කතර උණුසුම දැනෙන්නේ නැති ගොරහැඬිව වියළුණු සිතක්
සමග දුරුමග යන්න ලතැවෙන සුමුදු මොලකැටි මල් මිටක්
සිනා කිංකිණි මුවග රඳවන කෝලබර බැල්මෙන් බිඳක්
මවනවා රූ දහක් නෙතුමත එදා මා දුටු සිහිනයක්
පෙරුම්පුරමින් කවි පෙලක් ලෙස නුඹ මවන සුභ සිහිනයේ
දන්නවද නුඹ ගලන කඳුලැලි දුරක් යනවිට නෙතු කොනේ
සිනා කඳුලැලි සමව උසුලන මහමෙරක් වන් දිවි පෙතේ
නුඹේ සිත සවි ගැන බියක් මගේ සිත පුරා විසිරී තිබේ
වින්ඳ පාඩම් ඉණූ හසරැල් රූ රටා ඇඳි හදවතේ
තැනක් සොයනවා සමනළියකට ලැගුම් සදනට හැම බවේ
ටිකක් රිදුනොත් තටු සිඳෙන බව දන්නමුත් දැකනැති නෙතේ
කඳුළු පිරුනොත් ඒ පවින් මට මිදෙණු හැකිවෙද කිසිකලේ
ආදරෙයි මම නුඹට කිසිදින නොකල මෙන් මගේ ජීවිතේ
දකිනු රිසිවෙමි සිනහවම නුඹේ සිතුවමක් වන් රන් වතේ
සුරඟනක් ලෙස ගෙවූ දිවිමග කොහොම මවනෙම් නුඹ ලොවේ
එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ
කටුස්සා....
ඔච්චර අඩන්න එපා බං. ලස්සනයි. කෙල්ලට කෝල් එකක් අරන් ඕක කියාපන්
ReplyDeleteහැක්....ටෙලිෆෝන් එකෙන්ම ගහයි බොල මට.
Deleteසුන්දර විරිතක්... සුන්දර කවියක්..
ReplyDeleteස්තූතියි වරුසා...
Deleteආ....පළවෙනි ගොඩවැදුමට වල්කම් කිවුවා....
බොට ඒකිගෙ ප්‍රේමය ගැන සැක නැද්ද?
ReplyDeleteචික් විතරක්....අපි කවද්ද බොල ලලනාවන්ව සැකකලේ....
Deleteලලනාවන්ව සැක කරන්න එපා. උංගෙ ප්‍රේමය ගැන හොඳට බලහං.
Deleteහිත පාරනා
ReplyDeleteආදර වේදනා
සැක මතුවනා
ප්‍රේමය වේ හරි අගනා...
හදවත කටුසු නම්,
කිම ආදරය ....
කටුසු නොවනා
හිත කටුසුනම් මොනවා කරන්න බැරිද බං. අවුල තියෙන්නේ හමේ විතරනේ පාට වෙනස්වෙන්නේ.
Deleteඅර මේල්ලුව ඉක්මනටම දාන්නම් සති අන්තයේදී වගේ.
මං හිතුවේ රසිකා ගුනවර්ධන කියලා.. කවියනත් ඇගේ වගේමයි..
Deleteඑල එල.......කටුසු...
Deleteඅම්මේ කල්‍යාන....එතුමියගෙ ලගටවත් යන්ඩ බෑ...😅
Deleteආසයි බයයි... කටුස්සගෙ හිතයි.....
ReplyDeleteපිපෙන සොඳුරු ප්‍රේම කතාවයි..
ජයවේවා..!!
පිපෙන තියා පුප්පන්නවත් මලක් නෑ බං මේ දවස්වල.
Delete//එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ// ඕකනේ බැරි...මෙච්චර ලස්සනට ගළපලා තියෙන පද ටික ඇහැ ගැටුනොත් කොච්චර risk එකක් උනත් ඔය හිතේ ලගින්න එන්නෙ නැතිවෙයි කියල කොහොමෙයි බොල කටුසු හිතුවේ? ඒ තරම් ලස්සනට ලියල තියෙනවෝ...
