Saturday, November 29, 2014
සුවඳ.....
පණ අදින සිත යදින
ස්නේහය නොඑන කල
නොමදමා ලඟ හිටිය
නොමදැනුණ නුඹෙ සුවඳ
දනෙනවා ගොඩක් මට
හිත බරයි ගොඩක් අද......
කටුස්සා......
Wednesday, November 26, 2014
කඳුළ, නුඹ......
කඳුළ,
නුඹ පිස්සෙක්ය
ඇගේ නෙතු නුඹ දරා හිඳි කල
මගේ හදවත නුඹට වෙර කල
එළව දැමුවෙමි පා පහර දී
යළිඳු ඇගෙ නෙතු නොරදනා ලෙස......
කඳුළ,
නුඹ වියරුවෙනි
ඇගේ නෙතු මත ඉඩ නොමැති කල
එයට හේතුව සොයාගත් නුඹ
නැවත පැමිනුනි මා වෙතට යළි
මුවා වී ඇගෙ හේමලය පිටුපස.....
කඳුළ,
නුඹ සැනසුමෙනි
තවත් මා ලඟ ඇය නොමැති කල
මගේ තනිකම වටහගත් නුඹ
වහා දෙනෙතට ඔබ පැමිනි සඳ
වෙන්ව යන්නට නොහැකි ලෙස අද
මොන මගුලකටද ඉන්නෙ මගෙ ලඟ
මගේ සැනසුම නුඹ තුරුළුකර......
කටුස්සා.....
Monday, November 24, 2014
සුභ උපන්දිනයක් වේවා......
පුරා සය වසක් නුඹේ පැතුම් හා
එක්ව ආ සුභ පැතුම මතකද...
තරුත් නිදනා නිහඬ මැදියම
නුඹ සවන් ඇඳි පැතුම මතකද...
"නිදියමුයි" යැයි මවෙත පවසා
නොනිද මග බැළු පැතුම මතකද...
"මමත් නිදි" යැයි පවසලා මම
නොනිද පැවසූ පැතුම මතකද...
පැතුම් නිදිගත් සිතුම් වල් වැද
යුගය නුඹ මා පසුකරන් යන...
මෙතෙක් කල් මා පැතූ පැතුමන්
නුඹට කියන්නට වරම් නැතිවුන...
නිහඬ සීතල සිත් තුරුල්ලේ
සෙමින් වැලපෙන පැතුම අද දින...
නොකිය ඉන්නට සිත් නොදෙයි මට
නුඹ පුරුදු කල පුරුදු වදදෙන...
තබන පියවර කටු කොහොල් පිරි
වාලුකාවක නොම රැදීයන්...
නුඹ යනෙන මග පහන් දැල්වී
නුඹේ දිවි මග එළිය වීයන්...
නුඹේ සිත රැදි මවුවත් සෙනෙහස
ඔහුගේ ලෝකය හා රැදීයන්...
පතන පැතුමන් සඵල වී අද
නුඹේ ලෝකය මල් පිපීයන්...
සියොත් කැළ අද ගයන ගීතය
නුඹේ දෙසවන සදා ඇසියන්...
මල් පිපුණ නිම්නයේ සුවඳ පොද
නුඹෙ සුවඳ හා එක්ව තිබියන්...
හිරු සඳු තරු මුතු නුඹේ දෙනෙතේ
මැකී නොයන සේ සදා ඇඳියන්...
නුඹේ සිහිනය සැබෑවී හෙට
තටු ලබා අහසෙම රැදීයන්...
සුභ උපන්දිනයක් වේවා......
කටුස්සා....
Thursday, November 20, 2014
වැව......
වැවු රළ පෙළ ඉස්සි ඉස්සි
හමන සුළන් පහස විඳින
කණු දෙකක් මත රජයන
අකුරු කළ පුවරුවක
ලියා තිබුනත් සෑදුවේ මෙය
ශ්‍රේෂ්ඨ නරපති .......බව
දනිමි මම ඉඳුරාම
පතුලේ සිට බැම්ම තෙක්ම
බිසෝ කොටුත් වැවු කණ්ඩිත් තාවුලෙත්ම
නිධාන වී ඇත්තේ
ඒ රජුගේ අහවල නොව
බඩගින්නට අපේම වුන්
හෙළු කඳුළු දහඩිය බව...
කටුස්සා....
Sunday, November 16, 2014
බස් රථයක් පිරිමි ඇසින්
රාජකාරී කටයුතු ඉවරකරල ගෙදර දුවන්න ලෑස්තිවෙලා එලියට බහින වෙලාවෙදි හයියෙන් වැස්සොත්.....හම්මෝ දැනෙන සතුට.මේ ලිපිය කියවන ඔබ නිවසට යාමට පොදු ප්‍රවාහන සේවයක් යොදාගන්නා අයෙකුනම්,ඒ සතුට දෙගුන වෙලා දැනෙනව ඇති ඔබටත්...ඇත්ත,හවස 4 සිට 6.30 දක්වා පායන වෙලාවට බස් එකකට ගොඩවෙන්න කරන සටනට අමතරව ඒ වෙලාවට වැස්සොත් විදින දුක හතුරෙක්ටවත් ලැබෙන්න එපා කියල කියන කෙනෙක් වෙන්න පුළුවන් ඔබත්.පාපුවරුව තෙමෙන නිසා එකේ යන 10-15 ත් ඇතුලට රින්ග ගත්තහම හැකරැල්ලෙකුට රින්ගන්න බැරි ඉඩක හිකනලෙක් රින්ගනව වගේ තමයි.ඒ අස්සේ උදේ ඉදන් මහන්සියට වැටුන දාඩියට වතුර වැටුනහම එකතුවෙන ආත්මගත ජීවන සුවඳ....රෝස මල් කැලේක තනිවුනා වගේ හැඟීමක් තමයි හිතට ගෙනත් දෙන්නෙ.මේ ඔක්කොම ඉවසගන ගෙදර එන අතරමග තවත් හිතවත් යාළුවෙක් නිතරම අපිට දකින්න ලැබෙනව.කාන්තා පාර්ශවේ එක්ක තමයි එයා ගොඩක් හිතවත්.
මාර්ග අන්ක 170,අතුරුගිරිය-පිටකොටුව බස් රථය,මහ වරුසාවෙ හවස 5.45ට විතර බත්තරමුල්ල ප්‍රදේශය පහු කරනව.කාර්යයාලයක වැඩ නොකලත් පූරුවෙ පිණකට මමත් ඒ බස් රථයේ මගියෙක් එදා,අර ඉහල සදහන් කරපු සියළුම අත්දැකීම් අත්ව්ඳින.ඇගේ ප්‍රමාණෙ නිසා කොන්දොස්තර සහෝ මාව ඉස්සරහට යවන්නෙ නෑ.තව දෙන්නෙක් දාන්න පුළුවන්නෙ ඌට එතකොට.මමත් ඉතින් පෙම්මුල්ලට ආසන්නව පොල්ල අල්ලන් ඉන්නව,බස් එකේ.මට වඩා අසුන් 3-4 විතර රියදුරු අසුන දෙසට වෙන්න යාබද අසුන් දෙකක ඇදි අල්ලාගන ඉන්න ගැහනු ළමයෙක් බොහොම අපහසුවෙන් වගේ හැසිරෙනව.වෙලාවකට එහෙට මෙහෙට වෙමින්,නළල රැලි ගන්වමින් හා වෙනත් ඉරියවු වලින් යම් අපහසුතාවක් පිළිබදව ඇය වට පිට සිටින්නන්ට දැනගන්නට සැලස්සුව.ඇයට පිටුපසින් අවුරුදු 40 පමණ අයෙක් මැද පොල්ල අල්ලගන අනිත් අත නිදහසේ බිමට එල්ලගන ඇයව තෙරපනව.හ්ම්ම්....හිතුව හරි ඔයා....ජැක්සන් කෙනෙක්....ජැක්සන්ගෙන් එහාටත් ගිය වනචරයෙක්.
