Tuesday, June 6, 2017

නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ



මහම මහා ඊරි උඹ දිව ඇවිත් කනට කර
ගොං කතාවක් කියා හිනහෙනා
ගෙම්බි උඹ ලබ්බි උඹ වැරද්දක්වුන සැනින්
පුම්බ පුම්බා මටම ගොරවනා
මෝහිනිත් උඹ යස්සනිත් උඹ පාලුවක් දැනුන විට
මගේ නින්දෙනුත් මා ඇහැරනා
ගල්ම ගල් ඉබ්බි උඹ හිටිගමන් තරහාවී
හොරෙන් බල බලා මටම ඔරවනා

සෙවන උඹ සුළඟ උඹ දාහයෙන් පෙඟුන හිත

සිසිල් සුව ආලයෙන් සනසනා
අරුත උඹ විරිත උඹ තාලයක් නැති දිවිය
නිවැරදිම තාලයට රඟවනා
අහස උඹ සයුර උඹ ඉමක් නැති ප්‍රේමයම
බලන බැල්මක පවා අවුලනා
දිවිය උඹ හුස්ම උඹ හැරී බැලුවිට නැවත
පා ලකුණු පසුපසින් රඳවනා

සිත නිවන සුවඳ උඹ යොදුන් දුර වුව දැනෙන

සිහිනෙනුත් මගේ ලඟ දැවටෙනා
යෙහෙලි උඹ සොයුරි උඹ කිසිම අඩුවක් නැතුව
මවුවත්ම සෙනේහය පුදදෙනා
ලෙංගතුම දුවත් උඹ ලඟටවිත් තුරුලු වී
ආදරය මහා ගොඩක් ඉල්ලනා
මමත් උඹ උඹත් උඹ එකම රිද්මය ඇතුලේ
වෙනස් හදවත් දෙකක් ගලපනා

-කටුස්සා-



18 comments:

  1. රුදුරු ලෙස කැලඹිලා හැමූ
    සුලඟ නුඹ වෙයි පහන් නිවූ
    ලෙවන් කීවත් ලඳේ මෙසේ
    සුපුන් සඳ ඔබ තමයි මගේ


    මර්වින් පෙරේරා මහතාගෙ මේ ගීතය මතක් වුනා මට කවිය කියෙවුවම

    අපූරුයි...

    ජයවේවා!!!

    ReplyDelete
  2. මේක කලින් දැක්කනේ.. ඒ කොහෙද? ම්ම්ම්...

    ReplyDelete
  3. වෙරිද ? මේක කලින් දාපු පෝස්ට් එකක් :-)

    ReplyDelete
  4. ///මගේ නින්දෙනුත් මා ඇහැරනා
    ගල්ම ගල් ඉබ්බි උඹ හිටිගමන් තරහාවී
    හොරෙන් බල බලා මටම ඔරවනා///
    මං ආසයි ඒ කොටසට...

    ReplyDelete
  5. මුට පිස්සු කොලොප්පම් වෙලා 😂 😂 😂
    හැබැයි ඒක ගති බොරු මොකද <3 <3 <3

    ReplyDelete
  6. හරිම ලස්සනයි අමුතුම සුන්දර බවක් තියනව.

    ReplyDelete
  7. මේක කියවලා තියෙනවා.... එත් එපා නොවෙන ලස්සනක් තියෙනවා.

    ReplyDelete
  8. මේ තරම් බැන්නහම ඇති බොලාව ඉතුරු කොලා

    සබරේ

    ReplyDelete
  9. කවදත් වගේ මාරයි කවුසු.ඔයාගේ ශෛලිය අමුතුයි.අමුයි..ඒත් බොක්කටම වැදෙනව

    ReplyDelete
  10. හි හී මේක මම කැමතිම එකක්... මරු

    ReplyDelete
  11. ලස්සනයි ..... මේ කියන්නෙ දුවක් ගැන . හැබැයි තමන්ගෙම දුව නෙමෙයි . මට හිතුණ හැටි. හරිද මන්දා ....

    ReplyDelete
  12. ගැහෙන පපුවලට ජීවිතේ තරමට දැනෙන කවි...

    ReplyDelete
  13. පැරැණි ප්‍රේමයක් ගැන වත්ද?

    ReplyDelete
  14. අයියෙ හැමදාම බොන්නෙපා බං. මං මේක බුකියෙන්ද මන්ද කියෙව්වෙ.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඒක ලස්සන කතාවක්....

    ReplyDelete
  17. ඒක අනිත් කතා වලට වඩා හුඟක් ලස්සනයි

    ReplyDelete