Monday, June 19, 2017
හදේ හිරු ඇහැරී ගිනි බිඳී ලොව කළඹවා රහසේ...
සුවඳ මල්පෙති සුවඳ නොදැණුන පවට හිමිකම් කිවු සිතින්
නෙලාගන්නට නොහැකි මල ලඟ දෙදණ නැමුවා බැති සිතින්
ලඟ තියන් ලඟ බවක් නොදුටුව දෙනෙත සැලිලා සීතලෙන්
වැටුන කඳුලක් දිලුනි පෙති මත සුවඳ බැලු ඒ අවසරෙන්
සියත් සියවර සෙවුව ආලය විලිවැදුන ආඩම්බරෙන්
දොස්කියූ සඳ තව බලන්නෑ තරු කැකුළු දෙස ආදරෙන්
හිත රිදුන තැන් බොහොමයක් ඇති කීවා නාහන වලාවෙන්
සෙවණ සෙවුවා පොලව හිනහී ඉරිතැලුන තැන් සඟවමින්
නියඟලා මල් පාට ගිනිදළු ඇවිලෙනා පැතුමන් පුරන්
සුරඟනන් පේ වුනා යන්නට වන්දනාවක මල් අරන්
ගිනිතියා ගස් නොලද අලු කෙස් පුච්චලා දෝතට දරන්
පාලු සොහොනක තනි මකන්නට දෙවියෝ වැඩියලු දුරඉඳන්
කටුස්සා..
Subscribe to:
Post Comments (Atom)
වැලපෙනා හදවතත් අරගෙන කොහේ යන්නෙද දුක දරන්
ReplyDeleteහිමි නොවන මල අහිමි කරගෙන සැනසුමක් වේවිද කියන්
ලස්සනයි කටුසු ... හිතට දැනුණා ...
ස්තූතියි සඳ
Deleteලස්සනයි යාලෝස්... එලිවැට මරු..
ReplyDelete:)
Deleteරහ පිරුණු තවත් කටුසු කවියක්.
ReplyDeleteඅපූරුයි කටුසු.
ජයවේවා!!!
ස්තූතියි දුමියා...
Deleteකටුසුගේ අලි කවි මාර රහයි
ReplyDeleteකටුස්සයි අලියයි... පට්ට කම්බිනේශන් එක
Deleteචෝයි පින්තූරයක් මචං ....
ReplyDeleteමම ඒක හරියට බැලුවෙත් උඹ කිවුවමයි කියහන්කෝ
Deleteකැතයි යකෝ
ReplyDeleteපට්ට කැතයි
හැක් හැක්...
මල් හතයි බොසා හොදේ
ටොප් හැටයි
ජයවේවා
අඩේ... කොහොමද මගේ පොරොන්දු..... රෙද්දක් ඇඳගන කොහොමද පාරේ යන්නේ කියහන්ක්ක්
Deleteමට උඹ ගැන බයයි බං මේ යන විදියට.. අම්මප.. :))
ReplyDelete:)
ReplyDelete
ReplyDeleteබයවෙන්න එපා අයියා.... අපි චන්ඩි බංඩිනේ
නියමයි කටු...
ReplyDeleteස්තූතියි මචෝ
Deletehmmm
ReplyDeleteHmmmm
Deleteඅද තමයි මේ පැත්තට ගොඩ උනේ . අපේ පැත්තටත් ගොඩ වෙලා යන්න
ReplyDeletehttp://snimalka.blogspot.com/
වෙලාව එක්ක දරුණු ගේමක් මේ දවස්වල මචෝ. වෙලාවක් හම්බුන ගමන් අනිවා එනවා
Deleteඑහෙනම් ඔන්න ඔහේ හිත හදාගෙන කටු වැටට උඩින් අපි පිය නගමු අප්පා....
ReplyDeleteසත්සියක් අරවින්ද හිනැහෙන්නෙ නැතැයි...නේද මෙයා? 😂
හරිම ලස්සනයි කවි හැමදාම වගේ....👌
ඒ වුනාට වැඩක් නෑ අප්පා.... පැනලායනවා වගේ ආතල් එකක් නෑ එහෙම ගියහම. පැනලා යමුද?
Delete