Friday, April 15, 2016
නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා....
ඔබ දන්නවාද දන්නෙත් නැති
මට නවත්තන්න හිතෙන්නෙ නැති
මගෙ සිතුවිළි ඔබත් එක්ක රඟදෙන වන්නම්....
ඔබ පතනවාද දන්නෙත් නැති
මට ඕනේ උනත් නවතින්නැති
මගේ දෙනෙත නුඹ දෙනයන කියවන අන්දම්....
ඔබ මවනවාද දන්නෙත් නැති
මට මවන්නැතුව ඉන්නත් බැරි
මම ඔබත් එක්ක සිහින ලොවේ නෙලනා මල්දම්....
ඔබ දකිනවාද දන්නෙත් නැති
මට නොදැක ඉන්න හිත දෙන්නැති
ඔබ මගේවෙලා මවෙත හෙලන සුන්දර හසරැල්....
ඔබ අහනවාද දන්නෙත් නැති
මට නොඅස ඉන්න කොහොමත් බැරි
ඔබ ගැන සියොතුන් කියනා ආසිරි ගැයුමන්....
ඔබ විඳිනවාද දන්නෙත් නැති
මම හැම තිස්සෙම විඳවන හැටි
ඔබ මගේම කරගන්නට මා හෙලනා සුසුමන්....
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
ඕක සදාකාලිකව පවතින ගැටළුවක්...
ReplyDeleteගීතයකට අගෙයි කටුස්සෝ..
හිතුන ගමන් කෙල්ලෙක්ගෙන් අහපු එක කොල්ලෙක්වත් නැතුව ඇති මේ ලෝකේ තාම.
Deleteබය වෙන්ඩ එපා බං ...
ReplyDeleteඔය කෙල්ල ලඟදීම උඹෙන් අහනව "අයීයාහ්...!!!! අපි දෙන්න බඳිමුද..??" කියල.
එතකං මේ වගේ ඒව ලිය ලිය ඉඳපං ...
බී.ටී.ඩබ්ලිව්. - මේක සිංදුවකට මරු ... මනාට කිව්වනං හරි තනුවක් දාල දෙන්ඩ කියල ..
උඹම අඬ අඬ කියපං .. මං හදල දෙන්නං එලකිරි වීඩියෝ එකක් ....
ඔන්න ඔය හින්දා තමයි උඹ මගේ හොඳම යාලුවෙක් වෙලා ඉන්නේ.හිත හැදෙන්න හරි ඔහොම කතාවක් කියනවනේ උඹ....කෙල්ල එහෙම ඇහුවොත් මම එක පාරම හා කියන්නද, නැත්තන් ටිකක් ගණන් උස්සලා "හිතලා බලලා උත්තරයක් දෙන්නම්" කියන්නද?
Deleteසිංදුවේ වැඩටික කලා කියපන්කෝ.වීඩියෝ එකේ පොලවේ පස් කකා අඬන කැරක්ටර් එකට දාන්නේ කාවද?
ඒකට විතරක් වෙන එකෙක් මොකටද? උඹම හිටහං.
Delete/////ඔබ විඳිනවාද දන්නෙත් නැති
ReplyDeleteමම හැම තිස්සෙම විඳවන හැටි
ඔබ මගේම කරගන්නට මා හෙලනා සුසුමන්..../////
අපූරුයි... ඇත්තටම ගීතයකට මරු...
බොහොම ස්තූතියි නිර්මාණි හැමදාම මේ විදිහට අගේ කරනවට
Deleteඔය හූල්ලලා හූල්ලලා කවදා හරි හම්බුණොත් එහෙම පරිස්සමට බලාගනින් හරිද????? නැත්තං අර ළමයි උඹට යටවෙලා දවසට දෙකට අබ්බගාත වෙලා යයි......
ReplyDeleteඑයාව ඇස් දෙක වගේ බලාගන්නවා...මැස්සෙක්වත් වහන්න දෙන්නේ නෑ
Deleteහම්මේ ඉතින් නේහ්...
Deleteහිතට වැදුනා....
ReplyDeleteඕක ගීයක් කරමුකෝ කසුට්ටො.....ලස්සනට තියෙයි
නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ මක්කටෙයි....මම මූණු පොතෙත් දැක්කා...තැන්කූ හොදේ
Deleteරෙකෝඩ් කරන්න ස්ටුඩියෝ එකක් සෙට් කරල දෙන්නම්... ඉතුරු ටික ප්ලෑන් කරලා මේල් කොරපන්.
ReplyDeleteජයවේවා..!!
රෙකෝඩ් කරන්නද මගුල් ෆොටෝ එක ගන්නද ස්ටුඩියෝ එක?
Deleteරැකෝඩ් බේබෙයි.... යෙහ්..
