මිතුරු....
උඹ පිච්චිල අළු වෙනකොට
පිච්චෙන මගෙ ආත්මයට
දැනෙන සිසිල කොයිතරම්ද
දන්නවාද ඒ බව උඹ....
කටුස්සා....
ප:ලි:-
"වර්ණ" ලියන දිනේශ් මලයගේ "සිගරට් බිවුවට මේ ගැනත් දන්නවද?" පෝස්ට් එකට කමෙන්ට්කරපු බහුතරයක්; මේ අහිංසකයාට බැනවැදීමෙන් හිතට ඇතිවූ ශෝකය නිසාම ලිවූවකි.
කමියා, විස්කෝතුයි ගොඩක්.
.
ReplyDeleteඇත්තටම එහෙම බනින එක වැරදියි නේන්නං.
Deleteකමියට දෙන්නෙ විස්කිරිඤ්ඤ ද?
උබට ඕක කියවන්න ඔච්චර වෙලා ගියාද???
Deleteපුලුවන් නම් මේක කරලා බලපන් තිතක්වත් නැතිව කොමෙන්ට් එක දාපන්..
ඒක තමයි.අපි බිවුවට ඒ අහිංසකයා මොනවා කරන්නද?
Deleteඒවා දෙන්න බෑ.ඒක ටයිප් කරන්න අමාරුයි.ඔය ඇඟිලි විස්කෝතුවක් වගේ දෙයක් දෙනවා.
තව ටිකක් තියෙනවා.. ඉවර වෙන්න කලින් බීපන්.
ReplyDeleteසිගරැට් එකට බැනලා වැඩක් නැහැනේ.. එව්වා බොන එවුන්ටයි බනින්න ඕන.
මෙන්ඩගෙ නොම්බරේ දෙන්නම් පොඩ්ඩක් ඌට බැනපන්කො.
Deleteඅටමගෙ නොම්බරේ දෙන්නම් පොඩ්ඩක් ඌට බැනපන්කො.
Deleteඑකෙකුගෙවත් නම්බර් ඕනේ නෑ.. මේ පැත්තට එන්න කිහාං...
Deleteඅන්න උන් දෙන්න එක්ක දවසක් හිටියනම් ඊලඟ දවසේ ඉඳන් උඹත් පැකට් එකක් විතර බොනවා.අම්මපා....
Deleteඒක තමයි මං උන් ඉන්න පැත්ත පලාතකවත් යන්නේ නැත්තේ..
Deleteසිගරැට් එකේ තියෙන්නෙ 85%ක් විතරම මානසික තෘප්තිය. ඒ උනාට මාත් සිගරැට් වලට බණිනවට විරුද්ධයි.
ReplyDeleteමම නම් අරක්කු බිවුවහම කටේ සැර යන්න තමයි ඕකක් බොන්නෙ.
Deleteමම නම් අරක්කු බිවුවහම කටේ සැර යන්න තමයි ඕකක් බොන්නෙ.
Deleteදෙකක්ම බොනවද එකපාර.
Deleteඕකා බගයයි බොන්නෙ.. ඒකත් හොරට...
Deleteඩ්‍රැකියෝ-
Deleteවෙන්න ඇති බං.ඒකනේ සමහර එවුන්ට කෑවට පස්සේ, ටොයිලට් යනකොට එහෙම අනිවා සිගරට් එකක් ඕනේ.තනියෙන් ඉන්නකොට මටත් බොනවට වඩා පත්තුකරලා ඕක අතේ තියාගන ඉන්න එක ආතල්.
කැමෝ-
කම්මලයා ඒ භාගෙත් බොනවා නෙමෙයි.කනවා.
අපිනම් ඕව නවත්තල බොහොම කාලයක්වෙනවා.
ReplyDeleteඅමාරුවෙන් පුරුදුවෙච්ච පුරුදු එහෙම නවතන්න එපා බං. පවුසිද්ද වෙනවා.
Deleteසැක්..උඩ තියන ගෝලීප් බොන්න දැන් අමාරුයි. මැල්බරෝ ලයිට් ඉතරයි. ඒකත් අර හරක් මස් එක්ක අරක්කු බොනකොට ඉතරයි.
