හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ.....
දන්නවද....?
කවි කතා අකුරුකල
පන්හිදත් නැවතිලා
පිටු පුරා රස මැවුව
කවි සිතම ගොළුවෙලා
ඔබ නිසා....
ලියන්නට කවි පෙලක්
හැදුව මුත් සිය වරක්
ලියවුනේ එක නමයි
දන්නේ එය විතරමයි
පුදුමයක්නම් තමයි....
සිතට කිසි අදහසක්
නෙතට සුබ රසඳුනක්
සවනතට පදවැලක්
නොගැටෙන්න....නොදැනෙන්න....
නුඹ කෙරුව මායාව
අතර හිඳ අසරණව
තවත් කොපමණ කලක්
මේ ලෙසම හිඳින්නද.....?
කටුස්සා....
දන්නවාද නුඹ ?
ReplyDeleteකවිකතා අකුරු කල
පන්හිඳම වියැලිලා
කවි ලීයූ පොතේ පිටු
සියල්ලම බොඳ වෙලා
අතීතයෙ පෙම් කෙරුව
මතකයන් යටවෙලා
ස්වප්නයක් සේ නුඹත්
ඇවිත් නොපෙනී ගියා
කාලයේ පසුපසින්
තවම නුඹ නැවතිලා
කාලයත් එක්ක මා
බොහෝ දුර පැමිණිලා
ආලයත් නුඹ ට නොව
තවකෙකේට නතුවෙලා
විවාපත් ජීවිතේ ලපලු දැන් ලියලලා
කවියක අදහස කවිය ලියන්නා නොහිතන ඇහැකින්, නොහිතන විදිහකට බලන්න ;කවිය කියවන්නාට පුළුවන් කියන එකට තව උදාහරන මොනවටද?
Deleteකටුස්සාට දැන් බිඳුන පෙම ගැන කවි ලියවෙන්නේ නෑලු.මේ දවස්වලනම් මෙලෝ දෙයක් ගැන ලියන්න හිතෙන්නෙවත් නෑලු.රබර් ඇට කාපු රිලවා වගේ වෙලාලු.
කවිය මගේ කවියටත් වඩා අගෙයි.ස්තූතියි.....
මා කවක් ලියා නැත නමකි ලියූ
ReplyDeleteඒ ඔබෙ නම මා සැනසූ..
පෙම් කවක් ලියනවා මම ආයේ
Deleteමල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
හමුවේවි සිත මාගේ.....
මේ ඉබ්බි නතරවෙලා බලන්නැති එකනේ මේ හැමදේකටම මුල....
//තවත් කොපමණ කලක්
ReplyDeleteමේ ලෙසම හිඳින්නද.....?//
මැරෙණකංම්ම ඉන්න වෙයි වගේ ........
නොදකින්....යාලුවෙක් කියන කතාවක්ද මේ....?
Deleteඇයි බං මොකෝ උනාද කැලවුණාද
ReplyDeleteආයිත් අහලා....සුපිරියට කෙලවීගන එනවා......
Deleteගල් බලකායෙ උං වරෙල්ලා :D
ReplyDeleteඑකායි:D
Deleteමම හැදුනා....ගල් බලකායෙන් ඉල්ලා අස්වෙමි.
Deleteඑහෙමා කරන්න එපා මචං.. දෑත් ශක්තිමත් කරගමු..
Deleteවිරහවට පුළුවන් කවියෝ බිහි කරන්නත්, කවියොන්ව ගොළු කරන්නත්...
ReplyDeleteහිතේ ගොලුවිච්ච ආදරේටත් පුළුවන්.....
Deleteකවි සිතක් වැලපෙන්න
ReplyDeleteපංහිඳක් නැවතෙන්න
ඒ හිතත් කල හදිය
මාරයි...හමාරයි...
ආයිත් අහලා...ගහමුද බෝම්බයක්....?
Deleteගහමු ගහමු..හැක් හැක්..
Deleteමඟුලයි
ReplyDeleteමේක ඒකපාර්ශවිකයි වගේ
කවියක්ලියල යවපං
ඔව්, කවියක් ලියලා යැව්වනම් හරි, ��
Deleteකණාමැදිරි නිල් එළියෙන්
Deleteසිත ඇතුලත
ලිපියක් ඔබට එවමි
ආදරයෙනි,
ඔබගේ නුවනග බැල්මක්
දෙතොල් මදහස කැල්මක්
පතා හිඳිමි
මල පුබුදින තුරු බඹරිදු
බලා සිටින්නා සේ
ගඟ බැස එන තුරු සමුදුර
බලා සිටින්නා සේ
සඳ නැග එන තුරු ගනඳුර
බලා සිටින්නා සේ
පිළිතුරු එවනු මැනව
-සේකර-
ඔච්චර ආදරේනං හංඟගෙන ඉන්නැතුව කියල දාන්ටකො අප්ප. එක්කො මේක ලින්ක් කොරහං.
