Sunday, August 9, 2015

වටිනාකම....



"පොඩ්ඩී...ඒයි පොඩ්ඩි...නැගිටිනවා...බලනවා වෙලාව කීයද කියලා.....අද ඉස්කෝලේ යන්නේ නැද්ද...?මහ රෑ වෙනකන් මොනවා කරනවාද මන්දා ටීවි එක ඉස්සරහටවෙලා...පාඩම් කරන්න කිවුවහම තමයි පොත අතට ගත්ත ගමන් නින්ද යන්නේ....නැගිටිනවා.ගිහින් ලෑස්තිවෙනවා ඉස්කෝලේ යන්න...."
හුටා....පරක්කුවෙලා නේන්නම්.යකෝ..දැන් කොහොමද ස්කූල් බස් එක අල්ලගන්නේ.කෝච්චියේ පිහිට තමයි අද.ඒත් කොහොමද තනියම යන්නේ...එපා වෙනවා අප්පා...මේ ටීවි වල ෆිල්ම් පෙන්නන එවුන්ව අල්ලලා ගස් බඳින්න ඕනේ.අපි වගේ ඉගනගන්න දරුවන්ව මුන් නොමග යවනවා ෆිල්ම් පෙන්නලා.
"තාම නිදිද...? මගේ යකා අවුස්සන්නේ නැතුව නැගිටිනවා.අවුරුදු දාහතකුත් වුනා.තාම අපි නැගිට්ටවන්න ඕනේ තොපිව.අපිට ටිකක් නින්ද ගියොත් එදාට ඉස්කෝලෙත් නෑ.තොපිට වියදම්කරන සල්ලි හොඳයි...."
"ස්ස්ස්...කෑගන්න එපා අප්පා.වටේ පිටේ අය හිතයි ඔයයි තාත්තයි රංඩුවෙනවා කියල.එහෙම හිතුවොත් ඔය දෙන්නටමනේ හොඳනැත්තේ.මිනිස්සු වැරදියට හිතයිනේ.......මොකද මොකද...හිනාව හිරකරගන ඉන්නේ...?ඔන්න අපිනම් දැක්කේ නෑළු හොරෙන් හිනාව තද කරගන්නවා..."
"මේ...වටේ පිටේ අය හිතන විදිහ ගැන අපි බලා ගන්නම්.ඒ ඔක්කොම දන්නවා මේ නැහැදිච්ච එකියෙක් හදාගන අපිට තියන වදේ.යනවා.ගිහින් ලෑස්තිවෙනවා..."
"මේ යනවා මැඩම්.මේ...කාලා යන්න වෙලාව නෑ.කෑම එක ඔතන්න.මම ගිහින් කන්නම්.ලොකූ....එකක් හොඳේ...උම්ම්ම්මා...."
"යනවා යන්න කුණුකෙළ නොගා මගේ මූණේ..."

හොඳ වැඩේ පොඩ්ඩි උඹටත්.රන්බීර්ව බලන්න ඇහැරලා හිටියා.දැන් පලයන්කෝ තනියම.අනික් එවුන් දැන් බස් එකේ ඇති.
කෝ මේ ටූත් පේස්ට් ටියුබ් එකේ ටූත් පේස්ටුත් නෑ.හම්මේ...හිස් බඩ ඉඳගන මේක මිරිකන්නේ කොහොමද...?ඔය ඇති..ඔය ඇති...මැද ගනින් දත් ටික ඉක්මනට.

දීපිකායි රන්බීරුයි ලවු කරනවා බලන් ඉඳලා මොනවද බොට හම්බුනේ.දැන් ඉතින් ලෑස්තිවෙලා දුවපන්කෝ පැයට හැතැම්ම හැටපහයි තුන්කාලට.

ඒවගේද අප්පා රන්බීර්ගේ සුදුපාට කුක්කු මූණ...හැ..ක්..තුක්...

ගොන් මෝඩි...ඒලෙවල් වලට තව මාස 3යි.තෝ උන් මගුල් නටනවා බලපන්.පොතක් අතින් අල්ලනවද ගෙදර ආවහම...

දීපිකාගේ හයිට් එකනම් මරු...මාත් තව අඟල් 3-4ක් උස ගියානම් හරි.එතකොට මාත් ඒ ගානට ඉඳී....ඇඇ......තුක්......

