නුඹේ මුදු වදන් අභිමුව සිල් ගත්තා සේ නවතින
නෙලූ පලා බිම දා යලි දුවන මුවන් දිහා බලන
මේ සිත නවතනු හැකි වෙන හදක් ඇතිද මා කලඹන
රාග රතු වලා සිපගනු රිසියෙන් හැම බැමි බිඳලන
සුසුම්සර සිහින් කෙඳිරිය අතරින් දා බිඳු වැගිරෙන
වල්මත් සිත දිවයන හැම මං පෙතකම මැවී පෙනෙන
නුඹ නෙතු දකිනා සිත යලි නිවී සැලෙයි මග නොදන්න
දකිනු රිසින් පියයුරු තුඩු අසංවරව ලැමට එබෙන
නෙතු නුඹලඟ නැවතී කුමකට සොයයිද නුඹ දෙනයන
මත් බඹරිඳු විත් පුරවා හදමැද තැබු රාග බඳුන
හිස්වන්නේ ඇයි නුඹ ලඟ සිත වදදෙයි මා රවටන
උදෑසනම නුඹ දුටුවිට මල් පිපෙනා සිත් අහසම
නුඹත් එක්ක හිනහෙන හැටි දුටුවද නුඹ මල් ගොමුවම
සමුගත්තත් නොගන්න හිත නුඹත් එක්ක මුළු දවසම
නතරවෙලා නටන නැටුම කියනවාද කල් නොඇරම
කටුස්සා...
අනේ බං ඔය එක ඒවා පාවිච්චි නොකර ඇල්.....ම පලයං ඒකි ළඟට..
ReplyDelete(ෂේප් එකේ උත්තරයක් දැම්මා. මොකද දන්නවද? අහගනිං...
අඩෝ... මට යාළුවෙක් කිව්වා තෝ කටුස්සෙක් වගේ නෙමේ හැල කිඹුලා වගේ හෙන මහතයි දිගයි කියලා. ඇත්තද බං? ඕං බලාපං අදහස් වලිං මිනිස්සුංගෙ දිග පළල මනින්න බෑනෙ).
හි හි හි ... මධුවෝ උබ බලහන් ජුන්ඩන් පැණි කුරුල්ලෙක් දාගෙන හිටියට ඇත්කඳ ලිහිණියෙක් වගේ සද්දන්තයිනේ
Deleteහැලපෙ අයියගෙ දිහාදි කවුද මංදා කියනවා ඇහුනා මූ කටුස්සෙක් නෙවෙයි ඩයිනෝසිරස් කෙනෙක් කියලා...
Delete(කටුස්සා ඇහුවොත් මං නෑ කියහල්ලා...)
ඔය උඹට එක එක එවුවෝ ඊරිසියාවට කියන කතා ගනන්ගන්න එපා බං.මේවගේ පෘශ්ටිමත් ශරීරෙකට උන් කතා හදනවා.ඔය පඩත්තර කතා කිවුවට ඕනෙනම් මම අර බ්‍රා කාරයාට වඩා සුට්ටක් මහත ඇති.
Deleteදැන් ඔක්කොටම ඉස්සල්ලා කියපිය මම ලියන ඒවා දිහා බලලා උඹ මවාගත්තේ කොච්චරවිතර එකෙක්වද කියලා...?
ඔමා...යකෝ ඔය ජුන්ඩන් කියන වචනේ පාවිච්චි කරන්න එපා බං.දැක්ක ගමන් හිතෙන්නේ වෙන එකක්.මනෝශ්ට පස්සේ ඇත්කඳ ලිහිණියෙක්ව දැක්ක එකෙක් හම්බවුනාමයි.....
Deleteකැමරා කටා...උඹව ආපහු හම්බවෙයිනේ මට.....එතකොට බලාගමු....
මේ මොකද්ද බං උඹේ නමට උනේ....?
ජුන්ඩන් වචනෙ දැක්කාම මීචා මතක් වෙනවද...?
