Tuesday, December 30, 2014
හිරුට හොරා......
ඔබත් එක්ක ලන්ව ඉන්න
තුරුල් කරන් තරු ගනින්න
කණට ලන්ව කවි කියන්න
විසිරුණ මල් අහුල ගන්න...
හෙට රෑටත් මම එනවා
කුටියේ දොර ඇර තියන්න...
කණාමැදිරි එළි බලන්න
රැහැයි හඬට පද බදින්න
කඩුපුල් මල් ගොමු අතරේ
ඔබෙ ආදරේ සඟවලන්න...
මට ඔබ දුන් ආලයෙහි රස
වෙන කවුරුත් විඳ නොගන්න...
සපත්තුවෙන් හොයා ගත්තු
සින්ඩරෙල්ල ගැන කියන්න
මූණ ඉඹිනකම් නිදියපු
නිදි කුමාරි ගැන අහන්න...
නොනිදා හූමිටි තියන්න
ලාවට හිස පිරිමදින්න...
ඔඩොක්කුවේ හිස තියාන
ඔබෙ පියවුරු සුව විඳින්න
ඉඟ රැලි ගනිනා අතරේ
සුදු බණ්ඩියේ මුව තියන්න...
කිති කැවිලා මහ හයියෙන්
කෑගහන්න බෑළු ඔන්න...
දහවල මා නොදන්න සේ
අහක බැළු දුක නිවෙන්න
කිටි කිටියේ මිරිකාගන
ඔබ දෙතොලේ රස විඳින්න...
සිහින් කෙඳිරියක් ලෙස එන
අනුරාගය රසවිඳින්න...
කන්ද උඩින් නැග එන හිරු
එළිය දිහා නොබල ඉන්න
හිරු නැගෙන්න කළියෙන් යලි
නුඹෙ කුටියට පා තබන්න...
හෙට රෑටත් මම එනතුරු
මිහිරි මතක සුව විඳින්න...
කටුස්සා....
Monday, December 29, 2014
සැලකීම.....
වැටමාර පොළු පාර
ඔච්චරම රිදෙනවද
කළාකරුවන්ද තොපි
ගුටියක්වත් කන්න බැරි
ඔහේ සිටියට බැරී
වරෙන් මගෙ සමනළී....
මගුලටද වර්ජනය
මෙහෙම සන්වර්ධනය
දැක තියනවද තොපිල
සුදු චීන දෙවියෝ රැල
අනේ තොපෙ වර්ජනෙන්
නවතීද ගන්න ණය....
වෙන රටක පාරක්ය
මන්තීරු අටක් වෙති
අපි හැදුවේ හතරයිනෙ
බාගයක් දුරින් අඩු
එකක්වත් නොතිබු තොට
මෙහෙමවත් දුන්නාට
යස පාඩම්ය මට
අමන නරි හිවල්කැල....
පොඩි පුතා උඩ යැවුවේ
මහා ලොකු සැටලයිට්ය
මද්දුමයා කිමිදුනේ
50-60 වට කොටය
ලැම්බොගිනි ගෙනාවේ
ලොකු පුතා පඩියෙන්ය
ඉතින් තොපිලට මොකද
මගේ උන් එහෙමයිය....
CTB එක මගෙය
අදින්නේ මගෙ උන්ය
යුද්දේ මම දිනු නිසා
රටේ පිට්ටනි මගෙය
ලයිට් කණු වට කරන්
හිනහෙන්නෙ දැන් මමය
බලා ඉන්නට බැරිව
කියවන්නේ පිස්සන්ය....
ඇලඩින්ගෙ රඟපාපු
කෙල්ල ආවට කිචිද
වන්ශොට්ගේ මොන බොඩිද
සල්මන්නේ ෆිට් බොඩිය
එලියන්ත වයිට්ලට
පඩි දුන්නේ ගෙදරින්ය
මට ඡන්දෙ දුන්නාට
සළකන්නේ කළගුණය...
වරායක් තැනුව කල
නැවක් පැමිණිය යුතුද
නැවක් නැති වරායක්
තොපිට සිතාගනු බැරිද
සූගාල සෙනග එන
මම හදපු මත්තලය
දකිනු රිසි නොවුන ඇස්
මට ගහන්නේ මඩය...
රට රැකපු වීර කැල
කානු හැදුවට දුකද
මට උදවු නොකරනා
සියල්ලෝ ද්‍රෝහින්ය
මගේ පා පිරි මදින
කරුණාලා දෙවියන්ය
විපක්ශෙට _ක දෙන්නෙ
මේ රටේ ද්‍රෝහින්ය...
සලකන්න කෙළෙහිගුණ
තොපිට මේ ටික මදිද
ඇයි යකුනේ හිතපන්කො
පැරදුනොත් කොහි යමිද...
කටුස්සා....
Saturday, December 27, 2014
බලා සිටිමි මග......
බලාපොරොත්තුව
හද මැද්දේ හිඳ කොනිති ගහන විට
මතකය ඔබ ගැන
සීතල රෑ යාමේ
වාවනු නොහැකිව කඳුළු නැගෙන සඳ
බලා සිටිමි මග නෙත් දල්වාගන
වල්මත් හිමි සඳුනි.....
ඔබ රුව ඉඳිකඩ පනින තුරා.....
පෙර එක දවසක
ආදරයෙන් සිඹ ඔබ රස ගැන්වූ
මුදු දෙකොපුල් තල
රතු කල ඔබ සුරතේ සිරවී
පියමැන ඇවිදපු මාවත අභියස
ඔබේ සෙනෙහෙ සුවඳින්.....
පිපුන මල් සුවඳට සිත දුවයයි.....
මදු සුවඳින්
වියකුණු පෙම් සුවඳට ඉව කරනාවිට
අන් බඹරුන් ලොව
සිරවුන පතිනි සිතුම්....
මතකය ඉවකර ජීවත් කෙරුමට
වෙර දැරුවත් අද
අවසන කොතනද වටහා දෙනුමැන
සලෙළ කිඳුරු සඳුනී....
ඔබ පෙන්වූ මග අතරමන්ව සිටිනා
ඔබේ වෙසඟනයි මා......
කටුස්සා.....
Tuesday, December 16, 2014
ජ.වි.පෙ. සහෝදරවරුනි.....මේ මල් වට්ටියට අත ගසනු
"අපි ජාතිවාදීන් නොවෙමු.සින්හළ ජනයාගේ අයිතිය උදුරා නොගනිමු.අපි,අපේ සටනේදී සින්හළ ජනතාව ආදරයෙන් සිහිකරමු.ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පළ කරමු.එලෙසම අපගේ විමුක්ති සටනට ඔවුන් සහය දියයුතුය.අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහසද වළලාගනී.
අපට අත්වූ ඉරණම ශ්‍රිලන්කා ජනතාවටද මතු දිනක අත්වනු ඇත.එදාට අලිමන්කඩ වද කඳවුර හම්බන්තොටට ගෙනයනු ඇත.ගුරුනගර් වද කඳවුර කුරුණෑගලට ගෙනයනු ඇත.අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සින්හල තරුණයන් ඒවායෙහි වධ විඳිනු ඇත"
-සෙල්වරාජ් යෝගචන්ද්‍රන් (කුට්ටුමනී ) 1982 ,උසාවියේදී.
1982 දී ඔහු පැවසූ දෙයින් සැබෑ නොවුනේ කුමක්ද?සැබෑවක් ලෙසින් ක්‍රියාත්මකව නොපවතින්නේ කුමක්ද?සරදම වන්නේ ඒ සැබෑවට සෘජුලෙස මුහුන දුන්නන්ගෙන් ප්‍රධාන කොට්ඨාශය වන්නේද උඹලාම වන නිසාය.උඹලා අලුමතින් නැගිට්ටෝ වෙති.එම අදුරු අතීතයේ පැල්ලම් මකාදමා ගැනීමට සමත්වුවෝ වෙති.එහෙත් අද උඹලා,උඹලාගෙන්ම ප්‍රශ්ණ කරගත යුතු තරම් වූ නිශ්ෂබ්දතාවයකින් පෙළෙන්නෝද වෙති.ලාන්කීය සමාජය පීඩනයෙන් මිරිකාදැමීමට සමත්වී ඇති,ග්‍රාම සේවක මහත්වරුන්ගේ සිට ඇමතිවරු දක්වා වූ මුලු මහත් සමාජ පාලන පද්ධතියම දූශනයේ අඳුරු සෙවනැල්ළෙන් වසා දැමීමට සමත් වූ,නීතියේ දෙවඟන ගණිකා වෘතියේ යෙදවූ,පෑනේ බලය ;උන්මන්තක වූ පවුල් බලයෙන් යටපත් කල අදුරු පාලනය වෙනස්කිරීමට උදාවූ අවස්තාව ඉදිරියේ උඹලාගේ මෙම පතෝල හැසිරීම නිසා වන්දි ගෙවීමට සිදුවන්නේ සමස්ථ පුරවැසියන්ටම විය හැකිය.
උඹලාගේ දැක්ම අනූව මෙම ලිපිය ලිවීමට මා හට කිසිඳු අයිතියක් නොමැතිවීමට හැකිය.අවුරුදු 29ක් වන ජීවිතයේ, කිසිදු දිනයක මා උඹලාට කතිරය ගසා නැත.එහෙත් මා ඡන්දය ප්‍රකාශ කල අවස්තා 2කෙහිදිම එම ඡන්දය ප්‍රකාශකලේ උඹලා සහය දුන් අපේක්ශකයාටය.2005 දී නව යොවුන් වියේ සිටින්නෙකු ලෙස එදා මම නුඹලාගේ කතාවලට වශීවී සිටියෙමි.නුබලා සුනාමි විපතේදී හැසිරුන ආකාරය ගැන පැහැදුනෙමි.උඹලාගේ රැස්වීම් අවසානයේ එම රැස්වීම් භුමිය අස්කරනා සාමාජිකයන් දැක ගෞරව කෙරුවෙමි.ජාතික ප්‍රශ්නයේදී නුඹලාගේ මතය හා සමාන මතයක සිට සිහින දුටුවෙමි.මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ ,කැපුවත් කොළ පවුලක ඉපදුන බාලම සාමාජිකයාගේ පළමු ඡන්දය මහින්ද රාජපක්ශයන් හට හිමිවීමය.ඒ ගැන අදද කිසිඳු කණගාටුවක් හිතේ නොමැත. හමුදා සාමාජිකයන් සටන් කරනා අයුරු බලා සිටියෙමි.ඒ ගැන සෑහීමකට පත්විමි.නිමල රාජන් ,ලසන්ත,සම්පත්,දේවුකුමාරන්ලා මහපාරේ මැරෙන හැටි බලා සිටීමට සිදු වුනෙමි.මාධය්‍ය ආයතන වලට පහර දී විනාශ කරනා ආකාරය බලා සිටියෙමි.පාතාල මර්ධනය මුවාවෙන් ගෙනවිත්, මිනිසුන්ගේ කටවල් වසා පසුව එයම යොදාගනිමින් ගෙවල් වල නිදා සිටිනා තරුණයන් ආයුධ පෙන්වීමට රැගෙනයන ආකාරය බලා සිටියෙමි.යාපනයේ මෙන්ම කොළඹ ජනතාවද ආඥාදායකයේ සපත්තුවට පෑගෙන ආකාරය බලාසිටියෙමි.ඔවුන් සමග එකට පෑගී මිරිකුණෙමි.මේ නිසා මමද උඹලා සමගම ෆොන්සේකා උදෙසා මාගේ දෙවනි ඡන්දය ලබා දුනිමි.ඒ මැතිවරන වේදිකාවේ පවා උඹලා හැසිරුන ආකාරය දෙස පැහැදුන සිතින් බලා සිටියෙමි.විවාදයක් නැත.උඹලාගේ දේශපාලන අදහස්,මාගේ දේශපාලන අදහස් සමග සමපාත වන අයුරු දෙස මම කැමත්තෙන් බලා සිටියෙමි.
