Tuesday, October 28, 2014

පත්තර අතීතය

කටුස්සාට පොඩිකාලේ පුදුම විදිහට පොත් පත්තර කියවීමේ අමාරුවක් තිබුනි.පත්තරයක් පොතක් පේන්න බැරිය.තෝරා බේරා ගැනීමක් නැත.අතට අහුවන ඕනෑම මගුලක් කියවයි.කටුස්සාගේ නිවසින්ද එයට මහත් අනුබලයක් ලැබුනි.කවමදාවත් "උඹ ඕවා විතරක් කියවන්නේ නැතුව පාඩම් කරපන්" යැයි පැවසුවේද නැත.ගමනක් ගිය විට හිත් ගියේද සෙල්ලම් බඩු වලට නොව පොත් වලටය.දෙමාපියන් අත මුදල් තිබුනහොත් කටුස්සා ඉල්ලන පොත් ප්‍රශ්න කිරීමකින් තොරව කටුස්සාට ලබාදේ.ඒ ගන්නා පොත ගෙදර ගෙනියන තෙක් සිටින්නේ නැත.බස් නැවතුමේදී හෝ බසයේදී හෝ කටුස්සාගේ පියාගේ රථයේදී හෝ කියවීමට පටන් ගනී.සමහර වේලාවල් වලදී නිවසට පැමිනීමට පෙර පොත කියවා හමාර කොට ඇත.කටුස්සා මුලින්ම කියවූ පොත විදිහට මතකයේ ඇත්තේ "පුන්චි වලස් පැටවු තුන්දෙනා" හෝ ඒ සමාන නමක් ඇති පොතකි.කතාවේ තේමාව වුවේ සත්තු වත්තේ සිටි වලස් පැටවු තුන් දෙනෙක් කූඩුවෙන් එළියට පැමින ඔවුන් දකිනා දේ පිළිබදව කියනා කතාවකි.මතක විදිහට එය කියවනු ලැබුවේ මොට්ටසෝරි යන කාලයේදීය.දැනට ප්‍රසිද්ධ ළමාකතා රචිකාවියක් වන ජානකි සූරිය ආරච්චි විසින් කුඩා කල ලියන ලද "රන්ගිගේ චිත්‍රය"නම් කතාපොතත් එම ආසන්න කාලයේ කියවූ එකක් ලෙස මතකයේ  රැදී ඇත.එය කටුස්සාට ලබා දුන්නේ කටුස්සාගේ පොත් කියවීමේ පිස්සුව දැනගත්;එකල කටුස්සාගේ සොහොයුරියට ඉන්ග්‍රිසි ඉගැන්වීමට කටුසු භවනට ආ ජානකි සූරිය ආරච්චී මහත්මියගේ පියා විසිනි

මෙම පොත් හා සමානවම කටුස්සා පුවත්පත්ද කියවීය.ඒද ළදරු පාසල් කාලයේ සිටමය.කටුස්සා මිලට ගත් ප්‍රථම පුවත්පත් වන්නේ "පුන්චි" සහ "කැකුළු" පත්තරය.මතක හැටියට පුන්චි පත්තරය කැමිලස් ප්‍රකාශකයෝ විසින් පළකරන ලදී.එහි පළවු "මිස්ටර් ෆොක්ස්' කාර්ටූනය කටුස්සා විසින් කියවන ලද මුල්ම චිත්‍ර කතාව වේ.ඉන්පසු පාසල් යාමට පටන් ගැනීමේදී තවත් පුවත්පතක් එයට එක්වුනි.ඒ "බින්දු" ය.කටුස්සා ප්‍රාථමික අධ‍යාපනය ලැබු කොස්වත්ත ආදර්ශ කනිශ්ඨ විදුහල(දැන් එම්.ඩී.එච්.ජයවර්ධන විදුහල )වෙත යාමට කොස්වත්ත හන්දියෙන් බැස කි.මීටර 1.5 පමණ මහා කන්දක් නැග බැසිය යුතුය.මව සමග බසයෙන් කොස්වත්ත හන්දියට පැමිණ එහි වූ පත්තර කඩෙන් පත්තර මිලට ගෙන බෑගය කරේ එල්ලාගන පත්තරය කියව කියවා පාසල්ගිය අතීතයට කටුස්සා තවමත් මහත් සේ ආදරය කරයි.එම කියවීම නතර වන්නේ කොස්වත්ත පොලීසිය පසුකරන විට පමණී.ඒ පොලීසිය ඇතුලේ සිටිනා සිරකරුවන් බැලීමට මහත් වූ කුතුහලයක් කටුස්සාට එකල තිබූ බැවිනි.එහෙත් කිසි දිනක සිරකරුවෙක්නම් දක්නට නොහැකි විය.

