Sunday, August 9, 2020

හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමනකි මං....

 


රැයත් හරියට නුඹ වගේමයි....

සුවහසක් දිදුලණා තරුකැට

ගලන දොල දිය නගන සර හඬ

විඳින්නට හැකි සිත් පුරා

බැඳෙන්නට හැකි දිවිතුරා

රැයත් හරියට නුඹ වගේමයි....


සඳත් හරියට නුඹ වගේමයි....

දුරින් හිඳ ලොව එකලු කරවන

විටින් විට මට පෙනී නොපෙනෙන

නොදකිනා දින හඬවනා

තනිවෙනා සිත සනසනා

සඳත් හරියට නුඹ වගේමයි....


සිතත් හරියට නුඹ වගේමයි....

එක තැනක නොනවතින සිතුවිළි

හැරනොයා තනි මකන සෙවනැළි

මතක පොත පිටු පුරවනා

සරන හැම තැන හිනහෙනා

සිතත් හරියට නුඹ වෙගේමයි....



කටුස්සා....