Saturday, October 7, 2023

හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම ප්‍රේම ගායනා නිමා නොවේ...

 



නිමාකලයුතු නොවන අයුරින්

නිමාකල පෙම් කතාවක තතු

හොරෙන් ලිවුවා වලාවක් මත

දකින්නට නුඹ බලද්දී තරු


නුඹම පමනක් දැන සිටිය මට

නුඹම පමනක් අහිමිවුන තැන

තවම පිපෙනා මිනී මල් ගෙන

සැරසුවා හද දම්පාට පෙති රැගෙන


දිනකි නුඹ මා හමුවියම යුතු

තැනකි දහසක් කතා සිරවුන

එවනි දවසක වදන් ගොලුකර

බලාඉමු අප නෙතින් අපිවම


-කටුස්සා-

27 comments:

  1. ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව පරදවමු. සන්නද්ධ අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැති බව තහවුරුය.

    පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින් ලෙයින් යකඩින් මර්ධනය කිරීම ආරම්භ කර ඇත.

    පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය සමග ඊශ්‍රායිල ව්‍යප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින්ගේ රහසිගත හමුවක් පැවැත්වුණි. ඒ අනුව පක්ෂ සන්නද්ධ කාඩර්වරුන් ගාසා තීරය වෙත නික්ම යෑම ආරම්භ කොට ඇත. හමාස් විමුක්ති සටන්කාමින් සමග එක්කාසුව සටන් වදිනු ඇත. අප හිතවත් හිස්බුල්ලා සංවිධානයද සිය සන්නද්ධ කාඩර්වරුන් ඊශ්‍රායිලයට එරෙහිව සටන් කිරීමට ඒවා ඇත.

    'ඉන්දීයානු ව්‍යාප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්' ගේ රහසිගත හමුවක්ද ඒ සමග පැවැත්වුණි. ඔවුන්ද සිය කාඩර්වරුන් ගාසා තීරයට එවමින් පවතී. එසේම චෙච්නියානු ගරිල්ලන්ගේ සහයද, අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ සහයද හමාස් විමුක්ති සංවිධානයට ලැබීමට නියමිතය.

    විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් මුල සිටම අප පක්ෂ සන්නද්ධ අංශය සමග වැඩ කරයි. එම කාඩර්වරුන්ද ඔවුන් සමග හිතවත් හිස්බුල්ලා සංවිධානයේ සහයද ලබා ගැනීමට නියමිතයි.

    ඒ අනුව හමාස් සංවිධානය සමග පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය, හිස්බුල්ලා සංවිධානය, කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්, චෙච්නියානු ගරිල්ලා සංවිධානය, අයර්ලන්ත ගරිල්ලා සංවිධානය, විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් එකතුව ඊශ්‍රායිල කුලී හමුදාවට පහර දී ගාසා තීරයේ සියලු මරමස්ථාන නැවත අල්වා ගැනීමට නියමිතය.

    සියලුම ඊශ්‍රායිල ද්‍රෝහීන්ට ඔවුන්ට ලැබිය යුතු දඩුවම අනුකම්පා විරහිතව ලබා දෙනු ලැබේ.

    ඒකාධිපති ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව සන්නද්ධ අරගලයකින් පරදවමු. හිරු නැගෙනා විට බලය අල්වා ගමු.

    සටනේදී අරමුණ වෙනුවෙන් දිවි දෙන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    ReplyDelete
  2. කෙල්ලට තරු පේන්න වැඩේ දීල එහෙනං.

    ReplyDelete
    Replies
    1. සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ😬😬😬😬

      Delete
  3. දෙවෙනි කයියෙ අන්තිම පදේ රයිම් වෙන්නෑ 😊

    ReplyDelete
    Replies
    1. කලබලේනේ ඉතින්...😬😬😬😬

      Delete
    2. ඔව් ඔව් මේක මේ පිහියක් බෙල්ලට තියා; ලියා ගත්තු කවියක්!

      (වචනෙ අහක දාන්න බැරි නිසා හදි සියේ ලියැවුනු කවියක්! ඒ නිසානේ ලස්සන කෙල්ලෙක් තඩි වලහෙක් බදාගෙන ඉන්න පිංතූරයක් වෙනුවට මේක දාලා තියෙන්නේ!)

      කොහොම උනත් හොඳට රයිම් වේන කවි ජෝඩුවක් ලබන සතියේ සෙන සුරාදා 10 ට සොඳුරුගෙනුයි කටුස්සාගෙනුයි එන තුරු අපි බලාන ඉන්නවා!

      "ශනිදා දහයට!"

      Delete
    3. හුටා මේත් ශනිදා දහයේ එකක්ද...😊

      Delete
  4. අම්මට සිරි උඹ ලියලා! මම ආයේ එන්නම්. දැන් පාරේ ඉන්නේ! - තට්ටයා

    ReplyDelete
  5. ඔයිට රයිම් වෙන තවත් කවියක් මේං...

    හදින් කුමකට වෙමු ද දෙදෙනෙකු
    මගෙන් විමසන නුඹ තෙපුල් සර
    නුඹේ සියුමැලි ගතෙහි කිමිදෙන
    මගේ රාගික හදට නොඇසිණ

    ReplyDelete
    Replies
    1. මේ දෑත සීතල ඇයිදෝ...
      මට පවසන්න කොඳුරා ලඳේ..
      නෑ තාම උණුසුම කුමරෝ..
      යමු තනිවෙන්න මිටියාවතේ..

      Delete
    2. යකෝ මුන් හැම එකාම කයියොනේ බලාන ගියාම!
      අපි නැතුවට!

      Delete
    3. කයි පහන් පද බඳින අතරේ
      කයි පදය, බර වැඩිය අයියේ
      ඉතින් කොහොම ද මෙ කවි දැක දැක
      කයියො නොම වී නිකං ඉන්නේ

      Delete
  6. නැවත ලියනට බ්ලොගර් ආ නුඹ
    අප රැළට තව අලුත් ජවයකි
    දිගට ලියනට නුඹට ශක්තිය
    අප ම වෙමු මිත, ලියනු දිගට ම

    ReplyDelete
    Replies
    1. හා
      මචං
      උඹ
      කිවුවනං
      ඒකම
      තමයි.
      එල.

      (එන්ටර් කී එක තියෙන්නෙ ඔබන්නය කියල ඔය කවුද කියල තිබ්බ ඉඳගෙන.)

      Delete
    2. @නයෝ-
      ඔබන එක ලාවට ඔබන්න එපා. හයියෙන් ඔබපන්

      Delete
  7. කටුසු කාලෙකින් මමත් ආවා මේ පැත්තට. මම දුමී.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. උඹව දැකපුකල්.... මේ ලගඳි මෙන්ඩත් මතක්කලා උඹව

      Delete
  8. මේක දැක්කාම මට මතක් වුනේ මේ සිත්තර පටිය.

    Blood and Chocolate

    ReplyDelete
    Replies
    1. ට්වලයිට් වගේ සීන් එකක් කියලා මම ඕක බැලුවේ නෑ. කොහොමවුනත් ආදරයට ස්වයං පැවත්මක් කවාදාවත් තියෙන්නේ නැතුව ඇති. අපිවටේ තියන මුල්,වැල් අපිව හිරකරලා

      Delete
  9. හදිසියේ කල ඉල්ලීම අහක නොදැමීම පිළිබඳව මෙන්න මගේ හද පිරි මෙව්ව එක!

    ReplyDelete