ඇය කිහිප විටක් හැරී ඔහු දෙස රවා බැළුවද ඔහු මුකුත් නොදන්න ශාන්තුවරයෙක් වගේ පාඩුවේ තමන්ගේ වැඩි කරගන යනව.ඇය ඉන්න තැනින් වෙන තැනකට යන්න උත්සහ කරත් ඉන්න සෙනග කන්දරාව ඒකට ඉඩක් දුන්නෙ නෑ.තලාහේන ප්‍රදේශයේදී අතක් නිදහස් කරගත් ඇය ඒ අතින් එම පුද්ගලයාගේ කම්මුල අතගෑව,වේගයෙන්.ඒත් එක්කම මොනවදෝ වේගයෙන් කියන්න ඇය උත්සහ ගත්තත් ඇයගේ වචන පැටලී කතාකරගන්න බැරුව ඇය ඉකිබිඳින්න පටන්ගත්තා.අසල අසුනේ සිටි අයකු තම අසුන ඇයට දුන් හෙයින් එහි ඉඳගත් ඇය ඉකිබිඳිමින්ම ඉදිරිපස අසුනට නැඹුරුවුනා.
ඒ මම විස්තර කලේ මම දැකපු දෙයක් වුනත්,ඔබ දිනපතා බස් රියෙන් ගමන් ගන්නෙකුනම් මේ හා සමාන සිද්ධීන් ඔබත් දැකල ඇති.සමහරවිට සතිපතා හෝ දිනපතා වෙන්නත් ඇති.මෙය කියවන ඔබ කාන්තාවක්නම් සමහරවිට මෙවනි අත්දැකීම් ඔබත් විඳල ඇති.මම මේ ලිපිය ලියන්නේ ඉහත කතානායිකාවගේ මුවින් පිටනොවී සිතේ සිරවූ බොහෝ හැගීම් හෝ එයට සමානයැයි මවිසින් උපකල්පණය කල වචන සමාජයට දිගහැරීමටය.ඒ සිදුවීම එතකින් නිමාවුනත් ඒ බස් රථයක් තුල සිදුවුන පළමු හෝ අවසාන ස්ත්‍රී හින්සනය නෙමෙයි.තවමත් එය එදා වගේම;නැත්නම් ඊටත් වඩා දරුණුව සිදුවෙනව.තිත්ත ඇත්තනම් ඔබ මේ ලිපිය කියවන තප්පරයේ පවා දහසක් ස්ත්‍රීන් බස් රථ තුල මේ තිරිසන් හින්සනයට මුහුණ දෙන බවයි.
මේ කාරණවේදී,මෙම අධම හින්සනයට ලක්වෙන්නේ තරුණ කාන්තාවන් විතරයි යැයි ඔබ හිතනවානම්;ඒ ඔබ මවාගන්නා වැරදි චිත්‍රයක්.පසුගිය දිනක බස් රථයක් තුල තම ඔඩොක්කුවේ වාඩිවී සිටි අවුරුදු 9ක කුඩා දැරියකට ලින්ගික පීඩා කිරීමට උත්සහගත් අවුරුදු 70ක 'තරුණ මහත්මයෙක්' අත් අඩන්ගුවට ගත් බවට වූ පුවත්පත් වාර්තාව මේ සදහා වන හොඳම උදාහරනයයි.අවුරුදු 9ක පොඩි එකෙකුට එහෙම වෙනවනම් 18-20 තරුණියන් ගැන කතාකල යුතුද?ඊටත් වඩා දරුණුම කරුණ වන්නේ ඒ ක්‍රියාව සිදුකල 'මහත්මයාගේ' වයස අවුරුදු 70 වීමයි.හින්සනයට ලක්වන්නන්ගේ මෙන්ම ලක්කරන්ගේද වයස් මට්ටමට සීමාවක් නැති බව ඔබට පැහැදිලි ඇති.අවැසි වන්නේ ස්ත්‍රී භාවය පමණක්මදැයි සැක සිතෙන තරමට හින්සනයට ලක්වෙන ස්ත්‍රී වයස් පරාසය පුළුල් අගයක් දක්වා විහිදෙනවා.
සෙනග නැතිවෙලාවට ආසනයේ මුල්ලට වී ඉන්න තරුණියන්, බස් රිය තුල සෙනග වැඩිවෙත්ම ආසනයේ කෙළවරට පැමිනෙනු ඔබ ඕන තරම් දැකල ඇති.උසස්පෙල සමයේ මේක මට ලොකු ප්‍රශ්නයක් වුනා.මේ ගැන අහන්න මම තෝරගත්තේ 'එවකට' මගේ පෙම්වතියයි.ඇය දුන් පිළිතුර වුනේ "සීට් එක මුල්ලේ ඉන්න කොට එහා පැත්තට පිරිමි කෙනෙක් ආවොත් බේරිල්ලක් නෑ.ඒ නිසයි අපි සීට් එක කෙළවරට එන්නේ" යි යන්නය.පිරිමින්ගේ එම පිළිකුල් සහගත හිරිකිත ක්‍රියා පිළිබඳ ඇය මා සමග පැවසූ දේවල් නිසා,පිරිමි ආත්මයක් ලැබීම පිළිබඳව මට ඇතිවුනේ ලැජ්ජාවක්.සමහර සිදුවීම් ඇගේ මිතුරියන්ට වූ ඒවායි ඇය මා සමග පවසන්නට ඇත්තේ පෙම්වතා වූවත් මගේ මුහුණ බලාගන කියන්න ලැජ්ජ හිතුන නිසා වෙන්න ඇති.(ඒ කාලෙ තිබුනෙ "අතින්වත් අත නෑල්ලු ආදරයක්" නොවැ ).ඒ කතා වලදි මට වැටහුන දේනම් තරුණියක් බස් රථය තුල ගමන්කිරීමේදී රථයට නැගීමේ සිට රථයෙන් බැසීම තෙක්ම තමන්ගේ ශරීරය බේරා ගැනීමට මහත් වූ සන්ග්‍රාමයක් සිදු කරනා බවය.ජීවන සටනේදී පිරිමින් සමග උරෙනුර ගැටී දහඩිය වගුරන ඇයට බස් රියේදීත් තවත් අමතර සටනක් සිදුකිරීමට සිදුවේනම්:ඊටත් වඩා ඛේදාන්තයක් තවත් තියනවද?
