Wednesday, November 9, 2016

මට දැනෙනවා ආදරේ.....



මට හොරෙන් මගෙ සිතේ
නුඹ යනෙන බව දනිමි
තබන පියවර හඬට
සිහිනයෙන් අවදිවෙමි

නොඑන්නට කිසි කෙනෙකු
හද අගුළු ලා ගතිමි
කෙලෙස නුඹ ඇතුළුවුන
මග තවම මම සොයමි

හොරෙන් විත් යන ලෙසට
සිතුවේ ඇයි නොම දනිමි
නුඹ සුවඳ යොදුන් දුර
සිට වුවද මට දැනුනි

හදවතම කවියක්ව
නුඹ වෙතම පුද කලෙමි
නොදත් ඔබ ඒ බවක්
තවම එහි පද සොයති

ගොළු කරපු ආදරය
දැනුදු පණ නල යදිති
නොදුටුවා සේ ඔබත්
තනිව හිද ඉකිබිඳිති

කඳුළු රැඳි හදවතේ
දුකක් නැති බව දනිමි
නුඹේ මුදු පිරිමැදුම
සියොළඟම දවාළුනි

අපිළිවෙල හද ගැස්ම
තවම නුඹ නම කියති
මගේ ප්‍රියතම කවිය
නුඹම බව දැන් දනිමි

කටුස්සා....
පොකුරු වැහි අක්කා.... මමනම් කතාකරන්නේ  එහෙමයි. දවසක් වෙන බ්ලොග් අඩවියක දැමූ කමෙන්ටුවක් වැරදීමකින් ඇයගේ අඩවියේ පලවුනා. ඒ මාස 4-5 ට විතර ඉස්සල්ලා වෙන්න ඇති. සිදුවූ වරද පහදා දුන්නාට පසුව එම කමෙන්ටුව ඉවත්කර ඉතාමත් සුහදශීලීව මා හට සමාව දෙන්න තරම් ඇය කාරුණිකවුනා. ඇයගේ කවිකාරකම මේ බ්ලොග්ලෝකයේ බොහෝ දෙනෙකුට රහසකුත් නෙමෙයි. ඇයගේ අඩවියේ පලවුන ඇයගේ අවසාන කවිය, ඔබේ කවි හදවතේ අැවිද යමි.. මොකද්දෝ නොදන්න හුරුපුරුදු කමක් හදවතට දැනෙවුවා. අඩුමගානේ ඒ කවියට කමෙන්ටුවක්වත් දැම්මේ නෑ. ඒ කවිය කියවපු ගමන් සේවා ස්තානයේ ලොග් පොතේ කුරුටු ගෑවුනේ මේ පදපේලි ටික . ඇයගේ කවිකමට අලගු තියන්න තරම් කවිකාරයෙක් නොවුනත් ඒ කවියි, මේ කවියි දෙකම මගේ හිතට ගොඩක් දැනුන නිසා ඇයගේ අවසරය ඇතුව මම මේ කවි මගේ අඩවියේ පලකරනවා. මේ කවි කියවන්න ඉස්සල්ලා ඒ පැත්තට ගොඩවැදිලා අදහස් දක්වලා ඇවිත් මේ කවිය කියවලා යන්න කියලා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.පොකුරු අක්කේ ,මේ කවියෙන් ඔයාගේ කවියට අනර්ථයක් සිදුවුනානම් සමාවෙන්න....

32 comments:

  1. අනේ ඉතිං මේ ලොග් නෝට් එක දැක්කම ලොක්ක මොනව හිතයිද හිටං.

    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඌට මේවා කියවන්න බැරිනිසා හොඳයි. මමනම් මේ දවස්වල වස්කවියක් ලියනවා ඌට.

      Delete
  2. රස්සාවට ගිහින් ඕවද කරන්නෙ

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමයි කොච්චී....

      Delete
    2. වෙන මක්ක කොරන්නද කොච්චි ඔය හැටිම

      Delete
    3. ඉඳලා ඉඳලා රස්සාවකට ගියා.ඒකත් මට සැප දෙන්න හදපු රස්සාවක්ද කොහේද. නිදියන්නත් බෑ.ඒ මදිවට ඉඳගන උඩබලාගන ඉන්නත් ඕනේ. වෙන මොනවා කරන්නද ඉතින්

      Delete
  3. පොකුරුගේ කවිය වගේම මේකත් අපූරුයි බං. පොකුරු වැහි වගේම කටුසුගේ කවි හැකියාවෙනුත් කවි ගැන ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කාගෙන් හරි කමක් නෑ ඉගනගන්න තියනවනම් ඉගනගනින්.හැබැයි මටවඩා කවිකාරයෝ ගොඩයි මේකේ

      Delete
  4. බ්ලොග් ලොවේ පෙම් පිඬ... අලේ....
    ජයවේවා..!!

