Tuesday, November 29, 2016

👹මහඹබාට මූණු දෙකයි 👹



ජයවතී... කොහේද උඹ
ඒ වෙලාවේ පාරක් ගැහුවට... හිතේ කේන්තියට
දැන් ඇඬුවා ඇති නේද
වරෙන් එළියට නාඩ

අවුරුදු දහයකට මෙපිට උඹ එන්නට කලින් මෙහෙට
යක්කු නටපු පිට්ටනියක් වගේ තිබුන මගේ නිවස
එළියවුනේ උඹ ආ පසු කොතෙකුත් මම කියා ඇද්ද
සමහර කාලවල් තිබුනා දුක් කරදර බොහොම ආපු
පාන්බාගේ බෙදාගෙනත් කෑවා අපි සීනි එක්ක
උඹ හිටියා මාත් එක්ක හෙවනැල්ලක් වගේ ලඟම
කවදාවත් කිසිම බයක් දැනුනේ නෑ මගේ හිතට


පුංචි එවුන් දෙන්නා එක්ක යමර යුද්දේ කරනා විට
උදවුවකටවත් එන්නට නොහැකිවුනත් වැඩත් එක්ක
කවදාවත් මැසිවිල්ලක් නැගුනේ නෑ උඹෙ මුවගට
සිමෙන්ති ගල් එකට තියා අලුත් කෑලී අමුණන විට
මාත් එක්ක අත්වැඩදී බරවැඩකලේ ලහි ලහියට
සිමෙන්ති ඇණුනේ උඹ හෙළු දහඩිය හා හරි හරියට
බිත්තියෙනුත් දැනෙන්නේ මට ඒක නිසයි උඹේ සුවඳ


කවිඳු ට්‍රාන්ස්පෝර්ට් ලොරියේ පඩිය වැඩිනිසා ගියාට
දවස් ගණන් මයියංගනේ වැලි මංකඩ නිදි වැරුවට
හිතට මොකද්දෝ දැණුනා අම්මපා ජයතියේ මට
උඹ ගැන සැකයක් හෙම නොව ලොරිය කැඩුන නිසා මගම
ආවේ මම ගෙදරට හෙට උදේ නැවත යමි සිතාන
උඹේ කෙඳිරියත් එක්කලා ඇහෙනා විට හතිලන හඬ
වාවන්නේ නැතුවගියා ජයවතියේ මට දිවියම

ලයිෆ්බෝයි වලට වඩා මුදලාලිගේ සෙන්ට් සුවඳ
නහයට නුඹේ දැනෙන්න ඇති ගැහැනියක් නිසා කදිමට
උගේ රත්තරං මාලය උඹේ පපුවේ ගෑවෙන විට
කිතිකැවුනද උඹේ හිතත් හීගඬු නංවා ඕසෙට
මගේ තරම් ගොරෝසු නැති සිනිදු ඇඟිලි නලියනකොට
ජම්බුගෙඩිය වගේ රතට උගේ මස්ගොබ දිලිසෙනවිට
රැවටුනාද ජයවතියේ උඹත් උගේ වදන් වලට

දුප්පත්කම ඇමට යොදා ගෑණු බාන බඩ තඩියව
අම්මපල්ලා එකපාරින් බාවන්නට හිතුනත් මට 
පොඩිඑවුන්ගේ මූණ මතක්වුන හින්දා නැවතුනා මම
ඒ වෙලාවේ තුන හතරක් ගැහුවත් මම ආවේගෙට
ඒ හැම පාරම වැදුනේ මටමයි නුඹ දන්නවාද
මගෙ අතපය හයියයි තව උඹලට කන්නට දෙන්නට
මාත් එක්ක කහට උගුර දෙකට බෙදන් බීපු උඹව
අරගන ආයෙමත් වරෙන් ජයවතියේ මගේ ලඟට


අහපන් දැන් ජයවතියේ නාඬා වරෙන් උඹ එලියට
පොඩි එවුනුත් බයවෙනවා තවත් ඔහොම අඬනා විට
අද පන්සලේ මහ පෙරහැර උඹහට අමතකවුනාට
ගියපාරත් අපි ගියහැටි මතකද රෑ හඳපානෙම
ඇගපත හෝදාගන විත් පොඩි එවුනුත් එක්කරගන
රෙද්දේ ඇළුන තුත්තිරි ඇට ඔක්කොම ගලවා විසිකර
මූණු දෙකේ මහඹබාව බලන්න යමු අපි හනිකට


කටුස්සා...

31 comments:

  1. අඩෝ එල ද බ්‍රා ඩබල් පුෂප් ...
    දැනුනා මචෝ බොක්කටම ...