ReplyDeleteදැන් නගේ ,බොල මේ කතාව දවස් දෙක තුනක්ම මට කිවුවා.කියන හින්දම ගිහින් අහනවා.ඒ අහලා මූනේ සපත්තු අඩි හිටියොත් එහෙම ඇත්තමයි උඹව උස්සලා පොලවේ ගහනවා.
Deleteඔබ යන්නම යනන්නම යනවානම්
ReplyDeleteමට ඉන්න කියන්නට බැහැනේ ඉතිං
යලි එන්නම් එන්නම හිතුනේ නම්
ඔබ එන්න එපා මගේ හිත තහනම් ද?
එපා වෙන්නට පෙර ඔබට මම
Deleteඅවසරයි නික්මී යන්න ....ජාතියේ එකක්.
~~~~~පිළිතුර කවියට මිස කවියාට නොවෙයි~~~
ReplyDeleteනිතින හමුවෙන නෙතින දොඩමළු වෙන්න ආසයි මට... ටිකක්
වඳින දෙවොලෙහි දෙවියො නැතිවද හදම බැතිබර වෙයි හුඟක්
දකින සිහිනය මතුද ඔබ ගැන ලංව ඉන්නට හැක ........ටිකක්
මගෙම වෙනවද දුරක යනවද තැනිව ඉන්නට බැහැ ..... දුකක්
දුකද ඔබමය සතුට හිත තුල නොමැත වෙන අයෙකුට .....ඉඩක්
හමුව වෙන්වන ලොවෙහි ඉතිරව ඉන්න හැකිවෙද එය ...සැකක්
කඳුළු බිඳුවක සදා සුසුමක උරුම හිමිවෙද මට......... සැපක්
අහසෙ බැබෙලෙන සඳට පෙම් බැඳ ඉකිය සඟවමි නැත... සුවක්
කටොර දිවිමග සිනහ ඔබමය සතුට ඉතිරේ තුති....... නොවක්
මියෙමි නැති කල දිවිය පල නැත ඉතිර වෙයි ලෙස සක් සුදක්
සුවෙනි ඔබ ලඟ තිලොව ජයගමි වේය ඔබ මට නිල් මිණක්
සුහද අපි අපෙ සසර භවයෙම වෙන්ව ඉන්නට බැහැ බිඳක්
සක්.. අපරාදේ.. මේකේ කවියට/කවියාට දෙක මාරු වෙලා තිබ්බනම් නියම කවි වෙඩිමක් ගන්න තිබ්බ..
Delete@kalanayya
Deleteතට්ටුමාරු කරමෙ හැමදේකටම හරි යන්නෙ නැහැ අය්යෙ. තෙරෙනව නෙ හිටන්
කවියනම් ලස්සනයි .ඒත් ඉතින් අර උඩින් දාලා තියන එක දැක්කහම හඳුන්පොත කඩාගන වැටුනා අප්පා....
Deleteබොහොම ස්තූතියි මහන්සිවෙලා අනුන්ගේ කවියක් වෙනුවෙන් පිළිතුරු කවියක් ගොතන්න තරම් වෙලාවක් වෙන්කලාට.
කමියා-
මම මේ හපුටිට කිවුවා බං කතාකරන කොට. මගේ අඬු කඩනවා කිවුවා.මම ඉතින් කට වහගත්තා.ගෑණු අරන් ගුටිකන්න පුලුවනෑ.
@karusu
Deleteඅනේ මලයණ්ඩි ... දරුවෝ හත් දෙනාගෙ අප්පච්චි ඔව්වට මනාප නැහැ නෙව අය්යණ්ඩි... ඕන් මීට 35 වසරකට කළින්වත් කියැව්වනං සොරි.කොම් තමා
,,,,
දරුවෝ කියන්නේ සම්පතක්නේ නඟා....ඔය දරුවෝ මට වැඩි නෑ...සත්‍ය ප්‍රේමය දරුවන් 6-7 දෙනෙකු සමග වූවද පැමිනියහැක කියලා හිත හදාගන්නම් මම.
Deleteහැක හැක හැක දැන්නෙ දැක්කෙ කමෙන්ටුව . එහෙනම් 'රෙඩිමේඩ් ෆැමිලි' එහෙකට ඔට්ටුයි නේ? ඔබට ජය!!
