Monday, June 19, 2017

හදේ හිරු ඇහැරී ගිනි බිඳී ලොව කළඹවා රහසේ...



සුවඳ මල්පෙති සුවඳ නොදැණුන පවට හිමිකම් කිවු                 සිතින්
නෙලාගන්නට නොහැකි මල ලඟ දෙදණ නැමුවා            බැති සිතින්
ලඟ තියන් ලඟ බවක් නොදුටුව දෙනෙත සැලිලා                සීතලෙන්
වැටුන කඳුලක් දිලුනි පෙති මත සුවඳ බැලු ඒ                     අවසරෙන්


සියත් සියවර සෙවුව ආලය විලිවැදුන                           ආඩම්බරෙන්

දොස්කියූ සඳ තව බලන්නෑ තරු කැකුළු දෙස                    ආදරෙන්
හිත රිදුන තැන් බොහොමයක් ඇති කීවා නාහන           වලාවෙන්
සෙවණ සෙවුවා පොලව හිනහී ඉරිතැලුන තැන්              සඟවමින්


නියඟලා මල් පාට ගිනිදළු ඇවිලෙනා පැතුමන්                       පුරන්

සුරඟනන් පේ වුනා යන්නට වන්දනාවක මල්                         අරන්
ගිනිතියා ගස් නොලද අලු කෙස් පුච්චලා දෝතට                   දරන්
පාලු සොහොනක තනි මකන්නට දෙවියෝ වැඩියලු        දුරඉඳන්

කටුස්සා..

23 comments:

  1. වැලපෙනා හදවතත් අරගෙන කොහේ යන්නෙද දුක දරන්
    හිමි නොවන මල අහිමි කරගෙන සැනසුමක් වේවිද කියන්


    ලස්සනයි කටුසු ... හිතට දැනුණා ...

    ReplyDelete
  2. ලස්සනයි යාලෝස්... එලිවැට මරු..

    ReplyDelete
  3. රහ පිරුණු තවත් කටුසු කවියක්.
    අපූරුයි කටුසු.

    ජයවේවා!!!

    ReplyDelete
  4. කටුසුගේ අලි කවි මාර රහයි

    ReplyDelete
    Replies
    1. කටුස්සයි අලියයි... පට්ට කම්බිනේශන් එක

      Delete
  5. චෝයි පින්තූරයක් මචං ....

    ReplyDelete
    Replies
    1. මම ඒක හරියට බැලුවෙත් උඹ කිවුවමයි කියහන්කෝ

      Delete
  6. කැතයි යකෝ
    පට්ට කැතයි
    හැක් හැක්...












    මල් හතයි බොසා හොදේ
    ටොප් හැටයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අඩේ... කොහොමද මගේ පොරොන්දු..... රෙද්දක් ඇඳගන කොහොමද පාරේ යන්නේ කියහන්ක්ක්

      Delete
  7. මට උඹ ගැන බයයි බං මේ යන විදියට.. අම්මප.. :))

    ReplyDelete

  8. බයවෙන්න එපා අයියා.... අපි චන්ඩි බංඩිනේ

    ReplyDelete
  9. අද තමයි මේ පැත්තට ගොඩ උනේ . අපේ පැත්තටත් ගොඩ වෙලා යන්න
    http://snimalka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. වෙලාව එක්ක දරුණු ගේමක් මේ දවස්වල මචෝ. වෙලාවක් හම්බුන ගමන් අනිවා එනවා

      Delete
  10. එහෙනම් ඔන්න ඔහේ හිත හදාගෙන කටු වැටට උඩින් අපි පිය නගමු අප්පා....
    සත්සියක් අරවින්ද හිනැහෙන්නෙ නැතැයි...නේද මෙයා? 😂

    හරිම ලස්සනයි කවි හැමදාම වගේ....👌

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට වැඩක් නෑ අප්පා.... පැනලායනවා වගේ ආතල් එකක් නෑ එහෙම ගියහම. පැනලා යමුද?

      Delete