බොහෝ තරුණියන් අතර මගින් රියට ගොඩනොවන සෑම විටම වාඩි වී යාමට හැකි බස් රියක් තෝරාගැනීමට උත්සහ ගන්නව.ඒ හිටගන යාමට නොහැකි නිසා නොව වාඩිවී යාමේදී ඇතිවන හින්සන ක්‍රියා සාපේක්ෂව අඩු මට්ටමක පවතින නිසයි.තවත් කාන්තාවක් සමග එක අසුනෙ ඉදගන යාමට උපරිම උත්සහ ගන්නා ඇය,අසුනේ මුල්ලට නොයාමට මහත් පරිස්‍රමයක් ගන්නව.ඒත් ඒ සියළුම උත්සහ නිශ්ප්‍රභා වන්නේ බසයට සෙනග පිරෙන විටයි.එවිට ඇගේ උරහිසෙහි තමන්ගේ අන්ගජාතය උලන්නට උත්සහ ගන්නන් බස්වල හිඟනෑ.තවත් කාන්තාවක් සමග අසුනේ මුල්ලට වී ගමන් කරනා කාන්තාවකට වූවත් නිදහසේ යාමට ,අසුනත් බසයේ තහඩුවත් අතර ඇති ඉඩෙන් ප්‍රයෝජන ගන්නා වලත්තයන් ඉඩදෙන්නේ නෑ.අසුනේ අනිත් කෙළවර ඉදගන ඉන්නේ පිරිමියෙක්නම් ඇයට විඳීමට සිදුවන හිරිහැර තවත් වැඩියි.මේවගේ අවස්ථාවල මෙම නොමිනිසුන් තමන්ගේ ඇඟිලි,වැලමිට,උඩු අත්ල,කකුල යන සෑම ශරීරාන්ගකින්ම උපරිම ප්‍රයෝජන ගන්න බලනවා.මීට පස්සේ බසයේ යනවිට බලන්න ඇස් ඇරල තරුණියක් ලඟ ඉදගන අත් දෙක බැඳගන යන ගරු ගාම්බීර මහත්මයකු දෙස;බලන්න ඔහුගේ ඇඟිලි දිහා.දැක්ක නේද කොච්චර හොදට ඒ ඇඟිලි වැඩ කරනවද කියල?.මේ සෑම උත්සහයකින්ම තමන්ගේ සිත සතුටුවන්නේ නැතිනම් තමන්ගේ අවසාන තුරුම්පුව ගහන්න මේ අය දෙපාරක් හිතන්නේ නෑ;"නින්ද".ඉතා ඉක්මනින්ම නින්දට වැටෙනා මොවුන් අනික් පස සිටින ස්ත්‍රියගේ ශරීරයට හේත්තු වී ගමන් කරන්නත්,තරුණිය තදින් වැලමිටෙන් අනින විට "සොරි" යැයි කියමින් එක් වරම අවදි වන්නටත් දක්වන්නේ පුදුම දක්ශකමක්.
බස් රියේ රාක්කවල කොච්චර ඉඩ තිබුනත් ඒවායින් ප්‍රයෝජනයක් නොගෙන තම පාර්සලය හෝ ෆයිල් කවරය අතේම තබාගන යන නොමිනිසුන් දිහා බැළුවොත් පෙනේවි නුඹලාට,ඒ අයගේ පිට අත්ල කොච්චර කඩිසරද කියල.මේ කතාවේ කනගාටුදායකම තත්වය ඇතිවෙන්නේ බස් රියෙන් බහින වෙලාවෙදි.ඒ අවස්තාවේදී මේ අධමයන් කොහොම හරි කාන්තාවකගේ පිටුපසට වෙනවා.රියෙන් බසින විට ඇතිවන අධික තෙරපුමේදී නොමිනිස්කමේ අන්තයටම යන තිරිසනුන් ඔබලාත් දැකල ඇති.බස් රියෙන් බහිද්දී මෙවනි අවදානමකට ලක්වන තරුණියක් ස්ත්‍රීන් දෙදෙනෙකුට මැදිවීමට ගන්නා උත්සහය දැක්කොත් උඹලටම ලැජ්ජ හිතේවි.මෙවනි පහත් තෘප්තියක් ලබාගැනීමටම පෙර සුදානමකින් බස් රියකට ගොඩවන්නන් හිඟ නෑ සමාජයේ.මගීන් පිරුණ බස් වල යාමට කැමති,ලැබෙනා අසුනත් වෙන අයකුට දීමට තරම් කාරුණික මොවුන් වැඩිපුරම යාමට කැමති ඇගළුම් සේවිකාවන්,සිසුවියන් වැඩිපුර යනෙන බස් රථ වලයි.අතරමගින් බැසිය යුතු වූවත් තමන්ට වාසිදායක තත්වයක් රිය තුල නිර්මාණය වී ඇත්නම් රියෙහි ගමනාන්තය තෙක් යාමට මොවුන් දෙවරක් සිතන්නේ නෑ.එසේ යාමේදී නැවත ඒමට බස් රියක් නැත්නම්, කුළී රථයක හෝ ඒමට තරම් මොවුන් නිර්ලෝභියි.
මේක බලන උබත් මේ අධම වැඩේට පෙළඹිල ඇති ජීවිතේ එකපාරක් හරි.හැඟීම් වලට වැට කඩොළු දැමීම මමත් අනුමත කරන දෙයක් නෙමෙයි.හැබැයි වැටකඩොළු බිඳ දැමීමේදී එය සිදුවිය යුත්තේ දෙපාර්ශවේම කැමත්ත ඇතිව මිස එක් පාර්ශවයක අසරණකමින් ප්‍රයෝජන ගැනීමෙන් නෙමෙයි.මේක ඉවර කරන්න ඕන නිසා ඉවර කරන්නම්,ලාවට මතක තියන වේදිකා නළුවක දෙබසකින්.
"මේ ලෝකෙ මරල දාන හැම පිරිමියෙක්ම තමන්ගේ තාත්තා කියල හිතන්න පුළුවන්නම්,මේ ලෝකෙ දූශනය වෙන හැම ගැහැනියෙක්ම තමන්ගේ අම්ම කියල හිතන්න පුළුවන්නම්,කොච්චර ලස්සන වේයිද මේ ලෝකෙ අදට වඩා......."

Wednesday, November 12, 2014
මතකය
අගින් පටන් ගෙන මුලටම ලියවුන
පෙම් කවියක් අප ගැයූනිසා
මේ තරමට හද කොනිති ගහන්නේ
අග මුල තේරුම් නොගත් නිසා...
ලඟින් තුරුල් වී ඔබ හා පෙරදා
කියූ කතා හදවත රිද්දයි
දෑස් රිදෙන තුරු හඬා වැටුන මුත්
කඳුලට ඇති පාටක් නොපෙනෙයි
තුරු පත් සැළි සැළි දුක්බර හඬකින්
සොඳුරු අතීතෙක තතු පවසයි
එහි මතකය තවමත් මා දවමින්
ඔබ යලි එයිදෝ බලා සිටියි....
දිළිසෙන නෙත් තරු කියූ කතාවක
අප මුළු දිවියම රැඳුන නිසා
ඔබේ තුරුල්ලේ මිස කොහි යන්නද
මරණය අතවැනු දින මතුදා
ඔබේ උනුසුමේ මට ඉඩ නැති බව
දන්නා මුත් හිත ගතු කියනා
ඔබේ උණුසුමේ තරම් කොහිද මට
ඉඩක් තිබුනෙ ළඳුනේ පෙරදා...
යළි වෙන බවයක ඔබ එනතෙක් මට
බලා ඉන්නෙ සිත ඉඩක් නොදේ
අයිති උනොත් යළි මේ බවයෙහිදිම
සිපගන්නට සසරම මඳි වේ.....
ජනතා සන්තක.....
Friday, November 7, 2014
ගබ්සාව.......
"මට බෑ...මට බෑ...මට බෑ....මට මේක කරන්න බෑමයි..."
"බෑ කියල බෑ...මම ඔයාව දාල ගියාට පස්සේ ඔයා කොහොමද තනියම ළමයෙක් හදන්නේ....?ඒ නිසා ඔයා මේක කරන්නම ඕනෙ"
"එහෙමයි කියල අවුරුදු ගානක් ආදරෙන් හදපු ළමයව මරන්නද ඔයා හදන්නේ?.....එහෙනම් ඔයා නොයා ඉන්න.අපි දෙන්නම මේ ළමයව හදාගමු"
"මට නොයා ඉන්න බෑ.පිස්සු කෙළින්නැතුව ලෑස්ති වෙනව හෙට මාත් එක්ක යන්න.ඕක එච්චර අමාරු දෙයක් නෙමෙයි.වැඩිම වුනොත් සතියක් අමාරුව තියෙයි තමුසෙට.ඊට පස්සෙ ගානක් නැතුව යයි.ඕනෙමනම් තමුසෙට බැරියැයි තව ළමයෙක් හදාගන්න ,වෙන කාට හරි කියල පස්සෙ..."