Deleteඕක මෙහෙම කියල හරියන්නෑ අනේ...ගන්න කෝල් එකක්....හැබැයි ඔයාට බයයි වගේ නම්...එක්කෝ ඕනේ නෑ...හැක හැක
ReplyDeleteලස්සන කවි ටික...ඔය ටික දැක්කම හිත බටර් කෑල්ලක් වගේ උණු වෙයි එයාගේ හි හි හි
බටර් කෑල්ල කෙසේ වෙතත් බෙරිකරගන්න එක තමයි එපාවෙන්නේ.
Delete//තැනක් සොයනවා සමනළියකට ලැගුම් සදනට හැම බවේ// මෙතන අවුල්.. විරිත තියා ගන්න මේක කියන්න වෙන්නේ..
ReplyDeleteතැනක් සොයනව.. සමන-ලියකට.. ලැගුම් සදනට හැම බවේ කියල.. විරිත කැඩෙන්නේ සමනලියකට කියන වචනේ මැදින්. එක එහෙම (සමන-ළියකට කියලා) කැඩුවම කුනුහරුපයක් වගේ.. :(
ඉති හොඳයිනේ...18+ කියලා දාමු.
Deleteඅවුල් තමයි.පෙන්නලා දුන්නට විස්කෝතුයි.
wefvkjd yela yela
ReplyDeleteඉතින් මේ භාශාව ඉගනගන්නේ කොහෙන්ද මම?
Delete//එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ//
ReplyDeleteපට්ටයි මචං............. සිද්ධියනං දුක ඇති ... ඒත් කවිය පට්ට
ස්තූතියි කුරුට්ටෝ....
Deleteකෙල්ල මං වගේ හිතන කෙනෙක් නං, උඹට කැමති වෙන්නෑ. මොකද, මට කවි කියවන්න බෑ බං වෙලාව අරං.
ReplyDeleteඋඹෙ වාසනාවට කෙල්ලො මං වගේ නෙමෙයි. උංගෙ හිත් බටර් වගේ උණු වෙනව ඔය වගේ සුකුරුත්තං වලට.
මං නං ඩ්‍රැකියානිව අල්ලගත්තෙ, එයා ගැන අනික් අයට වඩා සැළකිලිමත් වීමෙන් සහ, එහෙම සැළකිලිමත් වෙන බව පෙන්වීමෙන්. ඒක නං හරිම ලේසි, අවංක, උපක්‍රමයක්.
උදාහරණයක් -
දවසක් ඩ්‍රැකියානි දවල් කෑමෙන් පැයකට විතර පස්සෙ කිව්ව “කෑවට මොකද, ටිකක් බඩගිනියි වගේ“ කියල. මං හවස වැඩ ඇරිල ගෙදර යද්දි එස්එම්එස් එකක් ගැහුව, “ඔයාට තාම බඩගිනියිද?“ කියල අහල. එයාට ෆුල් සැටිස්, මට ඒ පොඩි දේ මතක තිබුණ එකට.
ඒ තියරිය ගොඩක් ගෑණු ළමයින්ට අදාලයි.කෙල්ලෝ ගොඩක් කැමති ඔයවගේ පොඩි පොඩි සීන් වලට තමයි.ඒක නොදන්න කොල්ලෝ පොඩි සීන් අතෑරලා ලොකු සීන් වලට යනවා.අන්තිමේදී අන්සැටිස්ෆැක්ශන් කෙල්ලෝ අහනවා "තමුසේ මට මොනවද කලේ" කියලා.ඉතින් අර අසරණ කොල්ලා උඩ බිම බලනවා.
Deleteඑතකොට දැන් බඩපුරා කන්නේ උඹද? ඩ්‍රැකියානිද?
බඩපුරා කන්නෙ මං මං... හෙහ් හෙහ්...
Deleteමයිසූර්, වට්ටානා ආදිය තමා වැඩිපුර.
"තමුසේ මට මොනවද කලේ" වගේද බන් මම බඩගින්නේ ඉඳල මගේ බත් පත දීල බඩගින්න නිවපු එවුන් අන්තිමේ ඇහුවේ " තමුසේ මගේ කව්ද " කියල..
Deleteආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
Deleteආලවඩන යන තේරුම බෝසත්කම සකී....