Deleteඅපි ඉතින් යාළුවොනෙ බං... ආපහු නමට බැස්සා.
මෙහෙමයි ...
Deleteමූ ඉස්සරහ Tyrannosaurus rex කියන්නෙත් කටුස්සෙක් ....
ආ... මෙන්න උඹට ඩයිනෝසිරස් කියපු එකා....
DeleteTyrannosaurus rex කියන එක මං දැක්කෙ transexual sex වාගෙ .. ඇස් පිහිදාල ආයෙ බැලුවා කෝකටත් කියල :D
DeleteTyrannosaurus rex කියන්නේ අර සැර ලොකු එකා නේද?අඩෝ කැමා...දැක්කනේ...මම හරි සැරයි...දරුණුයි.....
Deleteපත්තරයා....උඹ රට යන්න කලින් ඉඳන් transexual ද?
ඕකා නෙමෙයි මට ඩයිනෝසිරස් කිවුවේ.අර අන්නාසි එක්ක ගල් පොවන්න හදන එකයි,අර සුද්දෙක්වගේ ඉන්න එකයි.තව අර අප්පච්චිව නැගිට්ටවන්න හදන ගම්පහ පැත්තේ එකෙක්ගේ නමකුත් කිවුවා කියලා යන්තන් මතකයි මට.
Deleteඔමා දන්නෑ මගේ සයිස් හැක්.
Deleteපත්තරේ දාපිය පහක්
කසුට්ටො, ඔය කියන එකී හරි ඔය දාපු එකී හරි ගිංතොට ප්ලයිවුඩ් එකට යවන දවසට කියහං මං ඇවිත් බලලා යන්න.
//දැන් ඔක්කොටම ඉස්සල්ලා කියපිය මම ලියන ඒවා දිහා බලලා උඹ මවාගත්තේ කොච්චරවිතර එකෙක්වද කියලා...?//
Deleteවෙන මොකෙක්ද ඉතිං....... කසුට්ටෙක් විතර එකෙක් තමා........
කටුස්සෙක් නෙමේ හැල කිඹුලෙක්,
Deleteබලහං මේ අහ්න්සක කටුස්සට කියන අසමජ්ජාති කතා....
Delete(ඔන්න මං හොඳ එකා)
අහිංසක මට අපහාස කරන පවට තොපි ඔක්කොම ඩ්රෑම් 50ක් බීපුගමන් වෙරිවෙලා වැටෙන්න ඕනේ.....
Deleteඔි..යෙස්..මමත් සාක්කි..කටුස්සා මට වැඩිය ටිකක් මහතයි..
Deleteබොරැ නම් කැමා නයෙක් කාපිය
ඉවරයි... මෙන්ඩෝ උඹට මාවමද ඕකට අල්ල ගන්න තිබුනේ...?
Deleteඔයාගේ කවි වල නිසඳැස් වල හරි අමුත්තක් තියෙනවා ,ඒකට මන් ආසයි
ReplyDeleteඅඩේ...අපරාදේ...මේ පාර නොමිනේශන් හම්බවුනානම් "වෙනසක් උදෙසා" කියලා පෝස්ටරේ ගහන්න තිබුනා....
Deleteබොහොමත් විස්කෝතුයි ඔමා....
http://komaree.bandara.army
Deleteඔය පින්තූරේ ඉන්න එක්කෙනා ගැනමද කියලා තියෙන්නේ. 'ගුටි කෑමට නියමිතයි'
ReplyDeleteනෑ...නෑ...එයා හරීරීරීරී...අහිංසකයි.මෙයා වගේ නෙමෙයි.ගුටිකෑවත්කමක් නෑකියලා හිතෙනවා.ඒත් මොනමගුල කරන්නත් කතාකරන්න එපැයි.තාම උදේට හම්බවුනහම ගුඩ් මෝර්නින් කියනවා විතරනේ.