"දෙවියනේ ඇයි ඔයා තේරුම් ගන්නෙ නැත්තෙ.....මම කොහොමද මේ ළමයව නැතිකරගන්නෙ?මෙච්චර ආසාවෙන් බඩට දා ගත්ත....අනික ඔයා මම ගැන කොහොමද හිතන් ඉන්නෙ....වෙන එකෙක්ට කියල තව ළමයෙක් හදාගන්න.....ඒකටද අපි මෙහෙම ලන්වෙලා හිටියෙ අවුරුදු ගානක් තිස්සෙ....?"
"තමුසෙට පිස්සුද ඕයි....මට පුලුවන්නම් ඇයි තමුසෙට බැරි?වෙන එකෙක්ගෙ ආදරේ තමුසෙට හම්බෙන කොට මේ වුන දේවල් අමතකවෙලා යයි.අනික තමුසෙටත් කවුරු හරි ඉන්න එපැයි".
"මට එපා වෙන කවුරුත්.මට ඕන ඔයාවම විතරයි...ඔයා මට ආදරේ කලේ මේ විදිහට මාව අතරමන් කරල දාන්නද?ඔයාට හිතක් පපුවක් කියල දෙයක් නැද්ද?"
"ඔය කදුළු පිහිද ගන්නව.මෙතන මළ ගෙයක් වෙලා නෑනේ.මට තමුසෙත් එක්ක ඉන්න බෑ.ඒ නිසා මම යනව.මොකද්ද මෙතන තියන ප්‍රශ්නේ?"
"එතකොට මේ ළමය මම විතරක් හදාගත්තු එකෙක්ද?"
"ඕකද ප්‍රශ්නෙ?හෙට ඕකාව නැතිකලාට පස්සෙ තමුසෙගෙ ඒ ප්‍රශ්නෙත් ඉවරයිනෙ"
"ඇයි ඔයා නරුමයෙක් වගේ හැසිරෙන්නෙ?මේ ඔයාගෙ ලෙයින් හැදුන ඔයාගෙත් ළමයෙක්"
ඔයා කට කොනකින් හිනා වෙනව මම කදුළු මැද්දෙන් දැක්ක.
"ඔය බයිල වැඩක් නෑ.හෙට උදේ 10 වෙනකොට ලෑස්ති වෙලා ඉන්නව.මම එනව තමුසෙව අරගන යන්න."
එහෙම කියල ඔයා දොර ඇරගන යන්න ගියා.
"කොහේද මේ...?මේ ගෙයක්නෙ"
"කොහේ උනහම තමුසෙට මොකද?මෙතන ඉදගන ඉන්නව.මම ඇතුලට ගිහින් එන්නම්".
ඉදගන ඉන්න තැන ඔළුවට උඩින් සිවිලින් ෆෑන් එක දඩ...දඩ...ගගා කැරකෙනව.මගේ හිත ඊට වඩා හයියෙන් කැරකෙනව.ඔයාගෙ ලෙයින් හැදුන මගේ පණ පයින් ගගහ දගලනව,හරියට තව ටිකකින් වෙනදේ එයාට තේරිල වගේ.අනේ..අපි දෙන්නට එකට එකතුවෙලා මේ පැටියව හදාගන්න පුළුවන්නම්....
ඔයා තව කවුද ගෑනියෙක් එක්ක කතා කරකර ආව.එයා එතන තිබුන කාමරේට රින්ග ගත්තු නිසා මට එයාගෙ මූණ පෙනුනෙ නෑ.
"යනව අර කාමරේට"
"ඒ මොකටද"
"තමුසෙ හිතුවද සාලෙ මැද්දෙ තියාගන ඔය වැඩ කරනව කියල?පවු නොදී කාමරේට ගිහින් ඇදේ හාන්සි වෙනව."
"අනේ...අඩුමගානෙ ඔයා මගේ ලඟට වෙලා ඉන්න මේ වෙලාවෙදි හරි"
"බබා වෙන්න හදනවද?මට ලඟට වෙලා ඉන්න බෑ.මම කාමරේ ඇතුලෙ ඉන්නව.බය නැතුව වැඩේ කරනව"
කකුල් අද්ද අද්ද මම කාමරේට ගියා.ඉස්සල්ල කාමරේට ආපු ගෑණි හිටියෙ අඬු,කතුරු ලෑස්ති කර කර.මම ආපු සද්දෙට ඒ ගෑණුකෙනා ඔලුව උස්සල බැළුව.
දෙයියනේ...ඔයාගේ අම්ම...
"මේ ඔයාගෙ අම්මනෙ..."පුදුම වුන මම ඔයාගෙන් ඇහුව.
"ඉතින් මොකෝ...එයාට මේ දේවල් හොදට පුරුදුයි.එයා A/L ගුරුවරයෙක්නෙ මට මතක ඇති කාලෙ ඉදන්.එයාගෙ ඉස්කෝලෙ ගොඩක් ළමයින්ව ඇබෝශන් කරල එයාට ගොඩක් අත්දැකීම් තියනව".
ඔයාගෙ අම්ම රකුසු මූනෙන් මගේ දිහා බලන් හිටියෙ මස් කඩේ ලෙබ්බෙ වගේ.එයා එහෙම බලන් ඉන්න කොට අනිත් දොරෙන් ඇතුලට ආවෙ ඔයාගෙ තාත්තා.
"ඔයාගෙ තාත්තත් මේව කරනවද?ඔයා මට කියල තියෙන්නෙ එයා අම්ම වගේ නෙමෙයි.හරි හොඳයි කියලනෙ"
"හොඳයි තමයි.එයා W.B. ...තිස්ස.අවුරුදු ගානක්ම මාතර සෙන්ට්...කොලීජියේ ප්‍රින්සිපල්.ඒ අවුරුදු ගානට එයා ඔය ඉස්කෝලෙ කී දෙනෙක්ට මේ කරන වැඩේ කරල ඇද්ද?බය නැතුව ඉන්නව.එයා ඇස් පියාගන හරි මේ වැඩේ කරයි.ඒ තරමට experience.
එහෙම කියල ඔයා ඇද ලගින් ගියා.ඔයාගෙ අම්මයි තාත්තයි උල් දත් විලිස්සගන මගේ ඇද දෙපැත්තට ආව.
"හ්ම්..ගලවනව කලිසම...ඒකත් අපිද කරන්න ඕන...කලිසම ගලවන්න බැරි එකා කොහොමද ගෑනියෙක්ට කන්න දෙන්නෙ...?".එහෙම කියන ගමන් අම්ම මගේ කලිසම ගැලෙවුව.
"කකුල් දෙක ඈත් කරනව....දෙවියනේ...."ඔයාගෙ අම්ම එහෙම කියාගන බයෙන් වගේ මගේ පුරුෂ නිමිත්ත දිහා බලන් හිටිය.මමත් හිමින් ඔළුව උස්සල ඒ දිහා බැළුවා.
කෝ....මගේ පුරුෂ නිමිත්ත නෑ...එතන ලොකුම ලොකු කළු කුහරයක්.
"දැන් කොහොමද අපි මේ වැඩේ කරන්නෙ?මම මෙහෙම එකක් දැක්ක පළවෙනිවතාව."ඔයාගෙ අම්ම තාත්තට කිවුව.
'මේ වැඩේ කොච්චර දෙනෙක්ට කරල තිබුනත් මටත් හිතාගන්න බෑ".
ඔයාගෙ තාත්ත.