1 වසරේදී මතකයේ ඇදුනු තවත් පුවත් පතක්නම් "සිඟිති සිත්තර"නැමති චිත්‍ර කතා පත්තරයයි.පොඩි ළමුන්ගේ කතා ඇතුලත් එය මතකයේ රැදීමට ප්‍රධාන හේතුවනම් කටුස්සා එය රැගෙන පාසලට ගිය විට පොඩිළමුන්ට චිත්‍රකතා කියවීමට දීම අහිතකර වේ යැයි ගුරුවරු බොහෝ දෙනෙකු කටුස්සාගේ මවට පවසා තිබීමත්;ඇය නිවසට පැමිණ කිවීමත් නිසාය.එමනිසා පත්තරය මිලට ගැනීම නොනැවතුනු නමුදු පාසලට  රැගෙන යාම තහනම් විය.චිත්‍ර කතා කියවීමෙන් මිනිසුන් නරක් වේයැයි පවසන කතාවේ ඇත්ත නැත්ත බැලීමට නොහැකි වුවේ "සිඟිති සිත්තර"කටුස්සා කියවු ප්‍රථම හා අවසාන චිත්‍ර කතා පත්තරය වූ නිසාවෙනි.(කටුස්සා නරක් වුවේ සිඟිති සිත්තර නිසා නොවන බව කාරුණිකව දන්වමි ).සිඟිති සිත්තර වැඩිකල් නොගොස් ප්‍රකාශයට පත්කිරීම නැවතුනි.ඉන්පසු කටුස්සා 2-3වසරට යාමේදි පුන්චි,කැකුළු නතර වී ඒ වෙනුවට හපනා,විජය හා මිහිර යන පුවත් පත් ආදේශවිය.මින් වඩාත්ම ආශාකල පත්තරය වුවේ විජය පත්තරයයි.එම ආශාව කොතෙක්ද යත් අදද පුවත් පත් කඩයකට ගොඩවු විට විජය පත්තරේ දුටු විට රැගෙන ඒමේ පුරුද්දක් කටුස්සාට ඇත.විජය පත්තරේ අමතක නොවන විශේෂාන්ගයනම් "මල් මාමා නොහොත් මකාගේ යලක් "ය.එය මා දන්නා කාලයේ පටන් අද දක්වා ඇති කතාවකි.රජ්ජුරුවෝ,පුරෝහිත හා යෝදයා සිටින කතාවත් දෙවනි පිටුවේ ගිය රූප සටහන් මගින් නොයෙක් කරුනු ඉදිරිපත්කළ විශේෂාන්ගයද තවමත් මතකයේ රැවුදේ.රූප පැහැදිලි කිරීම් වලින් වඩාත්ම ආශාවෙන් කියවු ඩ්යිනෝසෝරයන් පිළිබද විශේශාන්ග  එකතුව කපා පොතක ඇලවු ආකාරයද අද මෙන් මතකයේ රැදී පවතී.හපනා පුවත්පතේ ගිය 'බිග්ෆුට්' නැමති කතාවද කටුස්සා ආශාවෙන් කියවූවකි.

 අප විදුහලේ ඉඩ පහසුකම් මදබව නිසා කටුස්සාගේ 3 වසර පන්ති ආර්ම්භ වුවේ උදෑසන 11ටය.එමනිසා එම අවුරුද්දේ උදය වරුවේ කටුස්සා හොදට නිදාගත්තේය.කටුස්සාගේ නිවස ඉදිරිපිට පාරෙන් අනික්පස කටුස්සාගේ මාමාගේ තේ සහ සිල්ලර කඩය පිහිටා තිබුනි.උදය වරුවේ කිරීමට වැඩක් නැති කටුස්සා මෙම කඩයේ කරක් ගැසීමට හුරු විය.එම කාලයේදී කඩයට දිනපතා දිවයින මිලට ගත්තේය.මෙම කාලයේ කොටි ත්‍රස්තයන් විසින් හමුදා කදවුරකට පහරදී විශාල විනාශයක් කර එය අල්ලාගැනීම කඩයට එන කාගේත් ප්‍රධාන මාතෘකාව වී තිබුනි.එම ප්‍රහාරයෙන් මියගියායැයි සැලකූ හමුදා බටයකු තමාගේ 7 දවසේ බණත් දුන් පසු නිවසට පමිණීමේ පුවතක් දිවයිනේ සදහන්ව තිබූ බවක් මාමා පවසනු ඇසුනු කටුස්සා එම පුවත කියවීමට දිවයින කියවීය.එය කටුස්සාගේ පළමු දිනපතා පුවත් පත් කියවීම විය.ඉන්පසු සෑම උදෑසනකම කඩයට රින්ගන කටුස්සා දිවයින බැලීමට ඇබ්බැහි විය.එම ඇබ්බැහිය කොතෙක් දුර ගියේද යත් මාස 6 යාමට ප්‍රථම කටුස්සාගේබලපෑම මත කටුසු නිවසටත් දිවයින මිලට ගත්තේය.එහෙත් දැනට අවුරුදු 5 පමණ පෙර සිට දිවයින මිලට ගැනීම අත්හිටවුවේ එය සිළුමිණටත් වඩා ආණ්ඩුවට කඩේ ගිය බැවිනි.

