...ඔය ටික දැක්කම හිත බටර් කෑල්ලක් වගේ උණු වෙයි එයාගේ හි හි හි

    ReplyDelete
    Replies
    1. බටර් කෑල්ල කෙසේ වෙතත් බෙරිකරගන්න එක තමයි එපාවෙන්නේ.

      Delete
  10. //තැනක් සොයනවා සමනළියකට ලැගුම් සදනට හැම බවේ// මෙතන අවුල්.. විරිත තියා ගන්න මේක කියන්න වෙන්නේ..
    තැනක් සොයනව.. සමන-ලියකට.. ලැගුම් සදනට හැම බවේ කියල.. විරිත කැඩෙන්නේ සමනලියකට කියන වචනේ මැදින්. එක එහෙම (සමන-ළියකට කියලා) කැඩුවම කුනුහරුපයක් වගේ.. :(

    ReplyDelete
    Replies
    1. ඉති හොඳයිනේ...18+ කියලා දාමු.

      අවුල් තමයි.පෙන්නලා දුන්නට විස්කෝතුයි.

      Delete
  11. Replies
    1. ඉතින් මේ භාශාව ඉගනගන්නේ කොහෙන්ද මම?

      Delete
  12. //එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ//

    පට්ටයි මචං............. සිද්ධියනං දුක ඇති ... ඒත් කවිය පට්ට

    ReplyDelete
  13. කෙල්ල මං වගේ හිතන කෙනෙක් නං, උඹට කැමති වෙන්නෑ. මොකද, මට කවි කියවන්න බෑ බං වෙලාව අරං.

    උඹෙ වාසනාවට කෙල්ලො මං වගේ නෙමෙයි. උංගෙ හිත් බටර් වගේ උණු වෙනව ඔය වගේ සුකුරුත්තං වලට.

    මං නං ඩ්‍රැකියානිව අල්ලගත්තෙ, එයා ගැන අනික් අයට වඩා සැළකිලිමත් වීමෙන් සහ, එහෙම සැළකිලිමත් වෙන බව පෙන්වීමෙන්. ඒක නං හරිම ලේසි, අවංක, උපක්‍රමයක්.
    උදාහරණයක් -
    දවසක් ඩ්‍රැකියානි දවල් කෑමෙන් පැයකට විතර පස්සෙ කිව්ව “කෑවට මොකද, ටිකක් බඩගිනියි වගේ“ කියල. මං හවස වැඩ ඇරිල ගෙදර යද්දි එස්එම්එස් එකක් ගැහුව, “ඔයාට තාම බඩගිනියිද?“ කියල අහල. එයාට ෆුල් සැටිස්, මට ඒ පොඩි දේ මතක තිබුණ එකට.

    ReplyDelete
    Replies
    1. ඒ තියරිය ගොඩක් ගෑණු ළමයින්ට අදාලයි.කෙල්ලෝ ගොඩක් කැමති ඔයවගේ පොඩි පොඩි සීන් වලට තමයි.ඒක නොදන්න කොල්ලෝ පොඩි සීන් අතෑරලා ලොකු සීන් වලට යනවා.අන්තිමේදී අන්සැටිස්ෆැක්ශන් කෙල්ලෝ අහනවා "තමුසේ මට මොනවද කලේ" කියලා.ඉතින් අර අසරණ කොල්ලා උඩ බිම බලනවා.

      එතකොට දැන් බඩපුරා කන්නේ උඹද? ඩ්‍රැකියානිද?

      Delete
    2. බඩපුරා කන්නෙ මං මං... හෙහ් හෙහ්...
      මයිසූර්, වට්ටානා ආදිය තමා වැඩිපුර.

      Delete
    3. "තමුසේ මට මොනවද කලේ" වගේද බන් මම බඩගින්නේ ඉඳල මගේ බත් පත දීල බඩගින්න නිවපු එවුන් අන්තිමේ ඇහුවේ " තමුසේ මගේ කව්ද " කියල..

      Delete
    4. ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
      ආලවඩන යන තේරුම බෝසත්කම සකී....

