Wednesday, March 23, 2016
සියළු සත්වයෝ නිවන් දකිත්වා....
නාලක....එන්න සැතපෙන්න
සාටකේ පොරවගන
කොච්චරනම් සනීපද....සිවුරට වඩා
සාටකේ.....
තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්....
සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ.....
ඔවු....ඔවු....ඒක තමයි
ප්‍රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ට
නොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටික
ලියල එවන්නද පන්සලටම....
ඔවු....ඔවු....එපා නාලක සැක හිතන්න
කෙලෙහිගුණ....
මම තරම් දන්නවද මේ රටේ කවුරුවත්....
ධම්මේ....
නෑ....නෑ....මේ මම....පැටියගේ අම්මා නෙමෙයි
ඒකි මරලා කොයි කාලෙද.....
අතේ තවම ලේ නේද....
එන්න පිහදාන්න සාටකෙන්....නොපෙනෙන්න
බලන්න කොච්චර සනීපද සාටකේ....ගෑවෙනකොටත්
පැච්වර්ක් සිවුරටත් වඩා
කීයක් එකතුවුනාද මචෝ....දහයේ කාසි
එකක්වත් නෑ....!!!!
ඒ කියන්නේ උඹත් අනාතද....මම වගේම
හරියන්නෑ ඔහොම ඉඳලා....ප්ලෑනක්නම් තියනවා
ඕකනේ කියන්නේ....බබා වෙන්න හදනවනේ....
මල්වත්තටත් බෝම්බ ගහන්න හැදුවට
ඔයා තාම ලාමකයිනේ....
ඔවු....ඔවු....සෝභිත තමයි
අර අපි හප්පලා මරන්න හැදුවේ....
හරිනේ එහෙනම්....හෙට උදේ 11ට
වැඩ්ඩොතින් වැඩිල්ලක්
එක අලියට අලි දහයක්
දාලායනවා අසපුවේ
අම්මපා....
ඇල්ලේ....මම....මම....
මොකෝ මේ සද්ද නැත්තේ....
ප්‍රේමේ....ගාමිණී වගේ නෙමෙයි උන්ගේ පුත්තු මචං
බලන්නවත් ආවද ඔහේව....
පත්තරේකවත් දැක්කේ නෑ මූණ
හරියනවද ඔහොම ඉඳලා....
අමතක නෑ කරපු උදවු....එන්න....සාටකේ යටට
විඳගන්න....කුරහන් සුවඳ
මූන දාගන්න T.V. එකට
ඔවු....ඔවු....සෝභිත තමයි
ස්ක්‍රිප්ට් එක සීයේ හිඟන්නගේ....
ඇතුලේ මුකුත් තිබුනේ නෑළු....බොඩියේ
ඔවු....ඔවු....එහෙම තමයි මිනී එවන්නේ
රටකින් තවත් රටකට....
ඕවා දන්නවද මිනිස්සු....
යමු....යමු....හෙට 11ට
ප්‍රෙස් කොන්ෆරන්ස්....
10 වෙනකොට වාහනේ එයි....පන්සලට
අපිට වැරදුනා බුදුහාමුදුරුවනේ....
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
බුදු සරණ කෙසේ වෙතත් දෙයියන්ගෙ පිහිටයි වගේ එකක් මට හිතෙන්නෙ ඇයිද මන්දා.....එව්ව මං දන්නෙ නෑ..ඒත් ඔන්න මං 1.....ඒක තමයි තිත්ත ඇත්ත...හික් හික්..."අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ"
ReplyDeleteමේ ෂෂර ධණව්වේ.. අඵි අෂරණ වුණා වඝේ හිථඨ ධැණෙණවා...
ReplyDeleteයැෂ් යැෂ්...
උඹ මේ රට වටේ ඉන්න එක එකාට දෙකේ දෙකේ පොලු අරං පත බාන්න ගිහිං බලාගෙන ඩිපෙන්ඩර් ඇවිත් උඹට පත බාල යයි ඔන්න හරිද...
බලාගෙන...
හැක් හැක්...
පද පේළි ටික නං මිරිස් වගේ ටිකක්... මං කීවෙ කොච්චි වගේ සැර නං නෑ.. ඒත් කමන් නෑ.. ඒකෙත් පොඩි ලල් එකක් තියේනෙ සුදා...
උඹේ ලව් හුට පට නොලියා උඹ මෙවා ලිව්වා නම් අද උඹ ලංකාවේ පොරක් වෙනවා...
ReplyDeleteපියෝ වල්ලා පට්ට... එක්ස්ට්‍රාඕඩිනරි.... ෆිනෝමිනල්
Deleteපියෝ වල්ලා පට්ට... එක්ස්ට්‍රාඕඩිනරි.... ෆිනෝමිනල්
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteඋඹ දීලා තියෙනවා අහවල් තැන් කෙලින් වෙන්න...... පට්ට කසුට්ටා.........
ReplyDeleteඔපිස් එකේද ගෙදරද
Delete...//අපිට වැරදුනා බුදුහාමුදුරුවනේ//...
ReplyDeleteදැන් වැරදිලා කෙලවිලා තියෙන්නේ බං.
හෙට අනිද්දා වෙනකොට උඹව උස්සයිද දන්නෑ මේවා ලියලා.
මනෝමන්දිර
මොකෝ අළුපාට වෙලා හැවදාගන එන්ඩ බයද
Deleteඔන්න හැව දාගත්තා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteස්ක්‍රිප්ට් රයිටර්ස්ලා දැනුයි එළියට එන්නේ
Deleteමාතෘ භූමිය සිප වැළඳගෙනම මේ එන්නේ
සින්හල නිර්මානකරුවෙක් පොරක් වෙන්න නම් ජාතියට ආගමට අඳෝ සන්සාරයක් නැතිව බැනිය යුතුය.....
