Wednesday, April 27, 2016

හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ.....


දන්නවද....?
කවි කතා අකුරුකල 
පන්හිදත් නැවතිලා
පිටු පුරා රස මැවුව
කවි සිතම ගොළුවෙලා
ඔබ නිසා....
ලියන්නට කවි පෙලක්
හැදුව මුත් සිය වරක්
ලියවුනේ එක නමයි
දන්නේ එය විතරමයි
පුදුමයක්නම් තමයි....
සිතට කිසි අදහසක්
නෙතට සුබ රසඳුනක්
සවනතට පදවැලක්
නොගැටෙන්න....නොදැනෙන්න....
නුඹ කෙරුව මායාව
අතර හිඳ අසරණව
තවත් කොපමණ කලක්
මේ ලෙසම හිඳින්නද.....?


කටුස්සා....

47 comments:

  1. දන්නවාද නුඹ ?

    කවිකතා අකුරු කල
    පන්හිඳම වියැලිලා
    කවි ලීයූ පොතේ පිටු
    සියල්ලම බොඳ වෙලා
    අතීතයෙ පෙම් කෙරුව
    මතකයන් යටවෙලා
    ස්වප්නයක් සේ නුඹත්
    ඇවිත් නොපෙනී ගියා

    කාලයේ පසුපසින්
    තවම නුඹ නැවතිලා
    කාලයත් එක්ක මා
    බොහෝ දුර පැමිණිලා
    ආලයත් නුඹ ට නොව
    තවකෙකේට නතුවෙලා
    විවාපත් ජීවිතේ ලපලු දැන් ලියලලා

    ReplyDelete
    Replies
    1. කවියක අදහස කවිය ලියන්නා නොහිතන ඇහැකින්, නොහිතන විදිහකට බලන්න ;කවිය කියවන්නාට පුළුවන් කියන එකට තව උදාහරන මොනවටද?

      කටුස්සාට දැන් බිඳුන පෙම ගැන කවි ලියවෙන්නේ නෑලු.මේ දවස්වලනම් මෙලෝ දෙයක් ගැන ලියන්න හිතෙන්නෙවත් නෑලු.රබර් ඇට කාපු රිලවා වගේ වෙලාලු.

      කවිය මගේ කවියටත් වඩා අගෙයි.ස්තූතියි.....

      Delete
  2. මා කවක් ලියා නැත නමකි ලියූ
    ඒ ඔබෙ නම මා සැනසූ..

    ReplyDelete
    Replies
    1. පෙම් කවක් ලියනවා මම ආයේ
      මල් ගහක් ගහක් ගානේ
      ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
      හමුවේවි සිත මාගේ.....

      මේ ඉබ්බි නතරවෙලා බලන්නැති එකනේ මේ හැමදේකටම මුල....

      Delete
  3. //තවත් කොපමණ කලක්
    මේ ලෙසම හිඳින්නද.....?//

    මැරෙණකංම්ම ඉන්න වෙයි වගේ ........

    ReplyDelete
    Replies
    1. නොදකින්....යාලුවෙක් කියන කතාවක්ද මේ....?

      Delete
  4. ඇයි බං මොකෝ උනාද කැලවුණාද

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා....සුපිරියට කෙලවීගන එනවා......

      Delete
  5. ගල් බලකායෙ උං වරෙල්ලා :D

    ReplyDelete
    Replies
    1. මම හැදුනා....ගල් බලකායෙන් ඉල්ලා අස්වෙමි.

      Delete
    2. එහෙමා කරන්න එපා මචං.. දෑත් ශක්තිමත් කරගමු..

      Delete
  6. විරහවට පුළුවන් කවියෝ බිහි කරන්නත්, කවියොන්ව ගොළු කරන්නත්...

    ReplyDelete
    Replies
    1. හිතේ ගොලුවිච්ච ආදරේටත් පුළුවන්.....

      Delete
  7. කවි සිතක් වැලපෙන්න
    පංහිඳක් නැවතෙන්න
    ඒ හිතත් කල හදිය
    මාරයි...හමාරයි...

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා...ගහමුද බෝම්බයක්....?

      Delete
    2. ගහමු ගහමු..හැක් හැක්..

      Delete
  8. මඟුලයි
    මේක ඒකපාර්ශවිකයි වගේ
    කවියක්ලියල යවපං

    ReplyDelete
    Replies
    1. ඔව්, කවියක් ලියලා යැව්වනම් හරි, ��

      Delete
    2. කණාමැදිරි නිල් එළියෙන්
      සිත ඇතුලත
      ලිපියක් ඔබට එවමි

      ආදරයෙනි,

      ඔබගේ නුවනග බැල්මක්
      දෙතොල් මදහස කැල්මක්
      පතා හිඳිමි

      මල පුබුදින තුරු බඹරිදු
      බලා සිටින්නා සේ
      ගඟ බැස එන තුරු සමුදුර
      බලා සිටින්නා සේ
      සඳ නැග එන තුරු ගනඳුර
      බලා සිටින්නා සේ

      පිළිතුරු එවනු මැනව

      -සේකර-

      Delete
  9. ඔච්චර ආදරේනං හංඟගෙන ඉන්නැතුව කියල දාන්ටකො අප්ප. එක්කො මේක ලින්ක් කොරහං.