අදනම් හතාමාරට යන්න වෙන්නේ නෑ.ගලවපන්කෝ තුත්තිරි ඉතින්...හුටා...ගවුම දනිස්සට වඩා කොටද...?නෑ...නෑ...ශේප්...නැත්තන් එහෙම අර තඩි ගෑණී වාටියත් ලෙහයි.

මේ මොකද අප්පා කවුන්ටරේ සෙනග නැත්තේ....? 6.40 ගිහින්ද?...ඒක ගිහින්නම් උඹ මලා තමයි පොඩ්ඩි....කවුන්ටරේ අද අර සුදු අයියත් නෑ.නාකි අංකල් කෙනෙක්නේ ඉන්නේ...

"අංකල්...6.40 ගියාද?"
"දැන් 6.43යි නේ.ඒක යන්නේ 6.40ට..."
"අප්පට බොල මුගේ ගනන්...මූ හෙන ආතල් එකේද කොහේද ඉන්නේ කෝච්චිය වෙලාවට ආවට.සමහරවිට මේකගේ මුළු සර්විස් එකේදිම කෝච්චියක් වෙලාවට ආවම වෙන්න ඇති.ඒක තමයි මූ රජවුනා වගේ ඉන්නේ....නොදකින් නාකි පප්පා....
"ගම්පහට යන ඊළඟ එක කීයටද තියෙන්නේ...?"
"ආපහු තියෙන්නේ 7.05ට"
අදනම් තුත්තිරි නෙමෙයි.මැඩම්ගේ සුදු කෙසුත් ගලවන්න වෙයි මට.මටමමනේ වෙන්නේ...හොඳ වැඩේ පොඩ්ඩි උඹට.අයියෝ...රන්බීර්.
"ගම්පහට එකක් දෙන්න"
මොකාද මේ මගේ ඇග දිගේ නගින්නේ...?හැටි, කැස්වටුවෙක් වගේ....
"මටත් දෙමටගොඩ එකක්..."
ඇයි වදේ...මුනුත් කොල්ලොද...? මං වගේ හුරුබුහුටි කෙල්ලෙක් ඉන්නකොට ඔළුවට උඩින් අතදාලා ටිකට් ඉල්ලන්නේ....අම්මපා අපේ එකෙක්වත් නැතිවුන හැටි මෙතන...හිටියනම් කලිසම ගලවනවා ඔළුවෙන්.
"රුපියලක් තියනවද...?"
"නෑ අංකල්..."
"ඔය මහත්තයා ලඟ රුපියලක් තියනවද..?"
"නෑ.."
"මාරු නැතුව මම කොහොමද ඉතුරු දෙන්නේ....ආ...මෙතන රුපියල් 2ක් තියනවා.ඔය දෙන්නා පස්සේ බෙදාගන්න..."
බෙදා ගන්න කියන්නේ අංකල් හිතුවද දන්නේ නෑ මගේ ගාව අඬුවක් තියනවා කියලා මේක දෙකට කපන්න.අවුලක් නෑ.ටොපියක්වත් කන්න බැරියැයි.

මොන මල මගුලක්ද...මූ මගේ දිහා බලනවා බලනවා ඉවරයක් නෑනේ...හැටි පොලොස් කොට්ටෝරුවගේ...ඔහොම බලන්න එපා මෝඩියේ...ටිකක් ගණන් උස්සලා හිටපන්.උඹත් හරියට හැසිරෙන්නේ මීට කලින් උඹ දිහා කොල්ලෝ බලලා නෑ වගේනේ....

අන්න ආයි පාරක් බලනවා....එහෙමටම අවුලක් නෑ ඉතිං....පැත්තෙන්නම් ටිකක් අමීර් වගෙයි.ඒත් රැවුල තමයි අප්සට්.ඒක වැවුවනම් මූනේ තියන කැහැටු ගතිය පෙන්නේ නෑ.අන්න ආපහු බලනවා...අහක බලපන්.අහක බලපන්...

