Wednesday, March 9, 2016

රුවලක් අහිමි ඔරුවක් -කවියක් වගේ එකකින්.....


රාජකාරියටත් වඩා සිද්දවුන අකරතැබ්බයක් නිසා අනුරාධපුර - මන්නාරම (පේසාලේ ) අතර හක්මන්කරනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිමවෙලා.සමහර දවස්වල රැය ගෙවෙන්නෙත් තලෙයිමන්නාරමේ.එහෙම රැය ගෙවන්න හිතට අල්ලන තැනකුත් හම්බුනා වෙරළ කිට්ටුව.තනියෙන් මල්පැන් තොලගාන්න මනාපයක් නැති නිසාත් ,යටතේ වැඩකරන සේවකයන් හා මල්පැන් තොල නොගාන නිසාත් (ලොකුකම පෙන්වීමට නොව එසේ සිදුකර පසුව ඇතිවන ගැටළුවලට මුහුණදීමෙන් පාඩම් උගෙන ඇති නිසා ) එහෙම දවස්වල පාළුවෙන් රැය ගෙවෙනවා.දවසක් මහ රෑ මුහුදේ සද්දේ අහගන ඉන්නැද්දී මේ බ්ලොග් වලම ලඟදී කියවපු කතාවක් ආපහු හිතට දැනුනා.ආපහු ලැට්-ටොප් එක දිගඇරගන ඒ කතාව කියෙවුවා.ඒක ගොඩක් හිතට දැනුන කතාවක් මටනම්.ගිම්මිගේ කෝළමේ "රුවලක් අහිමි ඔරුව". ඉතින් ඒක කියවද්දී හිතිච්ච දේවල් මගේ හුරුවට කොලේකට අකුරුවුනා.ඒ අකුරු ඇගෙන් නොඅසා පලකරන්නට හිතා හිටියත් ,මූණුපොතෙන් මුනගැසුන ඇගෙන් ඒ සදහා අවසරත් ලැබුනා.ඔය පල්ලෙහා තියෙන්නේ ඒ අකුරු.ඒක කියවන්න කලින් මෙතන්ට ගිහින් ගෙම්බි ලියපු ඒ කතාව කියවලම එන්න.මෑත කාලීනව එකතුවුන බ්ලොග් අතරින් හිතගිය එක බ්ලොගක් තමයි ඇයගේ බ්ලොග් අඩවිය.සමහර කතා ලීවීමේදී හිතාගන්නවත් බැරි දක්ශකමක් ඒකා පෙන්නලා තියනවා.තාම ඒ පැත්තට ගියේනැති කවුරුහරි ඉන්නවානම් ඒ පැත්තට ඔළුවදාලා හොඳ,නරක කියලා දීලා ඇයට දිරියක් වෙන්න කියලා ඉල්ලා සිටිනගමන්ම ආපහු ඇවිත් මේකත් කියවලා මට බැනලා පලයල්ලා කියලත් ඉල්ලා සිටිනවා.


ඉරටු මතුවුන වහල අස්සෙන් තරු එකින් එක බලනවා
මගෙ සිරුර මත හති හලන හඬ රැහැයි හඬ මැද ඇහෙනවා
පුරුදු නුපුරුදු රළ නැගෙන හඬ දෙසවනේ රැවු නගනවා
නුඹ නොඑන්නට දොර වසන්නට පුතුගේ කුස ඉඩ නොදෙනවා

මටත් තිබුනා මට උරුමවුන ප්‍රේමයක් පපු කැනැත්තේ
උදුරගත්තේ සුළඟේ නුඹමය නිවූ සරතැස දුරුත්තේ
අහිමිවුන පසු රුවල ඔරුවට නැවතුනත් දිවි අනන්තේ
නවත්තන්නේ කෙලෙස පුතු දිවි සැනසුමක් නැති දිගන්තේ

