"අඩෝ...මොකද කරන්නේ..?වරෙන්කෝ ඉක්මනට.පරක්කු වෙනවා..."
"හිටපන් හු...තෝ...මම මේ ළඟ..."
...........
"උඹ අතේ කීයක් තියනවද...?"
"600 බං...."
"එතකොට 2600යි....බෝතල් දෙකට 2200යි...සෝඩා වලට 150යි...තව 50ක් දීපන් කවුරු හරි...එතකොට සිගරට් 10ක් ගන්න පුළුවන්...."
"අඩෝ...එතකොට බයිට්....?"
මොන හු...ද...?සල්ලි නෑ අද...බයිට් නැතුව බොමු..."
"බයිට් නැතුව බොන්න බෑ බං...."
"එහෙම බොන්න ඕනෙනම් උඹලෑ තාත්තගෙන් සල්ලි ඉල්ලන් වරෙන් රූෆ් ටොප් යන්න...."
"බැරිනම් නිකන් හිටපන්...බුලත් විටක් කකා බීපන්.එතකොට හරි...."
"කොහේ ඉදන්ද බොන්නේ....?"
"ඇල කණ්ඩියට යමු...මහතුන් මාමලගේ ගේ එහා පැත්තට.අවුලකුත් නෑනේ...."
...............
"මොකෝ අද කට්ටිය අඩු...?"
"ආ...මහතුන් මාමේ...අද වැඩටගියේ නැද්ද....?"
"නෑ බං...අද ඩැයිවර් මල්ලි නිවාඩු.ඉතින් මමත් හිටියා...මොකද අද කට්ටිය අඩු...?"
"හදිස්සියේ සෙට්වුනේ මාමේ....ඒකයි අපි 4දෙනා විතරක් අද...."
"මාමත් දාගන්න ශොට් එකක්...හැබැයි බයිට්නම් නෑ අද..."
"ඒ මොකෝ උඹලා අමුවෙන්ම..?"
"දන්නැද්ද ඉතින්....අද සල්ලි තිබ්බේ නෑ...ඒකයි...ආ වීදුරුව...මාමත් දාගන්න..."
"අද ගෙදර නිසා මමත් බෝතලයක් ගෙනත් ගගහ හිටියේ ගෙදර....උඹලෑ සද්දේ නිසා මම ටිකක් සෝදිසිකලේ...වරෙන් යන්න අපේ දිහා...එහෙ ඉදන් ගහමු...මාලා හදපු මස් වගයක් ඇති...උඹලා හරක් මස් කනවනේ....?"
"මමනම් කන්නේ නෑ...සම්පා...උඹ කනවද....?"
"බොනකොට ඕවා බලන්නේ නෑ බං...තියන ලබ්බක් කනවා...."
"වරෙල්ලා...වරෙල්ලා....උඹත් අද කාලා බලපන්කෝ කොහොමද කියලා....."
..................
"දිලා...මේ බලපන්කෝ.....කන්නේ නෑ කියපු එකා ඇතිලිය ඇතුලට බැහැගන කනහැටි...."
"සිරාවටම මේක රහයි බං....අපේ ගෙවල්වල ඉන්න මිනිස්සුන්ටත් පිස්සුනේ...මෙච්චර රස මසක් තියාගන කිලි කිලි කියලා කුකුළ් මස්ම ගේනවා...ඒවා කනවට වඩා හොඳයි පාන්පිටි ගිලින එක...."
"ඉතින් ඕක අපිට කියන්නේ...ගිහින් කියපන්කෝ උඹලෑ තාත්තටම....උඹලෑ තාත්තා අර හරක් නිදහස්කරන්න සල්ලි එකතුකරන කැටෙන්ම දෙයි උඹේ ඔළුවට.....