එහෙත් සොයුරනි,අද උදාවී ඇත්තේ අතිශය්‍ය තීරණාත්මක අවස්තාවකි.මේ උදාවී ඇත්තේ මේ සොඳුරු මිණිමරුවා ප්‍රජාත්‍රන්තවාදී ලෙස, අනිවාර්යය නිවාඩු ගැන්වීමට උදාවන අවසාන අවස්තාව වේ.ඔහු කිසිඳු දිනයක නැවත මෙම අවස්තාව ලාන්කීය සමාජය වෙත තිලිණ නොකරනු ඇත.මෙවර ඔහු අපේක්ශා නොකල ආකාරයෙන් සිදු වූ ඔහුගේ මහලේකම් කරණම හරහා ඔහු විශාල පාඩමක් ඉගනගන ඇතිබවට කිසිඳු සැකයක් නැත.දැනට විපක්ශයෙන් කිසිදු තරගකාරී නායකත්වයක් බිහිවීමට ඉඩනොදෙන ඔහු,මෙතැන් සිට තමන්ගේ අත යට සිටිනා චරිත ගැනද සෝදිසියෙන් සිටිනා බවටද කිසිදු සැකයක් නොමැත.මීට පෙර අවස්තාවක ඔබලා පවසා තිබුනේ "එක්සත් ජාතීන්ගේ සන්විධානය විසින් ලාන්කිකයන් හට ආයුධ අතට ගැනීම හැර වෙන විකල්පයක් නොමැති බවට පිළිගන්නා තෙක් අපි නැවත ආයුධ අතට නොගනිමුයි" කියාය.එහෙත් ඔබලාගේ නිහඬතාව, මේ අවස්තාව උදාවන තෙක් බලාසිටින්නක් ලෙස මම පිළිනොගන්නෙමු.එහෙත් ඔබලාගේ මැදිහත්වීම අන්කවරදාකටත් වඩා මෙම අවස්තාවේදී අවශ්‍ය වී ඇත.ඒ මෙම ලිපිය ලියන අවස්තාව වන විට පොදු අපේක්ශකයාගේ මැතිවරණ සටන දරුණු ලෙස පසුබෑමකට ලක්වී ඇති නිසාය.
එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරය මෙහෙය වීමේදී ගම් මට්ටමේ ජනතාව පිළිබඳ ඔවුන් තබා ඇති අඩු තක්සේරුවයි.පොදු අපේක්ශක ප්‍රධාන ආධාරකරුවන් වන එජාපය මෙන්ම චම්පකලා,රාජිතලා ආදීහූන්ද මෙම ගැමි චින්තනය ගැන වටහාගැනීමට අසමත් වූවන් වෙති.අවුරුදු 27ක් තිස්සේ කොළඹ නාගරික සමාජයේ ජීවත් වී දැනට අවුරුදු 2ක් තිස්සේ අනුරාධපුර ප්‍රදේශයේ ජීවත්වන මා හට එම අඩුපාඩුව මහා ලොකුවට පෙනෙන්නකි.මාගේ පෞද්ගලික මතය අනූවනම් ගැමි මනසට ආමන්ත්‍රනය කිරීමේ 'ඔස්ථාර්ලා' වන්නේ උඹලාය.උඹලාගේ සහය පොදු අපේක්ශකට අවැසිවන්නේ මෙතනදීය.ගොවියන් වෙනුවෙන්,ගාර්මන්ට් යන ගමේ කෙල්ලන් වෙනුවෙන් ,තේ,රබර්,පොල් වතු වල සේවකයන් වෙනුවෙන් අනිකුත් සෑම පක්ශෙකටම වඩා කෑගැසුවේ උඹලාය.ගමේ මිනිසුන්ගේ හදගැස්ම ඔක්කොමලටම වඩා හදුනාගත්තේ උඹලාය.ඒත් ඒ ගමෙන්ම උඹලාට ඡන්ද වැටෙන්නේද නැත.එසේ වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව එම ගැමියන්ගේ දුප්පත්කම නිසාමය.මෙම අවුරුදු දෙකට මේ ප්‍රදේශයේ වාසය කරන අහින්සක එදාවේල සොයා වෙහෙසෙන මිනිසුන් ගැන වටහා ගත් ආකාරයට ,ඔවුන්ට හෙට දවසට වඩා ජීවත්වන අද දවස ගතකිරීම ප්‍රශ්නයක් වී ඇත.මේ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නේ කොමිස් කුට්ටි මගින් මඩි තර කරගත් දේශපාලකයන්මය.සාරි,කමිස,හෑන්ඩ් ෆෝන්,මුදල් වෙනි වරදාන මගින් මේ අහින්සකයන් රවටා ගැනීමට ඔවුන්ට මහ ලොකු දෙයක් වන්නේද නැත.මහජනයා උඹලාගේ කතා වලට කොතරම් කැමති උනද,කොතරම් තේරුම් ගත්තද උන්ගේ මුදල් ඉදිරිපිට හැමදාමත් උඹලා පරදින්නේය.ඒත් මීට පෙර උඹලා සන්ධානගත වූ අවස්තාවක උඹලා මන්ත්‍රී දූර 30 ගනනක් ගත්තේය.එම අවස්තාවේදී උඹලා කතා කලෝය.උන් වියදම් කලෝය.උන්ගෙන් බඩ පුරවාගත් එම ගැමියන් ,උඹලාට මනාපය ලබා දුනි.
මෛත්‍රී දින්නායින් පසුව ඔහුගැන වගකීමට නොහැකි නිසා උදවු නොකරමී'යි පවසා මෙම අවස්තාවේ පැත්තකට වීම උඹලාමෙන් පක්ශයකට තරම් නොවේයයි මා සිතමි.ඒ වෙන කිසිවක් නිසා නොව මේ රට තවත් සිම්බාබ්වයක් කිරීමට අප කිසිකෙනෙකුට අවශය්‍ය නොවන නිසාමය.ඒ නිසාම උඹලා මෙම වේදිකාවට ගොඩවිය යුතුමය.මැතිවරණය සඳහා උන්ට මුදල් ඇත.නොදන්නේ ඒ මුදල් බාවිතා කරමින් ජනතාවට ආමන්ත්‍රනය කිරීමටය.උඹලා මෙයට ගොඩවිය යුත්තේද එයටමය.මේ වේදිකාවේදී උඹලා 'මාර්කට්' කල යුත්තේ උඹලා කෙරෙහි මිනිසුන්ගේ ඇති විශ්වාසයයි.එය කිසිසේත්ම කඩේ යාමක් නොවන්නේ,මේ අවස්තාවේ රටේ අවශ්‍යතාව ආඥාදායකය පැරදවීමම වන නිසාය,නීතියේ සමානාත්මතාව නැවත ඇතිකල යුතු නිසාමමය.උඹලාගේ මැදිහත්වීම මගින් ඇතිවන අනිකුත් ප්‍රතිඵලය වන්නේ යම් හෙයකින් මෛත්‍රී ජයග්‍රහනය කලහොත් එම පාලනයට මැදිහත් වීමට උඹලාට අවස්තාව ලැබෙනා නිසාය.අපි පිටින් ඉදන් සහය ලබා දෙනවා කියා තවුසන්ඩ් ටෝක් දුන්නාට,පිටින් සිට කිරීමට හැකි ලබ්බක් නැති බව මා මෙන්ම උඹලාද හොඳාකාරව දනී. උඹලා සෑම විටම කියනා නිශ්පාදන ආර්ථිකය ඇතිකිරීමට,යහ පාලනය ඇතිකිරීමට මේ මල් වට්ටියට අත ගැසීම අනිවාර්යය වන්නකි.ඒ මහින්ද එලවීමට උදවුකිරීමක් ලෙස ලඝුකොට නොසලකා ,හෙට උපදින එවුන් බේබිලාගේ වහළුන් වීමට ඇති ඉඩකඩ අහුරා,අධය්‍යාපනයට නිසි ඇගයුමක් ලබාදෙන ,නීතිය සැමටම එක සමාන ලෙස ක්‍රියාත්මක වන,රජයේ රස්සා ලැබෙන තෙක් කට ඇරන්බලා නොසිටින තාරුණය්‍යක් බිහිකිරීම උදෙසා කරන කැපකිරීමක් ලෙස හෝ සලකා කල යුත්තක්ම වන බැවිනි.එවිට උඹලාගේ මැදිහත් වීමෙන් පසුව මෛත්‍රි පරාද වූවද ,උඹලාට හිතේ නිදහසින් යුතුකම් ඉටුකලෝ ලෙස සමාජයේ පෙනීසිටිය හැක.
කටුස්සා.....
Monday, December 15, 2014
සිහිනය
තරු සළකුණු නැති ඝනදුරු මාවත
එළිය කෙරූ ඒ නුඹෙ මුදු සෙනෙහස
වැළඳ ගන්නෙමි තුරුළුකරන් අද
ලෝකයටත් වැඩි සත්කුළු සෙනෙහස.....
ඉපදුණු බවයක මේ මිනිස් ලොව
ඔබමද ලඟ හිටියේ
ඒ හැම බවයෙම මගෙ හිස පිරිමැද
ඔබමද දුක නිවුවේ
නිවැරදි මාවත පෙන්වා සැමවිට
ඔබමයි මග කිවුවේ
හැරදා යන්නට ඉඩ නැති තරමට
කොහොමද පෙම් කෙරුවේ.....
දෙවිවරු දහසක් දුටුවෙමි ඔබගේ
සසල නොවු දෙනෙතින්
සමනළ ගිරගේ නැග එන හිරු රැස්
වින්දෙමි ඔබෙ පහසින්
කඳුලට ඉඩ නැති කරවූ ඔබගේ
බැතිබර කුළුණු සිතින්
අයදිමි මියෙන්න අවසර දෙනවද
දිනයක ඔබේ ලඟින්......
කටුස්සා....
Thursday, December 11, 2014
බල්ලෝ සහ මිනිස්සු....
ලෝක ගෝලෙ හරි මැද්දෙන්
නිරක්ශයට ටිකක් යටින්
අමුතු ඇටේ නම් ගන්නා
රටක් තියෙන්නා
මහ පුදුමෙකි අමුතු වැඩකි
රටේ මිනිස්සුන් එක්වී
පාලනයට තෝර ගන්නෙ
බල්ලොන් වන්නා
උඩින් ඉන්න බල්ලන්ගේ
වටිනාකම හරි වැඩියිලු
කෝටි 10-15 කට
උන් බලු වෙන්නා
මැද හරියේ ඉන්න බල්ලෝ
හරියට ක්‍රොස් වී නැති නිසා
කෝටි 1-2 අතර
පස්ස ලොවින්නා
යට තට්ටුවෙ ඉන්න බල්ලො
තාමත් "වල් "නිසා උන්ට
ලඟට කතාකර කටු දී
මිළියනයක් දෙන්නා
ගන්න ගාන නිසා උනුත්
ටෙලිවිසොනය ඉස්සරහදී
හිරිකිතයක් නැතුව තුටින්
බලු ගූ කන්නා
මේක දකින ජහමනයා
උන් කන ගූ ගොඩ දැක දැක
ඉන් චුට්ටක් ලැබෙනා තෙක්
බලා සිටින්නා
කටුස්සා.......
(හිතල නොලිවුවට තාලේ,"මධු මදාවි" ඉට්ටැයිල්ද මන්දා....)
Sunday, December 7, 2014
මම නුඹට ආදරෙයි-03
මම නුඹට ආදරෙයි-01
මම නුඹට ආදරෙයි-02
"හෙලෝ"
"කොහේද අප්පා මෙච්චර වෙලා ගිහින් හිටියේ.....?කී පාරක් ගත්තද?"
"තාත්තගේ වැඩක් කර කර හිටියේ සුදූ.....,කියන්නකො ඉතින්"
"අයියේ.....අපි පොල්හේනෙ යනව....බාප්පල එක්ක.....මම ගිහින් එන්නම් හොඳේ...?"
"අම්මෝ....ඇති යන්තම්.අදවත් නාගන්නව."
"යනව යන්න මෝඩයා.....මේ..ගිහින් එනකම් මට කතා කරන්න බැරිවෙයි අයියේ....ඔක්කොම කට්ටිය යනවනේ"
"හ්ම්ම්....කමක් නෑ.හැබැයි පරිස්සමෙන්.බීච් එකට එන කොල්ලෝ දිහා බල බල ඉන්නේ නැතුව සිහියෙන් ඉන්න "
"බය වෙන්න එපා...මට පීනන්න පුළුවන්,වතුරේ පාවෙන්නත් පුළුවන්.......මොකද හිනා වෙන්නේ....?"
"නෑ ....මට මැවිලා පෙනුනා උඹ මුහුදේ පාවෙනකොට......කිරි මෝරෙක් මැරිල ගොඩගහල වගේ ඇති...."