 හය වසරෙන් පසු ටියුශන් යාමට පටන්ගත් කටුස්සා ඒ සදහා ගියේ තලාහේන ප්‍රදේශයටය.එම පන්තිය නිමවීමෙන් පසුව කොලුනඩය සමග පයින් මාලබේට පැමිණීමට හුරු වූ කටුස්සාට මාලබේ හන්දියට මෙහායින් තවත් පත්තර කඩයක් හමුවිය.එම පත්තර කඩය නිසා එකල කියවීමට හුරු වූ තවත් පත්තර 2ක් වූවේ "සමුදුර" "විදුසර" පත්තර හා "මුතුහර" සඟරාවයි.අදටත් මා විසින් කියවූ හොදම පුවත් පත ලෙස මා දකින්නේ සමුදුර පුවත් පතයි.ජන්ජාලය හෝ ඒහා සමාන කිසිම පහසුකමක් නොතිබූ අවදියක ,අඩුම වශයෙන් පොතක් කියවා තේරුම් ගැනීමට තරම් කඩ්ඩත් බැරි අවදියක ;"සමුදුර"යනු කටුස්සාට ලෝකය ගැන නෙත් විවර කල කැඩපතක්ම විය.එය කටුස්සාගේ ප්‍රථම රීඩර්ස් ඩයජස්ට් වර්ගයේ අත්දැකීම විය.අනිත් පුවත් පත වූවේ 'විදුසරයි'.එම කාලයත් හා සසදන විට එය කටුස්සාට තරමට වැඩි පත්තරයක් විය.එහෙත් කටුස්සා එය මිලට ගත්තේ කියවීමට ඇති ආශාව නිසාමය.එහි මතකයට නගාගතහැකි නිශ්චිත විශේශාන්ගයක් නොමැති වූවත් 3 වෙනි පිටුවේ ලියා තිබු දිනපොතකුත් කෙටි කතාවත් මහත් ආශාවෙන් කියවු බව මතකය.අඩන්නට හිටිය මිනිහට ඇගිල්ලෙන් ඇන්නා සේ කටුස්සාගේ ඥාතී සහෝදරයකු විසින් කටුස්සාට ඔහු සතු පැරණි අවුරුදු 3ක විදුසර පත්තර තොගයක් ලබාදුන්නේද මෙම කාලයේදීය.පරණ පත්තර කඩේක පෙනුමක් කාමරයට ගෙනදුන් මෙම පත්තර තොගය ඉවත් කලේ මෑතකදී  අනුරාධපුරයට සිදුවූ සන්ක්‍රමණය නිසාය. 

 මතකයේ රැදුනු අනිකුත් සුවිශේෂී මන්සළකුණ වුවේ "මුතුහර" සඟරාවයි.ලියා පෙන්විය නොහැකි තරම් දැනුම් සම්භාරයක් මුතුහර තුලින් ලබාගතිමි.1993 සිට එහෙන් මෙහෙන් කියවූ මුතුහර පිළිවෙලකට මිලදී ගනු ලැබුවේ 1996 සිටය.චන්ද්‍රිකා පාලන සමයේ සන්ඩේ ලීඩර් සමාගමට එල්ල වූ දේශපාලන බලපෑම් නිසා  කාලයක් මුතුහර මුද්‍රනය නතරවී තිබුනි.නැවත මුද්‍රණය ආර්ම්භකලත් එතැන් සිට මුතුහර පෙන්වුවේ වල කරා යන ගමනකි.වර්ථමානයේ මුතුහර සඟරාවට අත්වී ඇති ඉරණම ශෝක ජනක වී ඇත.එතරම් දැනුම් සම්භාරයක් ලබාදුන් මුතුහර දැන් මොන්ටිසෝරී පොතක් බවට පත්වී ඇත.එහෙත් එම අඩුව පිරවීමට බේරේවැවෙන් මුද්‍රණය කරන "දැනමුතු" සමත් වී ඇත.මුතුහර සාර්තක යුගයන්හී කතුවරයා වූ  කුමාර සිරිවර්ධන විසින් ප්‍රධාන කතුවර ධූරය උසුලන දැනමුතු එකල මුතුහර මෙන්ම කටුස්සාගේ මනදොල පිනවීමට සමත් වී ඇත.
 A/L සහ O/L කල කාලයේදී කටුස්සාට මිලට ගැනීමට අළුත් පත්තරයක් තිබුනේම නැති තරම්ය.එහෙත් ඉදහිට "සාධන" පුවත් පත මිලට ගත්තේ අමතර පත්තර තාමත් කියවනවා යැයි  අම්මාට පෙන්නා අම්මා රෑවටීමට පමණි."සාධන" යනු මටනම් මෙලෝ රහක් නැති පත්තරකි.එය පත්තරයක් නොව තවත් අච්චු පොතක්,ප්‍රශ්න පත්තර මිටියක් පමණක්ම විය.එහෙත් එකල දිනපතා ලන්කාදීප සහ ඉරිදා පත්තර තොගයම බැලීමට කටුස්සා හුරු විය.මේ අතර තුර කටුස්සාගේ මාමාගෙන් කටුස්සාට තෑග්ගක් ලැබුනි.ඒ 1961-1985 දක්වා වූ දවස,රිවිරැස යන පුවත්පත් වල මුල් පිටු එකතු කර මුද්‍රණය කල පොතකි.එහි පින්තූර කිහිපයක් පහත දක්වා ඇත.ඔහු පැවසූ ආකාරයටනම් මෙවනි පොත් මුද්‍රණය කර ඇත්තේ 5ක් පමණි.එහි ඇත්ත නැත්ත කටුස්සා නොදන්නා මුත් අදත් හිටපු ගමන් අතීතයට යාමට සිත්වූ විට මෙම පොත පෙරළීම කටුස්සාගේ සිරිතයි.