"හහ්...හහ්...උඹලා ඔය මම ගෙදර ඉන්න දවසට වරෙන් අපේ දිහා සෙට්වෙන්න....මම හදලා තියන්නම්....අපේ ගෙදරට ගේන්නේ හරකා තමයි.නිකන්නේ හම්බවෙන්නේ...."
"නිකන් හම්බවෙනවා කිවුවේ...."
"මම වැඩකරන්නේ මුස්ලිම් මුදළාලි කෙනෙක්
ගාවනේ.... ඒ මුදළාලි මස් ගන්නකොට අපිටත් අරගන දෙනවා....අදනම් පොඩ්ඩයි ඉවුවේ...මාලාටයි මටයි රෑට කන්න..."
"දැන් ඒ ටික අපිටදීලා මහතුන් මාමලා කන්නේ.....?"
"උඹලා කාපන්කෝ....මාලාටයි මටයි සම්බෝලයක් කොටාගන්න බැරියැයි...."
++++++++++++++++++++++++++++++++++++++++++++++
"ඇත්තටම කවුද මහතුන් මාමේ ඔය වැඩේ කරන්න ඇත්තේ....?"
"කවුද බං දන්නේ....ඔය මොකෙක් හරි කුඩ්ඩෙක් වෙන්න ඇති.....නැත්තන් මේ ළිඳ ඇතුලේ තියන මෝටරේ උස්සන් යන්න තරම් අහේනියක් තියන එකෙක් මේ ලඟපාතක නෑ..."
"අපි හොයමු මහතුන් මාමේ...එහෙම නිකන් ඉන්න පුළුවන්ද මාමට මෙහෙම කලාට පස්සේ....
"එකෙන්ම....මාමා බය නැතුව ඉන්න....අපි ඔය මෝටරේ හොයාගන ඕක කරපුඑකාගේ හතර හන්දි කඩලතමයි පස්ස බලන්නේ....."
"උඹලා ඕවට ගෑවෙන්නේ නැතුව ඉදපල්ලා....උඹලා තාම පොඩි එවුන්.අනික දැන් මම අළුත් මෝටරයක් දාලත් ඉවරයි.මුදළාලිට කියපුගමන් මට එකක් ගන්න සල්ලි දුන්නා...."
"ඒ වුනාට ඔයාට එහෙම කරන්න දෙන්න පුළුවන්ද මේ ගමේ....ඔය එක කැ..ක්වත් අපිට ලොකු නෑ.....මාලා නැන්දටයි ඔයාටයි එහෙම වෙන්න දෙන්න පුළුවන්ද අපි ඉන්නකන්.....කෝ ඉතින් මාමා බිවුවේ නෑනේ.....දාගන්නකෝ...."
"හරි හරි...දාගමු...හිමින් බීපල්ලා....මගේ ගාවත් බෝතලයක් ඇති.කෝ මේ මස් ඉවරද....මාලෝ....මේ පිගානට මස් ටිකක් දාගන වරෙන්කෝ....."
"මේ ඇත්තමයි කියන්නේ...මාලා නැන්දගේ මස් හොද්දනම් පට්ට....දිවියලෝක රහයි...."
"සිරාවට....ගෙදරට ගේන්නෙත් නැති එකේ කටට රහට මස් කෑල්ලක් කන්න පුළුවන් මෙහෙදි විතරයි...."
"උඹලා ඕනේ වෙලාවක මෙහෙ වරෙල්ලා....මට පුළුවන් හැටියට මම උඹලට සංග්‍රහ කරන්නම්....මායි අර ගෑනියි විතරක් ඉන්න ගෙදරට උඹලා එන එකත් කොච්චර දෙයක්ද....ඒක නෙමෙයි....සම්පත්....උඹ කවද්ද රට යන්නේ....?"
"තාම හරියට දිනයක් නෑ මාමේ....තව මාසයක් විතර යයි කොහොමත්...."
"කමක් නෑ ...කමක් නෑ....උඹලටත් කියලා අනාගතයක් තියෙන්න ඕනේ.....දිනේ දැනගත්තහම කියපන්කෝ....යන්න ඉස්සල්ලා දාමු සුපිරි පාර්ටියක් මෙහේ...."
