Wednesday, May 18, 2016
ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද.......
දෙනෙත් අද්දර කඳුළු බිඳුවක
මලානික සුව අයදිනා
සිතක වියපත් තරුණ සිතුවිලි
තරු දෙනෙත් මත රැඳවෙනා
නිහඬ සීතල මත් බඹරතුඩු
මුදු කොපුල් මත ගැවසෙනා
අවදිකරනට සිහිනයෙන් මන
සුරඟනට අමතකවෙනා
පෙමට තහනම් නොමැති සිතකට
වසත්කල කවි පබඳෙනා
අයිතිවනු බැරි සොඳුරු ප්‍රේමය
සිත් තුරුල්ලේ වැලපෙනා
දමා යන්නට සිතෙන හැමවර
තවත් මා හට ලංවෙනා
අරුම සෙනෙහස ඔබගෙ මගෙ සිත
ගැඹුර අක්මුල් විහිදනා
කල්බැලූ සිත නිති රැඳෙන්නට
වරම් නැතිවූ ආදරෙන්
බලා ඔබදෙස පිරූ පෙරුමන්
සැඟෙවුවත් නොපෙනෙන ලෙසින්
හමුවනාවිට නුඹේ වත මත
නිති ඇඳෙන මුදු සිනහවෙන්
රවටගන්නේ කවුරු කාවද
අසරණව ගිය සිත් මතින්
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
Hmmmm
ReplyDeleteනොදකින්.... ඒ කමෙන්ට් එකේ කැත......
Deleteපිළිතුරු කවියක් ලියන්න හිත දුන්නේ නැහැ.ඕන නැහැ කියල හිතුන. කවි පද ටික ඒ තරමට රහට දැනුන ... :) මේ කවි ටික කියෙව්වම හිතුන අර කලින් කවි පන්තියදි කිව්වා වගේ නෙමේ මේ කවිත් තිබ්බට කමක් නැහැ කියල :D
ReplyDeleteනොදැනෙන දේවල් බලෙන් දන්නවගන ලියනවට වඩා දැනෙන දේවල් ගැන ඉබේම ලියවෙන කවි ,කතා ලස්සනයි තමයි.මෙච්චරකල් ලියපු ඒවට එගෙම විශේෂ කැමත්තක් තිබුනේ නෑ.ඒත් මේ කවියට මමත් ගොඩක් කැමතියි.
Deleteවස්සානය කෙසේ වෙතත් වස්සෙක් වෙලා නං එයි .....
ReplyDeleteඑතකොට වැස්සි.....?
Deleteවරම් නැතිවූ ආදරයක් ?
ReplyDeleteනැතිවෙන්න ඉඩ ගොඩක් වැඩි ආදරයක්.......
Deleteමොකද අනේ මෙව්වා ලියල අපිව මෙව්වා කරන්නේ? දන්නවනේ මෙව්වා කැඩෙන බිඳෙන එව්වා කියල... සලබලාන්!!
ReplyDeleteඉතාම ලස්සන.... ඒ වගේම වැදෙන කවි ටිකක්
හුටා කැඩුනා නේද
Deleteඇයි යකෝ.....දැන් පරණ ලදරම් යකඩ ගොඩවල් කැඩෙන්නෙත් "සලබලන්" කියලද?
Deleteබොහොමත් ස්තූතියි උපේස්සා.....
මේක උබ අර කෙල්ලට යැව්වද
ReplyDeleteමොන කෙල්ලොද මචෝ....උඹ දන්නවනේ....මම බ්‍රහ්මචාරීව දිවි ගෙවන අහිංසක මනුස්සයෙක් කියලා....
Deleteආයෙ ඉතින් අමුතුවෙන් කියන්න දේකුත් නෑනේ.. අපුරුයි...
ReplyDeleteමේකනම් හරියන වැඩක් නෙවෙයි වගේ...
මේක කියවනකොට හිතුන ඒවා හරිද බලන්න පහුගියකාලේ පුරාම ලියපුවා ආයිමත් කියෙවුවා.හිතුන ඒවා මේකේ ලියන්න බයයි. පේන විදිහටනම් මල්ලී මේපාර ගුටිකන්න ලෑස්තිවෙලා වයසින් අඩු මලක් කඩන්න වගෙයි හදන්නේ.....බයවෙන්න එපා බන් ඕඉවාට.ගොඩක් හිතන්න යන්නත් එපා.