 ඉහත සදහන් පත්තර වලට අමතරව කටුස්සගේ අම්මා විසින් මිලට ගන්නා ලද කාන්තා පත්තර ගොන්නද කියවීමට කටුස්සා හුරු වී ඇත.එම පත්තර ගොන්නෙහි මතක ඇති පැරණිතම පුවත්පත වන්නේ වනිතා විත්ති නම් සඟරාවකි.1හෝ2වසරේ සිටියදී වනිතා විත්තීයේ විහිලු කතා කියවුවා කටුස්සාට මතකය.තරුණි,නවලිය,සිරිකත,රැජිණ යන  කාන්තා පුවත් පත්ද කටුස්සා විසින් මතක ඇති කාලයේ සිට කියවන ලැබුවේය.ඉන් සමහර පුවත්පත් වල පලවූ නවකතාද කටුස්සා නොකඩවා කියවන ලදී.එහෙත් දැන්  කියවීමට කටුස්සාඅමතර පුවත්පත් නැත.ඇත්නම් ඒ දැනමුතු පමණි.නැති එකද හොදය.ඒ කටුස්සගේ කර මත පැටවී ඇති වැඩ නිසාය.ඕවා තිබුනානම් කියවා මිස වැඩ පටන්ගන්නේ නැත.එහෙත් එවිට කටුස්සගේ පියාගේ පුෂ්පය විකසිතවී කටුස්සාව නිවසින් එළියට ඇද දැමීම වුව සිදුවීමට ඉඩ ඇත.එසේ වුනිනම් පත්තර කියවීම නිසා හිඟාකන තරුණයෙක් මැයින් ලියූ ලිපියක් පුවත් පතකින් කියවීමට ඔබට වරම් ලැබෙනු නොඅනුමානය.




                                                                    කටුස්සා...

Thursday, October 23, 2014

මම නුඹට ආදරෙයි

 "ඔයා මාව දාල යන්න සුදු"
"ඇයි ඒ?"
"මේ;මේ දේ සිද්ද වුනු පළවෙනි වතාව නෙමෙයිනෙ?මම බිවුවොත් හැමදාම මේ දේ මතක් වෙනව.එතකොට ඔයාට බනිනව.පහුවදාට මුකුත් මතක නෑ.මම කතා කරනව.ඔයා අඬනව.මම සමාව ඉල්ලනව.ඔයා දෙනව.
මේක හරියන දෙයක් නෙමේ දරුවො.මාත් එක්ක හිටියොත් ඔයාටත් දුක් විදින්න වෙයි.ඔයා යන්න".
"මම නැතුව ඉන්න පුලුවන්ද ඔයාට?"
"බෑ"....

"එහෙනම් ඇයි මට යන්න කියන්නේ?,ඔයාට බැරිද ඔයාගෙ ඔය බීම නවත්ත ගන්න?ඉස්සර වගේ ගානට බොන්න බැරි ඇයි දැන්  ඔයාට?"
"අනේ මන්ද,ඒත් මම එහෙම බොන්නෙ නෑ.ඉස්සර ගානම තමයි".
"ඔයාට දැන් බොන්න බෑ අයියේ.ඔයා නොබී ඉන්නකොට කොච්චර හොඳද?කොච්චර මන් ගැන හොයනවද.ඒත් බීපු ගමන් අර පරණ කුණුකන්දල් ඔක්කොම අදිනව"
"ඒක තමයි මම කිවුවෙ මාව දාල යන්න කියල"
"දාල ගියහම හරිද ඔක්කොම?එතකොට කවුද ඔයා ගැන බලන්නේ?කවුද මාව බලාගන්නෙ?"
"ඒත්...?"
"කට....මට පොරොන්දු වෙන්න ආපහු බීල පරණ දේවල් ඇදගන මට රිද්දන්නෙ නෑ කියල"
"පොරොන්දු වෙන්නම්.ඒත් මට එකක් කියන්න"
"මොකක්ද?"
"මට ආදරේද තාමත් ඉස්සර වගේම?ඉස්සර හිටිය බට්ට වගේම?"
"මම වෙනස් වෙලා නෑ අයියෙ.ඔයයි වෙනස් වෙලා තියෙන්නෙ.මගේ අතින් වැරද්දක් වුනා.ඒත් ඔයා මට පොරොන්දු වුනා ආපහු යාලුවෙනකොට;ඒ දේවල් මතක් කරන්නෙ නෑ කියල.ඒ දේවල් මතක් වෙන කොට මට ලැජ්ජයි.මටත් ඕන ඒ දේවල් අමතක කරන්න.මට ඒකට උදවු කරන්න අයියේ..."
'මට සමාවෙන්න සුදු.මම ආපහු කවදාවත් ඔයාව රිද්දන්නෙ නෑ'
"ඇත්තමද?"   

"ඇත්තමයි,ඔයා පල්ල .තව එකක් අහන්න ඕන මට" 
 "මොකද්ද?"
"ඇයි ඔයා මට මෙච්චර ආදරේ?"  එසේ අසමින් මම ඇයව තවත් තුරුලු කරගත්තා
"එහාට යනව මොඩයො.අරෙහෙ තව මිනිස්සු ඉන්නව"
"ඉතින් මට මොකො?තෝ මගෙනෙ.උන්ගෙ නෙමෙයිනෙ"
-----------------------------------------------------------------------------------


ශික්...මිනිහෙක්ට නිදාගන්න බෑ පාඩුවේ මේ මගුල් නිසා.කෝ මේ රෙද්ද...යන්තම් අතට අහු වුනා.හුටා,මේක චාර්ජ් එකට ගහලත් නෑ.බැට්‍රිත් බැහැල.ඒ මදිවට මිස් කෝල් 19.මම ඊයෙ සුදුට කතාකරල නැද්ද කොහෙද.කොහෙ කතා කරන්නද.අන්තිම ටිකේ වුනේ මොකද්ද කියලත් මතක නෑ.වෙලාවට කතා නොකලෙ.කතා කලානම් මොනව කියයිද දන්නෙ නෑ ඒ වෙලාවෙ.පවු...කෙල්ල බයවෙලා ඇති.

"හෙලෝ"
"දැන්ද සිහිය ආවෙ?අයියේ,අපි මේ සම්බන්දෙ නතර කරමු"
"මොකක්?"මමද බිවුවෙ මේකිද බිවුවෙ
"ඔවු.නතර කරමු"
"ඇයි ඒ?"  