"යනව යන්න ඌරා....එහෙනම් මම ගිහින් එන්නම් අයියේ.....කට්ටිය යන්න ලෑස්ති වෙලා"
"හරි සුදූ....පරිස්සමෙන් ගිහින් එන්න"
"බුදු සරණයි අයියේ...."
"බායි"
***********************************************************************************
"හෙලෝ"
"මොකද බන්...මෙච්චර ඉක්මනට ගිහිනුත් ආවද...?"
"නෑ...තාම නාන්න පටන් ගත්තෙත් නෑ...දන්නවද කොහේද ඉන්නේ කියලා...?"
"මම කොහොමද දන්නේ"
"බාප්පගේ යළුවෙක් මාතර ඇවිත්.පොල්හේනේ නැවතිලා ඉන්නේ.එයාගේ පවුලේ අයත් ආවා.ඉතින් ගෑණු අයට ඇදුම් මාරුකරගන්නත් එක්ක එයා මෙතන හොටෙල් එකක රූම් එකක් බුක් කරල.ඒ අපි එදා ආපු හොටෙල් එක...."
"හුටා....කවුරුත් ඔයාව අදුරගත්තේ නෑනේ?"
"එහෙම දෙයක් නෑ...මමත් බයෙන් ආවේ.මෙතන්ට එනකම් දන්නේ නෑ,එන්නේ මෙතන්ටයි කියල....ඒක නෙමෙයි...අහන්නකෝ...."
"කියන්නකො ඉතින්"
"බුක් කරල තියන රූම් එක එදා අපි ගියපු එකමයි...."
"මාරයිනෙ..."
"ඒක තමයි......මටත් පුදුම හිතුනා.....අයියේ,මම යන්නම්.මම මේක කියන්නමයි කතාකලේ...."
"හරි සුදූ...පරිස්සමෙන් යන්න"
"බායි"
***********************************************************************************
"දෙයක් අහන්නම්...උත්තරයක් ඕනෙ"
"අහන්න,උත්තර දෙන්න පුළුවන්නම් මම කියන්නම්"
"මම ඔයාට ආදරෙයි....මම කැමතියි ඔයාව මැරි කරන්න.මාත් එක්ක එනවද?"
"............................."
"නන්ගෝ.....?"
"ම...මම....ඉන්නවා"
"ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්ද?"
"අයියේ...මම හරි කාළකණ්නි ගෑනියෙක්.අඩුම ගානේ මගේ අම්මා කියන විදිහටවත්.මට කවුරුත් ආදරේ නෑ.අඩුම ගානේ මගේ අම්මා තාත්තවත්.අම්මා ආදරේ මල්ලිට විතරයි.තාත්තා මට ආදරේ උනත් එයා මට වඩා අම්මට ආදරේ නිසා ඒ ආදරේ අම්මා ඉස්සරහ පෙන්නන්නේ නෑ.අම්ම බනින වෙලාවට කටවහන් ඉදලා පස්සේ අම්මට හොරෙන් ඇවිත් කියනවා ඕවා ගනන් ගන්න එපා කියලා.මට ආදරෙයි කියල ලන්වුන අයත් මට ආදරේකලේ ඇත්තට නෙමෙයි.මම ඔයාට කියල තියන විදිහට මම ඒ වැරදි සම්බන්ද පටන් ගත්තෙත් මට ගෙදරින් ආදරේ ලැබුනේ නැති නිසා.ඒත් ඒ අයත් මට කලේ බොරුවක්.ඒකෙන් උනේ මේ ගදරදී මම තවත් තනිවුන එකයි.එහෙම කෙල්ලෙක් එක්ක යාලුවුනොත් ඔයාගෙ ජීවිතෙත් කාළකණ්නි වෙයි අයියේ."
"නන්ගෝ....මම ආදරේ කරන්නේ ඔයාගේ පවුලේ අයට නෙමෙයි.ඔයාටයි.ඔයා නිසා මගේ ජීවිතේ සිද්දවෙන දේවල් වෙන්නෙ මම නිසයි.ඒවට ඔයා වගකියන්න ඕන නෑ.ඔයා කැමතිද අකමැතිද කියල විතරක් කියන්නකෝ මට.ඉතුරුවා මම බලාගන්නම්"
"අයියේ....මම කිසිම වැඩකට නැති කෙල්ලෙක්.අඩුමගානේ මට A/Lවත් පාස් වෙන්න බැරිවුනා.එහෙම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඔයාගේ ජීවිතේ විනාශකරගන්න එපා"
"මම කිවුවනේ දරුවෝ....මට ඔය කිසිම දෙයක් වැඩක් නෑ....මට ඕන ඔයාව විතරයි.ඒ නිසා මට ඔයාගේ උත්තරේ කියන්නකො...."
"අනේ මන්දා අයියේ.....මට හිතාගන්න බෑ..."
"ඒ කියන්නේ මට කැමතියි කියල නේද.....?කියනවා මෝඩයො......කියනවකෝ....."
"ඔවු"
"හොඳ ළමයා..."
"කවදාවත් ඇහැටවත් දැකලනැති අපි දෙන්නා කොහොමද මෙච්චර ලන්වුනේ අයියේ....."
"මටත් හිතාගන්න බැරි ඒකයි නන්ගෝ....මම එන්නද ඔයාව බලන්න මාතර...?"
"අනේ....මම කොහොමද මාතර එහේමෙහේ යන්නේ.....තාත්තා අදුරන අය ගොඩයිනෙ මෙහේ..."
"ඒකත් එහෙමද....එතකොට අපිට හම්බෙන්න වෙන්නෙ නැද්ද කවදාවත්....?"
"අනේ මන්දා අයියේ....මට හරි බයයි...පළවෙනි දවසෙම ගෙදරට ආරන්චි වුනොත්?"
"මාව විශ්වාසද...?"
"ඇයි එහෙම ඇහුවේ?....ඔවු...ගොඩක් විශ්වාසයි"
"මම දෙයක් කියන්නම්.වරදවා තේරුම් ගන්න එපා.මේකට කැමති නැත්තම් මම කියන දේ අමතක කරල දාන්න"
"කියන්නකො ඉස්සල්ල"
"අපි රූම් එකකට යමුද...?මම පොරොන්දු වෙනවා කිසිම කරදරයක් වෙන්නේ නෑ කියල මගෙන්"
"...................................."
"නන්ගී....කතා කරන්නකො....හරි හරි...ඒ කතාව අමතක කරල දාන්න.මට ඕන උනේ ඔයාව හම්බ වෙන්න.ඒකයි මම එහෙම කිවුවේ......අතැරල දාන්න ඒ කතාව"
"නෑ අයියේ....අපියමු.....මට ඔයාව විශ්වාසයි"
"..........................................................."
"..........................................................."
"එහෙනම් මේ සිකුරාදා මම එනවා හොඳේ...."
මට ඇතිවුන සතුට.අම්මෝ...කෙල්ලෝ මේ තරම් මෝඩද?වරකො උඹ එදාට...මම පෙන්නන්නම් මගේ විශ්වාසේ....උඹල ඔක්කොම එකයි.ඔක්කොමල්ලා හිතන් ඉන්නේ කොල්ලෝ කියන්නේ මෝඩයෝ කියල.ඒකනේ අරකිත් මට කිවුවේ,මාව දාල යන කොට.වරෙන්කො උඹත් එදාට.උඹලගෙ ජාතියටම මම පෙන්නන්නම් කොල්ලෝ මෝඩයිද කියල.
***********************************************************************
"කොහේද ඔයා ඉන්නේ?"
"මම ආසිරි එක ඉස්සරහ ඉන්නේ,දුඹුරු පාට වෑන් එකේ....ඔයා කොහේද ඉන්නේ....?පාර පුරා ළමයි ගොඩයි"
"මට ඔයාව පේනවා.ඉන්න ටිකක්.මම පයින් එන්නේ....මම පිටිපස්සෙන් නගින්නම් හොඳේ...."
"හරි....එන්නෙකො ඉස්සල්ල"
වෑන් එකේ දොර ඇරුනා.ඔයා පිටිපස්සේ ඉදගන.දෙයියනේ......මේ මොකද්ද මට වෙන්නේ.....?මම ගල් ගැහිල වගේ ඔයා දිහා බලාගන හිටියා....
"මොකද බයවෙලා වගේ.....අපි මෙතනින් යමු ඉක්මනට"
"පොල්හේන පැත්තේ අද එච්චර කට්ටිය නෑනේ,අපි එතන්ට යමු.කමක් නෑනේ?"
ඔයා ඔළුව වැනුවා.වෑන් එක ඉස්සරහට යන කොට මගේ ඔළුව යකාගේ කම්මල වගේ.මම දැන් මොකද කරන්නේ?
"දැන් උඹ හදන්නේ උඹ හිතාගන ඉන්න සේරම වතුරේ දාන්නද මෝඩයෝ.....?"මගේ හිත මට කෑගහනවා.ඒත් මම කොහොමද ඔයාව........................................................................................................
දෙයියනේ....මම දැන් මොකද කරන්නේ....ඒ මූණ...ඒ හිනාව.....
"ගොනෙක් වෙන්න එපා විහඟ....ඔය මූණ පිටිපස්සේ හැන්ගිල ඉන්නේ යක්ශනියෙක්.මතකනේ අනුත්තරා උඹට කරපු දේ?උඹ තවත් හරකෙක් වෙන්නද හදන්නේ....?"
"මොනවද අයියේ කල්පනා කරන්නේ...?කියන්නකො මටත්."ඇඳේ වාඩිවෙලා උන්න ඔයා මගෙන් ඇහුවා.
"මුකුත් නෑ නන්ගෝ...ඔයා දිහා බලන් හිටියේ"
"මොනවද මගේ දිහා බලාගන කල්පනා කරන්නේ?"
"ඔයා වගේ බට්ටෙක් කොහොමද මම වගේ ගෝරිල්ලෙක්ට කැමති වුනේ?"
"ඔයා ගෝරිල්ලෙක් ඈ....කොල්ලෙක් ටිකක් කලු වුනාට මොකද වෙන්නේ.....ඒක තමයි පිරිම පාට...."
"අපි දෙන්නා පාරේ යනකොට තැඹිලි ගෙඩියයි කාක්කයි වගේ ඉඳියි නේද?"
"මෝඩකතා...අනිත් අය කොහොම හිතුවත් අපිට මොකද?මට ඔයාව ලස්සනයිනේ...."
"නන්ගී....මට පොරොන්දුවක් වෙනවද....?"මම පුටුවෙන් නැගිටල ලගට ඇවිත් ඔයාගේ අත අල්ලගන ඇහුවා.
"කවුරු විරුද්ද වුනත්,කවුරු අකමැති වුනත් මගේ ලඟට එනවද?මාව බඳිනවද?"
"මම පොරොන්දු වෙනවා අයියේ....මොනවා වුනත් මම ඔයා ගාවට එනවා....මට ඉන්නේ ඔයා විතරමයි කියල හිතාගන මාව බලාගන්න අයියේ...කවදාවත් මාව රිද්දන්න එපා...."
"නෑ නන්ගි...කවදාවත්ම නෑ....මම මේ අත අල්ල ගත්තේ ආපහු අත් අරින්න නෙමෙයි..."
"අනිත් අය වගේ බොරු කරනවා නෙමෙයි නේද?"
"මට ඔයාගේ අතීතෙන් වැඩක් නෑ නන්ගෝ...ඔයා කාත් එක්ක මොනවා කලත් මට වැඩක් නෑ.ඒත් අද ඉදන් ඔයා මගේ විතරමයි කියල හිතාගන වැඩ කරන්න.ඔයා කැමතිනම් මට නොකීපු ඔයගේ අතීත විස්තර තියනවනම් මට කියන්න.මොකද,ඒ අතීතේ ඉස්සරහට කවදහරි ඔයාට ප්‍රශ්නයක් උනෝතින් ඔයාට උදවු කරන්න මම ඒක දැනගන ඉන්න ඕන නිසා.ඒත් ඔයා ඒවා කිවුවේ නැතිවුනත් මම තරහ නෑ"
"මට දැන් රහස් නෑ අයියේ....ඒ ඔක්කොම මම ඔයාට කියන්නම්"
"ඒත් දැන් නෙමෙයි.දැන් මේ විදිහට මට තුරුල් වෙලා ඉන්න.....මේ වෙලාව නාස්තිකරගන්න මට ඕන නෑ"මම හිටගනම ඔයාව තුරුල් කරගත්තා.ඒ උණුසුම,සුවඳ මගේ ආත්මය පුරාම පැතිරිල යනවා මට දැනුනා.