Deleteage is an issue of mind over matter. if you don't mind, it doesn't matter.
නිර්මාණි-
Deleteඇගයීමට ගොඩක් ස්තූතියි.මම කියන්නෙත් ඒක තමයි.මේකනම් හරියන වැඩක් නෙමෙයි.....
ඇනෝ-
මම කවද්ද බං හිතලා වැඩක් කලේ....සීරියස් වෙන්න ඕනේ තැන්වල සීරියස් නොවීමේ පලවිපාක.....
වැලපීම සහ වේදනාව
ReplyDeleteඑකම අයුරකි
දරාගන්නට
නොහැකි වූ විට..
දෙකේ වෙනසක් ඇත්තෙම නැද්ද?
Delete//රවටගන්නේ කවුරු කාවද//
ReplyDeleteඔන්න වැදගත්ම ටික..
ජයවේවා..!!
හිත් රවට්ටගන ජීවත්වෙන එක හෙන ජොලි බන්.....
Deleteවෙනද වගෙම අපූරු පදවැල් ටිකක්.හැබැයි මට හිතෙනව කටුසුගෙ කවිකමත් එක්ක මීටත් වඩා හොඳ නිර්මාණ,මං කිව්වෙ විිවධ තේමා ඔස්සෙ,මීටත් වඩා ටිකක් ගැඹුරට ගිහින් හුඟක් හොඳ නිර්මාණ කරන්න පුළුවන් කියලා.. ප්‍රේමයට විතරක් ම සීමා නොවී.
ReplyDeleteකොහේද...මේ යකාට කොච්චර කිවුවත් මූ යන්නෙම නෑනේ ජඹුරට...මේ දවස් ටිකේ අර නරි කෙල්ලෙක් පස්සෙන් යනවා මිස මූට වැඩක් ඇත්තෙම නෑ.....
Deleteබොහොමත් ස්තූතියි වරුසා.....
නියමයි මචං නියමයි. ඔහොම ම යං. මොකෙක් වෙලා හරි කමක්නෑ පලයං. එච්චරයි වෙන්න ඕනේ.
ReplyDeleteඋඹ කියන හින්දම යනවා ඕනේ බම්බුවක් වියන් කියලා.....
Deleteබාල අපරාධයක් කරන්න හදනවා වගේ කියල හිතෙන්නෙ මොකද බං.
ReplyDeleteහැලපයියලගේ හිත් දූශනය වෙලා තියෙන්නේ.ඒකයි ඔය අනං මනං හිතෙන්නේ.....
Deleteහැලපේ කියපු එකමයි මටත් අහන්ඩ තියෙන්නේ.....
ReplyDeleteඔය මම කිවුවේ....උඹගේ මොලෙත් කරවෙලා.
Deleteරවටගන්නේ කවුරු කාවද
ReplyDeleteඅසරණව ගිය සිත් මතින්
ඇත්තටම කටුස් , දැං ඔය රවට්ට ගත්තා ඇති නේද?
බොහොම සුන්දර නිර්මාණයක් !
මට ඇතිවුනාට කරන්න දෙයක් නෑ මැඩම්....කරන්න වෙලා තියෙන්නේ ඒකම තමයි.
DeleteThis comment has been removed by the author.
ReplyDelete"අරුම සෙනෙහස ඔබගෙ මගෙ සිත
ReplyDeleteගැඹුර අක්මුල් විහිදනා" ඕක තමයි ඉතින්.....ඇයිද මන්දා.....හැක්...අරුම සෙනෙහසක් ම වෙන්ටැ....
දැන් මම උඹට මොකද්ද කියන්නේ.....ඔයා දන්නවනේ සුදූ ඉතින්, කියන්න ඕනේ නෑනේ.
Deleteසිතක වියපත් තරුණ සිතුවිලි කියන්නේ මොනවගේ ඒවද කටුස්....
ReplyDeleteඔයත් ඉතින් අර රවී අයියගේ කවි ලියන හැටි කියලදෙන පෝස්ට් එක බැළුවේ නෑ වගේ කතාකරනවනේ.....