උපන්දා සිට පා ලකුණු රැඳි වැල්ල ගිණියම් වූ දිනේ
අත වැනුව සිය ගණන් ලිහිනියෝ පැලෙහි දොරකඩ සක්මනේ
තුරුළුකරගන පුතුව පපුවට ජීවිතෙයි නෙත වැගිරුනේ
ලය නොවෙයි කිරි එරුන ලැම හැම දෙනෙතටම රසඳුන වුනේ

බලන්නට කුස දැවෙන ගිනි දෙස සිතුවෙවත් නැති සිත් අරන්
කෙසේ සිතුවෙද මගේ සිරුරත දැවෙන බව උණුසුම පතන්
ගැහැනියක් නොව මවකි මම අද සිතන්නට බැරි කුහකයන්
ලඟට එන හැටි ලොවම දෙන්නට දකිනවද දෙව් මෑණියන්

හොවාගත්තද නුඹව සිරුරත හැඟීමක් නැති සිත වසන්
නොම මවනු මැන දෑස් මත්තේ දරණුබැරි සුභ සිහිනයන්
නගාගන්නට බැරිව ලතැවෙන දෙතොල මත්තේ සිනහවන්
මවාගන්නෙමි සිහිකරන් මම පසෙක නිදනා පුතු නමින්

කටුස්සා....

ප.ලි.-විශේෂ ස්තූතිය:

"පපුකැනත්ත" කියන වචනේ ගැන විචිකිච්චාවක් ඇතිවුන වෙලාවක උදවුකරපු "නිහඬ සිත්තරාවි"ටත්, ගෙම්බිටත්.....

34 comments:

  1. අගෙයි මලේ . රුවලක් අහිමි ඔරුවත් කියවා රසවින්දා . = ඔබට තුති

    ReplyDelete
    Replies
    1. මලේ කිය කියා මගේ හිත රිද්දන එකතමා එපාවෙන්නේ ඉතින්.....
      කරපු උදවු සේරටම ස්තූතියි අක්කන්ඩියේ.

      Delete
  2. ගිම්මි කියන්නෙ බොලොග් ගල් අස්සට සෑහෙන කාලෙකින් වැටිච්ච පට්ට ක්‍රිෙය්ටිව් උල්කාපාතයක්..
    උන්දැගෙ කතාවට උඹ ලියපු මේ කවියත් ඒ වගේමයි...
    මැක්සා...

    හිතට දැනෙන්න දැනෙන හිත කීරි ගස්සන්න උඹ ලියල තියෙන මේ කවිය ඇත්තටම කාට හරි නොදැනෙනව කීවොත් වැඩක්ම නෑ...
    පට්ටයි කටුස්සෝ...
    ජයෙන් ජයම වේවා... බොලා දෙන්නටම

    ReplyDelete
  3. Replies
    1. කවියක් නැති කවියෙකි.

      Delete
  4. හරි..බොක්කටම අවශෝෂණය කර ගතිමි...දැන් ආමශගත ව සුරැකිව තබා ඇත​...ඒ වචන​...පද පේළි....ඔව්...අර කිව්ව එක කරමු ඈ...අතරමං වෙන සීන් කෝන් එක​...හිකිz...ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. ඕවා අමාශයේ හිටවෙලා සිද්දවෙන් අතුරු අබාධවලට මම වගකියන්නේ නෑ ඕන්.....අර අතරමන්වෙන්න යනකොට භාරකරු අවසර දුන්න ලියුමක් අරගනවර හොඳේ.අහිංසක මනුස්සයෙක් වෙච්ච මම පොලීසියට ,උසාවියට හරි බයයි.

      Delete
  5. නියමයි . මාරයි. විශිෂ්ටයි !!! ගිම්මියාගෙ කතාව කියෙව්වා හා සමාන පෙරේතකමකින් කවි පෙළත් කියෙව්වා . අනේ ඉතිං මේ කටුස්ගෙ හදවතට ජොයින් වෙන හැටියක් කියනවද? මොකක්ද වෙන්ට රොන්ග් කියලා එනවන‍ෙ.

    ReplyDelete
    Replies
    1. අන්න ගෑණු ළමයි....කටුස්සත් දැන් සෑහෙන්න කාලයක් තිස්සේ හදවතට ජොයින් කරගන්න කාවහරි හොය හොයා හිටියේ.