    ReplyDelete
  5. මොනවා යකෝ? ලොග් පොත් තියෙන්නේ කවි ලියන්නද?

    එක අතකට බලනකොට කවි සිතුවිල්ල ආවම නවත්තගන්ඩ බෑ. පාස්පෝට් එකේ හරි ලියවෙනවා. අපූරු නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් ලොග්පොත කිවුවට හරිම ලොග් පොත නෙමෙයි.ඉස්සර ලොග් පොත. මොකක් හරි හේතුවක් නිසා බාගෙට ලියලා අතෑරලා.දැන් ඒක මගේ කුරුටු පොත.

      ලියන්න හිතුනහම ටෙලිෆෝන් බිල්, ටිශූ කොල වල පවා ලියලා තියනවා මමනම්.

      Delete
  6. //මගේ ප්‍රියතම කවිය
    නුඹම බව දැන් දනිමි//

    මං කැමතිම පේළි දෙක...හරිම රහයි නිර්මාණය මල්ලියේ...සමාව ඉල්ලන්නේ මොකටද...ඔයා කොහොමත් ලස්සනට ලියනවනේ...

    ReplyDelete
    Replies
    1. අම්මෝ... දැන් මම මුරුන්ගා අත්තේ කරටියේ...

      Delete
  7. ම්ම්ම්ම්....ලියපු කවි වලින් මේක අර අරම අරම ආයෙත් අර අරම වගේ අර කවි පෙළක්...#^%#&#%$@#!#@#^*^& මට පැහැදිලිව කියන්න තේරෙන්නෙ නෑ ඕයි...ජබ්ස්ස්..ඔන්න ඔයාම තේරුම් ගන්න අප්පා...🙏

    ReplyDelete
    Replies
    1. මට බැරිනම් ඔයාව තේරුම්ගන්න වෙන කවුද සුදූ ඔයාව තේරුම්ගන්නේ. හරි හරි... මම තේරුම්ගත්තා.

      Delete
  8. //////මගේ ප්‍රියතම කවිය
    නුඹම බව දැන් දනිමි.//////

    මාත් කැමතිමපද පේලිය මේ.....
    වෙනද වගේමයි.. ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි නිර්මාණි....

      Delete
  9. ලියපන් අයියන්ඩි බ්ලොග් එකේ ලොග් පොතේ බැයිනම් ඔෆීස් එකේ බිත්තියේ හරි කමක් නෑ... කුරුටු ගීයක් වත් වෙන්නැතෑ

    ලස්සනයි කසුටු

    ReplyDelete
    Replies
    1. ලියන ලියන පිටුව කඩලා අරගන ගිහින් දැන් පොත ඉවරවෙන්නත් ලගයි. එතකොට ඉතින් බිත්තියේ තමයි ලියන්න වෙන්නේ මට.

      Delete
  10. මල කෝලං... බෝල සබං ...

    ReplyDelete
    Replies
    1. හැම මගුලකටම එකම කමෙන්ට් එක දාන්න එපා යකෝ....

      Delete
  11. අගෙයි කටුසු මගේ පෙම්ත් බලල යන්න
    http://nihandasiththaraawi.blogspot.com/2016/11/blog-post_11.html

    ReplyDelete
  12. හ්ම්ම්... පොකුරු අක්කටයි කටුසු මල්ලිටයි දෙන්නටම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. උඹ ලඟකදී ඉදලා සෑහෙන්න තැන්පත්වෙලා බං....

      Delete
  13. මොනද කියන්නෙ කියල හිතාගන්න බෑනෙ....පට්ට...

    ReplyDelete
    Replies
    1. මොනවා කිවුවත් වැඩක් නෑ දැන්.මගේ හිත රිදිලා ඉවරයි.

      Delete
  14. Wait for boss.. He will kick u for abusing the logbook.
    Nice work & sry for the language.

    ReplyDelete
    Replies
    1. That old guy cant doing it.bcoz he is alredy  expired now.

      Delete
  15. උඹේ කවි කොහොමත් පට්ට තමා බං..........

    ReplyDelete
    Replies
    1. ලැජ්ජහිතෙන කතා කියන්න එපා බං

      Delete