කල්පයක් තරමටම වටිනවා තප්පරෙත්
ඔබ දිහා බලාගන හීන අහුලන විටක
කොබෙයියොත් ගෙට වදින රතුපාට අහස යට
ඉඩෝරෙට අහුවිච්ච සඳත් පණ යදින කල
කළුපාට ඇස් ඇතුලේ මගේ රුව සොයන විට
ගයන්නේ සරදමටද රැහැයියොත් නිදි වැදුන
උකුල මත සුව යහනෙ දැනෙනවිට නුඹේ අත්ල
පිළිවෙලක් වෙයිද දැන් දඟවැටුන කෙහෙරැල්ල
හැරුන විට මගෙ මුවට තදවෙනා නුඹෙ නෙරිය
හපන්නද හිමින් දැන් ඇඹරෙන්න බෑ හොඳද
ඉනවටේ වෙළුන අත සොයනකොට මුදු මෙලෙක
දැඟළුවොත් බලාගමු මරනවා මම උඹව
වදනකඳු නොදොඩාම යොමනවිට නෙතට නෙත
ඔබෙ සුවඳ දැනෙනකොට කොහොම ඉවසම්ද මම
මේ ලෙසින් රහසේම ඉන්නෙමුද හැමදාම
මටද නුඹ නුඹට මා අයිති නැති ලෝකයක
වෙන්වෙනා හැමවිටම මම ගන්න නුඹේ හිත
මගේ ලඟ දෙනෙත මෙන් සදාකල් රැකෙනු ඇත
තවම නොහැකිද නුඹට බිඳින්නට බැඳි පවුර
පලක්වෙද ඔහුට නුඹේ හිත නොමැති හිස් සිරුර
කටුස්සා....
//මටද නුඹ නුඹට මා අයිති නැති ලෝකයක// .....................
ReplyDeleteදුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් … ඕ යේස්
Deleteලෝකෙම විශ්ව ගම්මානයක් කිවුවට ආදරේදී එහෙම නෑළු බං
Deleteපත්තරේ-
ඇයි බං අල්ලපුගෙදර අක්කා...
කසුට්ටෝ දැන් නම් අපිට බයත් හිතෙනවෝ................ හොයාගන්න වෙයිද මංද තව ටිත කාලෙකින් කසුට්ටත් ට්‍රැවලින් බෑග් එකක
ReplyDeleteලස්සනයි කසුට්ටෝ.... කසුටු ලියන විදිහට විෂුවල් එක මැවෙනවා
හැක්...මාවනම් ට්‍රැවලින් බෑග් එකක දාන්න ටිකක් අමාරුවෙයි....
Deleteබෑග් හතරක් විතර ඕනෙ වෙයි....
Deleteඒක ඇත්ත මට අමතක උනානේ කැමායියේ...... මේ කසුට්ටෙක් කිවුවට ඩයිනෝසර් යුගේ එකෙක් කියලා
Deleteතුන්කාලෙ කන්ටේනර් එකකට නං අමාරුවෙන් බස්සතෑකි...!!!
Deleteමම මේක ලියා ගත්තා..
ReplyDeleteඑල ද බ්‍රා..
පට්ටයි මචං සුපිරි කියන්න වදන් නෑ..
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
Deleteනොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා...
මතකේ දරා හිඳිමී සදා...
මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දොවා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා...
දිවියේ පුරා හිඳිමී බලා...
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...
ගායනය - රුවන් හෙට්ටිආරච්චි
තනුව - රුවන් හෙට්ටිආරච්චි
ගී පද - සජිත් විනෝද් ප්‍රනාන්දු
This comment has been removed by the author.
Deleteපලවෙනි දවසේ මට ඇහුනේ
Deleteනොදැක ඉන්න බෑ මටනම් මගෙ චාඡරේ
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ චාඡරේ.
ලියාගත්තේ මොන කෙල්ලට දෙන්නද?බට්ටිටද?
Deleteකොහොමත් කෙල්ලට වඩා චාර්ජරේනම් වටිනවා තමා....
පලක්වෙද ඔහුට නුඹේ හිත නොමැති හිස් සිරුර...