ReplyDelete- ස්තූතියි-
බ්‍රෑන්ඩ් එක 'ගල්'
සැන්ඩි වලට මොකුත් ඕන නැතෙයි.
Deleteයකෝ...මූ පොශ්වෙලා තියන තරම්....උඹලා වයසට යනකොට තැන්පත් වෙනවා නේද?
Deleteමටනම් ඉතින් ෆිල්ටරයක් තියන දුම යන ඕනේ එකක්.....මගෙත් බ්‍රෑන්ඩ් එක ගල්.කොහේද ඉතින් අර නේවි කාරයා නිසා ඒක බොන්නත් බෑනේ...
ප්‍රසා-
සැන්ඩි වලටනම් වතුරත් ඇති.....
This comment has been removed by the author.
ReplyDeleteඅමද්‍යප සංවිධානයක් හදන කැමති අය ඉන්නවද... සමාජිකයන් බදවා ගැනේ..
ReplyDelete-සභාපති-
අමද්‍යප සංවිධානය
කෝ මේ ගල් බල සේනා එකේ උං වරෙව් ඉක්මනට.
Deleteමාත් එනවෝ ....
Deleteජයවේවා !!!
ස්තුතියි බ්‍රෑන්ඩ් එක
ගල් ...
අමද්‍යප එකේ සබාපති වෙන්න නම් අනිවා හැමදාම කන පාත් වෙන්න ගසන එකෙක් වෙන්න ඕනෙ... උඹට ඒ සුදුසුකම තියෙනවද..?
Deleteඑල...මාත් එනවා.ඉස්කෝලේ කනිෂ්ඨ අමධ්‍යප සංගමේ සභාපති මම...
Deleteකැමා-
එහෙනම් ඉතින් ඕකේ සභාපති කරන්න වෙන්නේ අටමව තමයි.
ප්‍රසෝ..
Deleteගල් බලකායට දෙන්නයිනේ.
සිංදුවෝ..
උබ දන්නවැයි මං ආස කරපු ගායකයෝ කිහිප දෙනෙක් ජීවිතයට ආයුබෝවන් කිව්වේ ඔය සිගරට්ටුවේ සිසිල විදින්න ගිහිල්ලා.. බොලාට මතකෙයි.
ආවා ආවා ……
Deleteගල් කාරයෝ වරෙව් :D
මේ දවස් ටිකේ අපේ බලකායෙ සාමාජිකයො බිසී.
Delete-ස්තූතියි-
බ්‍රෑන්ඩ් එක ගල්
අමද්‍යප සංගමේ රැස්වීම මාර්තු 26 වෙනිදා හවස
මටත් සභාපතියෙක් වෙන්න ආසන්න සුදුසු කම් තියෙනවා...
Deleteඒත් ඔය පට්ටං බාර ගත්තම වදේ නිසා ඕක මට එපා...
අර අටමා වගේ ලමේකුට දීපං...
බ්‍රෑන්ඩ් එක ගල් ඇර ඕනේ එකක්...
අඩෝව්.....
Deleteකව්ද ශද්දේ....
දුම් වැටියේ....දුම් වැටියේ
ReplyDeleteදෙතොල රැඳී දුම් වැටියේ
සන්තෝසේ සන්තාපේ ...
ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....
හද කැලබී ඇති මොහොතේ
ඔබ දෙතොලේ රඳවනවා
ඒ මොහොතේ ඔබ ඇසුරේ
සිත මාගේ සැනසෙනවා ....
දුම් වැටියේ ....
අද මිතුරෝ හෙට හතුරෝ
දුක් දෙනවා එරෙහි වෙලා
ඒවාගේ මතු දවසේ
ඔබ එයිදෝ සතුරු වෙලා ...
දුම් වැටියේ ....
ගායනය - මේරියන්ස්
ඔය අනිත් එවුන් වගේ ඕකා වෙනස්වෙන්නේ නෑ බං කවදාවත්....
