Tuesday, May 9, 2017
නිවන
මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවදිරුවක් කළකිරෙනවද? කළකිරුනද? කෝටුවුන අත්පා ය සිතේ හයියෙන් සැලෙන දරුපැටවු කුසගින්න නිවාඩුව උදුරුවන කම්හලට මහමගට ජීවිතය සින්නවෙන දිවියෙ සිරකරුවෙලා හොයමු තව නිර්වාන කුණුකඳුත් හිසමත්තේ සුවඳ සිත පිනායන වැලලිච්ච එවුන් ගැන එකෙක් නැත සිහිකරන මැයි රැලිය පුරවාපු ඔලු ගෙඩිම නිති ගණින රටට මොන රෙද්දටද වෙසඟේ නැගි සඳපාන පඳුරකට ගැහුවොතින් ඇමතිලා වීසිවෙන කන්න නැති කතිර ඇති හරක්මය සියලු තැන පැරදිච්ච පිලේ සිට වදනින්ම රට හදන පෙරේතම අමනුන් ය හැම තැනම ගිනි තියන ගර්ජනය තර්ජනය උපවාස සෑම තැන රාත්තල නොමැතිනම් වර්ජනය සිත පිනන බර වැඩිම යුතුකමට යටවිච්ච වගකීම අතරමැද ඇඹරිච්ච මිනිසුන් ය පණ යදින මහලු ලෙඩ පණ අදින පැවදි රූ ගිනිගන්න දෙමළ මුස්ලිම් සිහළ බෙදන වැට ඉනි බඳින රට විරුවෝ උණු වතුර කොඳු දිගේ වැක්කෙරුන ගෙදර එන විට කටින් හදන ප්‍රතිපත්ති මන ඉපදිච්ච දා ඉඳන් කළකිරුණ දේ දකින මිනිස්සුත් සොයනවා පෙරනිමිති නිවන් යන කටුස්සා...
Subscribe to:
Post Comments (Atom)
හා මෙන්න කාලෙකට පස්සේ කටුසු ඇවිත් අපිට සසර පෙරනිමිති පෙන්නලා යන්න
ReplyDeleteහැක්... මාව දැක්කොත්නම් මතක්වෙන්නේ සතර පෙරනිමිතිම තමයි....
Deleteලෙසටම නෙලල තියෙන්නේ අගේට
ReplyDeleteනලින් අයියා ආපහු ඇක්ටිවුවෙලා ඉන්නවා දැක්කා. කියෙවුවට කමෙන්ට් කරන්න තරම් වෙලාවක් ආවේ නෑ කකුලුවටයි, මන්තර ගුරුකම් වලටයි. වෙලාවක් හදාගන්න උපරිම ට්‍රයි මේ දවස්වල. බලමුකෝ
Deleteමේක එල කිරි යකෝ ...
ReplyDeleteමෙහෙම ලියන්ඩ පුලුවං එකානෙ මේ .. නෑ එක්කො ඕන්නෑ ....
මා ඔබේ හසරැල් ජලාසේ කිමිදෙනා මොහොතේ
Deleteඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරුකා එළියේ...
පල පල ඩෝ යන්න... බ්ලොග් ලිවුවා වගේද ඒවා.
කාලෙකට පස්සේ ගංගාරාමේ පොඩි හාංදුවන්ගේ පාත්තරේ මතක් වෙලා තියෙන්නේ..
ReplyDeleteඒ මොකද්ද හාංදුරුවොයි පාත්තරෙයි කේස් එක? තේරුනේ නහී
Delete++++++++++++
ReplyDeleteමරු .....
ReplyDeleteතැන්කූ...
Deleteනියමයි ...
ReplyDeleteඔහෙට සිතලද
ReplyDeleteඇයි...උණුසුම දෙන්නද? පල යන්න වනචරයා
Deleteකලකිරෙනවා අප්පා :)
ReplyDeleteදැන්නම් ඉතින් ඔය නෝනා කළ කිර කිර හිටියා ඇති. කොස් කිර කිර ඉන්න ඕනේ කාලේ මේ
Deleteකරදරය රට පුරා දකින මේ හැම තැනක
ReplyDeleteදොර වැසූ මුත් ගෙයක ගිණි කඳුලු හැම හිතක
නිරයනම් දැන් පෙනෙයි දිවි ගෙවන මේ රටක
පෙරනිමිති දැන් කුමට නිවන වැළලෙන විටක.....
ජයවේවා!!!
ගොඩක් ස්තූතියි දුමියෝ... ජයවේවා
Deleteඅගේයි +++++++++++++++++++++++++++
ReplyDelete:)
Delete+++++++++++++++++++++++++++++
ReplyDeleteයකෝ මේක පංසලේ පිං ඉඩම වගේවෙලානේ.... හැම එකාම වැට ගහනවා
Deleteඉපදිච්ච දා ඉඳන් කළකිරුණ දේ දකින
ReplyDeleteමිනිස්සුත් සොයනවා පෙරනිමිති නිවන් යන
මේ කතාව නියමයි . මට මෙහෙම දෙයක් හිතෙනවා.මිනිස්සු මොනතරම් කලකිරෙන දේවල් දැක්කත් මොනතරම් දුක් වින්ඳත් ඒක ඇතුළෙම සතුටක් සැපක් හෙයනවා මිස ඒක අතහැරලා විසඳුමකට යන්න බයයි. කැමති නෑ. හේතු කීපයක්ම තියෙනවා .එක ඒ විසඳුම පහසුවෙන් ලඟා කරගන්න බැරි වීම . දෙක එයින් මම කියන පුද්ගලයා නැති වෙයි කියන බය. තුන මේ දුක් ගොඩවල් අස්සෙ තාවකාලික බොහොම කෙටි පුංචි පුංචි සැපවල් තිබීම සහ ඒවා අතහරින්න තියෙන ලෝබකම. තව හේතු ඇති. මෙන්න මේ නිසා කලකිරීම ඇතිවෙනකම් කියලා කල් මර මර දුක් පීඩා විඳ විඳ පවතින ක්‍රමයට බැන බැන ඉන්නවා .....
මමත් ඇතුලුව මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ගේ හීනේ වෙන්නේ තමන්ගේ ආදරණීයන් සමග කරදරයක් නැතුව ජීවත්වීමයි සඳ. ඒ මිනිස්සුන්ගේ නිවන තමයි ඒ. ඒ හීනෙත් කකුල්ගාව පොඩිවෙද්දී ඒ මිනිස්සුන්ට මේ ප්වතින සිස්ටම් එකට හෙන ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. හැමදෙයක්ම විකිණෙන ලෝකයක ආගම නොවිකෙණෙයි කියලා බලාගන තමන්ට හොරෙන් තමන්ව විකුණනවා...
Deletehttp://shuddhaaluth.bandara.army
Deleteකාලෙකින් ලියලා.... තව ලියන්න කටුසු
ReplyDeleteහොයාගමු කොහොමහරි ...කාලය
Deletehttp://karalliyadde.bandara.army
ReplyDelete