ReplyDeleteහැම දේකටම වෙලාවක් තියනවා බොල නංගියේ.....
Deleteවෙලාව එනකන් ඉන්නේ නැතුව අහන්න අත්දැකීමෙන් කියන්නේ.කල් දාන්න එපා.
Deleteඔයා ඉතින් නැකැත් බල බල ඉඳල කෙල්ල මොකෙක් හරි හැලපයෙක් උස්සං ගිය දාට මෙතන බුකියයි,බොගෙයි පිරෙන්න විරහ වේදනා අමුණන්නකො හිටං. ඒකට තමයි ඔය හැඩ වෙන්නෙ...
Deleteහැට හතරෙන් කීයක් දැමුවාදැයි නොදනී
ReplyDeleteනැකතක් නොබලා කියා දැමුවොතින් වටී
ලස්සනයි, කවි පෙල
ජයවේවා!
නැකත් පත නැතිවෙලා නිසා නැකතනම් බලන්නෙම නෑ දැන්.
Deleteස්තූතියි අදහස් දැක්වීමට.පුළුවන්නම් මේ ලිපිනයට මේල්ලුවක් එවපන්.උඹේ බ්ලොග් එක ගැන දෙයක් කියන්න.
dimuthusomnas8@gmail.com
තවත් කල් යවන්නේ නැතුව කිව්ව නම් හරි... :)
ReplyDeleteසෙරප්පු සයිස් එකවත් බලාගන්න බැරියැ නේ.
Deleteමූ බීලා
ReplyDeleteදැන් අමධ්‍යප යකෝ.එයා බොන අයට කැමතිනෑලු....
Deleteකටුස් අයියෙ... අම්මප දන්නැති හින්ද අහන්නෙ හරිය. මොකෝ මේ පවුලූසට කස්ටියම ලව්පූසා කියන්නෙ...? හිකිස්
Deleteආදරේ නං
ReplyDeleteමහ අමුතු ම දෙයක්.........
කදුළු නං
අපි හැමෝ ම උරුම දෙයක්........
සිනහ නං
ඉදහිට නැගෙන දෙයක්.......
හැබැයි,
මතකය නං
හිතුවාටත් වඩා මහා බරක්............
පරණ මතක මැද්දට අළුත් මතක එද්දී මතක අච්චාරුව කොයිතරම් ලස්සනද?
Deleteඔන්න ඕක කියල ඉවරයක් කරන්නකෝ..
ReplyDeleteනැත්තන් කාට හරි කටුස්සා වෙනුවෙන් අහන්න කියලා බාර දෙන්න...
හැබැයි ශුවර් කෙනෙක් හොයා ගන්න.. නැත්තන් ලියන්න වෙන්නේ වෙන කතාවක්...
මොනව උනත් අපුරුයි වෙනද වගේම..
වෙලාවට ඔයා මතක් කලේ.නැත්තන් අර කමියට මේ වැඩේ බාර දෙන්න හිටියේ.....ඕනේ නෑ...ඕනේ නෑ...ඕකා සත පහකට විශ්වාස කරන්න බෑ.
Deleteමට නේද ඒයි ඔයා කිවේ??? හලීම සෝයි....
ReplyDeleteහරි...ආදරය විනාසයි.....
Deleteඔයාට තමයි ඒයි ලිවුවේ.කොහොමද දැකපු ගමන් තේරුම්ගත්තේ? හලිම සෝයි....
:@
ReplyDeleteඅහලා දාන්න. හිතේ තියාගෙන ඉන්න එපා. අනිවා කැමති වේවි.
ReplyDeleteකවි බර ගණං ලිය ලිය හිටපු අතීතයක් තිබුන බං.. හැබැයි කෙලිම්ම ගිහින් තටමලා තටමලා අහගත්තායිං ගොඩ ගියා.. හොඳම වෙලාව හොය හොය ඉන්න එක නම් තේරුමක් නෑ ඔන්න.
ReplyDeleteජයවේවා..!!
ඔන්න ඕක අහල දාන්න. වෙලාවල් බල බල ඉන්න එක එච්චර හොද නෑ නේද? :)
ReplyDeleteවිවාපත් ජීවිතේ ලපලු දැන් ලියලලා/// +++
ReplyDeleteඔහොම ඉඳලා නම් බෑ කටුස්! වැඩට බහින්න ඕන!
ReplyDeleteයසට හිටපු කටුස්සට වෙච්චි දෙයක්...
ReplyDeleteආදරේ අන්ධයි ද මන්දා , ඔන්න ඔහේ කියලා දාන්න කටුසු, එයත් බලන් ඉන්නව් ඇති සමර්රවිට කියනකන් :) :)
ReplyDeleteහනේ දෙවියනේ අපේ හොදට හිටපු කටුස්සට උන දෙයක්...
ReplyDeleteජීවිතේ ඉවර වෙනකං ඉන්න වෙයි වගේ...
ReplyDelete