"ඔතන නෙමෙයි...ඔතන නෙමෙයි...එහෙම කියාගන ඔයා කළබෙලයෙන් ආව.
"ඕකගෙ ළමය ඉන්නෙ ඔතන නෙමෙයි,මෙතන.."ඔයා මගේ පපුවට ඇඟිල්ල තිබ්බ.
"මෙතන...?වෙන්න බෑ...මම මේ දැක්කමයි.."තාත්ත.
"නෑ නෑ මට ෂුවර්...මෙතන කපන්න..."ඔයා කිවුව.
"එහෙනන් මේවයින් බෑ.පොඩ්ඩක් ඉන්න"එහෙම ගිහින් ඔයාගෙ අම්ම කුස්සියට ගිහින් මාලු කපන ලොකු මන්නයක් අරගන ආව.
තාත්ත හිනා වෙවී ඒ මන්නෙ අරගන මගේ පපුව පැළුව.හැම තැනම රතුපාට ලේ ගලාගන ගියා.
"හ්ම්ම්...ඇත්තම තමයි.මේ ඉන්නෙ"ඔයාගෙ තාත්ත මගේ පපුව ඇතුලට අත දාගන කිවුව.
"ඒත් මේකගෙ අඬු පඬු ඇගේ හැමතැනම පැතිරිල.මුලු ඇගම කපන්න වේයි."එහෙම කියල එයා මන්නෙ මගේ ඇග පුරාම අරගන ගියා.මම වේදනාවෙන් කෑගැහුව.
"ඉවසන් ඉන්නව.සතියක් යනකොට කැළලක්වත් ඉතුරු වෙන එකක් නෑ"ඔයා මගේ කන ලඟට ඇවිත් කිවුව.
කෙළවල්ලෙක්ගෙ බඩ බොකු අදිනව වගේ මගේ ඇඟ ඇතුලට අතදාපු තාත්ත ඒ කළලෙ,අපි දෙන්නගෙ ලේ වලින් හැදුන අපේ පැටියව එළියට ඇදල ගත්ත.ඔවු...ඒ නොදරුව තාමත් පණ ගහනව මම හොඳටම දැක්ක.
"ඕක නිකම්ම විසිකරන්න බෑ.අපේ එකාත් ඕකට ගෑවිලනෙ.කවුරුහරි මේක දැනගත්තොත් පාරෙ බැහැල ගිහිනුත් ඉවරයි"අම්ම කිවුව.
"එහෙනම් අපි මේකව බ්ලෙන්ඩර් කරල කොමඩ් එකට දාමු" ඔයාගෙ තාත්ත බැරෑරුම් හඬින් කිවුව.
මම ලේ පෙරාගන නැගිට ගන්නවත් බැරුව ඉද්දි ඔය තුන්දෙනා මගේ ළමයව බ්ලෙන්ඩර් කප් එකට දාල බ්ලෙන්ඩරය වටේ බලාගන හිටිය.
බර්ර්......බ්ලෙන්ඩරේ මහ හයියෙන් කෑ ගහන්න පටන් ගත්ත.
අපේ ආදරේ....ඔවු...අවුරුදු 6ක් තිස්සෙ කවල,පොවල පෝශනය කරල රැකබලාගත්තු අපේ ආදරේ ඔයාලගෙ බ්ලෙන්ඩර් එකඇතුලෙ කීතු කීතු වුනා.ඔය තුන්දෙනා හිනාවෙවී ඒකදිහා බලන් හිටිය.එකපාරටම බ්ලෙන්ඩර් කප් එකේ මූඩිය ගැලවිල කීතු කීතු වුන මගේ ආදරය ඔයාලගෙ මූණු පුරා ඉහිරුනා ;රතු පාටට.ඔය තුන්දෙනා ඔයගොල්ලන්ගෙ මූණු දිහා බලාගන මහ හයියෙන් හිනාවුනා.
එක පාරටම මම බය වෙලා ඇහැරුනා....අම්මෝ...ඇති යන්තන්.මම දැකලතියෙන්නෙ හීනයක්.මගේ ඇග දාඩියෙන් තෙත් වෙලා.පපුව හයියෙන් ගැහෙනව.මම පපුවට අත තියා ගත්ත.
ඔවු....අපේ අදරේ මැරිල නෑ.තාමත් ඒක මගේ පපුව ඇතුලෙ පනගහනව.මට ඒක දැනෙනව.
මම හයියෙන් හුස්මක් ගත්ත.....
කටුස්සා....
Wednesday, November 5, 2014
අහින්සකයි.....පුහ්හ්.....
සමුගන්නා විට මාගේ
දෙකකුල් වැද නොඉම්බාට
ලඟින් ඉදන් හිස අතගා
ඔයා මගෙයි නොමිමිණුවට
අයර්න් කරන් එන කොණ්ඩය
කරල් දෙකට නොගෙතුවාට
නුඹේ ආලය දැනෙනව මට
සිත ඇඳි රුව නුඹ නොවුනට....
පායා එන හිරු මා යැයි
කිසිදා ඔබ නොකීවාට
රැ අහසේ සඳ මා යැයි
බටර් පාර නොගෑවාට
දිවියෙ පහන් තරුව ලෙසට
කවදාවත් සම නොකලට
නුඹේ ආලය දැනෙනව මට
මල සවිවුන නටුව සේම....
ඉන මැද්දේ කොටපු පච්චේ
පේන්න කලිසම ඇන්දට
බුරිය විදපු කරාබුවක්
වල මැද්දේ දිලිසුනාට
සිරිස් බිරිස් කියලා මට
කඩ්ඩෙන් ඇන ගන ගියාට
නුඹෙ ආලය දැනෙනව මට
සීගිරි බිතු සිතුම් සේම....
කිස් කරද්දි වට පිට සිටි
සෙනග දිහා නොබැළුවාට
විළුඹ දක්වා දිග ගවුමෙන්
නුඹේ කකුල් නොවැසුනාට
දත් තිස් දෙක පෙන්වා ඔබ
මහ හයියෙන් හිනහුනාට
නුඹෙ ආලය දැනෙනව මට
බොරු සන්වර නැති වුනාට....
කටුස්සා........
Saturday, November 1, 2014
මම නුඹට ආදරෙයි-02
"හෙලෝ........"
"හෙලෝ........"
"අනූපමා?"
"ඔව්" "ව්හඟ"
"ආ...ඇයි කතාකලේ?"
"මොකද කරන්නේ අද?"
"දැනටනම් මුකුත් නෑ...ගෙදර ඉන්නෙ"
"අද පුලුවන්ද?"
"පුළුවන්....ඒත් මොකටද?එදා වගේ ඔලුව අත ගගා ඉන්නද?"
"මොනව අතගෑවත් ඔයාට කමක් නෑනේ....ඔයාගෙ ගාන හම්බෙනවනේ"
"මේ....."
"ඇයි?"
"මුකුත් නෑ...හරි එන්නම්කො...කොහාටද?"
"දැන් 10.30නේ...11.30ට මාලබේ උඩවත්ත පාරට"
"මම එන්නම්"
==================================
"කොහේද ඉන්නේ?"
"පාරෙ නැවතිල ඉන්න බෑ.මම ඇවිදගන ඉස්සරහට ආව.එන්න ඉස්සරහට"
අර යන්නේ වන වනා."නගින්න ඉස්සරහින්"
"මොකද හිනා වෙන්නේ?"