"අනිවා....මාලා නැන්දගේ මස් හොද්දත් එක්ක දාමු පාර්ටියක් දවසක්ම...උඹට ඔය රටවලදී මේතරම් රස මස් කෑල්ලක් කන්න හම්බවෙන්නේ නෑ...."
+++++++++++++++++++++++++++++++++++++++++++++
"අඩෝ...උඹ ආවළු නේද...?මට උඹලෑ අක්කා කිවුවේ හංදියේදී....."
"ඔවු බං....ඊයේ රෑ ආවේ...දැනුයි ඇහැරුනේ...."
"මට කිවුවා....මම කතාකලේ අද මගේ උපන්දිනේ....වරෙන් හවස්වෙලා පොඩ්ඩක් සෙට්වෙන්න....."
"කොහාටද....?"
"රූෆ් ටොප් එකට වරෙන්.අරුන් දෙන්නා වැඩ ඇරිලා එනවා කිවුවා.උඹ 5ට විතර වරෙන්.චැටක් දාගන ඉමු.ගොඩ කාලෙකින්නේ..."
.............................................
"වරෙන්...වරෙන්...වාඩිවියන්....උඹ සුදුවෙලා යකෝ...."
"ඉතින් කොහොමද උඹලෑ විස්තර...?කෝ අරුන් දෙන්නා....?"
"මග එනගමන්....ඉතින්....?"
"මම හිතුවේ උඹලා මහතුන් මාමලගේ ගෙදර සෙට්වෙයි කියලා..."
"ආපෝ....මතක්කරන්න එපා....උඹට ගෙදරින් කිවුවේ නැද්ද....?"
"ඇයි....මොකෝ සීන් එක....?"
"ඒ යකා මළා බං...."
"නෑ...මක්වෙලාද....?"
"ඒ යකා හෙන පවුකාරයෙක් බං....ඌ ලොරියක වැඩ කියලා කිවුවට කරලා තියෙන්නේ හොරෙන් හරක් පටවන එක.උඹ ගිහින් මාස 3ට විතර පස්සේ උන් හරක් පටවන් එන ලොරිය හෝමගමදී කෝච්චියේ හැප්පිලා.මූයි තව එකෙකුයි එතනමළු.ඩ්‍රයිවරයනම් බේරිලා තිබුනා...."
"මාර සීන් එකනේ...."
"ඔවු බං....මල ගෙදරටවත් සෙනග නෑ....කවුද බං යන්නේ ඔහොම පවුකාරයන්ගේ මළගෙවල්වලට රෙද්දක් ඇදගන....මමනම් දවල් වරුවේ ගිහින් ඔළුවදාලා ආවා.අරුන් දෙන්නනම් ඒ ගියෙත් නෑ.මිනිය උස්සන්නවත් සෙනග නැතුව අන්තිමට හර්ස් එකක ගෙනෙහින් තිබුනේ...."
"එතකොට මාලා නැන්දා.....?"
"ඉඩකඩම් ටික විකුණලා නෑදෑ ගේකට ගියා කියල තමයි ආරංචිය....හරියටම දන්නේ නෑ....."
"සර්....මොනවද ගේන්නේ....?"
"උඹ මොනවද බොන්නේ....?"
"ඕනේ එකක් බං...."
"vx එකක් ගේන්න දැනට.සෝඩා එකයි කොකාකෝලා එකයි,ගෝල්ඩ්ලිෆ් 12 පැකට් එකයි.බයිට් එකට මික්ස් චොප්සියක්.....4 දෙනෙක් ඉන්නවා...තව දෙන්නෙක් එයි මෙතන්ට....ආ මල්ලි...බීෆ් ඩෙවල් ලාර්ජ් එකකුත් ගේන්න....
කටුස්සා.....