මට හොරෙන් මගෙ සිතේ
නුඹ යනෙන බව දනිමි
තබන පියවර හඬට
සිහිනයෙන් අවදිවෙමි
නොඑන්නට කිසි කෙනෙකු
හද අගුළු ලා ගතිමි
කෙලෙස නුඹ ඇතුළුවුන
මග තවම මම සොයමි
හොරෙන් විත් යන ලෙසට
සිතුවේ ඇයි නොම දනිමි
නුඹ සුවඳ යොදුන් දුර
සිට වුවද මට දැනුනි
හදවතම කවියක්ව
නුඹ වෙතම පුද කලෙමි
නොදත් ඔබ ඒ බවක්
තවම එහි පද සොයති
ගොළු කරපු ආදරය
දැනුදු පණ නල යදිති
නොදුටුවා සේ ඔබත්
තනිව හිද ඉකිබිඳිති
කඳුළු රැඳි හදවතේ
දුකක් නැති බව දනිමි
නුඹේ මුදු පිරිමැදුම
සියොළඟම දවාළුනි
අපිළිවෙල හද ගැස්ම
තවම නුඹ නම කියති
මගේ ප්‍රියතම කවිය
නුඹම බව දැන් දනිමි
කටුස්සා....
පොකුරු වැහි අක්කා.... මමනම් කතාකරන්නේ එහෙමයි. දවසක් වෙන බ්ලොග් අඩවියක දැමූ කමෙන්ටුවක් වැරදීමකින් ඇයගේ අඩවියේ පලවුනා. ඒ මාස 4-5 ට විතර ඉස්සල්ලා වෙන්න ඇති. සිදුවූ වරද පහදා දුන්නාට පසුව එම කමෙන්ටුව ඉවත්කර ඉතාමත් සුහදශීලීව මා හට සමාව දෙන්න තරම් ඇය කාරුණිකවුනා. ඇයගේ කවිකාරකම මේ බ්ලොග්ලෝකයේ බොහෝ දෙනෙකුට රහසකුත් නෙමෙයි. ඇයගේ අඩවියේ පලවුන ඇයගේ අවසාන කවිය, ඔබේ කවි හදවතේ අැවිද යමි.. මොකද්දෝ නොදන්න හුරුපුරුදු කමක් හදවතට දැනෙවුවා. අඩුමගානේ ඒ කවියට කමෙන්ටුවක්වත් දැම්මේ නෑ. ඒ කවිය කියවපු ගමන් සේවා ස්තානයේ ලොග් පොතේ කුරුටු ගෑවුනේ මේ පදපේලි ටික . ඇයගේ කවිකමට අලගු තියන්න තරම් කවිකාරයෙක් නොවුනත් ඒ කවියි, මේ කවියි දෙකම මගේ හිතට ගොඩක් දැනුන නිසා ඇයගේ අවසරය ඇතුව මම මේ කවි මගේ අඩවියේ පලකරනවා. මේ කවි කියවන්න ඉස්සල්ලා ඒ පැත්තට ගොඩවැදිලා අදහස් දක්වලා ඇවිත් මේ කවිය කියවලා යන්න කියලා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.පොකුරු අක්කේ ,මේ කවියෙන් ඔයාගේ කවියට අනර්ථයක් සිදුවුනානම් සමාවෙන්න....
අනේ ඉතිං මේ ලොග් නෝට් එක දැක්කම ලොක්ක මොනව හිතයිද හිටං.
ReplyDeleteලස්සනයි.
ඌට මේවා කියවන්න බැරිනිසා හොඳයි. මමනම් මේ දවස්වල වස්කවියක් ලියනවා ඌට.
Deleteරස්සාවට ගිහින් ඕවද කරන්නෙ
ReplyDeleteඅපිත් එහෙමයි කොච්චී....
Deleteවෙන මක්ක කොරන්නද කොච්චි ඔය හැටිම
Deleteඉඳලා ඉඳලා රස්සාවකට ගියා.ඒකත් මට සැප දෙන්න හදපු රස්සාවක්ද කොහේද. නිදියන්නත් බෑ.ඒ මදිවට ඉඳගන උඩබලාගන ඉන්නත් ඕනේ. වෙන මොනවා කරන්නද ඉතින්
Deleteපොකුරුගේ කවිය වගේම මේකත් අපූරුයි බං. පොකුරු වැහි වගේම කටුසුගේ කවි හැකියාවෙනුත් කවි ගැන ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා.
