Friday, April 15, 2016

නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා....


ඔබ දන්නවාද දන්නෙත් නැති
මට නවත්තන්න හිතෙන්නෙ නැති
මගෙ සිතුවිළි ඔබත් එක්ක රඟදෙන වන්නම්....
ඔබ පතනවාද දන්නෙත් නැති
මට ඕනේ උනත් නවතින්නැති
මගේ දෙනෙත නුඹ දෙනයන කියවන අන්දම්....

ඔබ මවනවාද දන්නෙත් නැති
මට මවන්නැතුව ඉන්නත් බැරි
මම ඔබත් එක්ක සිහින ලොවේ නෙලනා මල්දම්....
ඔබ දකිනවාද දන්නෙත් නැති
මට නොදැක ඉන්න හිත දෙන්නැති
ඔබ මගේවෙලා මවෙත හෙලන සුන්දර හසරැල්....

ඔබ අහනවාද දන්නෙත් නැති
මට නොඅස ඉන්න කොහොමත් බැරි
ඔබ ගැන සියොතුන් කියනා ආසිරි ගැයුමන්....
ඔබ විඳිනවාද දන්නෙත් නැති
මම හැම තිස්සෙම විඳවන හැටි
ඔබ මගේම කරගන්නට මා හෙලනා සුසුමන්....


කටුස්සා....

57 comments:

  1. ඕක සදාකාලිකව පවතින ගැටළුවක්...
    ගීතයකට අගෙයි කටුස්සෝ..

    ReplyDelete
    Replies
    1. හිතුන ගමන් කෙල්ලෙක්ගෙන් අහපු එක කොල්ලෙක්වත් නැතුව ඇති මේ ලෝකේ තාම.

      Delete
  2. බය වෙන්ඩ එපා බං ...
    ඔය කෙල්ල ලඟදීම උඹෙන් අහනව "අයීයාහ්...!!!! අපි දෙන්න බඳිමුද..??" කියල.
    එතකං මේ වගේ ඒව ලිය ලිය ඉඳපං ...
    බී.ටී.ඩබ්ලිව්. - මේක සිංදුවකට මරු ... මනාට කිව්වනං හරි තනුවක් දාල දෙන්ඩ කියල ..
    උඹම අඬ අඬ කියපං .. මං හදල දෙන්නං එලකිරි වීඩියෝ එකක් ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය හින්දා තමයි උඹ මගේ හොඳම යාලුවෙක් වෙලා ඉන්නේ.හිත හැදෙන්න හරි ඔහොම කතාවක් කියනවනේ උඹ....කෙල්ල එහෙම ඇහුවොත් මම එක පාරම හා කියන්නද, නැත්තන් ටිකක් ගණන් උස්සලා "හිතලා බලලා උත්තරයක් දෙන්නම්" කියන්නද?

      සිංදුවේ වැඩටික කලා කියපන්කෝ.වීඩියෝ එකේ පොලවේ පස් කකා අඬන කැරක්ටර් එකට දාන්නේ කාවද?

      Delete
    2. ඒකට විතරක් වෙන එකෙක් මොකටද? උඹම හිටහං.

      Delete
  3. /////ඔබ විඳිනවාද දන්නෙත් නැති
    මම හැම තිස්සෙම විඳවන හැටි
    ඔබ මගේම කරගන්නට මා හෙලනා සුසුමන්..../////

    අපූරුයි... ඇත්තටම ගීතයකට මරු...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණි හැමදාම මේ විදිහට අගේ කරනවට

      Delete
  4. ඔය හූල්ලලා හූල්ලලා කවදා හරි හම්බුණොත් එහෙම පරිස්සමට බලාගනින් හරිද????? නැත්තං අර ළමයි උඹට යටවෙලා දවසට දෙකට අබ්බගාත වෙලා යයි......

    ReplyDelete
    Replies
    1. එයාව ඇස් දෙක වගේ බලාගන්නවා...මැස්සෙක්වත් වහන්න දෙන්නේ නෑ

      Delete
    2. හම්මේ ඉතින් නේහ්...

      Delete
  5. හිතට වැදුනා....
    ඕක ගීයක් කරමුකෝ කසුට්ටො.....ලස්සනට තියෙයි

    ReplyDelete
    Replies
    1. නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ මක්කටෙයි....මම මූණු පොතෙත් දැක්කා...තැන්කූ හොදේ

      Delete
  6. රෙකෝඩ් කරන්න ස්ටුඩියෝ එකක් සෙට් කරල දෙන්නම්... ඉතුරු ටික ප්ලෑන් කරලා මේල් කොරපන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. රෙකෝඩ් කරන්නද මගුල් ෆොටෝ එක ගන්නද ස්ටුඩියෝ එක?

      Delete
    2. රැකෝඩ් බේබෙයි.... යෙහ්..

