Sunday, May 15, 2016

යුක්තිය....


නොහැක කිසි කවර ලෙස
මියයන්නේ මගේ පුතු
රකින්නට සුරකින්න
මවුබිමේ ගෞරවය
තුවක්කුව ගෙන පෙරට
ලබාදුන් අණ පෙලට
සටන්වැද නොපැකිළිව
ඉදිරියට ගිය පුතුට
නොහැක විපතක් වෙන්න
කොතන කොයි කවරලෙස
අදහන්න පුළුවන්ද 
කිසිදිනක මවක හට
පිළිගන්න පුළුවන්ද
කිසිදිනක මේ පුවත

නොහැක සිපගන්න බිම
මා නොදැක ම'පුතුට
අහිමි නිදහස සොයා
ඉදිරූ අයිතිය පතා
අපේ බිම දිනවන්න
සතුරු බල වනසන්න
තුවක්කුව ගෙන අතට
යුධ වැදුන මගේ පුතුට
නොහැක මෙලෙසින් වෙන්න
සිරුරවත් නොදකින්න
අදහන්න පුළුවන්ද
කිසිදිනක මවක හට
පිළිගන්න පුළුවන්ද
කිසිදිනක මේ පුවත

යුද්ධයෙන් උණ්ඩයෙන්
නොමළ කිසිවෙකු සිටින
එකම නිවසක් බලා
උතුරේ සිට දකුණටත්
දකුණේ සිට උතුරටත්
දුවනවලු මවුවරුන්
තවම අබ මිට සොයා

වීසිකරදමා ඔය
ගඳගහන පල් පුවත
තනමු අපි පාලමක්
උතුරේ සිට දකුණටත්- දකුණේ සිට උතුරටත්
නොනැවතී සත් දිනක්
නැහැ...නැහෑ සත් මසක්
තබමු සැණකිලි රැසක්
එන්රිකේ සනී දුව
තවත් අය කොපමනද
ඕනෙනම් ගෙන්වමුකෝ
මැඩෝනා කෙලි පොඩ්ඩ
ඔය කඳුළු වියකේවි
තුටින් සිත් ඉතිරේවි
අපිට පුළුවන් යන්න 
පාලමෙන් යාපනෙට
නාගදීපෙත් ගිහින්
උළුඳු වඩයක් කන්න
මල එවුන් මැරිලනේ
අපි ගමුකෝ අපේ සොමිය


කටුස්සා....

46 comments:

  1. නියමයි. මම වැඩියෙන්ම ආස දෙවෙනි කොටසට. මේක කියවද්දි අර කලණ අය්ය පෝස්ටුවක දාපු යුද්දෙන් අතුරුදහන් වෙච්ච සෙබළු ගැන කියල තිබ්බ විස්තරය මතක් උනා. මුල් කවි තුනටම මනාපයි හැබැයි එකක් ...හතර වෙනි කවියේ මැද වෙද්දි කවියෙ මුලදී දැනුන හැඟීම වෙනස් උනා. දන්නවද කසුට් වැඩියෙන්ම ලියන විරහ කවි වලට වැඩිය මේ විදිහේ වෙනස් කවි වලට මම කැමතියි. :)

    ReplyDelete
    Replies
    1. මේවගේ මාතෘකා මම වැඩිය කතාකරන්න අකමැතියි. රැල්ලට යන ඒවා නිසා. අනික මේවා ලියනකොට හිතට කිසි සැහැල්ළුවක් දැනෙන්නේ නෑ.ඒකමයි මේවා අඩුවෙන්ම ලියවෙන්නේ, ගොඩක් හිතට වැදෙන දෙයක් සිද්දවෙනකම්.

      Delete
  2. මේ තරම් පැණි බේරෙන කතා ලියන එකා ඇතුලේ ඉන්න මේ විරෝධාකල්ප කවියාට මම කැමතියි.උඹ මහාලොකු කවියෙක් නොවෙන්න පුළුවන්.ඒත් හිතේ ඉන්න දේශපාලන කවියව එළියට ඇදලාගන්න පුළුවන්නම් ඒක ගොඩක් වටිනවා.සිංහල දෙමල අම්මලාගේ කඳුළු එක්ක ජරා දේශපාලනය සෙල්ලම්කරන හැටි උඹ ලස්සනට ලියලා.