      ඔය පිස්සු නටන ෆලොවින් ගැජට්ටුව හදන්න මම දන්නෙත් නෑ මෙතූ. ඒකේ තියන පොඩි කොටු දෙකක් වගේ අයිකන් එක ක්ලික් කරන්න.ගොඩක් වෙලාවට ඒකෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන්.

      Delete
  6. ඉත්තුතිය මදි හරිද කටුස්සයියේ...මතකනේ මගේ තෑග්ග...අන්න ඒක අරන් කියන වෙලාවට කියන තැනට ආවා නං තමයි හොද....හැක හැක

    "පපු කැනැත්ත" ගැන මටත් පොඩි විචිකිච්චාවක් ආවා,මාත් දුවල ගිහින් අම්මගෙන් අහගෙන තමා ඔයාට පණ්ඩිතයා වගේ කිව්වේ...හිකිස්

    මගේ කතාව ගැන ලියපු එකට ගොඩක් සතුටුයි.ඒ වගේම මගේ බ්ලොගය ගැන සදහන් කලාට ගොඩක් ස්තුති...මේ කවියෙන් මන් ලියපු කතාව ඊට වඩා ලස්සනට මන් වින්ද...ලස්සනට අකුරු ටික ගලපලා තියනවා.ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. තෑග්ග අනිවා ගේනවා.හැබැයි ඒක ගෙදර ගෙනියන්නේ නැතුව මගදී වීසීකලොත් උස්සලා ගහනවා උඹව පොලේ.

      අම්මට විසිකෝතුයි කියලා කිවුවයි කියන්නෝ.......

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. කතාවත් කවියත් දෙකම රස වින්දා..

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි වරුසා....

      Delete
  8. කවිය මරු කටුස්සෝ...නිමිත්ත පැත්තටත් යනව...මේ යනව......
    ප.අනුකම්පාවෙන් ලි.--මල් පැන් බොන්ට කවුරුත් නැතිවීම ගැන පසුතැවිලි නොවන්න....මක් නිසාදයත් මා ඔබට උපකාරක් වීමට කැමතිය

    ReplyDelete
    Replies
    1. නැගපන් ඉක්මනටම "මන්නාරම" බස් එකක.පේන විදිහට තව දවස් 2ක් මෙහේ තමයි ඉන්නවෙන්නේ.

      Delete
  9. වෙරළක් අද්දර පාළුවෙන් තනියම ඉන්න වෙලාවක තනියම නොබොන මල් පැන් කවද බොන්නද
    මටනම් ඒ වගේ තැනක් මැක්සා, මාළු මාකට් එකක් ඇතුලේ හිරවෙලා ඉන්නවා වගේ දැනෙන සද්දෙන් පිරිච්ච කුකුල් කූඩු වගේ කාලකන්ණි තැන් වලට වඩා...

    මුලින්ම ගෙම්බි ගේ කතාව බැලුවා, ඒකිවත් බ්ලොග් රෝලේ එල්ල ගන්න ඕනේ...
    උඹේ කවියත් හොඳයි, දන්නවනේ මම කයි කියවන්න හොරයි කියලා...
    හරි අමාරුවෙන් කියෙව්වේ... ;)

    ReplyDelete
    Replies
    1. මේකනේ ලොකු අයියේ, මම මෙහාට ගාල්වුන දවසේ ඉඳන් ඔය කියනවා වගේ පරිසරයක් හා සමානම තැනක ඉන්න මට ඈතපේන පන්සල්ටික දිහා බලාගන තනියම මල්පැන් බීලා එපාවෙලා තියෙන්නේ. දැනට අවුරුද්දකටත් වඩා කාලෙකින් මම තනියම ඔයවැඩේ කරලම නෑ.මටදැන් ඕනේ ඔය මාලු මාර්කට් එකේ කට්ටියත් එක්ක ඉන්න.ඒකනේ ගෙදර ආපුගමන් අර නේවි කාරයා ප්‍රමුඛ කට්ටියට වද දෙන්නේ....