ReplyDeleteඒ වුනාට පොඩ්ඩ බැරි වුනාම බෝදිපූජා කොරන්න පන්සල් යති....
පිරිත් නූල් බැඳගනිති..... ඇප නූල් ඉනේ බැඳගනිති.....
කැම්පස් විබාග කාලෙට ගැටඹේ බෝදියට ගියොත් සැක හැර දැන ගත හැකිය!
//සිංහල නිර්මානකරුවෙක් පොරක් වෙන්න නම් ජාතියට ආගමට අඳෝ සන්සාරයක් නැතිව බැනිය යුතුය.....//
Deleteහරියටම හරි
සිල් රෙද්ද ඇන්දට වෙන්ඩ බැරිය උපාසක.
Delete//සිංහල නිර්මානකරුවෙක් පොරක් වෙන්න නම් ජාතියට ආගමට අඳෝ සන්සාරයක් නැතිව බැනිය යුතුය.....//
එහෙම බෑ නේන්නම් , මරාට ප්‍රශස්ති ගායනා කරන්න ඕනෙමයි.
මහ රජානනි ......
දැන් ට්‍රෙන්ඩ් එක් සර්වාගමික සර්වජාතික සමාජයක්.
Deleteදැන් බලන්න එක ජාතියේ කුරුල්ලෝලු එක අත්තේ වහන්නේ. බලන්න මේ ගමන බ්ලොග් සම්මාන උළෙලේ සමිමාන ගන්න අයගෙන් වැඩි දෙනෙක් ජාතියට ආගමට බනින අය නෙවෙයිද කියලා.
Deleteමචං සාරස උඹ මේ අදහසම ( දැන් ඇනෝ විදිහට දාලා තියෙන) දාලා තිබ්බනේ උඹේ ඇත්ත නමෙන් කලාහිත පොස්ට් එකේ..
Deleteනාලක, ධම්මේ සහ ඇල්ලේ..හ්ම්ම්...සමන්ත භද්‍ර මිස් වෙලා වගේ!
ReplyDeleteපට්ට පට පට, කටුස්සා බලාගෙන සුදුවෑන් එයි...
ReplyDeleteඒවා තාම එනවද
Deleteදැන් එන්නේ කළු ඩිෆෙන්ඩර්.... ඒත් අර වගේ අවුල් නෑ... පට්ට කෑල්ලක් බලන්න හම්බ වෙනවනේ....
Deleteආණ්ඩුව පෙරලෙන්න කලින් රට පැනපන්.. හැක්.
ReplyDeleteබයක් ඇත්තේම නැද්ද
ReplyDeleteනිවන්ම දකිත්වා
ReplyDeleteඋඹේ ලිවිල්ල සුපර්..
ReplyDeleteඅපිට වඩා වැරදිලා තියෙන්නේ එයාලට කියල එයාල දැනගන්නකොට බ්‍රේක් නැතුව කරපු මෝඩකම් වලට රිවර්ස් නැතිවෙලා ඉවරයි..
තමනුත් නිර්වාන අරමුණට යනගමන් සකල ලෝක සත්වයාත් නිවන් දක්කවන්න සාසනයට අතුල්වෙච්ච උදවිය වෙන වෙන අරමුණුවල එල්ලිලා කොට පාරෙන් අපායේ යන බස් එකේ නැගල ඉන්නකොට අපේ මෝඩ දායකයනුත් සමහරක් ඒ බස් එකේම එල්ලෙන්න ෆුල් ට්‍රයි.
ගිහි ජීවිතේ එපා කියල සසුන්ගතවෙච්චි උදවියට අපිට වඩා කොට පාරෙන් නිර්වාණය, දිව්‍යලෝකය පැත්තට යන්න පුළුවන් උනාට අපාය පැත්තටත් තියෙන්නේත් අපිට වඩා කොට පාරක්.
මෙයාලට වැරදිලා කියල තේරුම් ගන්න තරම් දැනීමක් ගිහියන්ට තියෙනවා කියන්නේ එයාලට වැරදිලා මිසක් ගිහි අපිට තාම වැරදිලා නැහැ කියන එකයි..
වැරදුන තැන් බොහෝමයි. පසුතැවීම විතරයි ඉතුරු.
ReplyDeleteනැවත පත්වේවා...
ReplyDeleteඅපිට කෙල වේවා..
ඔහුට ජය වේවා..
වාසනා වේවා
මචෝ හිරුණිකා අක්කට කියහන් මතක් කරා කියල...
ReplyDeleteඅලගොඩගත්තේ ගන්දස්සාර, ඉත්තෑකන්දේ දත් හිඩැස, බෙංගමුවේ ආලවක, පිටයන දූවේ මරිසිධම්ම, හොඳට හාන්න පුළුවන් බාන් කීයක් හදන්න පුලුවන්ද?
ReplyDeleteඇයි දඩුවේ උම්මා ලෝක ??
ReplyDeleteඑළකිරි නිර්මාණයක්....
ReplyDeleteකවි වැල නියමයි. උත්කෘෂ්ටයි .මගේ බ්ලොග් එකට මේක දාගන්න අවසරයි.sudukukula.blogspot.com
ReplyDeleteඅනේ හරි ෂෝයි
ReplyDeleteමහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට ..
ආසාවේ බැරුවා
මට මේල් කරන්න
Delete