කඳුල රූරා ගලන කොපුලේ - සුමුදු මොලකැටි බව එදා
විඳපු දෙතොලග වියරු සිනහව- මැවෙන හැටි නොදනිමි මෙදා
සොයන සහනය දුන්න හදවත - ගලක් සේ නිසලව තබා
නිහඬ මුණිවත පුරන පෙම්වත - යනු මැනවි දුර කඳු බලා
කැඩුන අත්තටු රිදුම් දුන් කල - හොවා සුරැකිව සෙනෙහසින්
උණුසුමක් දුන් පිණට නුඹ පෙම - බැඳුණ පෙරදින හදවතින්
දරාගන්නට නොහැකි ලෙස දිවි - පිදුව මා හට කවි සිතින්
රැදෙවුවේ නුඹ කොයි ඉසව්වෙද - කියනවද යන්නට කලින්
සඳ එළිය ලඟ තරුව වුන නුඹ - දුන්න සිසිලස ලොභ සිතින්
විඳපු හදවත පැතුවේ ඇයි සඳ - වටහගන්නට බැහැ මටත්
අහිංසක ලෙස බලා සිටි නුඹ - දවාලන්නට බැරි දුකින්
වෙන්වුනත් මම රිදෙන මතකය- සනසගමි ඔබ සිසිලසින්
ලඟ සිටිනවිට හිතට නොදැනුන - හුරු පුරුදු ලෙංගතුකමින්
බලා මා දෙස සිනාසෙනු මැන - වෙන්වයන මොහොතට කලින්
සිතා බලනට ඉඩක් ලද විට - කඳුළු උනනා ඉසිඹුවෙන්
සිහිකරනු මැන කිමිද මා නෙත - කඳුළු වියලන සෙනෙහසින්
කටුස්සා....
:'( andenawa..
ReplyDeleteහෙලන්නෙ ඇයි කඳුලැලි බේබදු රතුවුන දෑසේ....
Deleteදුක හිතෙනවා
ReplyDeleteමටත්.....
Deleteඅද කාලේ තියෙන සමහර සිංදු වලට වැඩ උඹේ කවි රසයි බං.
ReplyDeleteමටත් ඕකම හිතුනා
Deleteකාගේහරි හිතට දැනෙනවනම් මම දිනුම්.ස්තූතියි සුධීක අයියේ ගොඩක්...ඉවාන්...උඹටත්.
DeleteThis comment has been removed by the author.
Deleteතුන් තිස් පැයේ ඇඬු කඳුළැලි... වියලෙන්න
ReplyDeleteසිත් මංහලේ නැවතුණු බව .....සිහිවන්න
ලත් සෙනෙහසේ හිමිකම මට ... පවරන්න
හිත් මන්දිරේ සදහට ඔබ...... නවතින්න
පායන සඳේ අයිතිය කවුරුද ..........ගන්නේ
මීදුමෙ සුදේ තැවරුම නැහැ නොව දෙන්නේ
සායම මලේ පැවරුම නැත හිමි ......වන්නේ
මා ගැන සෙනේ කවදද ඔබෙ අඩු වෙන්නේ
ඈතක ගියද මා ඉඳ හිට සිහි......... කරලා
දෝතක කවිද පා කර දෙනවද ......ලියලා
මේකුළු මතම මා ලමි පණිවිඩ ...... හදලා
මෑතක පැමිණ මා හමුවෙනවද ..... රැකලා
රැක හමුවන්න ඔබ කිවුවද කවි පෙලකින්
Deleteයන්නට එපා සිත කියනව දැඩි හඬකින්
ආවොත් උඹ කඩනව අඬු එක පහරින්
ගොරවන නුඹේ සැමියා මැවෙනව පසෙකින්
//ගොරවන නුඹේ සැමියා මැවෙනව පසෙකින්//
DeleteLOL
:D :D :D
Deleteලස්සන කවි හොදෙ :)
ReplyDeleteමගේ කවියකට කවියක් ගොතන ගොතන පාරක් ගානේ මේ විදිහට ස්තූති කරන්න බෑ.ඒත් ඒ වෙනුවෙන් යොදන කාලයට, ,මහන්සියට ගොඩක් ස්තූතියි ඔබටත්.
Delete(Y)
Deleteසුපිරිම සුපිරියි මචං.......... ජයවේවා...
ReplyDeleteස්තූතියි කුරුට්ටෝ....
Deleteලස්සනයි! අත්දැකීමක්දෝ කියලත් හිතුනා.
ReplyDeleteලබුන අත්දැකීම පෙරලුවා අනිත් පාර්ශවයට.බූට් එක දුන්න කෙල්ලගේ ඇහින් බැළුවා....
Deleteපළවෙනි ගොඩවැදුමට වල්කම් උදය අයියේ....