    ReplyDelete
    Replies
    1. මම විරෝධාකල්පිතයෙක්ද? අනේ මන්දා...කොච්චර විරෝධතා තිබ්බත් පිටකරන්නේ නැති නිදිවදින්නෙක් මම හිතනවිදිහට. පක්ශ දේශපාලනයක් නෙමෙයි.පොදුවේ ගත්තහම තියෙන්නේ දේශපාලනය ගැන අපුලක්. අනිත් දේ තමයි අපේ රටේ මිනිස්සු වැසිකිලි යන්නෙත් දේශපාලනයෙන්. ඒක මහ විකාරයක් වෙලා. ඒ නිසා මොකක් හරි කුණුගොඩක් හිතට වදිනකම් පැණිකතාවක් ලියන එක හිතට සනීපයි.
      ඇනෝ, ඔය කතාවම ඔය යට කතිරගහපු මහත්තයත් කිවුවා දවසක හම්බවුනවෙලේ.

      Delete
  3. උඹ කතා කරන්න පටන්ගත්තෙ අන්තිම පේලි දෙක තුනෙන්..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කතානොකර ඉන්න තරමට ඇඟට සනීපයි.

      Delete
  4. //යුද්ධයෙන් උණ්ඩයෙන්
    නොමළ කිසිවෙකු සිටින
    එකම නිවසක් බලා
    උතුරේ සිට දකුණටත්
    දකුණේ සිට උතුරටත්
    දුවනවලු මවුවරුන්
    තවම අබ මිට සොයා//

    ඒ මිනිස්සුන්ගේ හිත් ඇතුලේ තියන කඳුළු එන්රිකේ ලගේ පරම්පරාවට වැටහෙනවා අඩුයි. අනිත් අතට බොහෝ වෙලාවට ඒ අම්මලාට දේශපාලන අතකොළු වෙන්නත් වෙනවා. ඒක ඊටත් වඩා ශෝචනීයයි. අපූරුයි ඔබේ පද ගැලපුම. වැඩි වැඩියෙන් මේ වගේ නිර්මාණ කරන්න.

    ReplyDelete
    Replies
    1. අම්මලා, බිරින්දෑවරු සේරම එක එක කාළකන්නීන්ගේ අතකොලු බවට පත්වෙලා.තමන්ගේ ආදරණීයන්ගේ ජීවිත නැවත ලබාගන්න ඔවුන් නොකරන දෙයක් නැතිනිසා ඒ හැමෝම පහසු ඉලක්ක බවට පත්වෙලා. යුද්ධය කාළකන්නි දෙයක් විතරමයි හැමදාටම.

      Delete
  5. "යුද්ධයට අවසානයක් මිසක ජයග්‍රාහකයො නැත"

    අලුත් පරපුරේ කට්ටිය මේ දවස් වල සමාජ ජාලා වල කියන කතාවක්. පොඩ්ඩක් හිතල බලපුවම ඒ කතාව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. හම්ම්..හැබැයි ආරම්භකයෝත් ගොඩක් ඉන්න දෙයක්.උන් කවුරුත් ඒවයින් විඳවන්නේ නෑ. විඳවන්නේ එදාවේල හම්බකරන් කාපු අහිංසකයෝ විතරයි.

      Delete
  6. ඇනෝ කෙනෙක් මේකට ඉහලම කෙමෙන්ට් එක කොටලා
    අන්තිම ටිකට එනකන් මටත් තේරුනේ නැහැ
    පෙම් කවි ලියන කටුස්සද මේ?

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි...ඇයි සැකද?

      Delete
  7. නියමයි කටුසු... ආදරෙන් විරහවෙන් ඈත් වෙලා මෙහෙම ඒවා ලියනකොට හරිම අපූරුයි.. කමීගේ පෝස්ටුවත් මතක් උනා..

    සංිහල වේවා දෙමල වේවා අම්මලා කාගෙත් කඳුලු එකයි.. මොකද ඒ හැමෝම අම්මලා...
    දිවි පුදපු අය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උපහාරෙ තමයි අන්තිමට කියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අම්මලා කියන කට්ටිය හරිම අමුතුයි නිර්මාණී. ඒ කාගෙවත් හිත්වල දරුවන්ට තියන ආදරේ සීමා මායිම් නෑ. අනිත් ආදරයවල් ඉස්සරහා මිනිස්සු අසරණවුනාට මේ ආදරය ඉස්සරහා මිනිස්සු ජීවත්කරවනවා.

      Delete
  8. පුතු නැතිවීමේ දුකෙන් කදුලු සලන අම්මලා තවමත් අප අතර ඉන්නවා. ඒත් එය අපේ ලොකු ඇත්තන්ට නොතේරෙන එකනෙ ගැටලුව.
    හිතට වදින්න මුල් කවි තුන රහට ලියලා තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ කඳුළු ඒ මිනිස්සු මැරෙනකම්ම ඒ ඇස්වල තියේවි බං.