"මුකුත් නෑ"
"කියනවකො අගේ නොකර"
"ඉස්සරහ නග්ගගන ඇවිත් නගින්න ඉස්සරහින්ලු"
"කෝ....අල්ලල බලනව නැගලද කියල.....හිතුවද හැම තිස්සෙම මේක නැගල කියල"
"විහඟ...ඇතුලටම දාන්න.නැත්තන් හෙන චාටර්....හැමෝටම පේනව"
"හරි මම රූම් එක බුක් කරල එනකම් ඔයා ඇතුලට වෙලා ඉන්න"
==================================
"මම නාපු ගමන් ආවේ.ඔයා වොශ් එකක් දාගන එන්න.හැබැයි අර ගියපාර වගේ ඇදුම් ගලවගන එන්නනම් එපා හොදේ"
"ඇයි"
"මට ඕන නිසා"
"මට බෑ ඇදුම් ඇදන් ඇද උඩ දගලන්න.මේව පොඩි උනහම කොහොමද පාරෙ යන්නේ?"
"ඇයි දැන් තමුසෙට ඇදුම් ඇදන් ඉන්න පුරුදුම නැද්ද?ගලවලමද ඉන්න ඕන?මගේ යකා අවුස්සන්නේ නැතුව කියන දේ කරනවා"
"මම කවුරු කියලද හිතන් ඉන්නේ?"
"කවුරු කියලද හිතන්න ඕන?"
"තව මොනව හිතන්නද?සල්ලි නිසා මෙතන්ට ආවහම"
"ඔය කුනුහරුප කියවන්නේ නැතුව කියන දේ කරපියකො ගෑනියේ"
"විහඟ...ඔය විදිහට කෑගහන්න එපා.මම වේසියෙක් උනත් මටත් ආත්මගෞරවයක් තියනව.හැමෝටම ඇහෙන්න කෑගැහුවට පස්සේ මම කොහොමද මෙතනින් එළියට බැහැල යන්නේ?"
"ඒක තමයි මනුස්සයො මාත් කියන්නේ....මම කියන දේ කරනවකො.මම ඔයාට වෙන මුකුත් කිවුවෙ නෑනේ"
===========================================
"විහඟ"
"ඇයි?"
"ඇයි ඔයා මෙහෙම කරන්නේ"

"කොහොමද?"
"ඇයි මෙහෙම වියදම් කරගන මේ විදිහට ඉන්නේ?"
"ඇයි ඒක ප්‍රශ්නයක්ද?"
"ඔවු,මට ප්‍රශ්නයක්"
"මොකද්ද ප්‍රශ්නේ?"
"මේක මගේ හිතට වදයක්.ඔයා මගේ ගාවට එන්නේ සල්ලි දීල.ඔයා මගෙන් කරගන්න වැඩේ කරගන්නෙ නැතුව මේ විදිහට මාව තුරුල් කරන් ඉදල සල්ලි දීල යනකොට ඔයා දෙන සල්ලි ගන්න එක මගේ හිතට හරි බරක්"
"ඒක ගැන හිතන්නෙ නැතුව ඉන්න"
"හිතන්නැතුව ඉන්න පුලුවන් මට ඔයා වගේ තව එක්කෙනෙක් හරි මීට හලින් හම්බෙලා තිබ්බනම්"
මම මොනව කියන්නද....මට දැන් ඕව ඔලුවට ගන්න ඕන කමක් නෑ.මට ඕන මගේ ලෝකේ ඉන්න;නිදහසේ.
"ඔය කතාව නවත්තන්න අනූපමා"
මම මොනව කියන්නද....මට දැන් ඕව ඔලුවට ගන්න ඕන කමක් නෑ.මට ඕන මගේ ලෝකේ ඉන්න;නිදහසේ.
"ඔය කතාව නවත්තන්න අනූපමා"
"හ්ම්..."
"හොඳ ළමයා..."
"විහඟ..." දෙයියනේ මේ ගෑනුන්ට කට වහන් ඉන්න බැරි හැටි.
"මොකද හිනා වෙන්නේ?"
"මුකුත් නෑ.ඉතින් කියන්නකො කියන්න හදපු දේ"
"ඕන නෑ.හිනා වුනේ මම කාට වහන් හිටියේ නැති නිසානේ"
"දැන් අනුන්ගේ හිත් කියවනවද?"
"හැමෝගෙම නෙමෙයි"
"හරි කියන්නකො ඉතින්"ඔයා ඉස්සල්ලම ගෑනියෙක් එක්ක කාමරේකට ආවේ මාත් එක්ක නේද?"
"නෑ"
"බොරු කියන්නෙපා විහඟ"
"මොකටද බොරු කියන්නේ?"
"ඒක තමයි මාත් ඇහුවේ?"
ඇයි එහෙම අහන්නේ?"
"දැනගන්න..ඉස්සල්ලම ගෑනියෙක් අරගන කාමරේකට රින්ගන කොල්ළෙක් හැසිරෙන විදිහ මම ඕන තරම් දැකල තියනව"
"ඉතින් දැන දැන මොන එහෙකටද අහන්නේ?"
"නිකන්"
"මොකටද?'
"මම ඉස්සල්ලම සල්ලි වලට මිනිහෙක් එක්ක හිටියෙ O/L ඉවරවෙලා ගෙදර ඉන්න කොට.මේ වෙනකොට අවුරුදු 10ක්.මම නිදාගත්ත මිනිස්සු ගාන මටවත් මතක නෑ.ඒත් ඒ අවුරුදු 10ටම ඔයා වගේ පිරිමියෙක් මම දැකල නෑ"
"මම වගේ අය ඔයාට හම්බ නොවුනට ඕන තරම් ඇති තව"
"මම හිතන්නෑ විහඟ"
අනූපමා මගේ ඔලුව අතගගා එහෙම කියන කොට මගේ මූණට වදින එයාගෙ රස්නෙ හුළඟත් එක්ක මගේ සිතුවිළි කොහේදෝ ඈතකට යන්න ගියා;පුරුදු මතකයක් හොයාගන.
*******************************************************
"මහන්සිද ඔයාට?" "නෑ"
"රිදෙනවද?" "නෑ"
"මාත් එක්ක තරහයිද?" "නෑ මොඩයෝ"
"ඇත්තටම?"
"ඇත්තටම තමයි....වොශ් එකක් දාගන එමුද?'
"එපා..ඔහොම ඉන්න.මට ඔයාව තුරුල් කරගන ඉන්න ඕන"
"ඇයි ඒ?"
"ඒද?...ඒ තෝ මගේ නිසා...මගේම විතරක් නිසා"
"අපි ආපහු යාළු වෙලා හම්බුනේ දවස් 4යි.ඒ දවස් 4න් 3ක්ම අපි මෙහෙම කළා.මේක දිගටම පුරුද්දකට යාවිද අයියේ...?"
"ඇයි ඒ දේට අකමැතිද?"
"එහෙම නෑ...ඒත් විශේෂ කැමත්තකුත් නෑ....අනේ මන්ද?"
"මේ දේ ආපහු වෙන්නෙ නෑ සුදූ.හැබැයි එක පොරොන්දුවක් පිට....පොරොන්දු වෙනවද?"
"කියන්නකො ඉතින්"
"ඔයාට මේ දේ ඕන වුනොත් කිසිම ලැජ්ජාවක් නැතිව මට කියන්න ඕන.මමයි ඔයාගෙ මිනිහ.ඔයාට ඕන දේ දෙන්න ඕන මමයි.අපි දෙන්න අතර ලැජ්ජාව කියන දේ තිබුනොත් ප්‍රශ්න ඇතිවෙන්නෙ අපිටමයි"
"පොරොන්දු වෙනවද මට?"
"අනේ මන්ද...මට විසේශයෙන් ඒ ගැන ආසාවක් ඇතිවෙන්නෙ නෑ අයියෙ...හරි..එහෙම එකක් උනොත් මම ඔයාට කියන්නම්කො...
"හොද ළමය"
"ඒත්..."
"ඇයි ඒත්?"