"ඇයි මතක නැද්ද ඊයේ මට කියවපුව?"
"මම..?" 

 "ඔවු...නැත්තන් මමද?"
"මම මුකුත් කිවුවෙ නෑ"
"එහෙනම් මමද කිවුවෙ?මම ඔයාට බොන්න එපා කිවුවෙ නෑ අයියේ.ඒත් ඔයා සීමාවක් නැතුව බීලා මේ විදිහට හැසිරෙන්න ගියහම කොහොමද මම ඔයා එක්ක ජීවත් වෙන්නෙ?බඳින්න කලින් ඔයා මට වේසි කියල බනිනවනම් බැන්ඳට පස්සෙ ඔයා මට මොනව නොකියාවිද?"
"සුදු...වහනව කට.ඔය වචනෙ ආපහු මට ඇහෙන්න කියන්න එපා"
"නවත්තන්න අයියෙ ඔය කතා.මම වැරද්දක් කලා තමයි.ඒ මිනිහට  රැවටිල ඔයාව අමතක කරල ගියා තමයි.ඒත් ඒකා මාව රවට්ටල මම අසරණ වෙලා ඉන්නැද්දි ඔයාගේ වචන පිළිඅරගන ආපහු ඔයා ලඟට ආව.ඔයා කිවුවා කවදාවත් ආපහු පරණ දේවල් මතක් කරන්නේ නෑ.මේක අලුත් ජීවිතයක් කියල.මම ඔයාට වැද වැද කිවුව,අයියෙ ඔයාට මේ වුන දේවල් අමතක කරන්න බැරිනම් මාව දාල යන්න.මම මගේ පාඩුවේ ජීවත් වෙන්නම් කියල.මම හැම එකාටම  රැවටුන.ඔයත් මාව  රැව්ට්ටුව.මට තවත් මේ දුක විදින්න බෑ.අපි මේක නවත්තමු"
ඔලුවෙ බරගතිය කොහේ ගියාද දන්නෙ නෑ.අදනම් වැඩේ ගස් වගේ.මටත් බිවුවහම මොන මගුලක් වෙනවද මන්දා.දැන්ම කතා කරල ශේප් කරගන්න බැරි වෙයි වගේ.නැවෙනවද,නැත්තන් ඕන් කුදයක් ගහගනින් කියල සද්ද නැතුව ඉදල දවල් වෙලා ගන්නවද?
'සුදු'   

"ඇයි?"
"ඔයාට මම නැතුව ඉන්න පුලුවන්ද?"
"පුලුවන්.මේ වදේ විදිනවට වඩා කිසිම මිනිහෙක් නැතුව තනියම ඉන්නව සැපයි මුළු ජීවිතේම"
"එහෙමද?"  

"ඔවු ඇයි ?"
"සුදු මමත් කටවහන් හිටිය.ඒත් ඔයා මේක  දුර අරන් යනව හොදටම වැඩී.මගේ අතින් විතරක් නෙමෙයිනෙ වැරදි වුනේ?"
"ඔවු...මම විතරනෙ වැරදි කලේ. මමනෙ පට්ට පදුරු වේසි.මේ වගේ වේසියෙක් ඔයාගෙ ජීවිතෙන් ගියහම ඔයාට සතුටින් ඉන්න පුළුවන්"
"නවත්තනව ඕක.මම ආපහු කියන්නෙ නෑ.ඔය වචන මට ආපහු ඇහෙන්න කියන්න එපා.තමුසෙ ඔය ජරා වචනෙන් බනින්නෙ මම ජීවිතේටත් වඩා ආදරය කරපු මගේ කෙල්ලට.තමුසෙටම නෙවෙයි.ඒ නිසා ඔය කට වහගන යන්න ඕනනම් යනව"
-----------------------------------------------------------------------------------
"ඇයි බන් පරක්කු වුනේ?උඹ පරක්කු නිසා අපි දෙන්න බාගයක් අරන් පටන් ගත්තා"
"උඹල ගහපන් බන්.කිසි ෆිට් එකක් නෑ බොන්න අද.මහ වහුතුයි වගේ"
"ඊයේ උඹ උදේ ඉදන් ගහල අද වහුතු වෙන එක අහන්න දෙයක්ද?"
"උඹ මහ පිස්සු හු... බන්."
"ඇයි?"    

"ඇයි තමයි.කෙල්ලගෙ තාත්තට කෝල් කරල අර විදිහට බැන්නහම උඹ කොහොමද ආපහු ඒ මිනිහගෙන් දුවව ඉල්ලන්නේ?"
"ඒ මගේ කෙල්ල නෙමෙයිනෙ,හිටපු එකනෙ"
"බයිල ගහන්න එපා බන්"
"බයිල..මොනවද බයිල?"
"උඹට පුලුවන්ද ඒකිව අමතක කරන්න?"
"පුලුවන්"
"අනේ පලයන් බන් යන්න.එහෙනම් උඹ ඒක ගියපාර කරන්න තිබ්බනෙ.අර ඉටිකිරිස් කෑලි 2ක් උඹ පස්සෙ වැටිල ඉන්නැද්දිත් ඇයි එහෙනම් ඒකි ආපහු එයි කියල බලාගන හිටියේ?පලයන් විහඟය යන්න"
"ඒ ඉස්සර.දැන් පුලුවන්"
"ලබ්බ තමයි.මෙන්න මේ ශොට් එක දාගනින්"
"කෝ අපේ වේටර් සහෝදරය....මල්ලී....."
"භාගයක්ද බෝතලයක්ද?"
"බෝතලයක් ගෙනෙන්"
"දැන් බොන්න බෑ කිවුවේ?"
"දැන් පුලුවන්"
-----------------------------------------------------------------------------------