ReplyDeleteජයවේවා!!!
කාගෙන් හරි කමක් නෑ ඉගනගන්න තියනවනම් ඉගනගනින්.හැබැයි මටවඩා කවිකාරයෝ ගොඩයි මේකේ
Deleteබ්ලොග් ලොවේ පෙම් පිඬ... අලේ....
ReplyDeleteජයවේවා..!!
මැරියන් ගල් මූසලයා....
Deleteමොනවා යකෝ? ලොග් පොත් තියෙන්නේ කවි ලියන්නද?
ReplyDeleteඑක අතකට බලනකොට කවි සිතුවිල්ල ආවම නවත්තගන්ඩ බෑ. පාස්පෝට් එකේ හරි ලියවෙනවා. අපූරු නිර්මාණයක්.
ඕක ඉතින් ලොග්පොත කිවුවට හරිම ලොග් පොත නෙමෙයි.ඉස්සර ලොග් පොත. මොකක් හරි හේතුවක් නිසා බාගෙට ලියලා අතෑරලා.දැන් ඒක මගේ කුරුටු පොත.
Deleteලියන්න හිතුනහම ටෙලිෆෝන් බිල්, ටිශූ කොල වල පවා ලියලා තියනවා මමනම්.
//මගේ ප්‍රියතම කවිය
ReplyDeleteනුඹම බව දැන් දනිමි//
මං කැමතිම පේළි දෙක...හරිම රහයි නිර්මාණය මල්ලියේ...සමාව ඉල්ලන්නේ මොකටද...ඔයා කොහොමත් ලස්සනට ලියනවනේ...
අම්මෝ... දැන් මම මුරුන්ගා අත්තේ කරටියේ...
Deleteම්ම්ම්ම්....ලියපු කවි වලින් මේක අර අරම අරම ආයෙත් අර අරම වගේ අර කවි පෙළක්...#^%#&#%$@#!#@#^*^& මට පැහැදිලිව කියන්න තේරෙන්නෙ නෑ ඕයි...ජබ්ස්ස්..ඔන්න ඔයාම තේරුම් ගන්න අප්පා...🙏
ReplyDeleteමට බැරිනම් ඔයාව තේරුම්ගන්න වෙන කවුද සුදූ ඔයාව තේරුම්ගන්නේ. හරි හරි... මම තේරුම්ගත්තා.
Delete//////මගේ ප්‍රියතම කවිය
ReplyDeleteනුඹම බව දැන් දනිමි.//////
මාත් කැමතිමපද පේලිය මේ.....
වෙනද වගේමයි.. ලස්සනයි...
විස්කෝතුයි නිර්මාණි....
Deleteලියපන් අයියන්ඩි බ්ලොග් එකේ ලොග් පොතේ බැයිනම් ඔෆීස් එකේ බිත්තියේ හරි කමක් නෑ... කුරුටු ගීයක් වත් වෙන්නැතෑ
ReplyDeleteලස්සනයි කසුටු
ලියන ලියන පිටුව කඩලා අරගන ගිහින් දැන් පොත ඉවරවෙන්නත් ලගයි. එතකොට ඉතින් බිත්තියේ තමයි ලියන්න වෙන්නේ මට.
Deleteමල කෝලං... බෝල සබං ...
ReplyDeleteහැම මගුලකටම එකම කමෙන්ට් එක දාන්න එපා යකෝ....
Deleteඅගෙයි කටුසු මගේ පෙම්ත් බලල යන්න
ReplyDeletehttp://nihandasiththaraawi.blogspot.com/2016/11/blog-post_11.html
එනවා එනවා.... මේ එනවා
Deleteහ්ම්ම්... පොකුරු අක්කටයි කටුසු මල්ලිටයි දෙන්නටම ස්තූතියි!
ReplyDeleteඋඹ ලඟකදී ඉදලා සෑහෙන්න තැන්පත්වෙලා බං....
Deleteමොනද කියන්නෙ කියල හිතාගන්න බෑනෙ....පට්ට...
ReplyDeleteමොනවා කිවුවත් වැඩක් නෑ දැන්.මගේ හිත රිදිලා ඉවරයි.
DeleteWait for boss.. He will kick u for abusing the logbook.
ReplyDeleteNice work & sry for the language.
That old guy cant doing it.bcoz he is alredy expired now.
Deleteඋඹේ කවි කොහොමත් පට්ට තමා බං..........
ReplyDeleteලැජ්ජහිතෙන කතා කියන්න එපා බං
Delete