    ReplyDelete
    Replies
    1. හැම දේකටම වෙලාවක් තියනවා බොල නංගියේ.....

      Delete
    2. වෙලාව එනකන් ඉන්නේ නැතුව අහන්න අත්දැකීමෙන් කියන්නේ.කල් දාන්න එපා.

      Delete
    3. ඔයා ඉතින් නැකැත් බල බල ඉඳල කෙල්ල මොකෙක් හරි හැලපයෙක් උස්සං ගිය දාට මෙතන බුකියයි,බොගෙයි පිරෙන්න විරහ වේදනා අමුණන්නකො හිටං. ඒකට තමයි ඔය හැඩ වෙන්නෙ...

      Delete
  10. හැට හතරෙන් කීයක් දැමුවාදැයි නොදනී
    නැකතක් නොබලා කියා දැමුවොතින් වටී

    ලස්සනයි, කවි පෙල
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. නැකත් පත නැතිවෙලා නිසා නැකතනම් බලන්නෙම නෑ දැන්.

      ස්තූතියි අදහස් දැක්වීමට.පුළුවන්නම් මේ ලිපිනයට මේල්ලුවක් එවපන්.උඹේ බ්ලොග් එක ගැන දෙයක් කියන්න.
      dimuthusomnas8@gmail.com

      Delete
  11. තවත් කල් යවන්නේ නැතුව කිව්ව නම් හරි... :)

    ReplyDelete
    Replies
    1. සෙරප්පු සයිස් එකවත් බලාගන්න බැරියැ නේ.

      Delete
  12. Replies
    1. දැන් අමධ්‍යප යකෝ.එයා බොන අයට කැමතිනෑලු....

      Delete
    2. කටුස් අයියෙ... අම්මප දන්නැති හින්ද අහන්නෙ හරිය. මොකෝ මේ පවුලූසට කස්ටියම ලව්පූසා කියන්නෙ...? හිකිස්

      Delete
  13. ආදරේ නං
    මහ අමුතු ම දෙයක්.........

    කදුළු නං
    අපි හැමෝ ම උරුම දෙයක්........

    සිනහ නං
    ඉදහිට නැගෙන දෙයක්.......

    හැබැයි,

    මතකය නං
    හිතුවාටත් වඩා මහා බරක්............

    ReplyDelete
    Replies
    1. පරණ මතක මැද්දට අළුත් මතක එද්දී මතක අච්චාරුව කොයිතරම් ලස්සනද?

      Delete
  14. ඔන්න ඕක කියල ඉවරයක් කරන්නකෝ..
    නැත්තන් කාට හරි කටුස්සා වෙනුවෙන් අහන්න කියලා බාර දෙන්න...
    හැබැයි ශුවර් කෙනෙක් හොයා ගන්න.. නැත්තන් ලියන්න වෙන්නේ වෙන කතාවක්...

    මොනව උනත් අපුරුයි වෙනද වගේම..

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඔයා මතක් කලේ.නැත්තන් අර කමියට මේ වැඩේ බාර දෙන්න හිටියේ.....ඕනේ නෑ...ඕනේ නෑ...ඕකා සත පහකට විශ්වාස කරන්න බෑ.

      Delete
  15. මට නේද ඒයි ඔයා කිවේ??? හලීම සෝයි....

    ReplyDelete
    Replies
    1. හරි...ආදරය විනාසයි.....
      ඔයාට තමයි ඒයි ලිවුවේ.කොහොමද දැකපු ගමන් තේරුම්ගත්තේ? හලිම සෝයි....

      Delete
  16. අහලා දාන්න. හිතේ තියාගෙන ඉන්න එපා. අනිවා කැමති වේවි.

    ReplyDelete
  17. කවි බර ගණං ලිය ලිය හිටපු අතීතයක් තිබුන බං.. හැබැයි කෙලිම්ම ගිහින් තටමලා තටමලා අහගත්තායිං ගොඩ ගියා.. හොඳම වෙලාව හොය හොය ඉන්න එක නම් තේරුමක් නෑ ඔන්න.
    ජයවේවා..!!

    ReplyDelete
  18. ඔන්න ඕක අහල දාන්න. වෙලාවල් බල බල ඉන්න එක එච්චර හොද නෑ නේද? :)

    ReplyDelete
  19. විවාපත් ජීවිතේ ලපලු දැන් ලියලලා/// +++

    ReplyDelete
  20. ඔහොම ඉඳලා නම් බෑ කටුස්! වැඩට බහින්න ඕන!

    ReplyDelete
  21. යසට හිටපු කටුස්සට වෙච්චි දෙයක්...

    ReplyDelete
  22. ආදරේ අන්ධයි ද මන්දා , ඔන්න ඔහේ කියලා දාන්න කටුසු, එයත් බලන් ඉන්නව් ඇති සමර්රවිට කියනකන් :) :)

    ReplyDelete
  23. හනේ දෙවියනේ අපේ හොදට හිටපු කටුස්සට උන දෙයක්...

    ReplyDelete
  24. ජීවිතේ ඉවර වෙනකං ඉන්න වෙයි වගේ...

    ReplyDelete