      Delete
    3. වෙඩින් කේක් කැල්ලක් කාලා අරක්කු ටිකක් බොන්න ක්‍රමයක් සෙට් කරපන් ඔය වෙන මගුල් කරන්නේ නැතුව

      Delete
    4. ඔන්න ඔය මෙන්ඩා කියන එක ලෑස්ති කරපන් ඉක්කන්ට.අම්මා දීලා තියන සහන කාලය ගෙවිලා යනවා .දැන්ම කරගන්න මගුලක් තමයි ඉතින්.අර කට්ටිය මැද්දේ බුලත් කොල ගන්න බෑ යකෝ හෙප්පුවෙන්

      Delete
    5. අම්මා දීලා තියෙන සහන කාලය සෑහෙන දිග කාලයක් වගේ නේද...ඕක ඉඅවර වෙන සහන කාලයක් නෙවේ වගේ,,,,,

      Delete
  7. ලස්සනයි ලස්සනයි කටුස්....දැන්නන් වෙඩිමකට කාලෙහරි වගේ කටුස්

    ReplyDelete
    Replies
    1. dumimda.blogspot.com/

      අලුත් බ්ලොගක් සප් එකක් දෙමු

      Delete
    2. කියන්න තියන ඔක්කොම වගේ උඹට කියලා දීලා තියෙන්නේ.කරන මගුලක් දැන් උඹ කරපන්.අපි එන්නම් ඇවිත් කියවන්න.

      Delete
  8. මේක ලියලා තියෙන්නෙ නැට්ටුවෙක්.. ඒක නොවැ වන්නම් නටන්නෙ..))

    ...කවිය සුපුරුදු පරිදි සුන්දරයි කසුට්ටෝ.. ඒ වගෙම ඔය තේමාවෙ තියන ගීයත් මහා පුදුමාකාර ගීතයක්..!!

    ReplyDelete
    Replies
    1. නැට්ටුවා නටනවා නැටුම් ටිකක් මේ දවස්වල......

      හම්ම්....පියානෝවයි, චෙලෝ එකයි ඒ කටහඬයි මාර මැචින් නේද?

      Delete
  9. කටුස්සෝ, කවිය නම ආයේ එකෙන්ම ඉස්තරම්,

    සුසුම් හෙලා අවසන් වෙන දවස ඉක්මනට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ගොඩක් විස්කෝතුයිලු ....

      Delete
  10. පට්ට මචන්. ඈස් යූෂුවල්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ...චැප්ලින්ට ආසයි හේරා'ට වඩා.

      Delete
  11. බලාගෙන ඔය සුසුම් කුණාටු වෙන්න පුලුවන්.
    නියමයි.

    ReplyDelete
    Replies
    1. අපි බය නෑ.අපි කිරිත් එක්ක සමහන් බොනවනේ.

      Delete
  12. ඔබ ඉන්නවද දන්නෙත් නැති
    ඔබ මගේ වේවිද දන්නෙත් නැති
    රුවකි මා හිත මැවී
    ආදරේ කියනා අන්දම්...

    හිහි.. නිකමට කවිය කියවං යද්දි ආව අයිඩියාවක්..
    ලස්සනයි කවිය මචං... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. හිතේ මැවුන ඔක්කොමල්ලා ගෙදර එක්කන් ආවනම් අද අපේ ගෙදරත් සොලමන් රජ්ජුරුවන්ගේ මාලිගාව වගේ තියෙයි.

      විස්කෝතුයි මයියෝ...

      Delete
  13. මේකෙ තාලෙ මරු ..සිංදුවක් වගේ. මම දෙපාරක්ම කියෙව්ව. :)

    ReplyDelete
    Replies
    1. ඔක්කාරෙට වගේ ආවේ නැතැයි....?

      Delete
  14. කටුසු හදවත තනිකඩයි ද? නෑනෙ? මේ කවි කතා සේරටම අයිතිකාරියක් ඉන්නවනෙ? නෑ මේ ඇහුවෙ දුක හිතෙන ඒව ලියන නිසා...
    ඇත්තටම ගීතයකට සුපිරි කටුස්සා...

    /බ්ලොග් ලෝකෙදි මට ඉස් ඉස්සරෝම පාර පෙන්නුවෙ කටුසු අයිය වෙච්චිකොට, දුක හිතෙන ඒව ලියන හින්දයි හොයල බැලුවෙ..😆😆😆/

    ReplyDelete
    Replies
    1. මට පිස්සූ....මට පිස්සූ....මට පිස්සූ.....අනේ...කවුරුහරි මෙ නගාට කියලාදීපන්කෝ මම තාම පැකින්වත් කඩපු නැති බ්‍රෑන්ඩ්නිවු කන්ඩිශන් කොල්ලෙක් කියලා...