Deleteඕකේ ලියන්න ඕනේවෙලා තිබුනේ "සිතක් වියපත් තරුණ සිතුවිළි"
කියන එක.ඒත් "හල්" බිම වැටිලා. කියන්න ඕනේ වෙලා තිබුනේ වයස පරතරය වැඩි ආදරයක් ගැන. සමාවෙන්න නොසැලකිලිමත් කමට.
වස්සානෙ හම්බුනොත් කියන්නකො අපිටත්. අපිත් බලන් ඉන්නෙ වසන්තෙ එනකන්. :) :) :p
ReplyDeleteහරිම ලස්සනයි කටුස්
වසන්තේ පරක්කුයිලු මේ පාර.....))
Deleteවෙනද වගේම කවි සිතුවිල්ල අගෙයි.
ReplyDeleteවිස්කෝතුයි මචෝ.....
Deleteහා හා බලාගෙනයි...
ReplyDeleteකටු ඇනිලා ඉවරයි දැන්.....
Delete//අරුම සෙනෙහස ඔබගෙ මගෙ සිත
ReplyDeleteගැඹුර අක්මුල් විහිදනා//
මේ අක්මුල් හිතේ ඈතට ඈතට පැතිරිල, ඔඩු දුවල එන රිදිල්ලට මෙයාකාර කවි ලියවෙනව වෙන්ට ඕනෙ. මට කවි ලියමන බැරි එකේ මෙහෙම කවි ලියනව දැක්කම ඉරිසිය හිතෙනව.
ඔන්න ඕකට රවී අයියා දාලා තිබුනා පෝස්ට් එකක්.කියෙවුවනේ....දැන් තියෙන්නේ ලියන්න කොනක ඉඳන්.
Deleteආයෙ කවද කවි අහන්නද ........ඉහි...ඉහි....කටුස්සො....කවිනම් කොහෙන්නම් බැරිද .....කරත්ත ඉන්ජිමක් කාල ඇපෙක්ස් එකේ ගල් චුට්ටක් බොන්න නැති එක තමයි දුක....ගිය ලෝකෙට වෙලා සතුටින් හිටාං මල්ලි .
ReplyDeleteයකෝ...මිනිස්සු හිතයි මම මැරිලා කියලා.....
Deleteඅඩේ මටත් දුක ඔය සීන් එක තමයි.ආපහු අවුරුදු දෙකකින් හම්බවෙමු....
බොහෝ දුරට තව මාස 2-3ට මේ අඩවියේ මම කොටන අන්තිම කමෙන්ට් එක. හම්බවෙමු ආපහු ඉක්මනින්ම පිළිවෙලක් කරගත්තට පස්සේ අළුත් ජීවිතය......
ReplyDeleteජයවේවා.....
ජය වේවා පරිස්සමින් ගිහිං වරෙන්
ReplyDeleteරැවටෙන්නේ රවටන්නේ ඇත්තටම ............
ReplyDeleteරහයි.... රහයි....
ReplyDeleteතෙවෙනි කවිපේලිය හිතට තදින්ම දැණුනා...
අතීතයට කෑ ගසා කියන්නට හැකිනම්.....
ජයවේවා !!!
ඉතා හොද කවි ටිකක් කාලෙකින් රස වින්දේ
ReplyDeleteසහජ හැකියාව අගේ කොරමි
ReplyDeleteකවි ටික රහයි කටුසු...
ReplyDeleteවයස අඩු වුනාට මොකෝ බං .ආදරේට වයස් බේධ නැතෝ...ඒකෙන් ගොඩ යන්න ලැබේවා..
ReplyDeleteආසාවකට තාලෙකට වචන ටිකක් ලියාගන්න බැරි මට, මේ කවි දකිද්දී ඉරිසියාවක් වගේ එකක් දැනෙනවා. ඇත්තමයි හරිම ලස්සනයි
ReplyDeleteආසාවකට තාලෙකට වචන ටිකක් ලියාගන්න බැරි මට, මේ කවි දකිද්දී ඉරිසියාවක් වගේ එකක් දැනෙනවා. ඇත්තමයි හරිම ලස්සනයි
ReplyDelete