හිමින් ඔයාගේ මූණට පහත්වුන මම ඔයාගේ නළල ඉම්බා,කිසිම කිළුටක් නැති හිතකින්.
"උඹ මේ පාරත් ඇන්දුනා විහඟ....උඹ මෝඩයෙක්.දැන් ඕකිත් උඹට කෙළවලා යනකම් උඹ දන්නේ නෑ.ඕකිත් එහෙම ගියාට පස්සේ අත උඩ තියාගන පිඹ පිඹ හිටපන්."
"අනේ පලයන් හු.....යන්න.උඹ දන්න කෙන්ගෙඩිය"
මගේ හිත පරාදවුනා.මගේ ආත්මය දිනුවා.
"මම හරි කොටයි නේද අයියේ ඔයා ලඟදි....මේ...ඔයාගේ උරහිසටත් වඩා කොටයි...."
"මම ඒකනේ උඹට බට්ට කියල කිවුවේ....දැන් මට ලේසියි...කේන්ති ගිය වෙලාවට ටක්ගාලා උස්සල පොලේ ගහන්න පුළුවන්"
"ආ...ඇත්තද?බලමුකො පොලේ ගහන හැටි....අපි කොට උනාට හරි දරුණුයි.....හූනෝ,කැරපොත්තෝ වගේ"
"ටක්....ටක්....ටක්..."
"නන්ගෝ....කෑම ගෙනල්ලා...ඉන්න මම දොර ඇරල ගන්නම්"
".............................................."
"මට කවනවද?"
"ඇයි?"
"ආස හින්දනේ"
ඔයා හරි ආදරෙන් පොඩ්ඩ පොඩ්ඩ මට කැවුවා,තොරතෝන්චියක් නැති කියවිල්ලත් එක්ක.වෙනදට විනාඩි 5න් කෑම කාලා ඉවර වෙන මට ඒක හෙන විකාරයක් වගේ වුනත් එකෙත් අමුතු ගතියක් තිබුනා.
"මොකද බස්සෙක් වගේ හූම්...හූම්...ගාන්නේ?කතා කරනවකො..."
"මම මොනව කතා කරන්නද?ඔය රේඩියෝ එක දැම්ම වගේ කියවන්නේ"
"යනව යන්න මෝඩයා....ඉන්න...මම අත හෝදන් එන්නම්"
ඔයා අත හෝදන්න බාත් රූම් එකට ගිය වෙලාවේ මම කල්පණාකලේ ඔයාට මම කරන්න හදපු දේ ගැන.මට හිතාගන්න බෑ...ඔයා වගේ අහින්සක හුරතල් කෙල්ලෙක්ට මම ඒදේ කලානම්......මැරෙනකම් මම විඳවයි.ඒක මතක් වෙන කොටත් මාව හිරිවැටිල ගියා.
"අයියේ...යන්න වෙලාව හරි නේද?අම්ම ඉස්කෝලෙ ඉවරවෙලා එන්න කලින් මම යන්න ඕනෙනෙ"
"යන්නම ඕන නේද?....අපි ඔහොම්මම යමු අපේ ගෙදරට"
"දැන්ම බෑ.අපි ඉස්සල්ලම ගෙවල් වලින් කැමත්ත ගන්න බලමු.බැරිම වුනොත් ඒ විදිහට යමු"
මම ආපහු ඔයාව තුරුල් කරගත්තා.
"හ්ම්...මටත් ඕන ඔයාව මනමාලියෙක් විදිහට අපේ ගෙදරට එක්කන් යන්න,කාගෙන්වත් වචනයක් අහන්න දෙන්න බැරිවෙන විදිහට.බලමුකො ,කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරල"මම ආයිමත් ඔයාගේ නළල ඉම්බා,ඒ නිරාමිස සතුට ආපහු ලබාගන්න ,මගේ ආත්මෙට.
"යමු සුදූ එහෙනම්....අම්මා එන්න කලින් යන්න බැරිවුනොත් එතනත් අවුලක්නේ"
"පොඩ්ඩක් ඉන්න අයියේ"
නැගිටල හිටපු මම ඔයා දිහා බලන් හිටියා,
මම හිතුවෙවත් නැති විදිහට ඔයා මගේ ලඟට ඇවිත් මට වැන්දා.පිට මනුස්සයෙක් මට වැන්දමයි.....ඒකත් ඔයා.
"අනේ ඇයි නන්ගි මේ.....මොකටද මට වදින්නේ?"
"ඒ ඔයා මගේ මහත්තය නිසා....අනික් හේතුව තමයි මේවගේ තැනකට ඇවිල්ලත් මාව මේ විදිහට බලාගත්තු නිසා"
මාව මරල දැම්මනම් හොඳයි කියල හිතුනේ ඒ වෙලාවේ තමයි මට.මම මෙතන්ට ආවේ මොකක් හිතේ තියාගනද කියල ඔයා දන්නවනම්.....
"ඇයි ගල් ගැහිල වගේ ඉන්නේ....?අනේ ඔහොම ඉන්න එපා ඉතින්"
"දෙයක් ඉල්ළුවොත් දෙනවද?"
"හා"
"කවදාවත් මට වදින්න එපා"
"බෑ....කවදාවත්ම බෑ.ඔයා මගේ ලෝකයේ දෙවි කෙනෙක්.ආදරේ නැතුව පාවෙවී හිටිය මට ඔයා ගොඩක් වටිනවා.ඒ නිසා ඔයාට වැන්දට මට පවු නෑ"
"මම එච්චර වටින මිනිහෙක් නෙමෙයි"
ඒ නළල උඩට ආයෙමත් මගේ තොල්.
"මට තව පොරොන්දුවක් ඕන"
"....................................."
"මොන දේ වුනත් මගේ ලඟට එනවා කියපු පොරොන්දුව කඩන්න එපා"
"නෑ අයියේ....කවදාවත්ම නෑ.මම මැරුනත් මම ඒක රකිනවා"
"ආපහු කවදාවත්ම මම ඒක ඔයාගෙන් අහන්නේ නෑ.අද ඉදන් මම මගේ හීන ඔක්කොම ගොඩනගන්නේ ඔයා දුන්න ඔය පොරොන්දුව වටේ.ඒක හිතෙ තියාගන වැඩ කරන්න නන්ගී"
"මම ඔයත් එක්ක හැමදාම ඉන්නව.මාව එලවල දානකම්"
මේ පාරනම් බදාගන ඉඹ ගත්තෙ ඔයා.
"යමු....පරක්කු වෙනවා ඔයාට"
"හ්ම්ම්.....යමු."
කරන්න දේවල් ගොඩක් හිතේ තියාගන ෆන් එකක් ගන්න මාතර ගියපු මම මාලබේට ආවේ ලොකූ බරක් හිතෙ තියාගන.හැබැයි ඒ බර හරිම සැහැල්ලු බරක් වුනා ඒ දවස්වල ,මගේ ජීවිතේට.
කටුස්සා.....
Tuesday, December 2, 2014
වස්සාන සිහිනය...
සීතල.....අම්මෝ....පහුගිය මාස ටිකේ ඔළුවේ ඉරි ඇදෙන්න පායපු අනුරාධපුරේමද මේ...,,?නුවර එළිය පරාදයි කිවුවළු.
දැන්ම නැගිටින්න බෑ...අද ඉරිද....අද නිවාඩු....නිවාඩු දවසේ කවුද වේලස්සන නැගිටින්නේ...?
පොරවගත්ත රෙද්ද ආපහු බෙල්ල ගාවටම...මොකද්ද දැකදැක හිටපු හීනේ...?ෂික්....මතක නෑනේ...හ්ම්ම්...කමක් නෑ...ආපහු වෙන එකක් බලමු."දාන්න මල්ලීවෙන DVD එකක්...හීන පිරිච්ච එකක්.."
"දාන්නද හොරර් එකක්...?"
"මොකක්...?හොරර් එකක්?එපා...එපා..ඕක බැලුවොත් දවසම අන්දමන් දූපතෙන් ආවා වගේ තියෙයි."
"එහෙනම් ඇක්ශන් එකක්...?"
"පිස්සුද මිනිහෝ....මේ වැස්සේ ගහ ගන්න මට බෑ...කෝ මෙතන වෙනද වැඩකරපු එකා..?මිනිහනම් දන්නව මට ඕන හීන.අහ අහ ඉන්නේ නෑ.ඒකම තෝරල දානවා සුපිරි ඒවා.කොහේද ගියේ මේකා...?"
"මිනිහ විශ්මලන්තෙට ගියා සර්...."
"විශ්මලන්තේ...ඒක කොහේද තියෙන්නේ...?"
"අර ඇලිස් එහෙම ගියේ...අන්න ඒකට."
"ඒ මොන මගුලකටද?"
"අර ලොකු හාවව අරන් එන්න.හවසට පොඩ්ඩක් සෙට් වෙන්න".
"ඒමොකටද ඌව..?අප්පට සිරි...තොපි ඌව බයිට් එකට ගන්නද යන්නේ...?"
"නෑ...නෑ...ඌ සිරා බුවා...අරක්කු ටිකක් කටේ ගා ගත්ත ගමන් ඌ සිරා කතා කියවන්න ගන්නව.බොන්න සෙට් වෙන්න සිරා මිනිහ.බයිට් එකට උදුපියලිය කකා මුළු දවසම උනත් කියවයි..."
"බයිට් එකට උදුපියලිය....?මෙලෝ රහක් නෑනේ මල්ලී...මේ දවස් වල තියෙන්න එපැයි සෙක්සි පෝර්ක් වගේ එකක් බයිට් එකට....හරි හරි...දැන් දාපන්කො නියම හීනයක්...පොඩි ආතල් එකක් ගන්න.මේ දවස් වල වැඩ කරල හෙන මහන්සියි...".
"මූ මේක කොහොම කැටගරයිස් කරල තියනවද කියල තේරෙන්නේ නෑ සර්....සර්ට දෙන්නද මේ දවස් වල ගොඩක් හිට් හීන සෙට් එකෙන් එකක්....මේ දවස් වල ගොඩක්ම මාර්කට් මේ ජාතියේ ඒවා තමයි..."
"දාන්න ඉස්සල්ල බැරිද පොඩි ටේලර් එකක් බලන්න.හරි නැත්නම් වෙන එකක් දාගන්න පුළුවන්නේ...."
"හරි සර්...මම දාල දෙන්නම්...."
=======================================================================
මහින්ද ප්ලේන් එකෙන් බහින්නයි යන්නේ....
කට්ටිය වටවෙලා...කැමරා...ලයිට්...රෙකෝඩර්...ස්ටෑන්ඩ්බයි....වටේ ඉන්න හැමෝම තමන්ගේ යට ඇදුම් ගලවල වනනව දාගන.මල්මල් ඒවා,බෝල බෝල ඒවා,ඉරි ඉරි ඒවා,හිල් පිරුණ ඒවා,රතු ඒවා,නිල් ඒවා,රෝස ඒවා,බොක්ස් ඒවා,පටි ඒවා,ජී ස්ට්‍රින්ග් ඒවා,බිකිණි ඒවා හතර වටේම ලෙල දෙනවා.මහින්ද ප්ලේන් එකෙන් බහිනවා.කට්ටියම කැමරා බිමට අල්ලනවා,ගියපාර පුරුද්දට පොළව ඉබියි කියල.ඒත් මෑන්ස් කිසි කල්පනාවක් නැතුව ත්‍රයිලෝක විජය පත්‍ර සුවඳ බලල වගේ එනවා,උඩ බලාගන.ඔන්න එතකොට අස්සක ඉඳන් සුදු සරමයි නැශනල් එකයි ගහගන පොරක් එනවා අනිත් එවුන්ව තල්ලු කරගන.හුටා..........my3.මේ යකා සූසයිඩ් කරගන්න එනවද?මෙන්න මේකා මහින්දව බදා ගන්නවා....මූ ආපහු සන්ධානෙට ඇවිත්.මහින්ද මූව බදාගන ලිප්කිස් එකක් දෙනවා.my3 එහාට මෙහාට ඇඹරෙනවා.මම හිතන්නේ රැවුල ඇනිලද කොහේද.කැමරා කාරයෝ එහාට මෙහාට පැන පැන පොටෝ ගන්නවා.ලයිට් අල්ලන එවුන් ප්ලේන් එකේ තට්ටේ නැගගන ලයිට් අල්ලනවා.මුන් දෙන්නා මෙතනම හනිමූන් යයි වගේ.....
