Monday, January 4, 2016
තනි යහන....
සඳ එළිය පවා තරු දෙසට එබී තව පතයිනම් මුදු උණුසුමක්
මල් කිණිති පවා තුරු දෙසට නැමී තව සොයයිනම් හද සිසිලසක්
සමණලුන් පවා මහ රැයෙත් ඇවිත් රූ බලයිනම් පිපි කඩුපුලක්
මට ලඟට ඇවිත් සිපගන්න දෙතොල් ඔබෙ කවුද දැම්මේ තහනමක්
නෙත තෙමුන විටක ඔබ තුරුළුකරන් මගෙ දෙතොල තැබුවත් හිස මතින්
ඒ දෙතොල අරන් මුළු ලොවට හොරෙන් මම සොයන්නද සුදු කඳු මුදුන්
මුදු මෙලෙක මතින් සුව දැණුන සැනින් ගත කිළිපොලන සුව කෙඳිරියන්
මට ලැබෙන වරම් තව දුරද ඉතින් මම බලන් ඉන්නද දින ගැනන්
සුබ නිමිති මැදින් උණුසුමක් අරන් ගත පුබුදුවන පෙති නැති මලක්
මධු පැණින් තෙමා රස සොරා බොන්න මම සොයනවා සුවබර ඉඩක්
නිදි නොමැති ගතින් වත රටා සොයන මගෙ නොහොක්මුන දසැඟිලි විතක්
මිට මොලවගනිමි නිදි නොමැති රැයක තනි යහන අද මට කටු ගොඩක්
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
කටුස්සා.. කවි වල අනවශ්‍ය වචන වැඩියි.. ඒකයි අවුල..
ReplyDeleteඒක හරි උඔම කියවලා බලහං තාලෙකට
Deleteසිතට ගතිමි.උම්ම්ම්ම්ම්මා.....
Deleteමං මුකුත් කියන්ෙනම නැ මයි..
ReplyDeleteකිෙලා්මීටරයක් දිගට ෙප්ළිය ලියන ඒක උෙඹ අනන්නිය තාව ෙනව
ලියන්න ගියහම ලියවෙන ඒවට මම මොනව කරන්නද සුදූ....
Deleteකසුටු ඉන්න කොට ඇදේ වෙන කෙනෙකුට ඉඩක් නැලුනේ ඒකනේ මේ...
ReplyDeleteලස්සනයි කසුටු
නොදකින් වනචර හාවා...මගේ ඇද ලොකුයි.
Deleteකසුටු ඉන්න කොට ඇදේ වෙන කෙනෙකුට ඉඩක් නැලුනේ ඒකනේ මේ...
ReplyDeleteලස්සනයි කසුටු
ලස්සනයි කසුට්ටෝ................ නිර්මාණය අගෙයි
ReplyDeleteමම දැන් මොනවද කියන්න ඕනේ උඹලට?
Deleteලස්සනයි කසුටු...
ReplyDeleteබොහොම ස්තූතියි තරූ....
Deleteලස්සනයි කසුට්ටයියේ
ReplyDeleteදුක්බර තනියහන
ජයවේවා!
තැන්කු කිවුවා....
Deleteපව් අප්පා..
ReplyDeleteමොනව කරන්නද රංජනී ඉතින්.....
Deleteකොල්ලා, කවි පද ටිකක් දිග වැඩියි වගේ. ඊලග වතාවේ ඒක ටිකක් මතක තියා ගනින්.
ReplyDeleteහිටපන්කෝ...මීට පස්සේ ලියනවා අකුරු දෙකේ ඒවා....
Deleteඉතින් වැලපෙන් නැතුව ඩබල් ඇඳක් ඕඩර් කරන්නකෝ....වචන වැඩි නිසා කවියේ රසයට හානියක් වෙලාද මන්දා...
ReplyDeleteමම බලන් ඉන්නේ දෑවැද්දට ලොකූකූකූ ඇදකුයි ලොකූකූකූ කරෝල කූරියෙකුයි අරගන එනකම්...
Delete