මහම මහා ඊරි උඹ දිව ඇවිත් කනට කර
ගොං කතාවක් කියා හිනහෙනා
ගෙම්බි උඹ ලබ්බි උඹ වැරද්දක්වුන සැනින්
පුම්බ පුම්බා මටම ගොරවනා
මෝහිනිත් උඹ යස්සනිත් උඹ පාලුවක් දැනුන විට
මගේ නින්දෙනුත් මා ඇහැරනා
ගල්ම ගල් ඉබ්බි උඹ හිටිගමන් තරහාවී
හොරෙන් බල බලා මටම ඔරවනා
සෙවන උඹ සුළඟ උඹ දාහයෙන් පෙඟුන හිත
සිසිල් සුව ආලයෙන් සනසනා
අරුත උඹ විරිත උඹ තාලයක් නැති දිවිය
නිවැරදිම තාලයට රඟවනා
අහස උඹ සයුර උඹ ඉමක් නැති ප්‍රේමයම
බලන බැල්මක පවා අවුලනා
දිවිය උඹ හුස්ම උඹ හැරී බැලුවිට නැවත
පා ලකුණු පසුපසින් රඳවනා
සිත නිවන සුවඳ උඹ යොදුන් දුර වුව දැනෙන
සිහිනෙනුත් මගේ ලඟ දැවටෙනා
යෙහෙලි උඹ සොයුරි උඹ කිසිම අඩුවක් නැතුව
මවුවත්ම සෙනේහය පුදදෙනා
ලෙංගතුම දුවත් උඹ ලඟටවිත් තුරුලු වී
ආදරය මහා ගොඩක් ඉල්ලනා
මමත් උඹ උඹත් උඹ එකම රිද්මය ඇතුලේ
වෙනස් හදවත් දෙකක් ගලපනා
-කටුස්සා-
රුදුරු ලෙස කැලඹිලා හැමූ
ReplyDeleteසුලඟ නුඹ වෙයි පහන් නිවූ
ලෙවන් කීවත් ලඳේ මෙසේ
සුපුන් සඳ ඔබ තමයි මගේ
මර්වින් පෙරේරා මහතාගෙ මේ ගීතය මතක් වුනා මට කවිය කියෙවුවම
අපූරුයි...
ජයවේවා!!!
මේක කලින් දැක්කනේ.. ඒ කොහෙද? ම්ම්ම්...
ReplyDeleteවෙරිද ? මේක කලින් දාපු පෝස්ට් එකක් :-)
ReplyDelete///මගේ නින්දෙනුත් මා ඇහැරනා
ReplyDeleteගල්ම ගල් ඉබ්බි උඹ හිටිගමන් තරහාවී
හොරෙන් බල බලා මටම ඔරවනා///
මං ආසයි ඒ කොටසට...
මුට පිස්සු කොලොප්පම් වෙලා 😂 😂 😂
ReplyDeleteහැබැයි ඒක ගති බොරු මොකද <3 <3 <3
හරිම ලස්සනයි අමුතුම සුන්දර බවක් තියනව.
ReplyDeleteමේක කියවලා තියෙනවා.... එත් එපා නොවෙන ලස්සනක් තියෙනවා.
ReplyDeleteමේ තරම් බැන්නහම ඇති බොලාව ඉතුරු කොලා
ReplyDeleteසබරේ
++++++
ReplyDeleteකවදත් වගේ මාරයි කවුසු.ඔයාගේ ශෛලිය අමුතුයි.අමුයි..ඒත් බොක්කටම වැදෙනව
ReplyDeleteහි හී මේක මම කැමතිම එකක්... මරු
ReplyDeleteලස්සනයි ..... මේ කියන්නෙ දුවක් ගැන . හැබැයි තමන්ගෙම දුව නෙමෙයි . මට හිතුණ හැටි. හරිද මන්දා ....
ReplyDeleteගැහෙන පපුවලට ජීවිතේ තරමට දැනෙන කවි...
ReplyDeleteපැරැණි ප්‍රේමයක් ගැන වත්ද?
ReplyDeleteඅයියෙ හැමදාම බොන්නෙපා බං. මං මේක බුකියෙන්ද මන්ද කියෙව්වෙ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඒක ලස්සන කතාවක්....
ReplyDeleteඒක අනිත් කතා වලට වඩා හුඟක් ලස්සනයි
ReplyDelete