Deleteවෙඩින් කේක් කැල්ලක් කාලා අරක්කු ටිකක් බොන්න ක්‍රමයක් සෙට් කරපන් ඔය වෙන මගුල් කරන්නේ නැතුව
Deleteඔන්න ඔය මෙන්ඩා කියන එක ලෑස්ති කරපන් ඉක්කන්ට.අම්මා දීලා තියන සහන කාලය ගෙවිලා යනවා .දැන්ම කරගන්න මගුලක් තමයි ඉතින්.අර කට්ටිය මැද්දේ බුලත් කොල ගන්න බෑ යකෝ හෙප්පුවෙන්
Deleteඅම්මා දීලා තියෙන සහන කාලය සෑහෙන දිග කාලයක් වගේ නේද...ඕක ඉඅවර වෙන සහන කාලයක් නෙවේ වගේ,,,,,
Deleteලස්සනයි ලස්සනයි කටුස්....දැන්නන් වෙඩිමකට කාලෙහරි වගේ කටුස්
ReplyDeletedumimda.blogspot.com/
Deleteඅලුත් බ්ලොගක් සප් එකක් දෙමු
කියන්න තියන ඔක්කොම වගේ උඹට කියලා දීලා තියෙන්නේ.කරන මගුලක් දැන් උඹ කරපන්.අපි එන්නම් ඇවිත් කියවන්න.
Deleteමේක ලියලා තියෙන්නෙ නැට්ටුවෙක්.. ඒක නොවැ වන්නම් නටන්නෙ..))
ReplyDelete...කවිය සුපුරුදු පරිදි සුන්දරයි කසුට්ටෝ.. ඒ වගෙම ඔය තේමාවෙ තියන ගීයත් මහා පුදුමාකාර ගීතයක්..!!
නැට්ටුවා නටනවා නැටුම් ටිකක් මේ දවස්වල......
Deleteහම්ම්....පියානෝවයි, චෙලෝ එකයි ඒ කටහඬයි මාර මැචින් නේද?
කටුස්සෝ, කවිය නම ආයේ එකෙන්ම ඉස්තරම්,
ReplyDeleteසුසුම් හෙලා අවසන් වෙන දවස ඉක්මනට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ප්‍රාර්ථනාවට ගොඩක් විස්කෝතුයිලු ....
Deleteපට්ට මචන්. ඈස් යූෂුවල්
ReplyDeleteතෑන්ක්ස් මචෝ...චැප්ලින්ට ආසයි හේරා'ට වඩා.
Deleteලස්සනයි කටුසු
ReplyDeleteස්තූතියි ගොඩක්...
Deleteබලාගෙන ඔය සුසුම් කුණාටු වෙන්න පුලුවන්.
ReplyDeleteනියමයි.
අපි බය නෑ.අපි කිරිත් එක්ක සමහන් බොනවනේ.
Deleteඔබ ඉන්නවද දන්නෙත් නැති
ReplyDeleteඔබ මගේ වේවිද දන්නෙත් නැති
රුවකි මා හිත මැවී
ආදරේ කියනා අන්දම්...
හිහි.. නිකමට කවිය කියවං යද්දි ආව අයිඩියාවක්..
ලස්සනයි කවිය මචං... ජයවේවා..
හිතේ මැවුන ඔක්කොමල්ලා ගෙදර එක්කන් ආවනම් අද අපේ ගෙදරත් සොලමන් රජ්ජුරුවන්ගේ මාලිගාව වගේ තියෙයි.
Deleteවිස්කෝතුයි මයියෝ...
මේකෙ තාලෙ මරු ..සිංදුවක් වගේ. මම දෙපාරක්ම කියෙව්ව. :)
ReplyDeleteඔක්කාරෙට වගේ ආවේ නැතැයි....?
Deleteකටුසු හදවත තනිකඩයි ද? නෑනෙ? මේ කවි කතා සේරටම අයිතිකාරියක් ඉන්නවනෙ? නෑ මේ ඇහුවෙ දුක හිතෙන ඒව ලියන නිසා...
ReplyDeleteඇත්තටම ගීතයකට සුපිරි කටුස්සා...
/බ්ලොග් ලෝකෙදි මට ඉස් ඉස්සරෝම පාර පෙන්නුවෙ කටුසු අයිය වෙච්චිකොට, දුක හිතෙන ඒව ලියන හින්දයි හොයල බැලුවෙ..😆😆😆/
මට පිස්සූ....මට පිස්සූ....මට පිස්සූ.....අනේ...කවුරුහරි මෙ නගාට කියලාදීපන්කෝ මම තාම පැකින්වත් කඩපු නැති බ්‍රෑන්ඩ්නිවු කන්ඩිශන් කොල්ලෙක් කියලා...
Deleteවන්නම්, අන්දම්, මල්දම් එක්ක හසරැල්, ගැයුමන්, සුසුමන් ගැලපෙන්නේ නෑ..