    ReplyDelete
  2. මෙව්වට ඉතින් විවිධ අර්ථ කථන දෙනවා. ධනවාදීන්ගේ ලිංගික සූරාකෑමට ලක්වන දුප්පත් පන්තියේ ඉරණම කියන තැන ඉඳලා, මිනිහා නැති තැන කොයි ගෑණිත් ඔහොම තමයි කියන තැන දක්වා. නමුත් තමන්ගේ හදවත දන්නේ තමන් විතරයි.

    ReplyDelete
    Replies
    1. //////නමුත් තමන්ගේ හදවත දන්නේ තමන් විතරයි.////////
      ++++++++++++++++

      Delete
    2. මේ ලෝකේ ඕනේම මනුස්සයෙක් හදවතක හැඟීම් කියන භූතයා ඉස්සරහා අසරණවෙනවා කියන එක බොරුවක් නෙමෙයි විචා මාමේ.අපිට කෙස් පැලෙන තර්ක තියෙන්න පුළුවන්.දාස් ගනන් හේතු මතුවෙන්න පුලුවන්.ඒත් ඒවායින් සිද්ද වෙන්නේ අපි අපිව සාධාරනය කරගැනීමක් මිස වෙන කිසිම දෙයක් නෙමෙයි.

      Delete
  3. ඇත්තටම උබට මෙහම දෙයක් උනොත් මේ විදිහට හැසිරෙන්න උබට පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. බෑ බං.මම එකපාරක් එහෙම කලා.ඒත් මම ෆේල්.ඒකෙන් උනේ ජීවිතේ සෑහෙන්න කාලයක් විඳව විඳව ඉන්න පාර කපාගත්තු එක විතරයි.
      ඒත් ඒ දේ සිද්දවෙන්නේ මම ජීවිතේට සම්බන්දවෙන්න කලින්නම් ඒ දේ මට අදාලම නෑ.මරදානේ පාලම යට ඉන්න ගෑනියෙක්ටවුනත් මට ආදරේ කරන්න පුලුවන්, මම මගේ කියලා පිලිගත්තු දවසේ ඉඳලා මගේම විතරක් වෙලා හිටියොත්.

      Delete
    2. ඒත් ඒ දේ සිද්දවෙන්නේ මම ජීවිතේට සම්බන්දවෙන්න කලින්නම් ඒ දේ මට අදාලම නෑ.මරදානේ පාලම යට ඉන්න ගෑනියෙක්ටවුනත් මට ආදරේ කරන්න පුලුවන්, මම මගේ කියලා පිලිගත්තු දවසේ ඉඳලා මගේම විතරක් වෙලා හිටියොත්.
      එල ද බ්‍රා ...මෙන්න මගෙත් අදහස

      Delete
  4. මහත්තයෝ ගිය මාසෙම බොලා බීපු කිරි තේ එක
    මුදලාලිට දීපු නිසා ලැබුණු එකක් විතරයි ඔය

    ReplyDelete
    Replies
    1. අන්තිමට උන්ට ඇල්වතුර විතරයි බං.

      Delete
  5. හරිම අගෙයි මල්ලි....මිනිස්සු මේ විදියට සමාව දුන්නත්,ඒවා නිධන් ගත රෝග වගේ...කොයි මොහොතක හරි මතු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ////මිනිස්සු මේ විදියට සමාව දුන්නත්,ඒවා නිධන් ගත රෝග වගේ...කොයි මොහොතක හරි මතු වෙනවා...//////////
      ++++++++++++++++++

      Delete
    2. මිනිස්සු විතරක් නෙමේ පොකුරු, ගැහැනුත් එහෙමයි.

      Delete
    3. ඔව් ඒක ඇත්ත...මම මිනිස්සු කියල අදහස් කලේ දෙපාර්ශවයටම තමයි අරුණ....

      Delete
    4. ඕගොල්ලෝ වගේ මිනිස්සු එක්ක ජීවිතේ බෙදාගන්න පොඩ්ඩක්වත් ලැජ්ජවෙන්න ඕනේ නෑ මට.ඒක එහෙම්මම තමයි.ආදරේ වැඩිකමට සමාවදෙනවා කියන දේ හරි සැහැල්ලු දෙයක් වෙනවා.ඒත් ඒ සමාවෙන් පස්සේ සිද්දවෙන හැම චූටි වැරද්දක්ම මහමෙරක් වගේ පේන්න ගන්නවා.පාඩම් ගොඩකින් පස්සේ තේරුම්ගත්තු එකම දේ, එකපාරක් ගිය එකෙක්ව ජීවිතේ තියනකම් ආපහු ලඟට ගන්න එපා, තාමත් ඒකාගැන ආදරයක් හිතේ තියනවනම්.