"මේක අදින් නවත්තමු කිවුවට මටනම් විශ්වාස නෑ" ඔයා කිවුවේ හිනා වෙවී.
"මොකද බැල්ලියෙ විශ්වාස නෑ කියන්නේ"මම ඔයාව තවත් තුරුල් කරගත්තා.
"නෑ.මේ දේ ජීවිතේට ඕනම දෙයක් නෙමෙයි.ඕන තරම් ඉවසගන ඉන්න පුළුවන් කියල මහ ලොකුවට කියවනව.ඒත් ඒ දේ කරන්න ගියහම පිස්සෙක් වගේ.හරියට හෙට ලෝක විනාසෙ වගේ හැසිරෙන්නෙ".
"ආ...එහෙමද?හරි එහෙනම් බලමුකො..තෝ ඕන කිවුවත් මම බෑ කියනව.බලපියකො තොට වෙන දේ..."
"හරි එහෙනම් බලමුකො"
"ඇයි විශ්වාස නැද්ද?...හරි..මම මේක කපල දානව...මොකද තෝ හිනා වෙන්නෙ?"
"නෑ...ඉස්සර ඔයා කියපු කතාවක් මතක් වුනා....අර ගෑනු කෙනා කොටයක්වත් ඉතුරු වෙලා නැද්ද අහපු එක"
"හ්ම්ම්....ඒක තමයි මටත් විශ්වාස නැත්තේ...උඹත් මගෙන් අහයිද දන්නෙ නෑ කොටයක්වත් ඉතුරු නැද්ද අයියේ කියල නේද?"
"අපෝ...වැඩේමයි"
"බැල්ලි"
ඔයා මගේ පපුවට තුරුල් වුනේ මගේ ළමයෙක් වගේ.
=====================================
"ගෙදර ආව නේද අයියෙ පරිස්සමෙන්?"
"ඔවු සුදූ.අවුලක් වුනේ නෑ"
ඉතින් ඉතින්...මොකද කරන්නේ?" එතන ඉදන් අපේ සුපුරුදු කතා බහ.
"අයියේ..."
"මොකද පැටියො?"
"දෙයක් අහන්නම් ඇත්තම කියනවද?"
"මම බොරු කියල තියනවද?"
"අම්මෝ ඔවු.යාළුවො එක්ක සෙට් වෙන වෙලාවල් වලදි"
"ඒ ඉතින් චුටිවනෙ.කියන්නකො කියන්න හදපු දේ"
"ඇයි මේ දේ අදින් ඉවර වෙනව කියල එක පාරටම කිවුවේ?"
"ඇයි ඉවර කරන්න එපාද?හරී එහෙනම් ඉවර නොකර ඉමු.ඔයා ශෝයි නන්ගෙක්නෙ"
"මේ මෝඩයො..ප්‍රශ්නෙ මගාරින්න බෑ.මට උත්තරයක් ඕන"
"ඕනෙමද?"
"ඔවු"
"එක්කො අපි ඕක නවත්තමු නේද?මම ඕකට උත්තර දෙන්න ගියොත් ඔයාගෙ හිත රිදෙයි සුදූ"
ඔයාමයි මට කිවුවෙ අපි අතර රහස් බෑ කියල...දැන් ඔයාම රහස් වපුරනව"
"මම කොහොමද ඔයාට කියන්නේ?"
"කමක් නෑ.කියන්න"
'ම්හ්...ම්හ්හ්හ්....මම ඔයාට කියල තියනව මම පරදින්න කැමති නෑ කියල.මට ඕන දේ මම කොහොම හරි ගන්නව.මට ඕන දේවල් තියෙන්නෙ හරි පොඩ්ඩයි.කවදාවත් ඒ දෙවල් ගන්න මට මහන්සි වෙන්න වුනේ නෑ.පිණකටද කරුමෙකටද කියල දන්නෙ නෑ මම."
"ඒව මට කලින් කියල තියනව"
"ඒත් ඔයා මාව දාල ගියාට පස්සෙ මම ගොඩක් දුක් වුනා.වෙලාවකට මට හිතුනෙ මම ඔයාට පැරදුනා කියල.මට ඔයාව ඕනම වුනා.ඒ නිසයි මම ඔයා එනකන් බලන් හිටියෙ.කොහොම හරි ඔයාව මට හම්බුන ආපහු"
"සුදූ...ඔයා නිදිද?"
"නෑ මෝඩයො.අහගන ඉන්නෙ"
"ඒත් ඔයයි කෙවිනුයි සම්බන්ධයෙන් කියපුව ඇහුවට පස්සෙ මගේ හිත මට කිවුවේ මම කෙවින්ට පරාද වුනා කියල.මම ඔයාව අවුරුදු 5ක් තිස්සෙ බලාගත්තේ මගේ ඇස්දෙක වගේ.පොඩි වැරද්දක්වත් වෙන්න දුන්නේ නෑ.ඒත් මම අවුරුදු 5 තිස්සෙ පරිස්සන් කරපු දේ කෙවින් මාස 3කින් මගෙන් උදුර ගත්ත.ඔයා විස්තර කියද්දි මට කිවුවෙ ඔයගොල්ලෝ දෙපාරක් එහෙම හිටිය කියල.මට ඕන වුනේ ඔයාගැන කෙවින්ට වඩා අයිතියක් මට තියනව කියල මටම ඔප්පු කරන්න.ඔයා කෙවින්ගෙ නෙමෙයි මගේ කියල මටම දන්නන්න.එයත් එක්ක හිටිය දවස් වලට වඩා එක දවසක් හරි ඔයත් එක්ක ඉන්න මට ඕනකලා.ඒකයි මම එහෙම කලේ."
"දැන් ඒ දේ ඔයා කරපු නිසා ඔයාගෙ හිතට සැහැල්ලුවක් දැනෙනවද අයියේ?"
"මම කියන දේ ඔයා පිළිගන්නවද?"
"මට ඔයාගැන අවිශ්වාසයක් නෑ"
"මම දැන් ඉස්සරටත් වඩා විදවනව.මගේ හිත කියනව මම දැන් කෙවින්ටත් වඩා බල්ලෙක් කියල.අනුරාධපුරේට එනකම් මම කල්පනා කර කර ආවේ ඒගැන.මට දැනෙන්නෙ හරියට කෙල්ලෙක්ව රේප් කලා වගේ හැගීමක්."
"ඇයි මීට කලින් කාවහරි රේප් කරල තියනවද?ඕක ගැන එච්චර හිතන්නෙපා අයියෙ"
"හිතන්නේ නෑ සුදූ.හිතෙනව.මම විහින්ම ඔයාගෙ හිතේ මම ගැන තියපු ආදරය,විශ්වාසය,ගෞරවය නැතිකර ගත්තා."
"එහෙම නෑ අයියෙ.ඒ දේවල් වලට මුකුත් වෙලා නෑ.ඒ දේවල් මගේ හිතේ එහෙම්මම තියනව.අනික මම අකමැත්තෙන් ඔයා එක්ක හිටියේ නෑ.මාව රවට්ටන්න හැම දෙයක්ම කර කර බොරුවට අදරේ කරන කොටත් කෙවින්ට තිබුනෙ මාව ඇදට ගන්න උවමනාවක් විතරයි.ඒත් ඔයා එහෙම නෙමෙයි අයියෙ.ඔයා තුරුලෙ ඉන්නකොට ඒ ආදරය,ආරක්ශාව,විශ්වාසය උපරිම මගේ හිතට දැනෙනව."
"මගේ හිත හදන්න බොරු කියන්නෙපා මෝඩයො"
"මම එකපාරක් ඔයාට බොරු කිවුව.ඒත් ඒකෙන් විදෙවුවෙ ඔයා විතරක් නෙමෙයි.දැන් මම කවදාවත් ඔයාට බොරුවක් කරන්නෙ නෑ.ඔයාට පුලුවන් මාව විශ්වාස කරන්න."
