ආදරෙත් කැමති ඇති
මියදෙන්න....
තරු පිරුන අහස යට
වළාකුලු තොටිල්ලක
සුරඟනන් අඬනහැටි - සඳත් වත වසන හැටි
දකින්නට....
ලිහිනියොත් ගොලුකරන් - මල් පෙතිත් පරකරන්
නිදන්නට....
මැරිලා කම්මැලිවුනොත් - අඬන එක වැඩිවුනොත්
නැගිටලා එකවරම මම මලේ විහිලුවට
කියන්නට....
වැඩියෙන්ම අඬපු අය - වැඩියෙන්ම ආදරෙයි
සිතන්නට....
ඒ සැනින් ආලයට වරදීවි හැම දේම
පෙනෙන්නට නොහැඬුවට - සිහිවිකල් නොවුනාට
කුණාටුවේ බර රඳපු - සුසුම් රැල් පපු දරපු
හදවතක....
විසල් තෙත නොදැනෙන්න - ජීවිතය වරදින්න
ඒ ඇතිය ආදරේට....
තනිකමට හුරුවන්න
කටුස්සා....