      Delete
  6. ඔය සමාව දීම තුල ඇති කතාව කිසිම ගැහැනියෙක්, කිසිම මිනිහෙක් කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒක ලිංගික ඊරිසියාවකට, විශ්වාසය පළුදු කිරීමට්, වඩා එහා ගිය සියුම් වෛරයක්. ඒක එක් එක් සංස්කෘතීන්, සමාජ ජීවන රටාවල් එක්ක වෙනස් වෙනවදෝ කියලා හිතේනව සමහර කතා ඇහුනාම.

    කටුස්සෝ මියමයි!!

    ReplyDelete
    Replies
    1. ////කටුස්සෝ මියමයි!!///////
      ඇන්.ඇම් වෙලා පේන්නේ .ගනන් ගන්න එපා.

      Delete
    2. මමනම් හිතන්නේ එතන ලොකුම ගැටලුව වෙන්නේ විශ්වාසය කඩවීම.දෙවනි එක පරාජය උහුලාගන්න නොහැකියාව.ඉතින් ඔය දෙකම එකට එකතුවුනහම සමාව දුන්න දෙවියා , රාක්ශයා වෙනවා.

      ප්‍රේමයයි, වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි... කියලා කියන්නේ විහිලුවකටද...

      ඇන්.ඇම් වෙලා පේන වෙලාවල් වලදී ඔයාදාන කමෙන්ටු වලට මම කැමතියි අනිත් වෙලාවල් වලදී දාන ඒවට වඩා.

      Delete
  7. කටුස්සො නියමයි... මේ කයියම ආයෙ පාරක් ලියල දියං පුළුවං නං.. ඒක තමා ෆයිනල් ප්‍රොඩක්ට් එක.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ////මේ කයියම ආයෙ පාරක් ලියල දියං පුළුවං නං.. ඒක තමා ෆයිනල් ප්‍රොඩක්ට් එක./////
      ටොප් ක්ලාස් ගණනය කිරීමක්!! වෙල්ඩන් ගස්ලබ්ස්!!!!
      ගණනය කියලා ලිව්වා හරිද මන්දා...

      Delete
    2. පෝය හඳා පායපු
      ලස්සනෝම දවසක
      පන්සලේ බෝ මලුවෙදි
      යාන්තමට හිනා වෙලා
      මගෙ හිත ගත්තම,,,,
      කාටත් හොරා දවසක්
      මගේ අතේ ලේන්සුවක්
      ගුලිකොරපු දවස
      හැංගි හොරා අපි කාටත්
      අපි අපේ කියැව්ව පෝය දවස
      අම්ම අප්ප නාටක කියද්දි
      මගුල් බෙර මාල හත නැතුවම
      කාටත් හොරෙන්ම අපි කූඩු වුණු හැටි
      අමතක කරන්නේ කොහොමෙයි?
      අපි වෙනුවෙන්ම උදේ ඉඳන්
      හව්ස්වෙනක්ම ..රෑ මැදියමෙත්
      කාසි පනම් හොයන්ට
      වෙන හෙය්යම්මාරුව
      මම නොදන්නවය මයෙ දෙය්යෝ?
      කරගැට පුපරපු අතවලින්
      කකුල් කෙටි ටික කෙඳිරි නොගාම
      රෑ තිස්සේ අත ගාන හැටි මං දුටුවා
      දව්ස් ගණන් පය්න්ඩයක් වත්
      එවාගන්න බැරුව මං හූල්ලපු හීල්ලිල්ල
      කාට කොහොම කියන්නද මන්ද...
      පොඩියෙකා බඩගින්න මොරගහන කොට
      අම්මෙක් හැටියට මං උහුලන්නෙ
      කොහොමෙයි මයෙ දෙය්යො ???
      "ඉස්කෝළෙට කොපි පොතක් ගේන්න
      එහෙම නැතුං ඉස්කෝලෙ එන්න එපා"
      කිව්වම " ඉස්කෝලෙ නෝනා
      මට හොරෙන් ඉකි ගහන
      ලොකු එකීට " අප්ප එනකං ඉඳින්"
      කියන්නේ කොහොමෙයි????
      නමෝ විත්තියෙන් උඹට දුන්නු
      ආලවන්ත කොම එහෙමමයි මයෙ දෙය්යෝ
      "මින් මනත නොකියා කළින් එන්න එපා"
      කියාගන්න බැරුවයි මං හැංගුනෙ
      වෙනදා වගේම අදත් පෝය හඳ පායලා
      පව් සෝදන්න බැරිවුනත් අපි පන්සල් ගෙහුං එමුද



      Delete
    3. ලබ්බෝ, අරූ අයියේ
      ඔන්න ලාස්ට් ප්‍රඩක්ට් එක එළියට ඇවිත්, මම නොලිවුවත්.

      ගෑණු ළමයෝ, මේ කවිය ගැන කමෙන්ට් එක මම ඔයාගේ බ්ලොග් එකේම දාන්නම්.

      Delete
  8. අපූරුයි කටුසු.

    ජයවේවා!!!

    ReplyDelete