Sunday, April 3, 2016
නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත.....
හද කලම්ඹන නෙතු විකල්වන නුඹේ රුව මත පතිත සඳ සේ
දෙතොල් පොපියන වතත් රතුවන හැඟීමක් මැද රඟන බිඟු සේ
රැලිත් නොනගින විලත් හඬවන හමායන සැඩ මාරුතය සේ
කොහේ සිට නුඹ පාවුනිද මෙහි මගේ දිවියේ අයිතිකරු සේ
පාවෙනා සුළඟත් නිසලවන දිදුලනා නුඹේ නීල දෙනයන
කැල්ම දරනට බැරුව ලතවෙන මගේ සිතුවිලි මන විකල්වන
සරණ සොයනට නුඹේ උණුසුම සියළු සසරෙම සොයා ලතවෙන
වැළඳ ගන්නට තවත් ඕනෙද සිතන්නට කල් මාව අවුලන
කල් බලගන දෙතොල පිනවන මදුවිතක් වුන නුඹේ වදනට
නෙතු පිනායන සිතුවමක් වුන දූල කැල්මක රැඳුන උවනට
මටද මාවත් අමතකව යන සිත නිවාලන ලතෙත් සෙනෙහෙට
උරුම අයිතිය මටම දෙනවද හොවා ඔසු මේ හද උමතුවට
කටුස්සා....
Labels:
වැට ඇති කවි
Subscribe to:
Post Comments (Atom)
ඔබට සිත ආදරේ කරයි
ReplyDeleteදෙතොල ගොලු වී සිතේ.
නැගුනු සෙනෙහේ කියනු බැරි වී
මගේ සිත
මගේ සිත.....? වෙලාවට අපි ඉඳුරන් දමනයකරගන ඉන්නේ.
Deleteමමනන් කියන්නෙ බං ඕක හිතේ හිරකරන් ඉන්නැතුව ගිහින් සුටුස් ගාල මූනටම කියල දාපන් බං
ReplyDeleteමගේ තියරියත් ඕකම තමයි යකෝ.
Deleteකසුට්ටා මං උඹේ කැමති ම ලක්ෂණය තමා හරි ලස්සනට එළිවැට රකින ගමන් ඊට එහා ගිය ලස්සනකින් ඒ එළිවැටට ගැලපුම හොයන්න පද ගලපන එකට..... අන්තිම පද පේළිය අහන්නේ ප්‍රශ්ණයක් තමයි. ඒ උඹට නිර්මාණකරුවා විදිහට අහන්න තියෙන ප්‍රශ්ණය වුණාට අපි කවිය කියවන්නන් රසවිදින්නන් හැටියට ඒ පද පේළිය තුළ තමා උත්තරය හොයන්නේ.... උඹ ඒ උත්තරයත් හරි ලස්සනට ගලපලා තියෙනවා බං.....
ReplyDeleteතුෂාර
ප්‍රශ්ණ සහ උත්තර....අපේ ජීවිතේ වැඩිපුරම ගෙවිලා තියෙන්නේ ඔය දේවල් අතරමැද්දේ වෙන්න ඇති.
Deleteඇගයුමට ගොඩක් ස්තූතියි මචෝ...
//උරුම අයිතිය මටම දෙනවද හොවා ඔසු මේ හද උමතුවට//
ReplyDeleteදැං නං බලං උන්න හොඳටම ඇති..
ජයවේවා..!!
මම කියන්නෙත් ඕකම තමයි. බලන් හිටියා හොදටම ඇති.කෝ මේකි තාම නෑනේ.
Deleteමම මොකුත් කියන්නේ නෑමයි.. :)
ReplyDeleteසාක්කියට අස්සන් කරන්න කවුරු හරි ඕනි උනොත් කතා කරපං..
සැලිබ්‍රේට් කරන්න වෙයි නේද මචං ?
Deleteගිය මාසෙන් පස්සෙ මූට මොනාහරි වෙලාවගේ නේද ..??
Deleteසැලිබොරේට් කොරන්න ඕනෙ මූ නැතත් .....
අනිවා.ඒකනේ කලින්ම කිවුවේ....
Deleteකම්මලේ-මදුරුවා-
කොහොමත් ටික වෙලාවක් යද්දී මම හිටියත් නෑ වගේනේ.ඔන්න ඔහේ මම නැතුවම සැලොබෙරිට් කරපන්.
මම හිතන්නෙ වැඩේ හරි යයි., ඉක්මනට කාර් එක සුද්ද කරල ගමු.
ReplyDeleteහිතුවද මම හනිමූන් යන්නේ කාර් එකේ කියලා....?
Deleteසුන්දර පදවැලක්.. මොකද මේ සින්දු කෑලිවලින් මාතෘකාව දාන්නෙ කවිය ඇතුළෙම හොඳ මාතෘකා ගණනාවක් තියෙද්දි..
ReplyDeleteඅනේ මන්දා...වහෙන් ඔරෝ කවි ලියවෙන කොටනම් එහෙම දැම්මේ කවියේ අදහස පැහැදිලිවෙන්න.ඒවැඩේ පුරුද්දට ගිහින්ද කොහේද.