"ඔයා ගැන පොඩ්ඩක්වත් අවිශ්වාසයක් නෑ මගේ හිතේ"
"එක දෙයක් කියන්න."
"මොකද්ද?"
"මේ දේවල් අමතක කරල මාත් එක්ක ඉස්සර වගේ සතුටින් ඉන්න පුලුවන්ද ඔයාට?"
"එහෙම බැරිනම් මම ඔයත් එක්ක ආපහු යාලු වෙන්නෙ නෑ සුදූ
*******************************************************
"ආ මල්ලී....මොකද උඹ නිකන් වෙරිකාරයෙක් වගේ?"
"වගේ නෙමෙයි බන්.ඊයෙ රෑ හෙන අමාරුවුනා බන්.ජාති ජාති කළවම් වුනානෙ"
"ඒක තමයි උබලට කියන්නෙ කළවමේ පාවිච්චිකරන්න ඉගනගනින් කියල අපි වගේ.එතකොට කිසි අමාරුවක් බෝරින් ගතියක් නෑ.දැන් පිපිච්ච මල වගේ ඉන්න පුලුවන්.කොහෙද තොපි එකම මලක් මත්තෙ මැරෙන්න හදනවනෙ"
"ඒකට තමයි ආවෙ"
"හැහ්.....මට තේරුනේ නෑ"
"අර උඹ ඊයෙ රෑ කිවුවෙ මහරගම ඩීලර් ගෑනු කෙනෙක් ගැන.මට ඒ නොම්බරේ දියන්කො"
"අඩෝ උඹට තාම වෙරිද?"
"ඇයි?"
"ඒක අහල මට නිකන් පිස්සු වගේ.තෝ ඕක වෙන කාත්තෙක්කවත් කියවන්න යන්න එපා.උඹ හිටිය හැටියට ඕක ඇහුවහම මේකෙ එවුන් උඹට ඉන්න දෙන එකක් නෑ."
"මේක හරි හු....නෙ යකෝ.අනිත් හැම එකාටම පුළුවන් එක මට විතරද බැරි?ඕක දියන් අයියෙ කුනුහරුප නොකිය"
"ඔවු ඉතින් අවුරුදු ගානක් ලවු කලාට මම හිතන්නෙ නෑ උඹ තාම ඔය කෙල්ලගෙ දනිස්සට උඩ දැකල තියනව කියල.හැක්..හැක්...හැක්...තාම පැකින් පිටනෙ දෙන්නම නේද?"
"ලබ්බක් කියවන්නෙ නැතුව ඕක දියන්කො බන්"
"ආ...ලියාගනින්...077........දැන් ඕකට කතාකරල උඹ මොකද්ද කියන්නෙ?"
"මොනව කියන්නද..ගෑනියෙක් ගෙන්න ගන්න ගාන අහනව"
"තොට පිස්සුද හිපාටුවො.තෝ හිතුවද ඒ අම්මන්ඩි ගෑනු ශෝකේස් වල දාල තියනව කියල උඹ ඉල්ලපු ගමන් දෙන්න.එහෙම කතාකලොත් උඹට හොද කුණුහරුප අහගන්න වෙයි"
"ඉතින් වෙන කොහොමද කතාකරන්න ඕනෙ?'
"දැන් ලන්ච් එකේදි මම ඒකිට කතාකරල කියන්නම්.පස්සෙ උඹ කතාකරපන් මගේ නම කියල"
"ඔයා මාරයිනෙ වික්‍රම අයියෙ.එහෙනම් මම ගියා.වැඩේ කරල දෙනව හොදේ".
"විහඟය..."
"ඇයි අයියේ"
"උඹ මොකක් හරි අවුලකද ඉන්නෙ?"
"නෑ....ඇයි...?"
"නෑ උඹ ඊයේ සිහි නැතිවෙනකන් බිවුව.මේ දවස් ටිකේම එහෙමයි.දැන් බඩුවක් උස්සන්න හදනව.මේ විදිහට මම කවදාවත් උඹව දැකල නෑ.ඒකයි ඇහුවෙ"
"එහෙම මුකුත් නෑ බන්.අපිත් ඉතින් අත්දැකීම් ගන්න ඕනෙනෙ."
"එහෙනම් බැදපන්කො.දැන් අවුරුදු කීයක් එකම කෙල්ල දක්කනවද?"
"එතකොට උඹ මේ රට වටේ හොරාකන්නෙ කසාද නොබැදද?අනේ මේ කුණුහරුප අහගන්නෙ නැතුව වැඩෙ කරල දෙනවකො"
"හරි හරි...ලන්ච් එකේදි වර"
******************************************************
"දැන් ඔයාට මම කතා කලහම ආන්සර් කරන්නත් බැරිද?"
"මොකටද?මොනව කතාකරන්නද?කියන්න තියන ඒව ඔක්කොම මම කියල ඉවරයි"
"එතකොට ඔයා කියන විදිහට අපි දෙන්නට ආපහු එකතු වෙන්න බැරිද?"
"කවදාවත්ම බෑ"
"දෙවනි පාරටත් මාව අතරමග දාල යන්නද හදන්නෙ?"
"එතකොට ඔයා කියන්නෙ ඔයා බීල මට කියන කුණු කතා ඉවසගන මම ඔයත් එක්ක එන්න ඕන කියලද?"
"හරි මම පිළිගන්නව මම වැරදි කියල.ඒ නිසා තමයි මෙහෙම වැද වැද පස්සෙන් එන්නෙ"
"එතකොට මේ ලගදි ඉදන් බීල අපේ ගෙදරට කතා කරන එක?කතා කරල අම්මයි තාත්තයි එක්ක විකාර කියවන එක?ඒ අයට බනින එක?"
"ඔයා පොඩ්ඩක් හිතන්න මම ජීවිතේට වඩා ආදරය කරපු ගෑනි මෙහෙම මාව දාල ගියහම මට දුක හිතෙන්නෙ නැද්ද?කේන්ති යන්නෙ නැද්ද?අනික ඔයාලගෙ අම්මල නිකන් බබාල වගේ කතා කරන්නේ.ඉගන ගන්න කියල දුවව කොළඹ යවල අවුරුදු 6 තිස්සෙ දුව කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය බවක් දන්නෙ නෑලු.බයිලනෙ"
"දන්නෙ නෑ තමයි.මම එක පාරක් ඒ අයට කිවුව.ඒ අය කැමති උනේ නෑ.ඒ නිසා දැන් ඒ සම්බන්දෙ නැතුව ඇති කියල ඒඅය හිතන් ඇති"
"දැන් ඔය අවුරුදු 6න් 5ක්ම ඔයාව බලාගත්තු,හැම දේකටම ලග හිටිය මාව දාල යන්න හදන්නෙ අවුරුදු 6 තමන්ගෙ දුව මොනවද කලේ කියල දන්නෙ නැති දෙමවුපියෝ වෙනුවෙන්ද?"
"ඔවු,මොනව උනත් ඒ මගේ අම්මයි තාත්තයිනෙ.ඒ කාලෙ අපි රෙජිස්ට්‍රර් වෙමු කියල කියද්දි ඔයාමයි කිවුවෙ ඒ දෙන්නගෙ කැමැත්තෙන් අපි බදිමු,මම ඒ අයගේ කැමත්ත ගන්නම් කියල.අම්මට වෛර කරන්න පුරුදු වෙලා හිටිය මට එයාට ආදරය කරන්න ඉගැන්නුවෙත් ඔයාමයි.ඒ දේවල් කරපු ඔයාද දැන් ඔය ප්‍රශ්නෙ අහන්නