නික්ම යන මොහොතට කලින්
මට කියනවද ලංවී හොරෙන්
අපි අපේ වී උන්නු කාලය
බොඳකෙරුව හැටි මතකයෙන්
නෙතු තෙමන කඳුළැලි මතින්
හිත තදකරන් ලත් ඉසිඹුවෙන්
බලා මා දෙස සිනාසෙනවද
ඉරිතැළුණ සිහිනය මැදින්
තුරුළුවී පෙර හුරු ලෙසින්
නුඹ මගේ පපුවට හිස තියන්
තවත් මොහොතක් රැඳෙනවද ලඟ
සෙනෙහසේ නටඹුන් මතින්
මගේවුනු කල දුන් පෙමින්
නෙක පාට තැවරුව හදවතින්
තබා මතකය නික්ම යනු අද
කිසිදිනක නොදකින ලෙසින්
කටුස්සා....
මා ඉතින් යන්න යනවා
ReplyDeleteමට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි .....
//ඒ මතකය විතරයි//
Deleteඒක ඕනෙත් නෑ මම හිතන්නේ.ඒක අරගන ගියහම මල වදේ.
සුන්දර පද ටිකක් මචං................ ජයවේවා........
ReplyDeleteස්තූතියි මචෝ.....ජය වේවා
Deleteලස්සන කවියක් කටුස්සො!
ReplyDeleteස්තූතියි සිතූ.....
Deleteඅනේ ඒයි...ඕම කියන කොට මගෙ හිත උණු වෙලා පිච්චිලා යනවා බොල.....ඔයා දන්නවනෙ අනේ...ලස්සනයි....හුගා.....ක්
ReplyDeleteමම දන්නවනේ ඒයි ඔයා කවදාවත් මට මෙහෙම කරන්නේ නෑ කියලා. මේවා මේ ජොලියට ලියන ඒවා ඒයි.ඔයාගේ අවංක පිවිතුරු නොකැලැල් ප්‍රේමයට මම මෙහෙම කවි ලියනවද?
Deleteගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ.ආපහු අදෝනා කියන්න පටන් අරන්:@ මේක කවියක් නෙමෙයි.සිංදුවක්.මොනවාවුනත් ලස්සනයි.
ReplyDeleteහරි ඉලවුවක්නේ බොල....දැන් මට අඳෝනා ලියන්නම බැරිද?
Deleteස්තූතියි මචෝ.
Kawadada yanne? :)
ReplyDeleteමේ සතියේදී හම්බවෙලාම කතාකරමු.
Deleteඅර උස, කණ්නාඩි දාන, කොන්ඩෙ කොට, වැම්පයර් නංගිටද ඔය කියන්නෙ ..???
ReplyDeleteයෑස් යෑස් ඒක තමයි ඔය කියන්නේ
Deleteවිශේෂ නිවේදනයයි-
Deleteමධ්‍යම කාරක සභාව රැස්වී ගනුලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් මත මින්පසු ඇය වෙනුවෙන් කිසිඳු කවියක් නොලියවන බව සඳහන් කරමි.
ලොව ඇත්තේ හමු වීම වෙන් වීම පමණි ...වෙන්වීම සටහන් වන්නේ අප හමු වූ දවසේමයි
ReplyDeleteහම්ම්....ඇත්ත තමයි.
Deleteවෙන් වෙන්න දැන් ලඟයි
ReplyDeleteවෙන් වෙන්න බෑ දුකයි..
අප සිත් අහින්සකයි
කඳුලක් වගේ හඬයි..
ඒ සංදුව මතක් උනා..
සුපුරුදු විදිහට සුන්දර පද පේලිය...
කටුස්සා ආයෙත් මේ ටික දවසකින්නේද ලියුවේ??
ඔවු නිර්මානි, මේ තරම් නිදහසක් හම්බුනේ ගොඩකාලෙකින්.ඒත් හිතට කිසිම අදහසක් එන්නේ නැති මහා කම්මැලි කාලයක්.
Deleteතරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවෙ
ReplyDeleteබිදුනු පෙමට කදුළු සලා කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ...
සිනහා වෙයන්නේ..........
කටුස්සා කවද්ද බං ඇඬුවේ.අපි හිනාවෙලා ඉන්නවා.
Deleteඑකෙන්ම
Deleteමතකයත් අරං යන්න කිවුවනං හොඳ නැද්ද?