ඇයි අප්ප කන්දකටම යන්න කියන්නෙ.
ReplyDeleteයාළුවෙලා ඉන්නකාලේ ඉඳලම කොල්ලා කැමති කන්දක් උඩ පොඩි කඩයක් දාන්නලු.ඒකයි කෙල්ල කියන්නේ ගිහින් දාගනින් තනියම කියලා.
Delete//ලඟ සිටිනවිට හිතට නොදැනුන - හුරු පුරුදු ලෙංගතුකමින්
ReplyDeleteබලා මා දෙස සිනාසෙනු මැන - වෙන්වයන මොහොතට කලින්
සිතා බලනට ඉඩක් ලද විට - කඳුළු උනනා ඉසිඹුවෙන්
සිහිකරනු මැන කිමිද මා නෙත - කඳුළු වියලන සෙනෙහසින්//
මේ ටිකට නං හදවත මෙව්වා වෙලා ගිය...ලස්සනයි වෙනද වගේම...
කතා ලියන්න අමතක වෙලාද බොල...:P
කතාවක් නොලියපු එකට වගකියන්න ඕනේ ලංවීම තමයි.ලියන්න පටන්ගන්න කොටම විදුලිබලේට ඇණ ගැහුවා ඒ කට්ටිය.
Deleteනියමයි..
ReplyDeleteස්තූතියි මචෝ....
Deleteකියන්න වචන නැහැ බං. නියමයි.
ReplyDeleteකොහේද බං උඹ අන්තරස්දාන වෙන්නේ හිටපුගමන්....
Deleteහ්ම්ම් හ්ම්ම් ඔන්න ඔහෙ හිත හදන් අතරමං වෙනවා මේ සැරේ නම්...
ReplyDeleteතනියෙන් අතරමන් වෙන්න ඔට්ටු නෑ.මාවත් එක්කගන පල.තනියන් අතරමන්වෙලා කරදරයක් උනොත් එහෙම.....
Deletethanks ruwan .
ReplyDeleteසඳ එළිය ලඟ තරුව වුන නුඹ - දුන්න සිසිලස ලොභ සිතින්
ReplyDeleteවිඳපු හදවත පැතුවේ ඇයි සඳ - වටහගන්නට බැහැ මටත්
අහිංසක ලෙස බලා සිටි නුඹ - දවාලන්නට බැරි දුකින්
වෙන්වුනත් මම රිදෙන මතකය- සනසගමි ඔබ සිසිලසින්//
සඳ එලිය ඇති තැන තරුව කුමටද-එලිය තරුවේ මදි
නුඹට දුන් හද පැතුවෙ නැහැ සඳ-හද දුන්නිමි සඳ වෙත බලෙන්
අහිංසක මා නොවේ නුඹමයි-මාම තව පතනා හෙයින්
වෙන්ව ඇතිමුත් දුකක් නැහැ මට-සඳේ සිසිලස වැඩි හෙයින්
(පලමු පදය මෙසේ නිවැරදි විය යුතුය)
Deleteසඳ එලිය ඇති තැන තරුව කුමටද-එලිය තරුවේ මදි හෙයින්
කාපිය මාව.....
Deleteකෙල්ල ඔහොම කිවුවොත්නම් ගහනවා ඒකිට තඩි ගලකින් ඔළුවටම...අම්මපා
අනේ මන්දා බන්.. මොනවා ලියන්නද කියල..
ReplyDeleteඋඹත් සෑහෙන්න දේවල් හිතේ හිරකරගන ඉන්නවා නේද මම වගේම.....
Deleteඅනේ මංද බං කවි දෙක තුනක්ම කෙටුව කෙටුව මැකුව
ReplyDeleteආයෙ ඕන නෑ...
මං හිතන්නෙ රිප්ලයි එකක් වත් කොටා ගන්න බැරි තරං මං මොට්ට වෙලා...
දුක හිතෙනව බං ඒ හිංද ද නෑ නෑ
මට කොහෙද දුක හිතෙන්නෙ
දුක හිතෙනවා.....දුක කියන්නේ මොකද්ද බං?
Deleteපෙම් කරන්නට දන්නෙ නැහැ නුඹ යන්න යනවා ඒ නිසා
ReplyDeleteලියා කවි ගී විරහවක් ගැන කියාපන් දැන් හැම දොසා
පෙමක් විඳිනේ ඉන්නකොට මිස යන්න ගිය පසු නොව නිසා
සොයා බලපන් වෙන අතක් ගැන කඳුලු නොහෙලා මා නිසා
චැහ්...රිප්ලයි කයියක් ගොතාගන්න බැරි තරමටම මගේ නම්ඹුව කාලා...එකාතකට ඒ බම්බුව තිබුනත් මොනවා කරන්නද ඒකෙන්....
Delete