වටවෙලා ඉන්න සෙනගගේ කකුල් අස්සෙන් රින්ඟල කොට පොරක් එනවා මහින්ද ගාවට.ඩලස්.ඌ උඩ පැන පැන මහින්දට මොනවද කියනවා.හුටා...බැසිළුයි නාමලුයි පක්ශේ අතැරලා ගිහින්ළු.මහින්ද my3ව තල්ලු කරල දානවා.මිනිහට කේන්ති ගිහින්.කකුළ උස්සල ඩලස්ට පයින් ගහන්න යන කොටම මිනිහව ඇදගන වැටෙනවා,කොන්ඳ බිම ඇනෙන්නම."මුගේ අම්මට හුරුල්ලෝ කවන්න ........"කියලා ජනාධිපති වරුන්න්ට ආවේනික වචන ටිකක් කටින් පිට වෙනවා.වටේ ඉන්න එවුන් අතර ඉන්න කන්ණාඩි දාගත්තු රැවුලෙක් ඉස්සරහට එනවා.මිනිහගේ කට කනේ.ඇවිත් මහින්දට නැගිටින්න අත දෙනවා.දෙන ගමන් "අපි රජයේ සේවකයෝ...අපි ආණ්ඩුව ආරක්ශා කරන්නේ නෑ.ඒත් රජය ආරක්ශා කරනවා...."කියලා මහින්දව උස්සනවා,හිනා වෙවීම.
එතකොට කැමරා ඈන්ගල් එක වෙනස් වෙලා ලඟ තිබුන ලොකු ගේකට ෆෝකස් වෙනවා.තට්ටු 10ක ගෙයක්.ඒ ගෙදර රූෆ් ටොප් එකේ ජාතික ඇදුම ඇදගත්තු ,කොණ්ඩේ ජෙල් ගාල පීරන් ඉන්න ඩයල් එකක් කැමරා ෆෝන් එකකින් හතර වටේ රෙකෝඩ් කරනවා.එතුමගේ බිරිය ඇත් ගමනින් එතනට එනවා,බිකිණියක් ඇදගන.
"බලන්න විමල්....මම නිසානේ ඔයාට මේ ගේයි කෝටි 60 හම්බුනේ...මම නැත්තම් ඔයාට කොහෙන්ද මේවා..."
"මගේ කටයි,විජාතික කුමණ්ත්‍රන කියන වචනෙයි නැත්තම් හම්බවෙයි ලබ්බක්.....ඒවා නැත්තම් ඔයාට වෙන්නේ අර පෝස්ට් ඔෆිස් එකේ දිව එළියට දාගන ඉන්න තමයි,මුද්දර අලවන්න."
"ඒක නෙමෙයි විමල්...යමුකෝ පල්ලෙහාට...පූල් එකේ නාමුකෝ.මේ ස්විමින් ට්‍රන්ක් එක ඇද ගන යමු පල්ලෙහාට..."
"මොකටද පල්ලෙහාට යන්නේ....මෙතන ඉදන් පනිමු පූල් එකට.මම පැනපු පැනිලි වල හැටියට මේකත් වැඩක්ද?"
"එහෙනම් මේක ඇදගන්නකෝ"
"මොන ස්විමින් ට්‍රන්ක්ද ශශී මට....පක්ශේ මාරුකරපු දා ඉදන් මම හෙළුවෙන්නේ හිටියේ" කියපු මේකා සරම ගලවල දාලා තට්ටු 10 උඩ ඉදන් පැන්නා පූල් එකට.
"දඩස්...."
මලා....පූල් එකේ වතුර නෑ....
කැමරා ඈන්ගල් එක ආපහු වෙනස් වුනා.නානසාරයි හකීමුයි කරට අත දාගන විස්කි ගහනවා.චයිනීස්,රශියන්,මොන්ගෝලියන් කෑළි 10-15 ක් දෙන්නා වටේ ඉදගන සෙල්ලම් පෙන්නනවා.එකෙක් නානසාරගේ තුන්පොට ගලවනවා.අනිකා හකීම්ගේ රැවුල අතගානවා.තව එකියෙක් නානෙට මිදි කවනවා.වැඩ ගොඩයි.ඔන්න එතකොට වේටර් මල්ලි බිරියානි පිගානක් ගේනවා.
"මල්ලී....මේ කුකුළා හලාල්ද..."නානේ අහනවා.
"උඹට කියන්න හකීමා...හලාල්නෙමෙයිනම් මම කටේ තියන්නෙ නෑ..."නානේ හකීම්ට කියනවා
කැමරා ඈන්ගල් ආපහු වෙනස් වුනා.
හුටා....රාවණා බලේ තිස්ස TNA එකේ සම්බන්ධන් එක්ක තෝසේකනවා.
තිස්ස උළුඳු වඩේ එකක හිලට ඇඟිල්ල ගහගන සම්බන්ධන්ගෙන් හිල හදන හැටි ගැන අහන්වා.සම්බන්ධන් මෑන්ස්ට හිල හදන හැටි උගන්නනවා.දැකල පුරුදු පොරක් ඇවිත් මුන් දෙන්නගේ කෙසල් කොළ වලට සාම්බාරු බෙදාගන බෙදාගන යනවා.ගෝඨා....තිස්සට සාම්බාරු බෙදන ගමන් කනට ලන්වෙන ගෝඨා කියනවා "කොළේ ඉරානොගෙන ෂේප් එකේ කාපන්" කියලා.
මෙන්න කැමරාව අල්ලනවා උසාවියකට.ඩිවෝස් කේස් එකක්.බලද්දි රනිල්ගෙයි,රනිල්ගේ ඇත්ත මෛත්‍රිගෙයි.ජජ් පුටුවේ N සිල්වා.බුවා තීන්දුව දෙනවා.රනිල්ට දික්කසාදේ හම්බෙනවා.මිනිහට ලොකු හිනාවක් යනවා,කළු කෝපි බීපු දවසෙ වගේම.රනිල් Nසිල්වාට ඇහක් ගහගන උසාවියෙන් එළියට යනවා.උසාවියෙන් එළියේ හිටපු චන්ද්‍රිකා ඇවිත් රනිල්ව බදාගන්නවා.දෙන්නත් එක්ක අත් අල්ලන් සින්දුවක් කියාගන යනවා ,විවාහ රෙජිස්ට්‍රාර් කෙනෙක් හොයාගන.ජජ් පුටුවෙන් නැගිටපු Nසිල්වා කෑල්ලක් එක්ක කාර් එකේ නැගල යනවා දියවන්නාව පැත්තට.ඊට පස්සේ වෙන දේ බලන්න මාත් කට ඇරගන බලන් ඉන්නවා.කොහේද...ඒ සීන් එක ඉවරයි.දැන් වෙන එකක්.
දෑකැත්තයි,මිටියයි,කුළු ගෙඩියකුයි අතේ තියාගත්තු වයසක මෑන්ස්ලා තුන්දෙනෙක් කොටා පාරේ ඉදන් ඩාර්ලි රෝඩ් එකට පයින් යනවා,හෙළුවෙන්.තුන්දෙනාගේම යට පාර්ට්ස් පැහැදිලි නෑ.බෝල්ස් වලටම ඇළිල,රැළි වැටිලා.හැබැයි මිනිස්සු කවුරුත් මුන් තුන්දෙනාව ගනන් ගන්නෙවත් නෑ.නොදැක්ක වගේ යනවා.මුන් තුන්දෙනත් එහෙමයි.පවු අප්පා.ට්‍රැෆික් හිටපු පොලිස් මාමා බලාගන ඉන්නව හෙන දුකින්.
"ඇයි මෙහෙම නිරුවතින් පාරේ යන්න දෙන්නේ?දෙනෝ දාහක් යන එන පාරක්නේ?"
"මොනවා කරන්නද මල්ලී....තුන්දෙනාටම දැන් වයස නිසාම ටිකක් නුහුගුනේවගේ...අනිකඔහොම කියව කියව ගියාට කාටවත් කරදරයක්නැති අහින්සකයෝ...ඔය ඇලිල තියන ඒවා කෙලින් කරන්න රත්නපුරේ පවිත්‍රාව ගෙනාවත් බෑ.ඒ නිසා මැස්සෙකුටවත් අතවරයක් වෙන්නේ නෑ කියල අපිට ෂුවර්....."
උන් තුන්දෙනා පයින් යන්න ගියා,කා දිහාවත් බලන්නේ නැතුව.
තවත් එවුන් තුන්දෙනෙක් හොටු පෙරාගන අඩනවා.කැමරාව මූණු තුන ලන්කලා.බදුල්ලේ සිරා,රෝදේ දිනේශ් එක්ක කඩුවෙල සුසිල්.
"අපිමොනවද මචෝ කරන්නේ?"
"මොනව කරන්නද කියල හිතා ගන්න බෑ බන්"
"තොට මේ පාරවත් අගමැතිකම හම්බ වෙයිද?"
"මේ පාර හම්බ වුනේ නැත්තම් වහ කන්නයි වෙන්නේ....සෙකට්‍රි එක්ක ඉදන් ගෑණිට අහුවුනාට වඩා හපන්...බදුල්ල පැත්තේ පස් පාගල ඉවරයි...."
"දැන් එහාට හිම වැටෙන නිසා සීතලයි කියල උඹට ශේප් වෙන්න පුළුවන් එහාට නොයා".
"ඌට එහෙම හරිකරන්න පුළුවන්.මම කල්පනා කරන්නේ මම කොස්ගම පහුකරන් යන්නේ කොහොමද කියල"
"ඒමොකෝ...?"
"නෑ බන්...එහෙන් යනකොට අර හම්බෙන සොහොන් කොත්වල ඉන්න සීයල,මාමලා,බාප්පල වලෙන් නැගිටල මට ගහයි කියල බයයි බන්..."
උන් තුන්දෙනාට හොටු පෙරන්න දීලා කැමරාව වෙනස්වුනා.
පාර්ලිමේන්තුව මැද්දේ හෙන ලිපක් බැදලා,ඒක ඇවිලෙනවා ඕසෙට.ලිප උඩ හෙන බැරල් එකක්,කට සීල් කරල බටයක් එළියට දාලා.ඒක වටේට හෙන සෙට් එකක් එක එක විදි වලට ඉදගන බැරල් එක දිහා බලාගන ඉන්නවා.හිටපු ගමන් එක එක උපදෙස් දෙනවා.
"කට වහන් හිටපන් බන්....මේක පුරුදු වෙන්න කරන දෙයක්ද....මෙතන ඉන්න එවුන්ගෙන් බාගයක්ම මේක තමයි කලේ මෙතන්ට එන්න කලින්...."
කළුතර පැත්තේ එකෙක් රත්තරන් දතක් එළියේ දාගන කියනවා.හොරණ පැත්තේ ජොලි සීයා බයිට් හදනවා.උගේ ගානේ බයිට් එකට හරක්මස්...ගාත් පිටින්....
"බලන්න හසන්ත....පක්ශ විපක්ශ ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරන කොට කොච්චර ලස්සනද....කොච්චර ආඩම්බරද....මේක තමයි වෙන්න ඕන.....අනික මේ හදන දේ වුනත් අපේම දෙයක්නේ.....සියරට දේ සිරි සැප දේ කිවුවළු...."
සූරි මාමා වීදුරුවක් අතේ තියාගන කියවනවා.....
මාලනී,රෝසි,පබා ගැලරියේ ඉදන් නටනවා...රන්ජන්,ජීවන්,කැටගොඩ සහය නර්තනය.
"අඩෝ...මේකට ගින්දර මදි...දර හොයාගන වරෙන්..."ලිපට දර දම දම හිටපු පුත්තලම් පැත්තේ එකා කෑ ගහනවා.එතකොට ආචාරිතුමා දුවගන ඇවිත් සෙන්කෝලේ උස්සල ලිපට දානවා.දෙපැත්තෙම කට්ටියගෙන් හෙන චියර් එක.
මට ඇහැරුනා...අම්මෝ...මොලේ ඇතුලේ හැකරැල්ලෙක් යනවා වගෙයි.....අරූ DVD එක අතේ තියාගන හිනා වෙවී ඉන්නවා.
"කොහොමද සර්....හීනේ හොඳද?"
"අනේ මන්දා....අමුතු ගතියක් තියනවා.සිරාවට ඔය හීනේ කට්ටිය ඉල්ලනවද?"