ReplyDeleteසහතික ඇත්ත කටුසු
ලස්සන පැදි පෙළ
ජය!
ආදරයක් නැති ශරීරයකින් මොනවා කරන්නද බං?
Deleteආදරයක් ඇත්තෙම නැත්ද?හිතට තට්ටුවක් දාල බලන්න.....
Deleteමේ වල් සතා ආපහු කවියක් දාල...
ReplyDeleteඇයි බන් මට මෙහෙම කරන්නේ, අර මදාවියත් හොඳයි කියන ජාතියේ කවියක් දාල.
වෙලාවට ඒක පොඩ්ඩක් තේරුණා අනිත් උන්ගේ කමෙන්ට් එහෙමත් බැලුවම...
This comment has been removed by the author.
Deleteඅර කමෙන්ට් ලියලිය පස්සේ මකමක යන කුඩුකාරයා මෙතනටත් ඇවිත් ගිහින්... හෙහ් හෙහ්...
Deleteමෙන්න මෙහෙම ලියන්න ගිහින් නිකමට වගේ පහල බැලුවම අපේ මේ කම්මලය ඉන්නවා දත් ඇන්ද එළියට දාගෙන, වෙනම තැනක කමෙන්ට් එකක් කොටාගෙන.
ඔන්න දැන් ඉතින් එහෙම ලිව්වේ නැහැල්ලු හොඳේ...
ලොකු අයියට මීට පස්සේ අවුලක් වෙන එකක් නෑ.කවියක් දැක්ක ගමන් කම්මලයගෙන් ඇහුවනම් ලෙසටම තේරුම පැහැදිලි කරයි.ඒකගෙන් අවුරුද්දක් විතර කවිවල තේරුම් අහගත්තොත් ලොකු අයියට පට්ට විචාරකයෙක් වෙන්න බැරිකමකුත් නෑ...
Deleteලොක්කො මේකයි සීන් එක , මේ කියන කෙල්ලට හොදටම කිචි, ඉතින් ඉනවටේ අතදානකොට නටනව. ඉතිං මේ කොල්ලට කෙල්ලව මරන්න තරම් කේන්ති යනව . ඒ ගැනම තමයි ඉතිරි ටිකත් වෙන මොකක්වත් නෑ.
ReplyDelete" අයියෙ මේ ……ඔය බැරි වැඩ නොකර මට කිචි කවන්නෙ නැතුව බිමට බහින්න.."
Deleteකියල නේ නංගි කීවෙ :D
කොහෙද බොල නරියෝ මේ උත්තර බඳින්නේ...
Delete///මේ කියන කෙල්ලට හොදටම කිචි, ///
අලුත් පිට ගොඩක් වාහන වල ඔය ලෙඩේ තියෙනවා...
ඕ යේස්.. ඒකනෙ අලුත් ඇංජින් රේස් කරන්න එපා කියන්නෙ :D
Deleteකෙල්ල කිවුවේ "අයියා නොවැ මහන්සිවුනේ" කියලළු.
Deleteඔය අළුත් ඇංජින් රේස් නොකර තියාගත්තොත් හොර වෙනවා බං.
මං අහල තියෙනවා රී-බෝර් කරපු අළුතත් වැඩිය රේස් කරන්න එපා කියලා. ඇත්තද බංස්ලා?
Deleteඒ යකෝ සයිලන්සරේ කට ලොකුවෙයි කියලා.
Deleteමරු.... පට්ට ඉරොටික්...
ReplyDeleteහම්මේ ඉතිං මැවිල පෙනුන කසුට්ට අත ගාන කොට කිචි කැවිල ඇඹරෙන හැටි...
ඔහුට පලක් වෙන එකක් නෑ තමයි මට පේන හැටියට...
//කටුස්සා අත දාන කොට//
Deleteහදපන් මේකටත් කතාවක්.....
මේක ලිටරෝටිකා වෙන්න යන්නෙ.
Deleteඔය දිලා කියන එකයි කසුට්ටා කියන එකයි අතරෙ වෙනසක් දැනෙනවා ඇති කෙල්ලට කොහොමත්.
කසුට්ටා කියන විදිහටනං ඔහුට පලක් ඇත්තෙම නැති වෙනවා දිලෝ...
//තවම නොහැකිද නුඹට බිඳින්නට බැඳි පවුර
ReplyDeleteපලක්වෙද ඔහුට නුඹේ හිත නොමැති හිස් සිරුර//
මෙතන එයිට වඩා දෙයක් ඇති. පවුරු බිදල හිත් ගොඩක් රිදවල , ලෝක අපවාද අහන්නැතිව ඉන්න ඕනෙ කමක් ඇති. සිරුරු දෙකක්ම නොවන ආධ්‍යාත්මක නමක් නොමැති බැදීම් මේ ලෝකෙ තියෙන්න පුළුවන්.
සංකීර්ණ බැදීමක් උඹ කවියට නගල.
හම්ම්...දෙන්නගෙන් කෙනෙක් හරි බැඳලානම් ගොඩක්දෙනා හිතන්නේ ඒ ආදරේ ඇතුලේ තියෙන්නේ නිදිවදින එක විතරයි කියලා.ඒත් එහෙමනැත් ගොඩක් බැඳීම් තියනවා මේ ලෝකේ.ඒවා කවදාවත් කාටවත් තේරුම්ගන්න බැරිවෙයි.
Deleteකාටවත් නොතේරුන ඒ ආදරේට අවුරුදු ගානකට පස්සේ ලේබල් එකක් ගහ ගන්නද දැන් ඔයාට ඕන වෙලා තියෙන්නේ......
Deleteහැංගි හැංගි ඉන්නෙ නැතුව නියම පිරිමියෙක් වගේ එක පාරක් ඉස්සරහට එන්න,
එක පාරක් කියල යන්න ඇයි මේ කියලා........
ආයෙ මං හොයන්නෑ සත්තයි......
තව දුක් දෙන්න එපා මට
(අපහසුවට පත් උනා නම් සමාවෙන්න)
කරන කළට පව් මීරිය මී සේ......
විදිව කලට දුක් දැඩි වෙයි ගිනි සේ.......
(රහසින්) කටුස්සෝ මේ කව්ද බං මේ ..??
Deleteමගෙ අක්මාවට එක එක ඒව හිතෙනව ...
ඒකයිඇහුවෙ ..
කවුරු උනහම බොට මොකෝ...අහක බලාගනින්.නිකන් ඉන්න මට අහලගියත් මොකෝ....
Deleteකටුස්සව හමුඋන වෙලාවක අහල බලන්න ඇනෝපිලිස්........
Delete(අක්මාවට හිතෙන දේවල් ගැන ඒ තරම් හිතන්න එපා)
ඔයාගෙන් පිළිතුරක් ලැබුනට, තාම මම අහපු දේට නම් උත්තරයක් ලැබුනෙ නෑ කටුස්සෝ.......
එපා හිත පාරන්න..
ReplyDeleteඔබේ බෑදි පවුරේ අයට....
දුකක් දෙනවානම් දෙන්න..
මග බෑලූ මා වෙතට...
ලස්සනයි කටුස්සා...හදවතටම දෙනෙනවා...නොලෑබුන ආදරයක් ලෑබෙන මොන දේටත් වඩා කොච්චර වටිනවද?
සුබ පෑතුම්...
:)
ලැබෙන දේ අගය අඩුයි.නොලබෙන දේ අගය වැඩියි කියනවනේ.
Deleteදිරි ගැන්වීමට ගොඩක් ස්තූතියි ...
//වියෝවු පසුවයි දෑනෙන්නේ ප්‍රේමයේ අභිමන්...
Deleteහෑඩූ දා කදුලයි දකින්නේ සිනහවේ සරදම්....//
ආදරය කියන්නේ හිමිවීමම නෙමේ..
:)
ශෘංගාරයට යටවූ ආදරය,
ReplyDeleteරාගය මුසුවූ ප්‍රේමය,
විරහව තුළින් නැගෙන රාගය
වගෙද මේ කෙහෙල්මල් කිචිය
Deleteහිමි නොවීම තුල ඇතිවන ඊර්ශ්‍යාව
Deleteතමන්ගේ කියලා හිතන දෙයක් වෙන එකෙක් බුක්තිවිඳින කොට ඇතිවන වෛරය
රාගය නම් ප්‍රේමයෙන් තොර .....
ReplyDeleteඉවාන් ලවුපූශා තියරිය...?
Deleteරාගයනම් ප්‍රේමයෙන් තොර වෙරළු මල් සේ සුවඳ දේ...
කලිල් ජිබ්රාන් කියල තියෙන්නේ ප්‍රේමයට රාගය එකතු උනොත් ප්‍රේමයත් කිලිටි වෙනවා කියලනේ. ඒත් අද රාගයෙන් තොර ප්‍රේමයක් හොයන්න හරි අමාරුයි නේද? කොහොම උනත් මේ කවියනම් පට්ටම පට්ට........
ReplyDeleteඔය හාදයාම නේද කාන්තාව,සංගීතය හා මධුපානය තියනවානම් ජීවිතේ සම්පූර්ණයි කියලා කිවුවේ....?
Deleteඅදහන්න බැරිවුනත් රාගය කියන්නේ ආදරයට අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි කියන තැන මාත් ඉන්නවා මචෝ....
පළමු ගොඩවැදීම සාඪරයෙන් පිළිගන්නවා...
//අදහන්න බැරිවුනත් රාගය කියන්නේ ආදරයට අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි කියන තැන මාත් ඉන්නවා මචෝ....///
Deleteඑහෙම අහන්න ලැබෙන්නේත් කලාතුරකින්... හිතට දැනෙන ලියන්න තියන හැකියාව නම් අගෙයි :)
පුතා.. වැටෙන් එහා පඳුරේ මල් කොච්චර පිපිලා වැටුනත් නෙලන්න යන්න එපා.. හිත නැති කඳේන් වැඩක් නැති උනාට ඌ අනුන් කඩනවා දැක්කොත් කඩපු එකාගෙ කොන්ද කඩනවා ෂුවර් එකටම..
ReplyDeleteඒකට ඉතිං අර ජම්බාරෙද මොකද්ද එක කුලියට ගංට එපෑ ඒ මිනිහා...
Deleteඒවුනාට මාමණ්ඩියේ ගොඩාරියක් සුවඳ දැනෙන්නේ වැටෙන් එහා පිපුණු මල්මනේ.ඉතින් සුවඳ දැනෙනකොට ඉවසන්නම බෑ.කොන්දගැන මතකයක් එන්නෙම නෑ.
Deleteමධාවියෝ-
ජම්බාර නැතිවුනත් මෙහෙ තියනවා බං තඩි දොරපොළු.මෙන්න සයිස්.....
උඹ දන්නවද කසුට්ටො, අසම්මත ප්‍රේමය තමා ලස්සනම. මොකද බාධක වැඩියි. සරලව කියනවානං හොරෙං කන දේ තමා රහ. (මේක අපේ මායියා දැක්කොත් මට ඊළඟ පාටියට එන්න වෙන්නෙ නැති බව සටහන් කරගනිං)
ReplyDeleteඋඹේ කවියත් එහෙම හොරා කාපු ඒවා වගේම රහයි. ඇත්තටම ලස්සනයි.
හොරා කන ඒවා ලස්සනයිනම් තමයි.අවුල තියෙන්නේ හොරාකාලා ඇවිත් නීත්‍යානුකූලව කන කෙනාගේ මූණ බලන එකයි.හොරාකාලා ගෙදර ආපු වෙලාවට එයා ආදරෙන් කතාකලොත් එහෙම කපාගන මැරෙන්න හිතෙනවා.
Deleteවඳනකුදු නොදොඩාම
ReplyDeleteලංව සිටි අතීතය
කවියක් ලියන්නට
නිමිත්තක් විතරක්ද
මගේ ඇස් පියන් යට
උනු කඳුළු රැඳුනාම
බිදක් වත් දුක නැද්ද
නුඹේ ඔය හදවතට
උකුල මත දඟ කරන
සිමින් මා සිප ගන්න
ඔය දෙනෙත දුටුවාම
හිරි වැටුන මගේ ගතම
ඉන වටේ වෙලා අත
නුඹ මෙලෙක සෙව්වාට
ඉවසන්නෙ මම කෝම
නුඹ දිහා බලා ගෙන
කුළුදුල් බවම සොරා ගෙන
ඉවත බැලුවේ ඇයිද
මගේ හිසේ අත තියා
දුන් පොරොන්දුව මෙයද.....?
මම ලියපු කවියටම නොවුනත් මෙහෙම අදහස් දැක්වීමට ස්තූතියි....
DeleteThis comment has been removed by a blog administrator.
Deleteගෑනියක් දකින්න නැතුව ගලේ හැප්පි හැප්පි ඉන්නකොට ඔව්ව මතක වෙනව තමයි බං.. එළ එළ... මරු කවිපද ටික..
ReplyDeleteහිතෙන් මවා ගන්නවා ඇරෙන්න කොහෙන්ද මල් සුවඳ ගල් වලේ?ඉක්මනටම කසාදයක් කරගන්න ඕනේ.
Deleteදුවන මුවන් දැක නොදමන් නෙලූ පලා ..
ReplyDeleteටූ ලේට් මචන් ටූ ලේට් ...
ඒ දවස්වල ගනං උස්සල පස්සෙ නියව නියව ඉන්න එක අපි හැමෝටම වෙන දෙයක් .
දැං බලපං මේ මම .. නෑඑක්කො ඕනෙ නෑ ...... හැක හැක හැක
අපි අතින් සිදුවුන වැරද්ද නිවැරදි කරගමු.නැගිටිමු පරණ කෙල්ලත් එක්ක.(මිනිහ ගෙදරට එන්න කලින් )
Deleteමචං කසුට්ටා.....................
ReplyDeleteමේ කවියත් මං කලින් කවි ටිකට ම සම්බන්ධ කරලා ගන්නම් කමක් නැහැනේ... මේ ලියලා තියෙන්නෙත් ඒකමනේ..... කවිය පට්ටම සුන්දරයි..... පද ගැලපීම නියමයි.... ඒත් අර්ථය නැතිනම් වෙලා තියෙන දේ ගැනනම් වෙනස් ම කතාවක් කියන්න තියෙනවා.... කාටවත් අයිති දේවල් තමන්ගේ කර ගන්නවාට වඩා වෙන කෙනෙක් ගාව තියෙද්දි වුණත් බලලා සතුටු වෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.... නැත්තං පව් සිද්ධ වෙයි.... ගිය අාත්මේ කරපු පව් තමා මේ අාත්මේ විදවන්නේ... ලබන අාත්මයටත් ඔය පව් තියාගන්න ඒපා මචං...... ඒතකොට අපිට ඒ අාත්මෙත් මේ කවි කියවන්න පුළුවන් වෙන නිසා අපිනම් සතුටුයි... ඒත් උඹ.....................
නොදකින් මල පෙරේතයා...ඒකටත් හදපන් කතාවක් කටුස්සා බඳපු ගෑනියෙක්ගේ ඉනේ රැලි ගනිනවා කියලා.
Deleteපිස්සුද බන්ස්...කටුස්සා ඔයවගේ අසමජ්ජාති වැඩක් කරනවා තියා හීනෙන්වත් කරන්න හිතන්නේ නැති අහිංසක මිනිහෙක්.බොරුනම් අහපන් මෙන්ඩගෙන්.
කවි ටික නම් සුපිරි කටුස්සො. පද ටික ලස්සනට ගලපලා තියෙනවා. ඒක නෙමේ කවුද බං අර උඩින් තැන් දෙක තුනක කමෙන්ට් කරල තියෙන එක්කෙනා.
ReplyDeleteකට වහපන්.පොඩි එවුන්ට ඕනේ දේවළුත් තියනවා.එපා දේවළුත් තියනවා.කවුරු උනහම උඹට මොකෝ.ඊරිසියාව.
Delete(මම දන්නෙත් නෑ බං )
බොහොම ලස්සනයි.
ReplyDeleteනෙලා ගණන් බෑ මගේ අත දිග නෑ ..වගේ තමයි
අත දිග තිබුනනම් දනී නේ කරනදේ....
Deleteලස්සනයි ��
ReplyDelete