"විහඟ" අහ්....මගේ පරණ සපෝටර්
"ඔවු මැඩම් කියන්න" 
 "වැඩක්ද?"
"එච්චර අවුලක් නෑ.වාඩි වියන්.ගොඩ කාලෙකින්නෙ උඹල අපේ වාසබවනට එන්නෙ.ඉතින් කොහොමද ජීවිතේ?"
"හොදයි.ඔයාට කොහොමද"
"ගොඩ තමයි ඉතින්"
"------------------------------"
"-----------------------------"
"ඇයි උඹ අහන්න ගිය එක නතර කරගත්තේ?අහන්න එපා,මම කියන්නම්.එයත් හොදින්.එයා ගැන කියන්න තමයි මම ආවෙ"
"සුදු ගැන....ඇයි එයාට?
"එයාට මුකුත් නෑ.තරූශි මැරි කරනව ලබන මාසේ"
'මොකක්?"  
'හ්ම්ම්..."
'කාවද?"
"එයා වැඩ කරන තැන කෙනෙක්.මට කියපු විදිහටනම් එයා පරණ දේවල් ඔක්කොම දන්නව.ඒ ඔක්කොම අමතක කරන්න කිවුවලු.පේන විදිහට දෙන්න සතුටින් ඉන්නව.
"සුදූව අයිතිවුන කෙනෙක්ට වරදින්නෙ නෑ පියුමි.ඒ තරම් ආදරයක් පිරිමියෙක්ට ලැබෙනවනම් ඒ තමන්ගෙ අම්මගෙන් විතරයි.ඒත් එතනදිත් සමහර වෙලාවල් වලදි සුදු ඉස්සරහින්"
"විහඟ"  
'ඇයි?"
"දෙයක් කියන්නම්;මෙච්චර දුක දුක හිතෙන වෙලාවෙදිත් හිනා වෙන්න එපා.ඒ හිනාවෙ ඉස්සර තිබුන ගතිය නෑ බන්.තියෙන්නෙ අසරණකමක්.ඒක උඹේ මූනට ගැලපෙන්නෙ නෑ බන්'
මම පියුමි දිහා බලලා ආපහු හිනා වුනා.
"මම මේක උඹට කිවුවෙ පිටින් ආරන්චි වෙනවට වඩා උඹ මේව දැනගන ඉන්න එක හොද නිසා.හිත හදාගනින් බන්.තරුශිට උඹව අයිති නැතුව ඇති"
"නෑ පියුමි.මටයි තරුශිව අයිති නැත්තෙ"
-----------------------------------------------------------------------------------

මොන මගුලක්ද මේ?සුදු දැන් මාව දාලගිහින් අවුරුද්දකටත් වැඩියි.දැන් එයා බඳින්නත් යනව.මම ඔහේ ඇවිද ඇවිද මතකය ඉව කරනව.
දයාබර ගල්කිස්ස වෙරළ තීරය.
අපේ කතාවෙ කොච්චර දේවල් මෙතන ලියවිල ඇද්ද?මේ පොඩි රෙස්ට්ටූරන්ට් එකේ උඩතට්ටුවේ බැල්කනිය.අපි යාලු උනාට පස්සේ ඉස්සල්ලම එළියට ආපු දවසේ ,දවල්ට කන්න ආපු තැන පළවෙනියට ඉදගත්ත මේසෙන්ම මම වාඩි උනා ;තනියම.ඊට පස්සෙ අපි කොච්චර ආවද මෙතෙන්ට?මේ පුටු දෙකට මාව මතකද දන්නේ නෑ.නැතුව ඇති.මතකනම් අහනවනෙ "ඇයි උඹ තනියම කෝ උඹේ සුදූ' කියල.
"ඇඟිල්ල ගොඩක් තැලුනද?මම ඒකනෙ කිවුවේ මට තනියම පුලුවන් කියල.ඇහුවේ නෑනෙ පණ්ඩිතය."
"දැන් මොකද කරන්නේ මේකට?"
මම ඉදගන ඉන්න තැන පල්ලෙහා තියන මේසෙ ඉදගන ඉන්න ජෝඩුවක්.අහල පුරුදු කටහඩක්.කවදාවත් අමතක කරන්න බැරි;අමතක වෙන්නෙත් නැති.
"මුකුත් කරන්න ඕන නෑ.ටිකකින් හරියයි"
"හරියයි තමයි.ඇයි එපා කියන වැඩ කරන්නේ?කෑම දාන්න කියල අපි යමු ඩොක්ටර් කෙනෙක් ගාවට.වෙඩින් එකටත් තව දවස් කීයද?"
"දැන් රිදෙන්නෙ නෑ තරූශි,"  