Deleteවෙනස් නොවුනට ගණං යනවනෙ බං. මං පටං ගන්න කාලෙ රුපියල් 90 කට විස්සෙ පැකැට් එකක් ගන්ඩ පුළුවං. දැං?
Delete4 වසරේ උන්නු මං තාත්තාගෙන් සිගා දෙකක් හොරකං කරාන මුලින්ම බීපු කාලේ (1990) ගාන කීයද කියල දැනගන්න තිබ්බා අපේ තාත්ත හිටියනං...
Deleteමටනම් ඕවයේ ගාන මතක ඉන්නේ නැහැ...
මම ඉස්සල්ලම බොනකොට 7යි.ටික දවසකින් 7.50 වුනා.අවුරුදු 6ක් විතර නවත්තලා ආපහු පටන්ගන්නකොට 16යි.
Deleteමම ඉස්සල්ලම බොනකොට 7යි.ටික දවසකින් 7.50 වුනා.අවුරුදු 6ක් විතර නවත්තලා ආපහු පටන්ගන්නකොට 16යි.
Deleteඅපේ තාත්තටත් අම්ම කොච්චර කැගහුවත්ඕක අතාරින්න බෑ :(
ReplyDeleteගෙම්බිගේ තාත්තත් එළ කොල්ලෙක්නේ....:D
Deleteඅපේ තාත්තා නරක කොල්ලෙක්ද බොල
Deleteඋඹේ තාත්තා එළ අංකල් කෙනෙක්.
Deleteඕකෙ කෙලවරක මෝඩයෙක් ඉන්නවා කියන්නෙ ඇත්තද බං...?
ReplyDeleteඋඹ ඔය මෝඩයා...මෝඩයා කියන්නේ මෙන්ඩටද? අටමටද?
Deleteඔයා හැමදාම බොන්නේ ඒ සිසිල නිසාද කටුස්....
ReplyDeleteඕ...යේස්...
Deleteසිසිල දෙනවා කියලා ලඟට එන අයටවඩා පිච්චෙන ඌ දෙන සිසිල අව්‍යාජයි.
සක්.. සිකරට් බොන උන්ගේ ඉස්කෝතු මට එපා..
ReplyDeleteහැක්....උඹ කුඩු ගහන්න පටන්ගත්තට පස්සේ සිගරට් බොන එක නතරකලාද?
Deleteඔන්න ආයෙත් ගනං යනවලු ....
ReplyDeleteහෙනම ගහල අකුලෝලම යන්න ඕනෙ ඔය වැඩිකරන උංට .....
ඉස්සරහට බීඩි තමයි පුතේ .........
නියමයිනේ... දෙගුනයක්ම කරමු. ඉතකොට මට හරි සංතෝසයි...
Deleteඇයි දෙගුණයක් කළාම තොට ඉතුරු බාගේ හම්බ වෙනවද...
Deleteඋඹට මතකද මෙන්තෝල්ද මොකක්ද එකක් ආවා.අන්න ඒකටනම් කූල් වෙලා යනවා.
ReplyDeleteදැං එන්නෙ ස්විච්.
Deleteඅන්න ප්‍රසන්න අයියෙ ඒක හොඳා සිගරට් එපා වෙන්ඩ :D
Deleteඅර ඇටේ මිරිකන්න තිබ්බ එක නේද මනෝ උඹ ඔය කියන්නේ ...සීතල පැත්තට කියාපු බඩුව ..හැක්
Deleteඇටේ තියෙන්නෙ ස්විච් එකේ.
Deleteකොයි ඇටේද ?
Deleteනුවර එළියේ සීතලයිනේ බං. මම එ පැත්තෙනේ
මනෝ කියන්නේ ඉස්සර ආපු ඇට මිරිකන්න නැති කොළ පාට පෙට්ටියේ ආපු මෙන්තොල් එක ගැන, ඒක බෙන්සන් ද මන්ද බං...