කන් දෙකනම් ගානට තියනවා.නහයත් අවුලක් නෑ.කොඩේ තමා අවුල.තව ටිකක් වවලා ස්ට්‍රේට් කලානම් ගති.මම හිතන්නේ තාම ට්‍රේනින් වෙන්න ඇති.ඒකනේ අත් කොටට ඇඳලා යන්නේ.ටයි දාන්නේ නැත්ද.....?එහෙනම් වැඩක් නෑ...පොඩි රස්සාවක්ද දන්නේ නෑ කරන්නේ...නෑ..නෑ..සමහර විට ටයි එක බෑග් එකේ වෙන්න ඇති.ඔෆිස් එක කිට්ටුකරලා දාගන්නවා ඇති.මොන පාට ටයි එකද්ද දන්නේ නෑ දාන්නේ....?ශර්ට් එකටනම් මැච් වෙන්නේ කහපාට එකක්.මටත් පිස්සු.මේකා මොන පාට ටයි දැම්මත් මට මොකද....

මෙන්න මූ ආයි බලනවා.අහක...අහක...මේ හෝන්තු කෝච්චියත් මොන මන්ගල්ලෙක ගිහින්ද මන්දා....
කලිසමනම් නීට් එකට මැදලා.සමහර විට තාම ඇඳුම් අයර්න් කරන්නේ අම්මා වෙන්න ඇති.ශුවර් අම්මා තමයි.ඒකනේ සපත්තු දෙක හරියට පොලිශ් කරලා නැත්තේ.ඒ කියන්නේ අම්මා කරන්නේ අයර්න් කරන එක විතරයි.මට හම්බුනානම් මම හදලා ගන්නවා මේකව.මාත් එක්ක හිටියනම් සතියක් යන්න කලින් මේකා මගේ ඇඳුනුත් හෝදයි.

අන්න කෝල් එකක්.කවුද දන්නේ නෑ...?කෙල්ලද මන්දා.... නෑ..නෑ...කෙල්ල නෙමෙයි.පැණි පාටක් නෑ මූණේ.ඔෆිස් එකෙන් වෙන්න ඇති.පෝන් එකනම් එළ.S4 එකක්.ඒත් කවුද දන්නේ කොරියන්ද කියලා.දැන් කොල්ලොයි බල්ලොයි හැම එකා ගාවම ඔය කොරියන් හුචක්කුනේ....

"දෙවනි වේදිකාවට දැන් පැමිනෙන දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කෙරේ.එය නවත්වනු ලබන්නේ......."

අම්මෝ ඇති යන්තන් මේක එනවා....අප්පටසිරි.මෙන්න මේකා මගේ දිහා බලාගන මගේ ලඟටම එනවා.නොදකින්...කරුමෙට අපේ එකෙක්වත් නැතිවුනානේ අද....දැන් මොකද කරන්නේ....අනේ දෙවියනේ...චූ යයිද මන්දා...අඩෝ පොඩ්ඩි...බය නැතුව වගේ හිටපන්. 

"එක්ස්කියුස් මී මිස්..."
හුන්නැති විදිහට අහක බලාගන හිටපන් ගණන් උස්සලා තව පාරක් කතා කරනකම්.
"එක්ස්කියුස් මී නංගී..."
මලා...නංගිළු.
"ඇයි...?"
"නංගි...මට අර මගේ රුපියල ගන්න පුළුවන්ද....?ඔයාගාව මාරු නැත්තන් මෙන්න රුපියලක්.මට පස්සේ හම්බුනේ සාක්කුවේ තියලා.මේක අරගන මට අර රුපියල් දෙක දෙනවද.....?"
"..................................."

           -නිමි-

කටුස්සා....

43 comments:

  1. හි හි හි හි ඒ නියමයි ,,,, හි හි කතාව කියවලා ඉවරවුනාම විහිළුවක් වගේ හිනා ගියාට ඒක විහිලුවකුත් නෙමේ ,, එක හුස්මට කියෙවුවෙ මේක මොකෙන් ඉවරවෙයිද බලාගන්න හි හි

    ReplyDelete
    Replies
    1. හම්බකරන මිනිහළු ඒකේ අමාරුව දන්නේ.....
      කියවලා අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි ඔමා...

      Delete
  2. රුපියලක් පිල්ලි ගහන්ඩ හිතුවා මදි

    ReplyDelete
    Replies
    1. අපි දෙයි රුපියලක්වත්...හැක්...

      Delete
  3. හැක හැක හක හක ..... හිතං ඉන්න ඇති රුපියල මාටියා ගහන්න

    ReplyDelete
    Replies
    1. හිතන් හිටියේ කැටේට දාන්න කියන්නේ....