"රිදෙන්නේ දැන් නෙමෙයි.පස්සෙ.කියන දේ අහන්න.අපි මේ අයට කියල මෙඩිකල් සෙන්ටර් එකකට යමු"
"දැන් ආපු එකේ කෑම කාල ගෙදර යනගමන් යමු ළමයො"
"කෑම කන්න කවද බැරිද?හ්ම්...හ්ම්...යමු යමු"
ඔයා නැගිටල ඒ කොල්ලගේ අතින් අදිනව මම ආසාවෙන් බලන් හිටිය.ඌත් අකමැත්තෙන් වගේ නැගිට්ටට මම හොදටම දන්නව ඌ නැගිට්ටේ හෙන ආඩම්බරෙන් කියල.මේ වගෙ තමන් ගැන හොයන කෙල්ලෙක් හම්බවෙල තියන කොට මොන කොල්ලද ආඩම්බර නොවෙන්නේ
උඹල දෙන්න තුරුල් වෙල කාර් පාර්ක් එකට යන හැටි මම බලන් හිටියේ මොනවගේ හැගීමකින්ද කියල මම අදත් දන්නේ නෑ.ඒත් එදා මම එක දෙයක් තේරුම් ගත්තා.මම අතින් මෙච්චර වැරදි උනාට පස්සේත්;ඔයා අතින් මෙච්චර වැරදි උනාට පස්සේත්  ඔයාගැන මගේ හිතේ තියන ආදරය පොඩ්ඩක්වත් අඩුවෙලා නැත්තේ මම ඔයාට වඩා ඔයාගෙන් හම්බුන ආදරයට ආදරේ කරපු නිසා කියන එක.
ඔවු සුදු.මම ඒ ආදරයට අදටත් ලෝභයි

----------------------------------------------------------------------------------
 
මම නුඹට ආදරෙයි-නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි

ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
විස කටු ළය පුරා ඇනී රිදුම් ලබන කොට
දෝර ගලන නුඹෙ සෙනෙහස ඔහු වෙනුවෙන් කැපවන විට
යා යුතු මඟ නිනවු නැතිව තේරුම් නෑ මට

ප්‍රේමය මද පවනක් යැයි සිතා සිටින විට
සුළි සුළඟක් වී ගත සිත තලා දමන කොට
මුතු කුඩයකි ඔබෙ සෙනෙහස සදා නිවන ඔහු සරතැස
වෛර කරන්නේ කෙළෙසද අන්සතු පෙමකට


ක්‍රිශන්ත එරන්දක
.........





(මෙහි ගීත රචකයා සහ තණු නිර්මාපකගේ නම් සොයා ගැනීමට නොහැකි වීම පිළිබදව බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.)


photo credits-ayomi chathurika

                                             

                                                    කටුස්සා....
                                   

Tuesday, October 7, 2014

චපලකම, ඔබේ නම ස්ත්‍රියයි






ගැඹුරු සුසුම් රැළි විඩාබර සිතුවිළි
අතර ගිලෙමින්.....
තෘප්තිමත් කෙදිරියේ විලාපය මැදින්
දියවී යන්නේ
යුග ගනන් ආත්මයක් පාසා
මගේමයැයි මා සිතු
මගේම ආදරය නොවේද සොදුරිය....
මල් පෙත්තක් මත අහින්සකව
රැදුනු පිණි බිදකැයි සිතා
නොරිදෙන්න නොදනෙන්න
අනන්ත වු සෙනෙහසින්.... අපිරිමිත ශක්තියෙන්.....
රැකගත්තු ආදරය.. රැකගත්තු ජීවිතය.....
ඇදවුන පසුව සෙවනැල්ලත්..... අපේ ආදර ලෝකේ
බිදීගිය......
මතක වීදුරු කටු මත වැතිර
දේඅත් අතරේ... සිරව ඔහුගේ....
බුර බුරා ඇවිලෙනා රාග ගිනි දැල් අතර
දියවුනේ විසිරුනේ
මගේ ආදරයමැයි.......



"චපලකම, ඔබේ නම ස්ත්‍රියයි"





                                                       කටුස්සා....



Sunday, October 5, 2014

ආයාචනය.....










එබී බලන්න.....
තව එකම එක වතාවක්
දඟකාර ඔය හිතට
එදිනට ඔබට හැගේවි.....
හිතට හොරෙන් සෙනෙහසක්
සෙමෙන් පූදින අයුරු
සත්තමයි ඔබට දැනේවි.......
ආදරය පූදින අයුරු
මේ සොදුරු තාරුණ‍ය්‍යෙ
පිළිගන්න ඔබේ දිවි මගට මාව
කිසිදාක ඔබ නොදැන සිටිය මුත්
රත්තරO.......ළබැදිය
මම විතරක්ම තනියම
ඔබේ සෙනෙහස ගැනම සිතුව හැටි
මහ සයුරටත් එහා......
විසල් ආකාසෙටත් වඩා.....


කිසිදාක ඔබේ හුරුබුහුටි සිත.....
නොපැතු පතුම් ගොන්නත් මමයි
නොසිතු සිතුමන් බින්දත් මමයි
අනේ ඔබ ගැන දිනක
අනන්ත විශ්වයටත් වඩා
නෙතු පැතූ කථන්දර
සිත ගෙතූ සිහින වැල්
සිදදමාලන්න නම් එපා
ඔබේ ආදරයෙන් දුරස් වු ජීවිතය.....
පාලු කලු හිස්තැනක් වී තියේවි......
රත්තරO.......සදහටම......




                                     කටුස්සා...... 

photo credits-ayomi chathurika

ඔබ...














ඔබ නොදුටු සද දෙනුවන් පුරාවෙන් මොර සදිසි කදුලු කඩා වැටෙන්නේ
                ස්නෙහය නිසමදැයි මම නොදනිමි
නමුත් එකක්නම් දනිමි,නුඹ දෙනුවන් පුරා විදගත් කල
මොර සදිසි කදුලුවලින් මේ ඇස් බොදවුවේ,දරාගන්න බැරි තරමටම
       අප දෙදෙනා එක්ව හිනවුන දිනයන්හිදී පමනක් බවනම් ඉදුරාම දනිමි......