Deleteපෝල් මෝල් මෙන්තෝල් ගැන නෙ මේ කියන්නෙ
Deleteඔය කියන්නේ ගෝල්ඩ් ලීෆ් කොලපාට පැකට් එක ගැන.ඒක තමයි ඉස්සල්ලම ආපු මෙන්තෝල් එක.2004දි විතර ගෝල්ඩ් ලීෆ් තව ෆ්ලේවර් 3ක් මාර්කට් කලා.හැබැයි එච්චර සක්සක් වුනේ නෑ.වැඩේ නැවත්තුවා.පෝල් මෝල් මෙන්තෝල් ආවේ නෑ.බෙන්සන් ලයිට් එකනම් තිබුනා.ඒක පට්ට.ඒත් ආනයනික සිගරට් තහනම් කලාට පස්සේ ඒක නැතුවගියා.ඒක මෙහේ හැදුවේ නෑ.ඉම්පෝර්ට් කලා ටුබැකෝ එකෙන්ම.ඇටේ කඩන එක ආවේ ඕවට පස්සේ.ඩන්හිල් ආපු අළුත පැකට් එකත් එක්ක පට්ට ලයිටර් එකක් දුන්නා.හුළඟට නිවෙන්නේ නැති අර නැවුවල යන එවුන් පාවිච්චිකරන ජාතියේ එකක්.හැබැයි ගෑස්නම් කනවා.මගේ ගාව තාමත් ඒවා 3ක් ඇති.
Deleteෂිඝරඨ් භොණ්ණ එඵා ඛඨුෂු
ReplyDeleteහැඛ් හැඛ්.
කැප්ස් ලොක් ඕෆ් කරගනිං
Deleteඛැඵ්ෂ් ළොඛ් වළිං ෂිංහළ වළඨ භළඵෑමඛ් ණෑ ன යන්නෙ
Deleteහැඛ්
"හැක්" එකේ හයන්න කැපිටල් නෑනෙ.
Deleteඒක විතරක්ද බං //ව, යන්නෙ// දෙකෙත් නෑනෙ.
Deleteමම උඹේ කමෙන්ට් ටිකේ ප්‍රින්ට් අවුට් එකක් අරගන තියාගන්නම් හම්බුන දවසක තේරුම අහගන්න.
Deleteබැමි කෑල්ලක් උඩට නැගල දුමක් පත්තුකරගෙන කකුල් දෙක හොල්ල හොල්ල ඉන්න ෂැප තරං ෂැපක් කොයින්දෑ ආයිබෝං !!!
ReplyDeleteමොනවා කියනවද ආයිබෝං.ඕකත් එක්ක සීතල වතුර බෝතලේකුත් තියනවනම් දිව්‍ය ලෝකේ ගියා වගේ.
Deleteකසුට්ටා............... ඔය සිගරට් බොන වුන්ට හෝ සිගරට් වලට බැනලා වැඩක් නැහැ..... පුළුවන් නං උන්ව ලෙඩ උන් ඉන්න වාට්ටුවට ඒක්කං ගිහින් පෙන්නන්න ඔ්නේ....... මොකුත් කියන්න ඔ්නේ නැහැ.....
ReplyDeleteමේ ලෝකේ නොදැන වැරදි කරන එවුන් හරි අඩුයි බං.
Deleteසිකැරුට්ටුවේ අගයත්
ReplyDeleteඑහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ මිසක්
නොබොන අනුවන දනෝ නොදනිත්
අප්පට සිරි...විදාගම හාමුදුරුවෝ සිගරට් ගැනත් කවි ලියලා තියනවද?
Deleteඋඹව ෆලෝ කොරන්න විදිහක් කියලා දියෝ.....
ReplyDeleteජයවේවා..!!
ඕකට මචං ක්‍රම දෙකක් තියනවා.
Delete01.මගේ එකවුන්ට් එකට මාසෙකට 5000 ගානේ දාපන්.එතකොට වැඩේ හරි.
02.ඔය ෆලොවින් ගැජට්ටුවේ උඩ තියන පොඩි කොටු 2 ක්ලික් කරපන්.එතකොටත් වැඩේ ගොඩදාගන්න පුළුවන්.මගේ ෆලොවින් ගැජට්ටුව පිස්සු කෙලිනවා බං.
ජය වේවා....