      Delete
  4. අපරාදෙ ටොපියක් කන්න තිබ්බ චාන්ස් එක.....

    ReplyDelete
    Replies
    1. අඩේ දැන් ටොපියක් කීයද බං?කාපු කාලයක් මතක නෑ...

      Delete
    2. සත 50 ටොපියක් දැන් රුපියල් 2 යි බං.

      Delete
  5. දෙකක් නෑ රුපියල ඉල්ලපු එක නම් කසුට්ටගේ වැඩක්........

    ඒවගේද අප්පා රන්බීර්ගේ සුදුපාට කුක්කු මූණ.... ඒකනම් ඇත්ත නේ කසුට්ටෝ

    ReplyDelete
    Replies
    1. සිරාවට රන්බීර්වනම් දන්නවා.සාවරියා කියන ෆිල්ම් එක 4 පාරක් බැළුවා හෝල් එකේ කෙල්ලෙක් එක්ක.ඒ දවස්වල සැරින් සැරේ චෙක් කරනවා හමුදාවෙන්.ඒ නිසා කොහේවත් යන්න බෑ බයට.ෆිල්ම්හෝල් විතරයි පිහිටට හිටියේ.පස්සේ කාලෙක තමයි දැනගත්තේ සාවරියා කියන්නේ රන්බීර්ගේ පළවෙනි ෆිල්ම් එක කියලා.ඒත් දීපිකාගේ නමනම් කිවුවේ ඇනෝපීලිස් හින්දි නිළියෙක්ගේ නමක් හොය හොය ඉන්නකොට.

      Delete
    2. මගේ අම්මෝ .....ෆිල්ම් එක 4 පාරක් බැළුවා හෝල් එකේ කෙල්ලෙක් එක්ක.......

      දැන් හින්දි පුලුවන් ඇති නේද

      Delete
  6. මගේ ජාතියේ එකෙක්.. නෑකම් වෙනි ගනුදෙනු වෙනයි. ඇත්තම කියන්න මං හෙන අප්සෙට් එකේ හිටියේ මුන් දෙන්න ඕක කොහොම බෙදා ගනීද කියල.. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ..

    ReplyDelete
    Replies
    1. වෙලාවට....නැත්තම් රුපියලක් නිසා උඹට ප්‍රෙශර් වැඩි උනොත්...?වයසත් හොඳනෑනේ.පරිස්සම්වියන්.

      Delete
  7. ඈ බං කසුට්ටො.. උඹ ඉතිං ඒ රුපියලෙන් මොකෑ කරේ ??

    ReplyDelete
    Replies
    1. රුපියලක් නෙමෙයිනේ බං, දැන් ඌ ගාව තියෙන්නේ දෙකක්...

      Delete
    2. තුනක්ම තියනවා ඔය ලොකූ පුතා කියලා තියෙන්නෙ

      Delete
    3. කොහොමද මගේ මොලේ....?කබ්රාල්ගේ වගේ නේද?

      Delete
  8. රුපියලෙන් මොනවාද කොරන්න බැරි නේද මචං..... කසුට්ටා නියමයි...

    ReplyDelete
    Replies
    1. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුකරලා එකතුකරලා ....බැංකුවේ දානවා.....

      Delete
  9. කට්ටිය හිතාගෙන ඇති නේද දැන් අර කෙල්ල කසුට්ටට සුපියල් දෙක දීල අර සුපියල ගත්ත කියලද.

    කෙල්ල මුගේ මුනට අර සුපියල් දෙකෙන් දමල ගහන්න ඇති "තමුසෙගෙ මහලොකු රුපියල, තමුසෙම තියා ගන්නවා" කියල.
    ඕකා මේ පොස්ට් එක දැම්මේ අන්න ඒ හිතේ දුකට.

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන් රුපියල් තුනක්ම ඇති.. :p

      Delete
    2. ඔය ඉන්නෙ කොච්චි පෙට්ටියේ හිටපු එකෙක්

      Delete
    3. උඹත් ලොකු අයියේ කෙල්ලෝ දෙක තුන දෙනහැටි හොඳට දන්නවා නේද?

      කමියා-
      තුනක් තියනවා.ඇයි සැකද?

      මෙන්ඩා-
      මම ඉල්ලුවේ නැත්තන් කමියා ගිහින් රුපියල ඉල්ලන්න හිටියේ.