Deleteවැට ඇති වටිනා කවි..හේ..හෙහ්
ReplyDeleteඅද බයින්නෑ වචන වැඩියි කියලා....?
Deleteහරි ලස්සනයි කටුසු! :)
ReplyDeleteබොහොම ස්තූතියි නගේ.
Deleteකෙලින්ම කියලා දැම්මනම් හරි. මේ කවි ටික පෙන්නුවොත් නිකන්ම කැමති වෙයි. කොහොම උනත් වැඩේ හරියේවායි පතමි :)
ReplyDeleteකෙලින්ම කියනවා තියා ඇදේටවත් පෙන්නගන්න බැරුව ඉන්නේ දැන්නම්.උදය අයියලා වගේ මිනිස්සු පතන්න ඕනේ මෙහෙම ප්‍රාර්තනා කරනවට.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනින්දේදි රාත්‍රී යහනේ පෙනේ රූප ඡායා
ReplyDeleteසිහිනේකි මායා
නින්දේදි රාත්‍රී යහනේ පෙනේ රූප ඡායා
සිහිනේකි මායා
සෝකෙන් ගැහෙනා හර්දෙ මාගේ ප්‍රේම වේගේ
ආ හා සෝකෙන් ගැහෙනා හර්දෙ මාගේ ප්‍රේම වේගේ
යාවී පැළීලා නාවේ ඇයි අනේ
කඳුළු බින්දු ගානේ මැවිලා පෙනේවී ඒ රූප ඡායා
තනි වීලා මනරම් ප්‍රේමේ සුදු වැල්ලේ
ඒ දුකිනා හඬනවා ප්‍රේමි
හා. . . ඒ දුකිනා හඬනවා ප්‍රේමි
ප්‍රේමේ පිපාසේ යාවි ම ප්‍රාණේ එන්කෝ පියාඹා
ආලෝකයක් නෑ චන්ද්‍ර යාගේ තොර වූ අහසේ
ආ හා ආලෝකයක් නෑ චන්ද්‍රයාගේ තොර වූ අහසේ
ප්‍රේමේ නැතී ඒ හර්දේ පාළු වේ
නා මල් පෙතී සේ ළා තොල් පිපේවී සඳේ කාන්ති පායා
නින්දේදි රාත්‍රී යහනේ පෙනේ රූප ඡායා
සිහිනේකි මායා
ගායනය – රුක්මණී දේවි
ගී පද – පී. එල්. ජේ. නන්දනකීර්ති
සංගීතය – බී. එස්. පෙරේරා
අයියා...මේ ගීතය ගායනා කිරීමෙන් යන්තමින් සෙට්වීගන එන නැගෙනියත් වෙනතක් බලයිද අයියා...?
Deleteහිරු සඳු මැකිලා
ReplyDeleteතරු කැට වැටිලා
ලොව ගනදුරු වී තිබු
සිත අසරණ වී හැඬු
ඒ රැයේදී බැදී ආදරේ බිඳිලා බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන් උනේ...
දිය වැල් මැකිලා
කඳුලැල් සිඳිලා
මල් මැලවුණු යාමයේ
බිඟු වැලපුණු පාළුවේ
ඒ පැයේදී බැඳි ආදරේ බිඳිලා බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන් උනේ...
හිරු සඳු මැකිලා
හිරු සඳු මැකිලා
තරු කැට වැටිලා
ලොව ගනදුරු වී තිබු
සිත අසරණ වී හැඬු
ඒ රැයේදී බැදී ආදරේ බිඳිලා බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන් උනේ...
මීවිත සිඳිලා
ගී පද මැකිලා
සිත ගොළු වුනු යාමයේ
ලොව සැතපෙන මේ පැයේ
ඒ දිනේදී බැඳි ආදරේ බිඳිලා බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන් උනේ...
අහපං කටුස් මේ සිංදුව ක්ලැරන්ස් ගෙ...
http://sllyric.blogspot.com/2013/12/blog-post_8093.html
ඉස්සර පාඩම්කලේ පැත්තකින් සිංදුවක් ලාවට අහගන.ක්ලැරන්ස්ට පිස්සු වැටුනේ "ක්ලැරන්ස්- සිහිවටන 04" කියන තැටිය ඇහුවට පස්සේ.ඒකෙන් පස්සේ ක්ලැරා පිස්සෙක්වුනා.කපුගේ, ක්ලැරා කියන්නේ ජීවිතේ වීරයෝ.මම අහලා තියනවා ඕක කලින්.
Deleteපට්ට...! දාපං පහක් බං. කොහොමද ඔය සිංදුවෙ අන්තිමේ ගිටාර් එක අඬා වැටෙන හැටි?
Deleteලව් සික් ගැහුවම ලස්සන කවි ලියවෙනවලු...හිකිස්....
ReplyDeleteඇයි යකඩෝ...ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් කවි ලියන්නෙම නැද්ද?
Deleteඑක ඇත්ත කවි ලියවෙනවා ලවි සික් ගැහුවම.
ReplyDeleteඔන්න කටුසු අපිත් ආවා..
Deleteලස්සන පද පේලිය...
දැන්ම අහන්න වේවී.. ප්‍රමාධය පසුතැවිල්ලට හේතුවක් උනොත්?
නැත්තන් ටික දවසකින් කියන්න වේවී,,,
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්,
වගේ එකක්....
ශාලිත-
Deleteහැක්...උඹත් ආවද ගින්නට පිදුරු දාන්න....
නිර්මාණි-
හොයාගත්ත ගමන් කියනවා අම්මපා....
පළමු ගොඩවැදුමට වෙල්කම් කිවුවා.
ඔයා ආපහු ලවුකරන්න පටන්ගන්නවා කිවුවාහම ඇග හිරිවැටෙනවා. කොහොම හරි කසාදෙන් කෙලවරවෙන සම්බන්ද්යක්ම පටන්ගන්න.නැත්තම් කසාද බැඳලා ආදරේ කරන්න පටන්ගන්න. නැත්තන් ඕකත් බූට් පෙමක් උනොත් අපිට මේ බ්ලොග් එක කියවන්න වෙන්නේ හොටුපෙරාගන.
ReplyDeleteහෙහ් හෙහ් අනේද කියන්නේ.. අපිවත් මෙව්වා වෙනවා
Deleteඇයි බං මූ බැදල ගෘහස්ථ ප්රචන්ඩත්වයට පත් වෙලා කවි ලියනකොට අපි කොහොමද නාඩ ඉන්නෙ. කොහොම උනත් කටුස්ස ඉන්නකම් අපිට හොටු පෙරාගෙන තමයි ඉන්න වෙන්නෙ.
Deleteඇනෝ-
Deleteකොහ්හේද බං මම මේකේ කියලා තියෙන්නේ මම ලවුකරනවා කියලා. බූට් සීන් ලිවුවොත් ඒකත් මට.ලවු සීන් ලිවුවොත් ඒකත් මට.මටනම් එපා වෙනවා මේක....
උපේස්සා-
අපි දෙන්න යාළුවොනේ නේ.නැත්තන් දන්නවනේ....අර මාත් එක්ක හිටපු LNW එකේ එඩිටරයවත් ඇදලාගන්නවා මම එදා සිද්දිය විස්තර කරන්න.
කම්මලේ-
ගෘහස්ත හිංසනයේ ජීවමාන සාක්ශිය.
ටක ටොක ටක ටොක..... ( දනිස් පොල්කටු එකට වදින සද්දේ )
Deleteහි හි හි ( දත් සෙට් එක පෙන්නමින්) ඔව් අනේ... අපි යාළුවොනේ ඈ.... ( තව එකෙක් ඒ පාර..... කවුද ඒ කියපු එකා? ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකෙක් නම් වැඩේ ගොඩ!)
උඹ තවම හිතේ තියාගෙන ඉන්නේ ඒක කියන්නේ නැද්ද ?
ReplyDeleteමම මේ දවස්වල 10-20 ගනිනවා...
Deleteකසුට් කසුට් මටත් මෙහෙම තාලෙට කවි ලියන හැටි කියා දෙන්ට බැයිද ? :D
ReplyDeleteඅපෝ පුළුවන්.හැබැයි ගාස්තු සහිතයි.කැමතිද?
Deleteහපෝ එහෙමත් සල්ලි ගන්නවද ? :(
Deleteමොනවා කියන්ටද කටුසු අනේ මන්දා.ලස්සන කවි පෙළක් !
ReplyDeleteඔන්න ඔහේ හිතට එන දෙයක් කියලා දාන්න මෙතූ.කිසි අවුලක් නෑ.ඉක්මනට බැක් ටු නොර්මල් වෙලා ලියන්න ගන්න.
Deleteලස්සන පැදි පෙළක් කටුසු සහෝ,හිතේ හිර කරගෙන ඉදලා වැඩක් නැ ගිහින් මුණටම කියලා දාන්න සහෝ,
ReplyDeleteඑහෙනම් ජයෙන් ජය,
අහලා තියනවද...ආදරේ ලස්සනම කාලය හිතේ හිරකරගන පස්සෙන් යන කාලයයි කියලා.
Deleteඋඹත් හෙන බුල්ටෝ පෙරේතයා නේද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපරක්කු උනානෙ ඩිංගක් මේ සැරේ....ඒකට කමක් නෑනේ?....කටුසු දන්නවනෙ මට කටුසු ලියන එව්ව කොහොමත් ප්‍රියයි කියලා....
ReplyDeleteඔයා මට ප්රියයිනේ පැටියෝ...ඒ නිසා මම ඕවා ගනන් ගන්නේ නෑ.
Deleteප්‍රමාදය ගැන සමාව බාජනෙට හොදෙයි..මන් ඉතින් හැමදාම කියනවා ඕක කෙලින් කියපන් කටුස්සයියේ ගිහින්...කෝ අහන්නේ නෑ නේ ඉතින්..
ReplyDelete