      Delete
  10. //"පපුකැනත්ත" කියන වචනේ ගැන විචිකිච්චාවක් ඇතිවුන වෙලාවක උදවුකරපු "නිහඬ සිත්තරාවි"ටත්, ගෙම්බිටත්.....//
    ඉස්සරනම් ඕවා ඇහුවේ මගෙන්.. දැන් කමක් නෑ.. ඔයාට අලුත් යාළුවො ඉන්නවනේ.. මීට නරක සමනලයා.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් කමියට උඹ ගැන විචිකිච්චාවක් ඇති වෙලා තියෙන්නේ.

      Delete
    2. අරින්ඩ එපා කමියා , මු ඉතින් අපෙන් අහන්නේ .................එක්කෝ ඕන නැ

      Delete
    3. ඊරිසියාව....වෙන මොකද්ද ඉතින්....
      බදුල්ලේ ඉදන් ආපු තෝව මහ රෑ ඇහරවනවද නැද්ද කියලා හිත හිත ඉන්නකොට තමයි මේ ඇත්තියෝ ඔන්ලයින් ඉන්නවා දැක්කේ.ආපහු උඹෙන් මොන ඇටිකෙහෙලක් අහන්නද මම.....

      මනෝ-
      ඕකට විචිකිච්චාව නෙමෙයි දැන් හැදිලා තියෙන්නේ...ආපහු හම්බවුන දවසට මම කියන්නම්.

      අටමෝ-
      හිටපියකෝ තොපිට.මීට පස්සේ ගෙදර ආවහම එකෙක්ටවත් කතා කරන්නේ නෑ.අර ගෙවල්ගාව ඉන්න කසුනට විතරක් කතා කරලා සෙට්වෙනවා මහරගම.

      Delete
  11. උඹේ කවි කොහොමත් අගෙයි කසුට්ටෝ............ 26 හම්බෙලා උඹත් එක්ක කවි ගැන කතා කරන්නත් ආසයි........ හැකියි ද ????

    ReplyDelete
    Replies
    1. දනට තත්වේ හැකියි 50%යි. නොහැකියි 50%යි.ආවොත් කතාකරමු.හැබැයි කවි ගැනනම් නෙමෙයි.....ඒගැන කතාකරන්න මටවඩා කවිකාරයෝ ඕනේතරම් ඉන්නවා එතන.

      Delete
  12. අර කඩේ කෙල්ල ද බං උඹව කවියෙක් කරේ මේ විදියට.

    ReplyDelete
    Replies
    1. කඩේ කෙලි පොඩ්ඩ කවියක් නෙමෙයි.කවි පොතක්.හැබැයි කතෘ කෙනෙක් ඉන්නවා. ඉතින් මම මොකටැයි පබ්ලිශර් විතරක් වෙන්නේ....උන් ලියාගත්තනම් උන්ම පබ්ලිශ් කරගත්තාවේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  13. අගෙයි.. කතාවත් රස වින්දා බන්...

    ReplyDelete
  14. ඔය "න්" අකුරෙන් ඉවරවෙන පදවල ඊට කලින් අකුරත් එකම නම්, ශබ්ද රසය තවත් වැඩියි.

    ඒ දේම හරි "ය", "ව", "හ" අකුරුවලින් අවසාන වෙන පද තියෙන කවි වලටත්.

    ReplyDelete
    Replies
    1. කවිගැන ලොකු හැදෑරීමක් කරලා නෑ කවදාවත්. හිතට එන දේ ඔහේ කුරුටුගානවා ඇරෙන්න.හැබැයි මේක ලියද්දී උදවුකරපු "නිහඬ සිත්තරාවි" ගොඩක් උපදෙස් දුන්නා කවිය ගැන ඉගනගන්න.මේ උපදෙසුත් මට බොහෝම වටිනවා.උත්සහකරන්නම් ආපහු ලියනකොට කවිය කියන ආකෘතිය ඇතුලේ ඉඳගන කවි ලියන්න.ස්තූතියි රසික...

      Delete