      Delete
  10. උඹට කතා කරන්න දෙයක් නැතුවමද රුපියල ඉල්ලන්න ගියෙ.හරියට එකෙක් කෙල්ලගෙන් ඩෝබි ආවද ඇහුව වගේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සල්ලම රුපියලෙන් තමයි පටන්ගන්න ඕනේ.නැත්තන් කේස්.ඒ ඩෝබිගේ කතාවනම් අහලා නෑ හැලපයියේ.

      Delete
  11. අර කුරහං තලපද කොහෙද කන්න ගිය එක මතක් වුනා බං. පව් අප්පා...
    (උඹ කවියටත් වඩා දස්සයි මේ වැඩේට)

    ReplyDelete
    Replies
    1. උඩ ඉන්න කෙනා ඩෝබි කෙනෙක් ගැන කියලා.දැන් උඹ තලපයක් ගැන කියවනවා.කතාව කියන්න බැරිනම් ආපහු මේවගේ කෑලි විතරක් දැම්මොත් බලාගමු.

      දස්සකම ගැනනම් දන්නේ නෑ.ඒත් ඔය ලියපු කවි වලින් සෑහෙන්න ගානක් ලියලා තියෙන්නේ කතා ලියන්න ගිහින්.ටයිප් කරන්න කම්මැලිකමට.

      Delete
    2. ඒක මං කයි කරලම දාන්නං (වෙන මොකටවත් නෙමේ තොට බයේ)

      Delete
  12. Replies
    1. ගොඩකාලෙකින් නේද?ගොඩක් ස්තූතියි මචෝ....

      Delete
  13. හොඳ කොල්ලෙක්. ඌ දන්නවා මොකක් නැතත් ආර්ථිකය කළමනාකරණය කරගන්න. ඒ නිසා ටිකක් හිතලා බලපන් පොඩ්ඩියේ.

    ReplyDelete
    Replies
    1. කොහේ ඉන්න පොඩ්ඩිටද මේ කිවුවේ...?අපේ අල්ලපු ගෙදරත් ඉන්නවා පොඩ්ඩි කෙනෙක්.පොඩ්ඩි කිවුවට ඉතින් පොඩිම නෑ.අක්කරයක් විතර ඇති.

      Delete
  14. හයියෝ...රැපියල්ක් පාඩු කර ගන්න බැරැව නෑවා...
    එල මචං...
    එල ද බ්‍රා
    උඔට මතකද තරැනයා පත්තරේට “සුලග වගේ ඇවිදින්“ ලියපු දිනේෂ කොළඔගේ අන්න ඒ ස්ටැයිල් එකට මේ කතාව තියනවා..

    ReplyDelete
    Replies
    1. මෑතකදීනම් තරුණයා කියෙවුවේ නෑ.ඒත් දිනේශ් , සමන් එදිරිමුණි කියන්නේ මගෙත් ප්‍රියතමයන්.

      Delete
    2. අඩෝ මෙන්ඩ ... සිරාවට.. මම ඒ පොත් කියොල තියනවා 2001දි ...සිරාවටම.....මේ ස්ටයිල් එක...

      Delete
  15. මනෝවිවරණයකින් ෆැන්ටසි ලෝකයක් මවා නොහිතන මොහොතක සාර්තක අවසානයක් කටුස්සා. වෑයම ඉතාමත් සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. නලින් අයියා පළවෙනි පාරට කටුසු භවනට.වල්කම් කිවුවා,
      අදහස් දැක්වීමට හා දිරි ගැන්වීමට ගොඩක් ස්තූතියි නලින් අයියේ...

      Delete
  16. කොල්ලො ..සිරාවට කියන්නෙ..අනේ කවි ලිව්වට කමක් නෑ.. අපි වෙනුවෙන් මෙව්වගෙ එව්වත් ලියහන්... රහ කියල වැඩක් නෑ.....

    ReplyDelete
    Replies
    1. සිරාවටම මටත් සමහර කවි බර වැඩි ඒත් මේ වගේ කතාවක් එල ද බ්‍රා

      Delete
  17. බුහා හා හා

    වැරදිලා හරි ලස්සන කොල්ලෙක් දැකපු දවසට මුනා වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
  18. යකූ මන් මේ ඔච්චර රුපියලක් පරිස්සම් කරනවා දැක්මයි...හැක් හැක්

    ReplyDelete