ReplyDeleteඅගෙයි...
ඒක තිබ්බදෙන් පස්සේ කාලෙක කවියක් හරි ලියන්න.
Deleteවෙන් වීමක රස..
ReplyDeleteජයවේවා..!!
හමුවීමක දුක....
Deleteජයවේවා....
++++
Deleteදුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා.. හැක්
ReplyDeleteමල් සොයනා මම ඔබගේ පළමු පෙම්වතා...හැක්
Deleteවෙන්වෙන හැම කෙනෙක්ම මතක ආපහු අරන් ආවොත් මට මේ පවුල ගෙනියන්න බැරිවෙනවා බං. ඒ නිසා මතක අමතක වෙලා යන එක හොඳයි :D
ReplyDeleteදැන් මෙහෙම කිවුවට කසාදෙන් පස්සේ අපිත් ඔහොම තමයි....D
Deleteහිදිවී කොතනකහෝ,
ReplyDeleteකටුස්සියක් ඔබේ නමින්,
වඩිවි කෙදිනකහෝ.....
ඒ එනතුරා
හිත හදාගෙන හිටින් .....
ඉන්න තැනකින් එන්න කියපියකෝ සෙද්දක් කරන්නේ නැතුව ඉක්මනට.
Deleteතබා මතකය නික්ම යනු අද
ReplyDeleteකිසිදිනක නොදකින ලෙසින්
ඔය බොරුනේ .....
බොරු...??? මී ඇස්දෙක පල්ල ඇත්ත.
Deleteගොඩක් ලස්සනයි
ReplyDeleteස්තූතියි....ඒ වගේම පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා.
Deleteසඳ ඔබ මගේ
ReplyDeleteදුක විමසන
දුක් හැන්දෑවේ ගීතයක් සේ..
කෝ කොහේදෝ
මා සොයන්නී
ආදරේ දුන්නී..
හමුවෙමූ කවදා හෝ ආයේ
Deleteහිනහෙමූ තරහා නෑ වාගේ....
හරිම ලස්සනයි...
ReplyDelete//තබා මතකය නික්ම යනු අද
කිසිදිනක නොදකින ලෙසින්//
එහෙම කියන්න එපා , කවදාහරි ආයෙත් කදුළු වියැලුනු හිනා පුරුනු දවසක හමු වෙමු.....
දාලාගිය මිනිස්සු එක්ක හිනාවෙන්න බෑ පුරුදු විදිහට.හිනාවෙනවනම් ඒ මූනිච්චාවට විතරයි.ඒ නිසා ඕනෙම නෑ.
Deleteෆේස්බුක් ලින්ක් එකෙන් කියෙව්වට මොකෝ කොමෙන්ටුවක් දාන්න පුලුවන් විදියට ගොඩවුණෙ අද. මතක බලෙන් තියාගත්ත වගේ නෙමෙයි හැම තප්පරේම හිතට ගොඩවෙලා තියුණු කොන් හිතේ සියුමැලිම තැන් වල වැදි වැදී රිද්දන්න වුණාම.
ReplyDeleteඇයි ආදරේ කවියක් වෙමී ඉතුරු ටික නොලියන්නෙ? කියවන්න බලං ඉන්නෙ.
හම්ම්...මතක කියන්නේ මහ එපාකරපු එකෙක් තමයි. ඒත් ඩිලීට් බට්න් එකක් නැති නිසා විඳවන්නම වෙනවා.
Deleteඒ කතාව ලියන්නම් ඉක්මනටම....
සුන්දර නිර්මාණයක්...
ReplyDeleteස්තූතියි වැහි
Deleteනික්ම යන්නෙමි නැවත නොඑන්නට
ReplyDeleteපෙම්වත මා අමතක කරනු ඉතින්
මගේ මතකයෙන් තොර ජීවිතයක
පතමි ඉරක් පායනු විගසින්
ලස්සනයි කටුස්
ජයවේවා
"මම නැතිඋනාට ඔයාට මට වඩා හොඳ ගෑණු ළමයෙක් හම්බවෙයි අයියේ...."
Deleteඅඩේ.... මේ වචනේ කෙල්ලෝ මවනකොට ආපු ඔරිජනල් සෙටින්ග්ස් වල තියන එකද්ද කොහේද......
ජයවේවා....