      Delete
  9. //යුද්ධයෙන් උණ්ඩයෙන්
    නොමළ කිසිවෙකු සිටින
    එකම නිවසක් බලා
    උතුරේ සිට දකුණටත්
    දකුණේ සිට උතුරටත්
    දුවනවලු මවුවරුන්
    තවම අබ මිට සොයා//

    පට්ට මචං

    ReplyDelete
    Replies
    1. ඔය වචන ලොකු හයියක්....

      Delete
  10. මොනවා ලියන්නද හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද බං....

      Delete
  11. මට මේක කියවද්දි මතක් උනේ "ඔශින්".. එකෙ සන්සකු ඔශින් ට කියල දෙනව යුද්ධය ගැන ලියු කවි පොතක්.. කවද හරි යුද්ධයක් ආවොත් එකට එකඟ වෙන්න එපා කියල සන්සකු ඇට කියනව. හාමොනිකාවෙන් වැයුනු මිහිරි එහෙත් දුක්බර හඬ නම් මට කවදාවත් අමතක වෙන්නෙ නැ ඒ දර්ශනයෙ එන...මෙන්න

    ReplyDelete
    Replies
    1. ඔශින් බලපු හැම වෙලාවෙම බැළුවේ ඔශින්ගේ පොඩිකාලේ විතරයි.සන්සකූ මතකයි ඒ නිසාම.හැබැයි ඔච්චර පැහැදිලිවම නෙමෙයි.දාලා තියන ලින්ක් එක බැළුවා.ඒත් ඒකෙත් අවසානය...???/

      Delete
    2. ඔව් කටුසු.. එකේ අවසානය අපිට පටන් ගන්න තැනක් හදල දෙනව කියලයි මට හැමදාම හිතුනෙ..මමයි පුතයි මෙ ලඟදිත් ඉවර වෙනකන්ම බැලුව..

      Delete
  12. සුපිරියි කටුස්සෝ, කටුස් ඇත්ත කතාව නියමෙටම කියල තියෙනවා. එත් ගැටලුවක් තියෙනවා. සියලු වසන්තය කොළඹට පමණයි. උතුර තාමත් කොළඹට නුහුරුයි, සියලු වසන්තයන් අර කටුස් කියන උණ්ඩයකින් නොමල උන් ඉන්න ඇයට විතරමයි. මේ කවිය අපුරුයි කටුස්.

    ReplyDelete
    Replies
    1. කොළඹ විතරක් නෙමෙයි බං.යාපනේ මඩකලපුව, එරාවුර් වෙනි පැතිවලත් ඉන්නවා යුද්ධය නිසාම ජීවත්වුන සල්ලිහම්බකරපු, බලය ලබාගත්තු කාළකන්නි ටිකක්.උන් හැමෝටම හරිම පාඩුවක් මේ යුද්ධය නැතිවුන එක. තාමත් යුද්ධය වෙනුවෙන් බුරන්නේ ඒ වේස බල්ලන්ම තමයි.

      Delete
  13. අද වෙනස්ම පැත්තකින් ලියල තියෙන්නෙ.
    නියමයි.

    ReplyDelete
  14. ප්‍රේමවන්තයා තුළ සැඟවුණු U-turn මතධාරියා

    ReplyDelete
    Replies
    1. මොන යූ ටර්න්ද නගේ....මේ දවස්වල කරකැවෙන්නෙම එකම තැන.360 ටම

      Delete
  15. ////වීසිකරදමා ඔය
    ගඳගහන පල් පුවත
    තනමු අපි පාලමක්
    උතුරේ සිට දකුණටත්- දකුණේ සිට උතුරටත්////////

    මම මේ කොටසට ඉතා කැමතියි. කටුස්ගේ ඇතුලේ රැඩිකල් හිතන්නෙක් ඉන්නබව එදා ඉඳලම මම දැක්කා. හැබැයි ඔය මම කියන හිතන්නා එලියට එන්නේ විටින් විට. ඒක හොඳයි. නැත්නම් උඹත් තවත් එක්තරා පුහු රැඩිකල් කවියෙක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න ආව පළවෙනි කාලේ ඉඳලා මේක කියවපු ඔයා නොදන්නවද මගේ හැටි....

      Delete
  16. නියමයි මචං.

    ReplyDelete
  17. //අපි ගමුකෝ අපේ සොමිය//

    +++++++++++++++

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල උඹ ගන්නවනේ.....????

      Delete
  18. යුද්ධයෙන් උණ්ඩයෙන්
    නොමළ කිසිවෙකු සිටින
    එකම නිවසක් බලා
    උතුරේ සිට දකුණටත්
    දකුණේ සිට උතුරටත්
    දුවනවලු මවුවරුන්
    තවම අබ මිට සොයා


    ඉතිං විසි කර දමමුද ඒ පල් පුවත? සුපිරි කටුස් !