ඔය හිතේ ආදරය සැකයි????? හිතාගන්නත් අමාරුයි. වෙන්නම බැරි දෙයක්.පවුද්ගලිකව දන්න බඩා / බන්ටි ගොඩක් රොමැන්ටික් චරිතයක්. අතීතය අමතකකලානම් හරි.එතකොට ඔය සමනලියව බලාගනියි මලක්වගේ.
ReplyDeleteහැක්...මගේ ඇනෝ හිතවතා,
Deleteපෞද්ගලික අත්දැකීම් හා නිර්මාණ අතරේ සම්බන්දයක් නැත්තෙම නෑ.ඒත් නිර්මාණත් එක්ක නිර්මාණකරුව සංසංදනය කරන්න එපා. ඒක විහිළුවක්.නිර්මාණයේ තරමටම නිර්මාණකරුත් අවංකයිනම් මේ ලෝකේ මීටවඩා ගොඩක් ලස්සනයි.මාත් එහෙම එකෙක් නෙමෙයි.
//බඩා / බන්ටි//
උඹ කවුද බං??????????
ආ .... බන්ටි බඩා .........
Delete//එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ//
ReplyDeleteමටත් මෙහෙම හිතිලා තියනවා, හැබැයි ගොඩක් ඉස්සර.
ආදරේ වැඩිවෙන එකත් ලෙඩක් තමයි....
Deleteහරිම ලස්සනයි කසුටු
ReplyDeleteස්තූතියි අතා....
Deleteකටුස්සෝ නියමයි ඈ ... ෆලෝ බටන් එක පොඩ්ඩක් බලහන් මට ෆලෝ කොරන්ට බෑ...ඒ නිසා බොලා ලියන එව්වා කියවන්න මග ඇනෛවා
ReplyDeleteමගේ ඔය ෆලොවින් ගැජට්ටුව මහා ලෙඩක්.එතන තියන අර පොඩි කොටුදෙක ක්ලික් කරලා බලන්න.ඒකෙන් ගොඩදාගන්න පුළුවන්වෙයි.
Deleteපලමු ගොඩවැදුමට වල්කම් කිවුවා....
වැදුනා කසුට්ටෝ ඒක... :/
ReplyDeleteඋඹලට වැදුනනම් එච්චරයි....
Deleteලස්සන කවි පෙලක්
ReplyDelete(උඹේ පොන් එක වැඩ නැද්ද බං. මොකෙක් හරි ඒක උස්සලා ද)
මේ දවස්වල මන්නාරම් පැත්තේ වනගතවෙලා ඉන්නේ.ඒකයි ඔය අවුල. තව දවස් 2-3න් හරියයි සුදූ...
Deleteගොඩක් හිතට දැනුණා . ලස්සනයි .
ReplyDeleteගොඩක් ස්තූතියි "කොටේ"...ඒවගේම බොහොඬ හදට වල්කම් කිවුවා...
Deleteපරෙස්සමට කටුස්සෝ... මල්සරාගේ ඊ තලේ වදිනකොට රිදුනේ නැතිඋනාට ගලවනකොට මාර වේදනාවයි... හොඳට බලල ගලවන්න වෙන්නේ නැති එකකටම පපුව අල්ලපන්..
ReplyDeleteමම මල්සරාව එලවලා දැම්මා.මට එපාවෙලා තියෙන්නේ. බ්‍රහ්මචාරී වෙන්න කියලා හිතන් ඉන්නේ...
Deleteමුතු ඇටයක් බවට පත්වෙන්නෙ, බෙල්ලෙක්ගෙ බෙලිකටුවක හිරවුණ වැලි ඇටයේ වේදනාවයි....
ReplyDeleteඋඹ ගොඩකාලෙකින්.පෝස්ට් එකක් දැම්මහම ලැබෙන කමෙන්ට් අතරේ මම බලාපොරොත්තුවෙන් ඉන්න කමෙන්ට් කීපයක් තියනවා.උඹේ කමෙන්ට් එකත් ඒ අතරින් එකක්.බුකියටම වෙලා ඉන්නේ නැතුව ඉඩක් ලැබුනහම මේ පැතිවලටත් ඇවිත්යන්න වරෙන්.
Delete