 නමුදු ජීවිතය තිළිණකල සෙනෙහස හෝපලු කුසුමක්ව
       හද පුදසුන තබා පිදුම් ලබද්දී,ජීවිතය ඉල්ලා මොරගෑමට දෙතොලකට ඇති අයිතිය
මදකුදු නොසලකීමට තරම් නුඹ රුදුරුවුයේ ඇයිදැයි පමණක්
                 මම නුඹෙන් අසමි.


ජීවිතය දුකකි,අපමණ දුකකි.......ඒ නුඹ නිසාමදැයි මම නොවිමසමි
එහෙත් දිනක නුඹ තිළින කල ආදරය ගැන පමනක් විමසමි.



 ලා රත්පාට ඉර මුහුදේ ගිලෙන එක ළිහිනියන්ට වගක් නැතිවග දනිමි.හෙටත් ඉර පායන වග දැනගන ඉන්න උන්ට හමුවීම වෙන්වීම පිළිබද පසුතැවිල්ලක් නැතිවගද දනිමි.නමුත් නුඹත් ඒ රෑනේ ළිහිනියකුයැයි කිසිදිනක නොසිතුවෙමි.මේ කවි කතා නොනවත්වාම අකුරු කරන්නේ නුඹ වෙනුවෙන්දැයි නොඅසමි.ඒත් හැමදාම සුළගට තනුවක් කියාදුන්නු වැටකෙයියා පදුරක්වගේ මේ සියල්ලට රිද්මයත් තාලයත් අකුරු කෙරුවේ නුඹ හමුවු දා පටන් බව ඉදුරාම දනිමි.


තරු පොකුරු ගතු කියන,කණාමැදිරියෝ හූල්ලන අන්ධකාර රාත්‍රිය  ටිකෙන් ටික එළඹෙන කොට පාර දිගට පත්තුවෙන වීදිපහන්වල දැවටෙන අහින්සක මෙරුවන්ට තටුත්,ජීවිතයත් අහිමි වෙනවළු.ගොළුවන් වගේ ඈත ආකාසෙ දිහා බලාගන ඇස්වලින් හිනාවුන කාලෙ හීනයක් වේවි කියල පිළිගන්න මේ ප්‍රේමණීය හිත සුදානම් නෑ.

 සද පායන කොට පුන්චියට පිපෙන කුමුදු මල් හිනාවෙලා ඒ හදට පෙම් කරනවලු.ඒත් කවදාවත් හදට කුමුදු ලැබෙන්නෙ නෑනෙ.උස කන්දකට නැග්ගහම ඒ හද ලගයි තමයි.ඒත් අල්ලගන්න තරම් ලගපාතකට නෙමෙයිනෙ.සමාන්තර රේල් පීළි දෙකක් වගේ දෙපැත්තට වෙලා පුලුවන් තරම් ගතු කියාගන මේ ආදරය බාල්දු කරද්දිත් ,සත්තමයි මට ඔයාව නොලබෙන වග විහිලුවටවත් හිතුනෙ නෑ......


       ඔයා මගේ නෙමෙයි කියල චුට්ටක්වත් දනුනෙ නෑ....

සිද්ධ නොවිය යුතු හුගක් දේවල් සිද්ධ වුනාට පස්සෙ සමුගන යන්න විතරක්
    ඔයා කොහොම හිත හදාගන ආවද මන්ද?...........


බලාපොරොත්තු වැඩිවන තරමට ඒවා බිදෙන බව හැබෑව.....
මොන තරන් ආදරෙන් අල්ලන් හිටියත්
    චුට්ටක් හරි අතැරුනොත් හැම මලක්ම නටුවට වඩා හුළගට ආදරය කරනව....
ඊසාන දිග මෝසමේ උනත් පතොක් කටුවක් කවදාවත්ම සිනිදු වෙන්නෙ නෑනේ
හරියට මුරුගසන් වරුසාවකට වුණත් මහා කලුගල් දියවෙන්නෙ නෑ වගේ.....



 කමක් නෑ....මම තරහ නෑ.....ප්‍රේමණීය හිත් කවදාවත්ම අනාදරයෙන් පිරෙන්නෙ නෑ.....


මගෙන් ගිලිහුණු ඔය දෑත මල් කළඹක් අරන් පෝරුවක් උඩ ඉන්නව දකින්න මම හරිම ආසයි
පිටුපාපු දෙනෙත පුරහද අභියස පහන් වැට අද්දරින් දිළිසෙනව බලන්න මම ආසයි
ආදරයෙන් පිරුන හිතක වෛරයකට ඉඩක් තියෙන්න බෑ.....



 මේ වේදනාවෙන් පිරුන සමුගැන්මෙදි ,හැමදාම මම ආදරය කරපු......
      ඔයාගෙ රෝස නළලට හාදුවක් දෙන්න මට බැ
අයිති නැති ශරීරයකට එහෙම කරන එක වරදක්ලු.....
මගේ ඇගිලි වලින් ඔයාගෙ පුන්චි ඇගිළිතුඩු අල්ලාගන,
      මේ හිතේ තියන දුක ඔයා ගාව වමාරන්න මට බෑ.....


ඒක බොහොම අසාධාරනයිලු.......

ජාති ජාතිත් ඔයා මගේමයි කියල පතන්න මට බෑ......

         ඔයා ඒකට කැමති නෑ.....
ඒත්.....ඒත් ඔයාට ඒක නතර කරල දාන්නත් බෑ......





                                                   කටුස්සා......