Delete//දකිනු රිසින් පියයුරු තුඩු අසංවරව ලැමට එබෙන// කටුස්සා අද නම් ඉවරයි... කනවා කෑමක් මදි නොකියන්නම...
ReplyDeleteයකෝ...බලපන් හෙඩිම...අපි එයා ලඟදී එහෙම නෑ.හෙන සංවරයි....
Deleteමම මුලින්ම හිතුවේ මදාවියා ඇවිත් උඹේ බ්ලොග් එකේ කයියක් ලියල ගිහින් කියලා.
ReplyDeleteඋඹ හොඳටම නරක් වෙලා බොල.
"ගුඩ් මෝනින්" කියන කාලේ මෙහෙම හිතන එකා ඔය කෙල්ලව යාළු කර ගත්තොත් එහෙම මක්ක වෙයිද කියලයි මම මේ හිතන්නේ. හෙහ් හෙහ්...
උඹටනම් ලොකු අයියේ කවි තේරුම්ගන්න බැරි ලෙඩක් හැදිලා දරුණුවට.කෑලි වටකරගනම ඉඳලා මොලේ කුරුවල් වෙලා.මේකේ ලියලා තියෙන්නේ ඒ ඇත්ති දැක්කහම ඒ කිසිම දෙයක් හිතෙන්නේ නෑ කියලා.රාමු කරන් කාමරේ එල්ලගන්නමයි හිතෙන්නේ.
Delete./// මේකේ ලියලා තියෙන්නේ ඒ ඇත්ති දැක්කහම ඒ කිසිම දෙයක් හිතෙන්නේ නෑ කියලා ///
Deleteහත්තිලව්වයි යකෝ.. !!
එහෙනං ඒ කසාදෙං කාරි නෑ... මොකෝ ගෙදරින් නොකා කඩෙං කෑවම කේස් :D
එහෙම තමයි ඩෝ විරාගික චීත්තරාගී උතුම් පිවිතුරු නොකැලැල් පවිත්‍ර ප්‍රේමය.
Deleteමුළු හදින් මම ඇයට පෙම්කොට අනාගත පෙම් සිහින මැවුවෙමි
Deleteමගේ සොඳුරිය වෙනත් එකෙකුට උම්මා දෙනහැටි බලා දුක්වෙමි
//එහෙම තමයි ඩෝ විරාගික චීත්තරාගී උතුම් පිවිතුරු නොකැලැල් පවිත්‍ර ප්‍රේමය//
Deleteගූග්ල් මැප් එකේ හෙව්වා!
විකීපිඩියා එකේ හෙව්වා!
බ්‍රිටැනිකා, එන්කාටා ඔක්කොගෙම හෙව්වා!
මලලසේකර ඩික්ෂනරියෙ හෙව්වා!
සද්ධර්ම රත්නාවලියෙ හෙව්වා!
උම්මග්ග ජාතකේ හෙව්වා!
නොලද එකම දෙය පමණකි ඔය කියන...ප්‍රේමය!
උඹ සුනිල් ආරියරත්න මහත්තයගෙන් ඇහුවේ නෑනේ....
Deleteමදාවියෝ,පත්තරයෝ- කෝ බං අර වර්ණ ලියන දිනේශ් මලයා?දැක්කේ නෑනේ සෑහෙන කාලෙකින්
./// මේකේ ලියලා තියෙන්නේ ඒ ඇත්ති දැක්කහම ඒ කිසිම දෙයක් හිතෙන්නේ නෑ කියලා ///
Deleteඋඔ ඒකිව බැදලා අපේ ගෙවල් ලග බෝඩිමක නවත්තපන්..
එහම නැත්නම් හබරලයි වදකහයි කොටලා උදේට දවල්ට රෑට ගාපන්
නැත්නම් නාගලම් විදියේ මුදියන්සේ වෙද මහත්තයා මුන ගැහියන්
ඕක තමයි මළ යක්කුනේ මම කියන්නේ මට කවි තේරුම් ගන්න බැහැ කියලා... :(
Deleteඅවුලක් නෑ.ලොකු අයියට තේරෙන විදිහට දාන්නකෝ කමෙන්ට් එක.ඒකෙත් පොඩි ගතියක් තියනවා.