"මොනවා කියනවද බොස්...දැන් වැඩියෙන්ම මාර්කට් මේක තමයි.කට්ටිය ඉල්ලන්නෙම මේක".
"ඒත් හීනේ එකම කෑල්ලකවත් ජහමනතාව හීටියේ නෑනේ බන්..?"
"මොන මගුලකටද සර් උන්ව දාන්නේ....?උන් හම්බ කලොත් උන් කනවා,නැත්තන් ලෙව කනවා.ඒ වගේද මේ උත්තමයෝ....රට වෙනුවෙන් හම්බකරල සොච්චමකින් පවුල රකිනවා".
"හ්ම්ම්....ඒකත් ඇත්ත".
"මොකද කියන්නේ සර්....දාන්නද full version එකම,සර්ට පැයක් විතර බල බල ඉන්න...?"
"එක්කෝ ඕන නෑ බන්....මම නැගිටිනවා..."
මම නැගිටල බාත් රූම් එකට ගිහින් කොමර්ඩ් එකේ වාඩිවුනා ,ඇදුම් පිටින්ම......
කටුස්සා......
Saturday, November 29, 2014
සුවඳ.....
පණ අදින සිත යදින
ස්නේහය නොඑන කල
නොමදමා ලඟ හිටිය
නොමදැනුණ නුඹෙ සුවඳ
දනෙනවා ගොඩක් මට
හිත බරයි ගොඩක් අද......
කටුස්සා......
Wednesday, November 26, 2014
කඳුළ, නුඹ......
කඳුළ,
නුඹ පිස්සෙක්ය
ඇගේ නෙතු නුඹ දරා හිඳි කල
මගේ හදවත නුඹට වෙර කල
එළව දැමුවෙමි පා පහර දී
යළිඳු ඇගෙ නෙතු නොරදනා ලෙස......
කඳුළ,
නුඹ වියරුවෙනි
ඇගේ නෙතු මත ඉඩ නොමැති කල
එයට හේතුව සොයාගත් නුඹ
නැවත පැමිනුනි මා වෙතට යළි
මුවා වී ඇගෙ හේමලය පිටුපස.....
කඳුළ,
නුඹ සැනසුමෙනි
තවත් මා ලඟ ඇය නොමැති කල
මගේ තනිකම වටහගත් නුඹ
වහා දෙනෙතට ඔබ පැමිනි සඳ
වෙන්ව යන්නට නොහැකි ලෙස අද
මොන මගුලකටද ඉන්නෙ මගෙ ලඟ
මගේ සැනසුම නුඹ තුරුළුකර......
කටුස්සා.....
Monday, November 24, 2014
සුභ උපන්දිනයක් වේවා......
පුරා සය වසක් නුඹේ පැතුම් හා
එක්ව ආ සුභ පැතුම මතකද...
තරුත් නිදනා නිහඬ මැදියම
නුඹ සවන් ඇඳි පැතුම මතකද...
"නිදියමුයි" යැයි මවෙත පවසා
නොනිද මග බැළු පැතුම මතකද...
"මමත් නිදි" යැයි පවසලා මම
නොනිද පැවසූ පැතුම මතකද...
පැතුම් නිදිගත් සිතුම් වල් වැද
යුගය නුඹ මා පසුකරන් යන...
මෙතෙක් කල් මා පැතූ පැතුමන්
නුඹට කියන්නට වරම් නැතිවුන...
නිහඬ සීතල සිත් තුරුල්ලේ
සෙමින් වැලපෙන පැතුම අද දින...
නොකිය ඉන්නට සිත් නොදෙයි මට
නුඹ පුරුදු කල පුරුදු වදදෙන...
තබන පියවර කටු කොහොල් පිරි
වාලුකාවක නොම රැදීයන්...
නුඹ යනෙන මග පහන් දැල්වී
නුඹේ දිවි මග එළිය වීයන්...
නුඹේ සිත රැදි මවුවත් සෙනෙහස
ඔහුගේ ලෝකය හා රැදීයන්...
පතන පැතුමන් සඵල වී අද
නුඹේ ලෝකය මල් පිපීයන්...
සියොත් කැළ අද ගයන ගීතය
නුඹේ දෙසවන සදා ඇසියන්...
මල් පිපුණ නිම්නයේ සුවඳ පොද
නුඹෙ සුවඳ හා එක්ව තිබියන්...
හිරු සඳු තරු මුතු නුඹේ දෙනෙතේ
මැකී නොයන සේ සදා ඇඳියන්...
නුඹේ සිහිනය සැබෑවී හෙට
තටු ලබා අහසෙම රැදීයන්...
සුභ උපන්දිනයක් වේවා......
කටුස්සා....
Thursday, November 20, 2014
වැව......
වැවු රළ පෙළ ඉස්සි ඉස්සි
හමන සුළන් පහස විඳින
කණු දෙකක් මත රජයන
අකුරු කළ පුවරුවක
ලියා තිබුනත් සෑදුවේ මෙය
ශ්‍රේෂ්ඨ නරපති .......බව
දනිමි මම ඉඳුරාම
පතුලේ සිට බැම්ම තෙක්ම
බිසෝ කොටුත් වැවු කණ්ඩිත් තාවුලෙත්ම
නිධාන වී ඇත්තේ
ඒ රජුගේ අහවල නොව
බඩගින්නට අපේම වුන්
හෙළු කඳුළු දහඩිය බව...
කටුස්සා....
Sunday, November 16, 2014
බස් රථයක් පිරිමි ඇසින්
රාජකාරී කටයුතු ඉවරකරල ගෙදර දුවන්න ලෑස්තිවෙලා එලියට බහින වෙලාවෙදි හයියෙන් වැස්සොත්.....හම්මෝ දැනෙන සතුට.මේ ලිපිය කියවන ඔබ නිවසට යාමට පොදු ප්‍රවාහන සේවයක් යොදාගන්නා අයෙකුනම්,ඒ සතුට දෙගුන වෙලා දැනෙනව ඇති ඔබටත්...ඇත්ත,හවස 4 සිට 6.30 දක්වා පායන වෙලාවට බස් එකකට ගොඩවෙන්න කරන සටනට අමතරව ඒ වෙලාවට වැස්සොත් විදින දුක හතුරෙක්ටවත් ලැබෙන්න එපා කියල කියන කෙනෙක් වෙන්න පුළුවන් ඔබත්.පාපුවරුව තෙමෙන නිසා එකේ යන 10-15 ත් ඇතුලට රින්ග ගත්තහම හැකරැල්ලෙකුට රින්ගන්න බැරි ඉඩක හිකනලෙක් රින්ගනව වගේ තමයි.ඒ අස්සේ උදේ ඉදන් මහන්සියට වැටුන දාඩියට වතුර වැටුනහම එකතුවෙන ආත්මගත ජීවන සුවඳ....රෝස මල් කැලේක තනිවුනා වගේ හැඟීමක් තමයි හිතට ගෙනත් දෙන්නෙ.මේ ඔක්කොම ඉවසගන ගෙදර එන අතරමග තවත් හිතවත් යාළුවෙක් නිතරම අපිට දකින්න ලැබෙනව.කාන්තා පාර්ශවේ එක්ක තමයි එයා ගොඩක් හිතවත්.
මාර්ග අන්ක 170,අතුරුගිරිය-පිටකොටුව බස් රථය,මහ වරුසාවෙ හවස 5.45ට විතර බත්තරමුල්ල ප්‍රදේශය පහු කරනව.කාර්යයාලයක වැඩ නොකලත් පූරුවෙ පිණකට මමත් ඒ බස් රථයේ මගියෙක් එදා,අර ඉහල සදහන් කරපු සියළුම අත්දැකීම් අත්ව්ඳින.ඇගේ ප්‍රමාණෙ නිසා කොන්දොස්තර සහෝ මාව ඉස්සරහට යවන්නෙ නෑ.තව දෙන්නෙක් දාන්න පුළුවන්නෙ ඌට එතකොට.මමත් ඉතින් පෙම්මුල්ලට ආසන්නව පොල්ල අල්ලන් ඉන්නව,බස් එකේ.මට වඩා අසුන් 3-4 විතර රියදුරු අසුන දෙසට වෙන්න යාබද අසුන් දෙකක ඇදි අල්ලාගන ඉන්න ගැහනු ළමයෙක් බොහොම අපහසුවෙන් වගේ හැසිරෙනව.වෙලාවකට එහෙට මෙහෙට වෙමින්,නළල රැලි ගන්වමින් හා වෙනත් ඉරියවු වලින් යම් අපහසුතාවක් පිළිබදව ඇය වට පිට සිටින්නන්ට දැනගන්නට සැලස්සුව.ඇයට පිටුපසින් අවුරුදු 40 පමණ අයෙක් මැද පොල්ල අල්ලගන අනිත් අත නිදහසේ බිමට එල්ලගන ඇයව තෙරපනව.හ්ම්ම්....හිතුව හරි ඔයා....ජැක්සන් කෙනෙක්....ජැක්සන්ගෙන් එහාටත් ගිය වනචරයෙක්.
ඇය කිහිප විටක් හැරී ඔහු දෙස රවා බැළුවද ඔහු මුකුත් නොදන්න ශාන්තුවරයෙක් වගේ පාඩුවේ තමන්ගේ වැඩි කරගන යනව.ඇය ඉන්න තැනින් වෙන තැනකට යන්න උත්සහ කරත් ඉන්න සෙනග කන්දරාව ඒකට ඉඩක් දුන්නෙ නෑ.තලාහේන ප්‍රදේශයේදී අතක් නිදහස් කරගත් ඇය ඒ අතින් එම පුද්ගලයාගේ කම්මුල අතගෑව,වේගයෙන්.ඒත් එක්කම මොනවදෝ වේගයෙන් කියන්න ඇය උත්සහ ගත්තත් ඇයගේ වචන පැටලී කතාකරගන්න බැරුව ඇය ඉකිබිඳින්න පටන්ගත්තා.අසල අසුනේ සිටි අයකු තම අසුන ඇයට දුන් හෙයින් එහි ඉඳගත් ඇය ඉකිබිඳිමින්ම ඉදිරිපස අසුනට නැඹුරුවුනා.
ඒ මම විස්තර කලේ මම දැකපු දෙයක් වුනත්,ඔබ දිනපතා බස් රියෙන් ගමන් ගන්නෙකුනම් මේ හා සමාන සිද්ධීන් ඔබත් දැකල ඇති.සමහරවිට සතිපතා හෝ දිනපතා වෙන්නත් ඇති.මෙය කියවන ඔබ කාන්තාවක්නම් සමහරවිට මෙවනි අත්දැකීම් ඔබත් විඳල ඇති.මම මේ ලිපිය ලියන්නේ ඉහත කතානායිකාවගේ මුවින් පිටනොවී සිතේ සිරවූ බොහෝ හැගීම් හෝ එයට සමානයැයි මවිසින් උපකල්පණය කල වචන සමාජයට දිගහැරීමටය.ඒ සිදුවීම එතකින් නිමාවුනත් ඒ බස් රථයක් තුල සිදුවුන පළමු හෝ අවසාන ස්ත්‍රී හින්සනය නෙමෙයි.තවමත් එය එදා වගේම;නැත්නම් ඊටත් වඩා දරුණුව සිදුවෙනව.තිත්ත ඇත්තනම් ඔබ මේ ලිපිය කියවන තප්පරයේ පවා දහසක් ස්ත්‍රීන් බස් රථ තුල මේ තිරිසන් හින්සනයට මුහුණ දෙන බවයි.
මේ කාරණවේදී,මෙම අධම හින්සනයට ලක්වෙන්නේ තරුණ කාන්තාවන් විතරයි යැයි ඔබ හිතනවානම්;ඒ ඔබ මවාගන්නා වැරදි චිත්‍රයක්.පසුගිය දිනක බස් රථයක් තුල තම ඔඩොක්කුවේ වාඩිවී සිටි අවුරුදු 9ක කුඩා දැරියකට ලින්ගික පීඩා කිරීමට උත්සහගත් අවුරුදු 70ක 'තරුණ මහත්මයෙක්' අත් අඩන්ගුවට ගත් බවට වූ පුවත්පත් වාර්තාව මේ සදහා වන හොඳම උදාහරනයයි.අවුරුදු 9ක පොඩි එකෙකුට එහෙම වෙනවනම් 18-20 තරුණියන් ගැන කතාකල යුතුද?ඊටත් වඩා දරුණුම කරුණ වන්නේ ඒ ක්‍රියාව සිදුකල 'මහත්මයාගේ' වයස අවුරුදු 70 වීමයි.හින්සනයට ලක්වන්නන්ගේ මෙන්ම ලක්කරන්ගේද වයස් මට්ටමට සීමාවක් නැති බව ඔබට පැහැදිලි ඇති.අවැසි වන්නේ ස්ත්‍රී භාවය පමණක්මදැයි සැක සිතෙන තරමට හින්සනයට ලක්වෙන ස්ත්‍රී වයස් පරාසය පුළුල් අගයක් දක්වා විහිදෙනවා.
සෙනග නැතිවෙලාවට ආසනයේ මුල්ලට වී ඉන්න තරුණියන්, බස් රිය තුල සෙනග වැඩිවෙත්ම ආසනයේ කෙළවරට පැමිනෙනු ඔබ ඕන තරම් දැකල ඇති.උසස්පෙල සමයේ මේක මට ලොකු ප්‍රශ්නයක් වුනා.මේ ගැන අහන්න මම තෝරගත්තේ 'එවකට' මගේ පෙම්වතියයි.ඇය දුන් පිළිතුර වුනේ "සීට් එක මුල්ලේ ඉන්න කොට එහා පැත්තට පිරිමි කෙනෙක් ආවොත් බේරිල්ලක් නෑ.ඒ නිසයි අපි සීට් එක කෙළවරට එන්නේ" යි යන්නය.පිරිමින්ගේ එම පිළිකුල් සහගත හිරිකිත ක්‍රියා පිළිබඳ ඇය මා සමග පැවසූ දේවල් නිසා,පිරිමි ආත්මයක් ලැබීම පිළිබඳව මට ඇතිවුනේ ලැජ්ජාවක්.සමහර සිදුවීම් ඇගේ මිතුරියන්ට වූ ඒවායි ඇය මා සමග පවසන්නට ඇත්තේ පෙම්වතා වූවත් මගේ මුහුණ බලාගන කියන්න ලැජ්ජ හිතුන නිසා වෙන්න ඇති.(ඒ කාලෙ තිබුනෙ "අතින්වත් අත නෑල්ලු ආදරයක්" නොවැ ).ඒ කතා වලදි මට වැටහුන දේනම් තරුණියක් බස් රථය තුල ගමන්කිරීමේදී රථයට නැගීමේ සිට රථයෙන් බැසීම තෙක්ම තමන්ගේ ශරීරය බේරා ගැනීමට මහත් වූ සන්ග්‍රාමයක් සිදු කරනා බවය.ජීවන සටනේදී පිරිමින් සමග උරෙනුර ගැටී දහඩිය වගුරන ඇයට බස් රියේදීත් තවත් අමතර සටනක් සිදුකිරීමට සිදුවේනම්:ඊටත් වඩා ඛේදාන්තයක් තවත් තියනවද?
බොහෝ තරුණියන් අතර මගින් රියට ගොඩනොවන සෑම විටම වාඩි වී යාමට හැකි බස් රියක් තෝරාගැනීමට උත්සහ ගන්නව.ඒ හිටගන යාමට නොහැකි නිසා නොව වාඩිවී යාමේදී ඇතිවන හින්සන ක්‍රියා සාපේක්ෂව අඩු මට්ටමක පවතින නිසයි.තවත් කාන්තාවක් සමග එක අසුනෙ ඉදගන යාමට උපරිම උත්සහ ගන්නා ඇය,අසුනේ මුල්ලට නොයාමට මහත් පරිස්‍රමයක් ගන්නව.ඒත් ඒ සියළුම උත්සහ නිශ්ප්‍රභා වන්නේ බසයට සෙනග පිරෙන විටයි.එවිට ඇගේ උරහිසෙහි තමන්ගේ අන්ගජාතය උලන්නට උත්සහ ගන්නන් බස්වල හිඟනෑ.තවත් කාන්තාවක් සමග අසුනේ මුල්ලට වී ගමන් කරනා කාන්තාවකට වූවත් නිදහසේ යාමට ,අසුනත් බසයේ තහඩුවත් අතර ඇති ඉඩෙන් ප්‍රයෝජන ගන්නා වලත්තයන් ඉඩදෙන්නේ නෑ.අසුනේ අනිත් කෙළවර ඉදගන ඉන්නේ පිරිමියෙක්නම් ඇයට විඳීමට සිදුවන හිරිහැර තවත් වැඩියි.මේවගේ අවස්ථාවල මෙම නොමිනිසුන් තමන්ගේ ඇඟිලි,වැලමිට,උඩු අත්ල,කකුල යන සෑම ශරීරාන්ගකින්ම උපරිම ප්‍රයෝජන ගන්න බලනවා.මීට පස්සේ බසයේ යනවිට බලන්න ඇස් ඇරල තරුණියක් ලඟ ඉදගන අත් දෙක බැඳගන යන ගරු ගාම්බීර මහත්මයකු දෙස;බලන්න ඔහුගේ ඇඟිලි දිහා.දැක්ක නේද කොච්චර හොදට ඒ ඇඟිලි වැඩ කරනවද කියල?.මේ සෑම උත්සහයකින්ම තමන්ගේ සිත සතුටුවන්නේ නැතිනම් තමන්ගේ අවසාන තුරුම්පුව ගහන්න මේ අය දෙපාරක් හිතන්නේ නෑ;"නින්ද".ඉතා ඉක්මනින්ම නින්දට වැටෙනා මොවුන් අනික් පස සිටින ස්ත්‍රියගේ ශරීරයට හේත්තු වී ගමන් කරන්නත්,තරුණිය තදින් වැලමිටෙන් අනින විට "සොරි" යැයි කියමින් එක් වරම අවදි වන්නටත් දක්වන්නේ පුදුම දක්ශකමක්.
බස් රියේ රාක්කවල කොච්චර ඉඩ තිබුනත් ඒවායින් ප්‍රයෝජනයක් නොගෙන තම පාර්සලය හෝ ෆයිල් කවරය අතේම තබාගන යන නොමිනිසුන් දිහා බැළුවොත් පෙනේවි නුඹලාට,ඒ අයගේ පිට අත්ල කොච්චර කඩිසරද කියල.මේ කතාවේ කනගාටුදායකම තත්වය ඇතිවෙන්නේ බස් රියෙන් බහින වෙලාවෙදි.ඒ අවස්තාවේදී මේ අධමයන් කොහොම හරි කාන්තාවකගේ පිටුපසට වෙනවා.රියෙන් බසින විට ඇතිවන අධික තෙරපුමේදී නොමිනිස්කමේ අන්තයටම යන තිරිසනුන් ඔබලාත් දැකල ඇති.බස් රියෙන් බහිද්දී මෙවනි අවදානමකට ලක්වන තරුණියක් ස්ත්‍රීන් දෙදෙනෙකුට මැදිවීමට ගන්නා උත්සහය දැක්කොත් උඹලටම ලැජ්ජ හිතේවි.මෙවනි පහත් තෘප්තියක් ලබාගැනීමටම පෙර සුදානමකින් බස් රියකට ගොඩවන්නන් හිඟ නෑ සමාජයේ.මගීන් පිරුණ බස් වල යාමට කැමති,ලැබෙනා අසුනත් වෙන අයකුට දීමට තරම් කාරුණික මොවුන් වැඩිපුරම යාමට කැමති ඇගළුම් සේවිකාවන්,සිසුවියන් වැඩිපුර යනෙන බස් රථ වලයි.අතරමගින් බැසිය යුතු වූවත් තමන්ට වාසිදායක තත්වයක් රිය තුල නිර්මාණය වී ඇත්නම් රියෙහි ගමනාන්තය තෙක් යාමට මොවුන් දෙවරක් සිතන්නේ නෑ.එසේ යාමේදී නැවත ඒමට බස් රියක් නැත්නම්, කුළී රථයක හෝ ඒමට තරම් මොවුන් නිර්ලෝභියි.
මේක බලන උබත් මේ අධම වැඩේට පෙළඹිල ඇති ජීවිතේ එකපාරක් හරි.හැඟීම් වලට වැට කඩොළු දැමීම මමත් අනුමත කරන දෙයක් නෙමෙයි.හැබැයි වැටකඩොළු බිඳ දැමීමේදී එය සිදුවිය යුත්තේ දෙපාර්ශවේම කැමත්ත ඇතිව මිස එක් පාර්ශවයක අසරණකමින් ප්‍රයෝජන ගැනීමෙන් නෙමෙයි.මේක ඉවර කරන්න ඕන නිසා ඉවර කරන්නම්,ලාවට මතක තියන වේදිකා නළුවක දෙබසකින්.
"මේ ලෝකෙ මරල දාන හැම පිරිමියෙක්ම තමන්ගේ තාත්තා කියල හිතන්න පුළුවන්නම්,මේ ලෝකෙ දූශනය වෙන හැම ගැහැනියෙක්ම තමන්ගේ අම්ම කියල හිතන්න පුළුවන්නම්,කොච්චර ලස්සන වේයිද මේ ලෝකෙ අදට වඩා......."
කටුස්සා.....
මාර්ග අන්ක 170,අතුරුගිරිය-පිටකොටුව බස් රථය,මහ වරුසාවෙ හවස 5.45ට විතර බත්තරමුල්ල ප්‍රදේශය පහු කරනව.කාර්යයාලයක වැඩ නොකලත් පූරුවෙ පිණකට මමත් ඒ බස් රථයේ මගියෙක් එදා,අර ඉහල සදහන් කරපු සියළුම අත්දැකීම් අත්ව්ඳින.ඇගේ ප්‍රමාණෙ නිසා කොන්දොස්තර සහෝ මාව ඉස්සරහට යවන්නෙ නෑ.තව දෙන්නෙක් දාන්න පුළුවන්නෙ ඌට එතකොට.මමත් ඉතින් පෙම්මුල්ලට ආසන්නව පොල්ල අල්ලන් ඉන්නව,බස් එකේ.මට වඩා අසුන් 3-4 විතර රියදුරු අසුන දෙසට වෙන්න යාබද අසුන් දෙකක ඇදි අල්ලාගන ඉන්න ගැහනු ළමයෙක් බොහොම අපහසුවෙන් වගේ හැසිරෙනව.වෙලාවකට එහෙට මෙහෙට වෙමින්,නළල රැලි ගන්වමින් හා වෙනත් ඉරියවු වලින් යම් අපහසුතාවක් පිළිබදව ඇය වට පිට සිටින්නන්ට දැනගන්නට සැලස්සුව.ඇයට පිටුපසින් අවුරුදු 40 පමණ අයෙක් මැද පොල්ල අල්ලගන අනිත් අත නිදහසේ බිමට එල්ලගන ඇයව තෙරපනව.හ්ම්ම්....හිතුව හරි ඔයා....ජැක්සන් කෙනෙක්....ජැක්සන්ගෙන් එහාටත් ගිය වනචරයෙක්.
ඇය කිහිප විටක් හැරී ඔහු දෙස රවා බැළුවද ඔහු මුකුත් නොදන්න ශාන්තුවරයෙක් වගේ පාඩුවේ තමන්ගේ වැඩි කරගන යනව.ඇය ඉන්න තැනින් වෙන තැනකට යන්න උත්සහ කරත් ඉන්න සෙනග කන්දරාව ඒකට ඉඩක් දුන්නෙ නෑ.තලාහේන ප්‍රදේශයේදී අතක් නිදහස් කරගත් ඇය ඒ අතින් එම පුද්ගලයාගේ කම්මුල අතගෑව,වේගයෙන්.ඒත් එක්කම මොනවදෝ වේගයෙන් කියන්න ඇය උත්සහ ගත්තත් ඇයගේ වචන පැටලී කතාකරගන්න බැරුව ඇය ඉකිබිඳින්න පටන්ගත්තා.අසල අසුනේ සිටි අයකු තම අසුන ඇයට දුන් හෙයින් එහි ඉඳගත් ඇය ඉකිබිඳිමින්ම ඉදිරිපස අසුනට නැඹුරුවුනා.
ඒ මම විස්තර කලේ මම දැකපු දෙයක් වුනත්,ඔබ දිනපතා බස් රියෙන් ගමන් ගන්නෙකුනම් මේ හා සමාන සිද්ධීන් ඔබත් දැකල ඇති.සමහරවිට සතිපතා හෝ දිනපතා වෙන්නත් ඇති.මෙය කියවන ඔබ කාන්තාවක්නම් සමහරවිට මෙවනි අත්දැකීම් ඔබත් විඳල ඇති.මම මේ ලිපිය ලියන්නේ ඉහත කතානායිකාවගේ මුවින් පිටනොවී සිතේ සිරවූ බොහෝ හැගීම් හෝ එයට සමානයැයි මවිසින් උපකල්පණය කල වචන සමාජයට දිගහැරීමටය.ඒ සිදුවීම එතකින් නිමාවුනත් ඒ බස් රථයක් තුල සිදුවුන පළමු හෝ අවසාන ස්ත්‍රී හින්සනය නෙමෙයි.තවමත් එය එදා වගේම;නැත්නම් ඊටත් වඩා දරුණුව සිදුවෙනව.තිත්ත ඇත්තනම් ඔබ මේ ලිපිය කියවන තප්පරයේ පවා දහසක් ස්ත්‍රීන් බස් රථ තුල මේ තිරිසන් හින්සනයට මුහුණ දෙන බවයි.
මේ කාරණවේදී,මෙම අධම හින්සනයට ලක්වෙන්නේ තරුණ කාන්තාවන් විතරයි යැයි ඔබ හිතනවානම්;ඒ ඔබ මවාගන්නා වැරදි චිත්‍රයක්.පසුගිය දිනක බස් රථයක් තුල තම ඔඩොක්කුවේ වාඩිවී සිටි අවුරුදු 9ක කුඩා දැරියකට ලින්ගික පීඩා කිරීමට උත්සහගත් අවුරුදු 70ක 'තරුණ මහත්මයෙක්' අත් අඩන්ගුවට ගත් බවට වූ පුවත්පත් වාර්තාව මේ සදහා වන හොඳම උදාහරනයයි.අවුරුදු 9ක පොඩි එකෙකුට එහෙම වෙනවනම් 18-20 තරුණියන් ගැන කතාකල යුතුද?ඊටත් වඩා දරුණුම කරුණ වන්නේ ඒ ක්‍රියාව සිදුකල 'මහත්මයාගේ' වයස අවුරුදු 70 වීමයි.හින්සනයට ලක්වන්නන්ගේ මෙන්ම ලක්කරන්ගේද වයස් මට්ටමට සීමාවක් නැති බව ඔබට පැහැදිලි ඇති.අවැසි වන්නේ ස්ත්‍රී භාවය පමණක්මදැයි සැක සිතෙන තරමට හින්සනයට ලක්වෙන ස්ත්‍රී වයස් පරාසය පුළුල් අගයක් දක්වා විහිදෙනවා.
සෙනග නැතිවෙලාවට ආසනයේ මුල්ලට වී ඉන්න තරුණියන්, බස් රිය තුල සෙනග වැඩිවෙත්ම ආසනයේ කෙළවරට පැමිනෙනු ඔබ ඕන තරම් දැකල ඇති.උසස්පෙල සමයේ මේක මට ලොකු ප්‍රශ්නයක් වුනා.මේ ගැන අහන්න මම තෝරගත්තේ 'එවකට' මගේ පෙම්වතියයි.ඇය දුන් පිළිතුර වුනේ "සීට් එක මුල්ලේ ඉන්න කොට එහා පැත්තට පිරිමි කෙනෙක් ආවොත් බේරිල්ලක් නෑ.ඒ නිසයි අපි සීට් එක කෙළවරට එන්නේ" යි යන්නය.පිරිමින්ගේ එම පිළිකුල් සහගත හිරිකිත ක්‍රියා පිළිබඳ ඇය මා සමග පැවසූ දේවල් නිසා,පිරිමි ආත්මයක් ලැබීම පිළිබඳව මට ඇතිවුනේ ලැජ්ජාවක්.සමහර සිදුවීම් ඇගේ මිතුරියන්ට වූ ඒවායි ඇය මා සමග පවසන්නට ඇත්තේ පෙම්වතා වූවත් මගේ මුහුණ බලාගන කියන්න ලැජ්ජ හිතුන නිසා වෙන්න ඇති.(ඒ කාලෙ තිබුනෙ "අතින්වත් අත නෑල්ලු ආදරයක්" නොවැ ).ඒ කතා වලදි මට වැටහුන දේනම් තරුණියක් බස් රථය තුල ගමන්කිරීමේදී රථයට නැගීමේ සිට රථයෙන් බැසීම තෙක්ම තමන්ගේ ශරීරය බේරා ගැනීමට මහත් වූ සන්ග්‍රාමයක් සිදු කරනා බවය.ජීවන සටනේදී පිරිමින් සමග උරෙනුර ගැටී දහඩිය වගුරන ඇයට බස් රියේදීත් තවත් අමතර සටනක් සිදුකිරීමට සිදුවේනම්:ඊටත් වඩා ඛේදාන්තයක් තවත් තියනවද?
බොහෝ තරුණියන් අතර මගින් රියට ගොඩනොවන සෑම විටම වාඩි වී යාමට හැකි බස් රියක් තෝරාගැනීමට උත්සහ ගන්නව.ඒ හිටගන යාමට නොහැකි නිසා නොව වාඩිවී යාමේදී ඇතිවන හින්සන ක්‍රියා සාපේක්ෂව අඩු මට්ටමක පවතින නිසයි.තවත් කාන්තාවක් සමග එක අසුනෙ ඉදගන යාමට උපරිම උත්සහ ගන්නා ඇය,අසුනේ මුල්ලට නොයාමට මහත් පරිස්‍රමයක් ගන්නව.ඒත් ඒ සියළුම උත්සහ නිශ්ප්‍රභා වන්නේ බසයට සෙනග පිරෙන විටයි.එවිට ඇගේ උරහිසෙහි තමන්ගේ අන්ගජාතය උලන්නට උත්සහ ගන්නන් බස්වල හිඟනෑ.තවත් කාන්තාවක් සමග අසුනේ මුල්ලට වී ගමන් කරනා කාන්තාවකට වූවත් නිදහසේ යාමට ,අසුනත් බසයේ තහඩුවත් අතර ඇති ඉඩෙන් ප්‍රයෝජන ගන්නා වලත්තයන් ඉඩදෙන්නේ නෑ.අසුනේ අනිත් කෙළවර ඉදගන ඉන්නේ පිරිමියෙක්නම් ඇයට විඳීමට සිදුවන හිරිහැර තවත් වැඩියි.මේවගේ අවස්ථාවල මෙම නොමිනිසුන් තමන්ගේ ඇඟිලි,වැලමිට,උඩු අත්ල,කකුල යන සෑම ශරීරාන්ගකින්ම උපරිම ප්‍රයෝජන ගන්න බලනවා.මීට පස්සේ බසයේ යනවිට බලන්න ඇස් ඇරල තරුණියක් ලඟ ඉදගන අත් දෙක බැඳගන යන ගරු ගාම්බීර මහත්මයකු දෙස;බලන්න ඔහුගේ ඇඟිලි දිහා.දැක්ක නේද කොච්චර හොදට ඒ ඇඟිලි වැඩ කරනවද කියල?.මේ සෑම උත්සහයකින්ම තමන්ගේ සිත සතුටුවන්නේ නැතිනම් තමන්ගේ අවසාන තුරුම්පුව ගහන්න මේ අය දෙපාරක් හිතන්නේ නෑ;"නින්ද".ඉතා ඉක්මනින්ම නින්දට වැටෙනා මොවුන් අනික් පස සිටින ස්ත්‍රියගේ ශරීරයට හේත්තු වී ගමන් කරන්නත්,තරුණිය තදින් වැලමිටෙන් අනින විට "සොරි" යැයි කියමින් එක් වරම අවදි වන්නටත් දක්වන්නේ පුදුම දක්ශකමක්.
බස් රියේ රාක්කවල කොච්චර ඉඩ තිබුනත් ඒවායින් ප්‍රයෝජනයක් නොගෙන තම පාර්සලය හෝ ෆයිල් කවරය අතේම තබාගන යන නොමිනිසුන් දිහා බැළුවොත් පෙනේවි නුඹලාට,ඒ අයගේ පිට අත්ල කොච්චර කඩිසරද කියල.මේ කතාවේ කනගාටුදායකම තත්වය ඇතිවෙන්නේ බස් රියෙන් බහින වෙලාවෙදි.ඒ අවස්තාවේදී මේ අධමයන් කොහොම හරි කාන්තාවකගේ පිටුපසට වෙනවා.රියෙන් බසින විට ඇතිවන අධික තෙරපුමේදී නොමිනිස්කමේ අන්තයටම යන තිරිසනුන් ඔබලාත් දැකල ඇති.බස් රියෙන් බහිද්දී මෙවනි අවදානමකට ලක්වන තරුණියක් ස්ත්‍රීන් දෙදෙනෙකුට මැදිවීමට ගන්නා උත්සහය දැක්කොත් උඹලටම ලැජ්ජ හිතේවි.මෙවනි පහත් තෘප්තියක් ලබාගැනීමටම පෙර සුදානමකින් බස් රියකට ගොඩවන්නන් හිඟ නෑ සමාජයේ.මගීන් පිරුණ බස් වල යාමට කැමති,ලැබෙනා අසුනත් වෙන අයකුට දීමට තරම් කාරුණික මොවුන් වැඩිපුරම යාමට කැමති ඇගළුම් සේවිකාවන්,සිසුවියන් වැඩිපුර යනෙන බස් රථ වලයි.අතරමගින් බැසිය යුතු වූවත් තමන්ට වාසිදායක තත්වයක් රිය තුල නිර්මාණය වී ඇත්නම් රියෙහි ගමනාන්තය තෙක් යාමට මොවුන් දෙවරක් සිතන්නේ නෑ.එසේ යාමේදී නැවත ඒමට බස් රියක් නැත්නම්, කුළී රථයක හෝ ඒමට තරම් මොවුන් නිර්ලෝභියි.
මේක බලන උබත් මේ අධම වැඩේට පෙළඹිල ඇති ජීවිතේ එකපාරක් හරි.හැඟීම් වලට වැට කඩොළු දැමීම මමත් අනුමත කරන දෙයක් නෙමෙයි.හැබැයි වැටකඩොළු බිඳ දැමීමේදී එය සිදුවිය යුත්තේ දෙපාර්ශවේම කැමත්ත ඇතිව මිස එක් පාර්ශවයක අසරණකමින් ප්‍රයෝජන ගැනීමෙන් නෙමෙයි.මේක ඉවර කරන්න ඕන නිසා ඉවර කරන්නම්,ලාවට මතක තියන වේදිකා නළුවක දෙබසකින්.
"මේ ලෝකෙ මරල දාන හැම පිරිමියෙක්ම තමන්ගේ තාත්තා කියල හිතන්න පුළුවන්නම්,මේ ලෝකෙ දූශනය වෙන හැම ගැහැනියෙක්ම තමන්ගේ අම්ම කියල හිතන්න පුළුවන්නම්,කොච්චර ලස්සන වේයිද මේ ලෝකෙ අදට වඩා......."
කටුස්සා.....
Wednesday, November 12, 2014
මතකය
අගින් පටන් ගෙන මුලටම ලියවුන
පෙම් කවියක් අප ගැයූනිසා
මේ තරමට හද කොනිති ගහන්නේ
අග මුල තේරුම් නොගත් නිසා...
ලඟින් තුරුල් වී ඔබ හා පෙරදා
කියූ කතා හදවත රිද්දයි
දෑස් රිදෙන තුරු හඬා වැටුන මුත්
කඳුලට ඇති පාටක් නොපෙනෙයි
තුරු පත් සැළි සැළි දුක්බර හඬකින්
සොඳුරු අතීතෙක තතු පවසයි
එහි මතකය තවමත් මා දවමින්
ඔබ යලි එයිදෝ බලා සිටියි....
දිළිසෙන නෙත් තරු කියූ කතාවක
අප මුළු දිවියම රැඳුන නිසා
ඔබේ තුරුල්ලේ මිස කොහි යන්නද
මරණය අතවැනු දින මතුදා
ඔබේ උනුසුමේ මට ඉඩ නැති බව
දන්නා මුත් හිත ගතු කියනා
ඔබේ උණුසුමේ තරම් කොහිද මට
ඉඩක් තිබුනෙ ළඳුනේ පෙරදා...
යළි වෙන බවයක ඔබ එනතෙක් මට
බලා ඉන්නෙ සිත ඉඩක් නොදේ
අයිති උනොත් යළි මේ බවයෙහිදිම
සිපගන්නට සසරම මඳි වේ.....
ජනතා සන්තක.....
Subscribe to:
Posts (Atom)