ReplyDeleteමේ දවස්වල වෙන්නෙම එකකට එකක් නොගැලපෙන එවුවා විච්චකොට ඕවනම් මොනාද අයියන්ඩිය.....හම්ම්...දුටුවෙමි...පිළිගතිමි...සිහිතබා ගතිමි....මට වැදගත්ම පාර්ට් එක රඟපානවට රොම්බ තෑන්ක්ස්.
Deletegithayakata agei kyala matat hithenawa
ReplyDeleteබොහොම ස්තූතියි ඔබටත්....
Deleteඔයා දන්නවනෙ කටුසු කොච්චර ලස්සනද කියලා....ඔයා දන්නවනෙ බොසා ආසාවෙන් කියෙව්වා කියලත්....ඔව් ඔයා දන්නවා.....හික්...(දන්නවා කියන්න...නැත්නම් මන්න පාර තමයි....)
ReplyDeleteඔයාගෙන් හම්බවෙන මන්න පාරත් මට අයිස්ක්‍රීම් එකක් කියලා ඔයා දන්නවනේ පැටියෝ.ඔයා ගැන මමත් ,මම ගැන ඔයත් දන්න තරම් වෙන කවුද දන්නේ...
Deleteමල්ලියා පහුගිය දවස් ටිකේම ලියන්නේ සැබෑ අත්දැකීමක් කියලයි හිතෙන්නේ.
ReplyDeleteමේ දවස්වල අහකයන නයි රෙද්ද අස්සේ දාගන්න පුරුදු වෙනවා.
Deletehttp://nelumyaya.com/?p=5589
ReplyDeleteස්තූතියි අජිත් අයියේ...
Deleteමේ බ්ලොග් ලොකේ තියනව සින්දු විදිහට සාර්ථකව එළි දක්වන්න පුලුවන් නිර්මාණ ගොඩක්... කටුසු හදමුකො සින්දුවක්... මේ වගෙ ලියන අය අතරේ ගයන්න හැකි අයත් ඉන්නම ඕන..
ReplyDeleteපබ්ලිශ් කලාට පස්සේ මේ එකක්වත් මගේ නෙමෙයි.ඕනේ කෙනෙක් මේවා අරගන ඕනේ මගුලක් කලාට මට කමක් නෑ.මම දන්නේ මොනවා හරි බලිකුරුටු ගාන එක විතරමයි.
Deleteගායකයෝ නම් එමටයි.
සිංදුවකට අපූරු පදවැලක්...
ReplyDeleteස්තූතියි අළු....
Deletelassana pada pelak'
ReplyDeleteYour comment will be visible after approval.
ReplyDeleteහැමෙනෙනවා..උබ කවුද යකෝ මේ මෙන්ඩ ගේ කෙමෙන්ට් ඇප්රුවල් කරන්න
කුන්හරුප අහන්නේ නැතුව මගේ කෙමෙන්ට් ඒක දාපිය මේවා අපේ බ්ලොග්
Your comment will be visible after approval.
ReplyDeleteහැමෙනෙනවා..උබ කවුද යකෝ මේ මෙන්ඩ ගේ කෙමෙන්ට් ඇප්රුවල් කරන්න
කුන්හරුප අහන්නේ නැතුව මගේ කෙමෙන්ට් ඒක දාපිය මේවා අපේ බ්ලොග්
ටහිකේ කිවුවලු....ඕක සම්පූර්ණයෙන්ම අටමගේ වැරද්ද.ඌ තමයි ඔය එක එක කෑලි මේකට ඇමිනුවේ.
Deleteමේවට වාරණ දාන්න එපා බන්
ReplyDeleteසුන්දරයි...නිර්මාණය වින්දා..මට මගෙ කලින් කරපු නිර්මාණයක් මතක් උනා..ඔයාගේ සුන්දර මේ ඒක පාර්ශ්වීය ප්‍රේමයට මෙන්න මගෙනුත් සහයෝගයක්...
ReplyDeleteඋඹ කතා නොකළත් හිතවතී
මේ නිහඬ ප්‍රේමය මිහිරැතී
ඇහි දාරයක් යට සුව ඇතී
නොදොඩාම ඉඳපන් කම් නැතී...
වසන්තය ගැන දන්නැතී
ඉරි තැලුන පොළවක අරුමැතී
තෙත අඩි තියන්නට බර ඇතී
හැම වැස්සටම බෑ හිතවතී...
උඹ කතා කෙරුවොත් හිතවතී
ඒ අඩි ලකුණු පෙන්නුව හැකී...
හිරු සඳුද තරු හා මල් පෙතී
ගැන ලියූ දහසක් කවි ඇතී
ඒ උවම් ගෙන ගලපනු බැරී
පෙම් කවක් ලියපන් හිතවතී...
උඹ කතා නොකළත් හිතවතී
මේ ප්‍රේමයට උපමා නැතී...