    ReplyDelete
    Replies
    1. තියාගන මොනව කරන්නද මෙතූ.මැරිච්ච එකා මලානේ .අපි අපේ ආතල් එක ගමු. මේක ලංකාවනේ.

      Delete
  19. අම්මෝ... නියමයි නේ.... නියමයි කියන්නේ උපරිමයි.

    ReplyDelete
    Replies
    1. අඩේ....උඹ මලේ නැද්ද?

      ස්තූතියි උපේස්සා....

      Delete
    2. හලේ.... මම මැලේලකල් බලල් ඉන්නවද හලේ..... හලේ...... හය්යු.... අලියෙක්ද බොලේ මාව මරන්න?

      Delete
  20. උඹ අපිව අතරමං කරල.. වෙනද කින්ඩියක් වත් දාන්න පුළුවන්... කියන්න තියෙන්නෙ එක දෙයයි බං "යුද්ධය කුරිරුයි" උඹ මතු කරපු හැම කාරනාවකටම දක්වන්න හේතු තියනවා ඕන නම්. වැළපෙන මව් වරුන්ගේ දුක, දරුවන්ගේ දුක නොසලකා හරිනවද, උන් යුද්ධ කලේ රට වෙනුවෙන් නෙවෙයිද එතකොට? කොටි කියන්නෙත් මිනිස්සු නෙවෙයිද? උන් යුද්ධ කලේ ජෝලියටද? අපේ එවුං අපරාධ කලේ නැද්ද? කොටිත් කොච්චර නම් අපරාධ කළාද, අන්තිමට වැඩියෙන්ම මැරුණේ කව්ද? මොන පන්තියේ මිනිස්සුද? අපට ඔය කියන තරමට යුද්ධය දැනුනද (කමියල වගේ උන්ට හැර), යුද්ධේ දිනුවයි කියල අපි වෙනස් උනාද? රණවිරුවන්ගේ අම්මල තාත්තල, දරුවො හැමදාම ඒ වෙනුවෙන් අඬ අඬා ඉන්න ඕනද? මිනිස්සු ඒ වෙනුවෙන් ඒ මිනිස්සුන්ට මොකක්ද කලේ? ඕවා උත්තර නැති ප්‍රශ්ණ බං. අන්තිමට කියන්න තියෙන්නෙත් අර දේම තමයි. "යුද්ධය කුරිරුයි" හැබැයි කොයි තරම් කුරිරු උනත් යුද්ධයකින් පස්සෙ පුදුමාකාර පෙරලියක් වෙන්න ඕන රටක. දියුණුවක් වෙන්න ඕන. මිනිස්සු වැඩ කරන්න ඕන ඒ දියුණුව වෙනුවෙන්. ලෝක යුද්ධ වේවා කොහෙ උනත් ඇත්ත ඒකයි.
    මිනිස්සු දියුණු වෙලා තියෙන්නෙ, ශිෂ්ටාචාර ගොඩනැගිල තියෙන්නෙ යුද්ධ මතින්. තාක්ෂනය, වෛද්‍ය විද්‍යාව වගේ ඇති නවීන දේවල් ඔක්කොම ගොඩනැගෙන්නෙ යුද්ධය නිසා. ජනගහන පාලනයත් සෙල්ලම් කාරනාවක් නෙවෙයි එහෙම බැලුවම. යුද්ධය කොයි තරම් කුරිරු උනත්. අපේ මිනිස්සු කොච්චර කෑගැහුවත් අපේ මිනිස්සුන්ට (බහුතරයකට) යුද්ධය දැනිල නෑ.ඇත්ත ඒකයි. ඒ නිසා තමයි අපේ මිනිස්සු අපේ රට තවමත් ඒ තැනම තියෙන්නෙ. හැබැයි යුද්ධය දැනුනු මිනිස්සු දියුණු වෙන විදිහ ඉස්සරහට බලාගන්න පුළුවන්. විශේෂයෙන් දෙමල මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශ වල.මේක ගැන වෙනම එකක් ලියන්න ඕන. "යුද්ධය කුරිරුයි"

    ReplyDelete
    Replies
    1. උඹ කියලා තියන්නේ වෙනම කතාකරන්න ඕනේ මාතෘකාවක්. යුද්ධයකින් පස්සේ රටක් දියුණුවෙන්න ඕනේ.ඒකට සැබෑ මෙහෙයවන්නෙක් වගේම කැපකිරීමට සුදානම් මිනිසුත් ඉන්න ඕනේ. මේක ලංකාව බං.රු.3.50ට පාන් දෙනවා කිවුවහම ඡන්දේ දුන්න රටක්.

      Delete