Deleteඋඹේ පෙම් පුරාවත මුල ඉදලාම විස්තර කියෙව්ව නිසා මටනම් සැක නෑ මේ ඒයාම තමා...... මචං ඔ්ක තමා නන්දා මාලනියන් කියන්නේ
ReplyDelete//ප්‍රේමය නම් රාගයෙන් තොර සද ඒළිය සේ අචින්ත්‍යයි.... පාරිශුද්ධයි... සුරම්‍යයයි// කියලා. ඒක අැත්තක් නේද?????? ඔ්ක තේරෙන්නෙත් කීයෙන් කී දෙනාටද???? උඹ පැහැදිලිව ම ඒ අතරින් කෙනෙක් තමා...... හම්බුණාම අපිත් මතක් කරා කියන්න.... ජය ශ්‍රී
හැක් :D
Deleteවටේ ගියත් හවස ගෙදර වගේ වෙන්නනම් බෑ බං.හැමදාම ගෙදරම තමයි ඉන්නඕනේ දැන්.මම හීන මැවුවට ඒ කෙල්ල මේ කිසිම දෙයක් දන්නේ නෑ බං.
Deleteපත්තරයා මොකෝ...ඊරිසියයිද?
පුරේ පාටියක් සෙට් කොරපන් , අපි ටක්ස් ගාල එයාට ඕක කියන්නම්. සිම්පල් මල්ලි ඕව.
DeleteThis comment has been removed by the author.
Deleteවේයන්ගොඩ තියන එකටත් ලාහට ගෙම්බෝ එකතුකලා.පුරේ එකක් තියලා ඔය වැඩේ කරන්න ගියොත් උඹටයි මටයි විතරක් ගම් ගුටි කන්න පුළුවන්.
Deleteකම්මලයා උම්මා..උම්මා...පුරේ පාටියක් දාමු..
Deleteකටුස්සො ලැහැස්ති කරමු බං මමත් ඉන්නවා
පළමුව සිනාසෙයි
ReplyDeleteදෙවනුව ලියුම් දෙයි
තෙවනුව තෑගිබෝග අරන් යයි
04 .……… ??
05 ……… ?? :D
ඉන්පසු ප්‍රේම ගඟේ
පීනාලා සතොසේ
ප්‍රේම කරයි දෙන්නට දෙන්නා ……
- මේරියන්ස්
දැන්නම් ලියුම් දෙන්න ගියොත් නෝන්ඩිවෙනවා ගමටම....
Deleteඊ මේල් එකක් යවපං ... වැඩේ ඉවරනෙ .......
Deleteමගුලක් කියවනවා.නමවත් හරියට දන්නේ නෑ තාම.ඊ මේල් යවපන්කෝ.
Deleteඅපි හොයාගමු
Deleteදැන් නම් ගම් හොයනවාට වඩා පොලේ යන වෙලාව, කඩේයන වෙලාව හොයාගන්න ඕනේ.මගේ කරුමෙට ඉස්කෝලත් නිවාඩු දුන්නනේ.
Deleteමේ ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක් නේද ..??
ReplyDeleteයකෝ බාල අපරාද කරන්ඩ එපා ..!!!!
නොදකින් මලපෙරේතයා....ඒ ලලනාව ඉස්කෝලේ යන චීචර් කෙනෙක් යකෝ.උඹ හිතුවද මමත් උඹවගේ ඉස්කෝලේ කෙල්ලෝ බලන්න නුගේගොඩ බාලිකාවල්ගාව බස් හෝල්ට්වල නිදාගන්නවා කියලා....
Deleteඈහ්හ්... උඹ කොහොමද ඒ සීන් එක දන්නෙ ..??
Deleteබීපු මිනිස්සු බොරු කියන්නේ නෑළු....
Deleteබීපු මිනිස්සු කියපු රසකතා ගොඩක් ඔළුවේ තියනවා.උඹයි ,අර නේවි කාරයයි ආපුනැති දවසේ ආපු අයියගේ කතාවක් බාගෙට ලියලා නවත්තලත් තියනවා.බලමු ඊලඟ එකටවත් ඒක ලියන්න.
අපි නොදන්න අයියෙක්ගෙ කතාවක්ද ?
DeleteThis comment has been removed by the author.
Deleteටිකක් විතර දන්න අයියා කෙනෙක්
Deleteලස්සනයි කසුට්ටෝ ....... හැබෑට ඩයිනෝසිරස් ගැනද කසුට්ටෝ ලිවුවේ...
ReplyDeleteකෙමෙන්ටු ඩයිනෝසිරස්ට නේ
මමවගේ චුට්ටං මනුස්සයෙක්ට මුන් කතා හදනවා බං....
Deleteඅපූරු හිනාව
ReplyDeleteආස හිතුනා නේද...?ඔය ඇති.ආපහු දාන්නේ නෑ පොටෝ.....
Deleteharima lassanay
ReplyDeleteඉස්කෝතුයි හංසමාලී...
Deleteකටිය ලස්සනයි.චූටි ටිචර් ට ෂේප් එකේ වර්ඩ් එක දාලා බලන්න.ගුඩ් ලක් කටුස්සෝ
ReplyDeleteහම්ම්...චූටි ටීචර්ගේ සෙරප්පුවේ සයිස් එකවත් බලාගන්න බැරියෑ
Deleteෆොටෝව ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි
ReplyDeleteයකෝ...මේකේ ඉන්න එවුන්ට සාරියක් ගවුමක් පේන්න බෑනේ....
Deleteඊවාන් ලව්පූසා,
Deleteමොකද මේ ස්ස්ස්ස්ස්ස්ස්ස් ගාන්නෙ. ඔයා නයාද?
අක්කර පනහක් මැද්දෙ ඉදං ගුඩ් මෝනිං කියන්න උඹ උදේට පාරට ඇවිදිනවද ?
ReplyDeleteහරි .... උඹ කටුස්සෙක් වෙලා තමයි ඉවර වෙන්නෙ.
අක්කර 50ක්...?හිතුවද අපේ තාත්තා හැරී ජයවර්ධන කියලා....?
Deleteවෙනදා 7ට ගෙදරින් යන එක දැන් 6.45ට යනවා.එච්චරයි....
This comment has been removed by the author.
ReplyDeleteපුරේට ගිය එකෙක් වැවකින් නාලා ශ්‍රි මහා බෝධිය වැන්දොත් කාසාද නොබැද එන්නෙ නෑ..
ReplyDeleteඋඔට හරි යනවා..
ඉක්මනට වෙඩිං කෙක් කෑල්ලක් එක්ක ගල් අරක්කූ
දවසක් පුරේ ගිය අළුත බාර් එකක තනියම ගහද්දී සෙට්වුන එකෙක් කිවුවේ පුරේ ඇවිත් තෙප්පිලි මාලුයි මැල්ලකොල මැල්ළුමයි එක්ක බත් කාපු එකෙක් පුරේ දාලායන්නේ නෑ කියලා.
Deleteඒ කතාව ඇත්ත
Deleteමොනා කියන්නද හිතාගන්න බෑ බොලං.
ReplyDeleteකවියට අදාල නැති කමෙන්ට් දැකලා උඹට එපා උනාද?
Deleteකවිය ගැන එක කොමෙන්ටෙකක්වත් නැද්ද කොහෙද..
ReplyDeleteඔවු බං.කවිය ගැන කියල තියෙන්නේ 4-5 දෙනයි.ඒකෙනුත් අර උඹගේ වැඩ සගයා දාලා තියන එක දැක්කහම අඬන්න හිතෙනවා.
Deleteලස්සන පැදිපෙළක්
ReplyDeleteජයවේ කටුසු හදවත!