      Delete
  15. වන්නම්, අන්දම්, මල්දම් එක්ක හසරැල්, ගැයුමන්, සුසුමන් ගැලපෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල වෙන්නෙම එකකට එකක් නොගැලපෙන එවුවා විච්චකොට ඕවනම් මොනාද අයියන්ඩිය.....හම්ම්...දුටුවෙමි...පිළිගතිමි...සිහිතබා ගතිමි....මට වැදගත්ම පාර්ට් එක රඟපානවට රොම්බ තෑන්ක්ස්.

      Delete
  16. Replies
    1. බොහොම ස්තූතියි ඔබටත්....

      Delete
  17. ඔයා දන්නවනෙ කටුසු කොච්චර ලස්සනද කියලා....ඔයා දන්නවනෙ බොසා ආසාවෙන් කියෙව්වා කියලත්....ඔව් ඔයා දන්නවා.....හික්...(දන්නවා කියන්න​...නැත්නම් මන්න පාර තමයි....)

    ReplyDelete
    Replies
    1. ඔයාගෙන් හම්බවෙන මන්න පාරත් මට අයිස්ක්‍රීම් එකක් කියලා ඔයා දන්නවනේ පැටියෝ.ඔයා ගැන මමත් ,මම ගැන ඔයත් දන්න තරම් වෙන කවුද දන්නේ...

      Delete
  18. මල්ලියා පහුගිය දවස් ටිකේම ලියන්නේ සැබෑ අත්දැකීමක් කියලයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල අහකයන නයි රෙද්ද අස්සේ දාගන්න පුරුදු වෙනවා.

      Delete
  19. Replies
    1. ස්තූතියි අජිත් අයියේ...

      Delete
  20. මේ බ්ලොග් ලොකේ තියනව සින්දු විදිහට සාර්ථකව එළි දක්වන්න පුලුවන් නිර්මාණ ගොඩක්... කටුසු හදමුකො සින්දුවක්... මේ වගෙ ලියන අය අතරේ ගයන්න හැකි අයත් ඉන්නම ඕන..

    ReplyDelete
    Replies
    1. පබ්ලිශ් කලාට පස්සේ මේ එකක්වත් මගේ නෙමෙයි.ඕනේ කෙනෙක් මේවා අරගන ඕනේ මගුලක් කලාට මට කමක් නෑ.මම දන්නේ මොනවා හරි බලිකුරුටු ගාන එක විතරමයි.
      ගායකයෝ නම් එමටයි.

      Delete
  21. සිංදුවකට අපූරු පදවැලක්...

    ReplyDelete
  22. Your comment will be visible after approval.
    හැමෙනෙනවා..උබ කවුද යකෝ මේ මෙන්ඩ ගේ කෙමෙන්ට් ඇප්රුවල් කරන්න
    කුන්හරුප අහන්නේ නැතුව මගේ කෙමෙන්ට් ඒක දාපිය මේවා අපේ බ්ලොග්

    ReplyDelete
  23. Your comment will be visible after approval.
    හැමෙනෙනවා..උබ කවුද යකෝ මේ මෙන්ඩ ගේ කෙමෙන්ට් ඇප්රුවල් කරන්න
    කුන්හරුප අහන්නේ නැතුව මගේ කෙමෙන්ට් ඒක දාපිය මේවා අපේ බ්ලොග්

    ReplyDelete
    Replies
    1. ටහිකේ කිවුවලු....ඕක සම්පූර්ණයෙන්ම අටමගේ වැරද්ද.ඌ තමයි ඔය එක එක කෑලි මේකට ඇමිනුවේ.

      Delete
  24. මේවට වාරණ දාන්න එපා බන්

    ReplyDelete
  25. සුන්දරයි...නිර්මාණය වින්දා..මට මගෙ කලින් කරපු නිර්මාණයක් මතක් උනා..ඔයාගේ සුන්දර මේ ඒක පාර්ශ්වීය ප්‍රේමයට මෙන්න මගෙනුත් සහයෝගයක්...

    උඹ කතා නොකළත් හිතවතී
    මේ නිහඬ ප්‍රේමය මිහිරැතී
    ඇහි දාරයක් යට සුව ඇතී
    නොදොඩාම ඉඳපන් කම් නැතී...

    වසන්තය ගැන දන්නැතී
    ඉරි තැලුන පොළවක අරුමැතී
    තෙත අඩි තියන්නට බර ඇතී
    හැම වැස්සටම බෑ හිතවතී...

    උඹ කතා කෙරුවොත් හිතවතී
    ඒ අඩි ලකුණු පෙන්නුව හැකී...

    හිරු සඳුද තරු හා මල් පෙතී
    ගැන ලියූ දහසක් කවි ඇතී
    ඒ උවම් ගෙන ගලපනු බැරී
    පෙම් කවක් ලියපන් හිතවතී...

    උඹ කතා නොකළත් හිතවතී
    මේ ප්‍රේමයට උපමා නැතී...

    ReplyDelete