      Delete
  14. ඔය හිතේ ආදරය සැකයි????? හිතාගන්නත් අමාරුයි. වෙන්නම බැරි දෙයක්.පවුද්ගලිකව දන්න බඩා / බන්ටි ගොඩක් රොමැන්ටික් චරිතයක්. අතීතය අමතකකලානම් හරි.එතකොට ඔය සමනලියව බලාගනියි මලක්වගේ.

    ReplyDelete
    Replies
    1. හැක්...මගේ ඇනෝ හිතවතා,
      පෞද්ගලික අත්දැකීම් හා නිර්මාණ අතරේ සම්බන්දයක් නැත්තෙම නෑ.ඒත් නිර්මාණත් එක්ක නිර්මාණකරුව සංසංදනය කරන්න එපා. ඒක විහිළුවක්.නිර්මාණයේ තරමටම නිර්මාණකරුත් අවංකයිනම් මේ ලෝකේ මීටවඩා ගොඩක් ලස්සනයි.මාත් එහෙම එකෙක් නෙමෙයි.

      //බඩා / බන්ටි//
      උඹ කවුද බං??????????

      Delete
    2. ආ .... බන්ටි බඩා .........

      Delete
  15. //එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ//
    මටත් මෙහෙම හිතිලා තියනවා, හැබැයි ගොඩක් ඉස්සර.

    ReplyDelete
    Replies
    1. ආදරේ වැඩිවෙන එකත් ලෙඩක් තමයි....

      Delete
  16. කටුස්සෝ නියමයි ඈ ... ෆලෝ බටන් එක පොඩ්ඩක් බලහන් මට ෆලෝ කොරන්ට බෑ...ඒ නිසා බොලා ලියන එව්වා කියවන්න මග ඇනෛවා

    ReplyDelete
    Replies
    1. මගේ ඔය ෆලොවින් ගැජට්ටුව මහා ලෙඩක්.එතන තියන අර පොඩි කොටුදෙක ක්ලික් කරලා බලන්න.ඒකෙන් ගොඩදාගන්න පුළුවන්වෙයි.

      පලමු ගොඩවැදුමට වල්කම් කිවුවා....

      Delete
  17. වැදුනා කසුට්ටෝ ඒක... :/

    ReplyDelete
    Replies
    1. උඹලට වැදුනනම් එච්චරයි....

      Delete
  18. ලස්සන කවි පෙලක්
    (උඹේ පොන් එක වැඩ නැද්ද බං. මොකෙක් හරි ඒක උස්සලා ද)

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මන්නාරම් පැත්තේ වනගතවෙලා ඉන්නේ.ඒකයි ඔය අවුල. තව දවස් 2-3න් හරියයි සුදූ...

      Delete
  19. ගොඩක් හිතට දැනුණා . ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි "කොටේ"...ඒවගේම බොහොඬ හදට වල්කම් කිවුවා...

      Delete
  20. පරෙස්සමට කටුස්සෝ... මල්සරාගේ ඊ තලේ වදිනකොට රිදුනේ නැතිඋනාට ගලවනකොට මාර වේදනාවයි... හොඳට බලල ගලවන්න වෙන්නේ නැති එකකටම පපුව අල්ලපන්..

    ReplyDelete
    Replies
    1. මම මල්සරාව එලවලා දැම්මා.මට එපාවෙලා තියෙන්නේ. බ්‍රහ්මචාරී වෙන්න කියලා හිතන් ඉන්නේ...

      Delete
  21. මුතු ඇටයක් බවට පත්වෙන්නෙ, බෙල්ලෙක්ගෙ බෙලිකටුවක හිරවුණ වැලි ඇටයේ වේදනාවයි....

    ReplyDelete
    Replies
    1. උඹ ගොඩකාලෙකින්.පෝස්ට් එකක් දැම්මහම ලැබෙන කමෙන්ට් අතරේ මම බලාපොරොත්තුවෙන් ඉන්න කමෙන්ට් කීපයක් තියනවා.උඹේ කමෙන්ට් එකත් ඒ අතරින් එකක්.බුකියටම වෙලා ඉන්නේ නැතුව ඉඩක් ලැබුනහම මේ පැතිවලටත් ඇවිත්යන්න වරෙන්.

      Delete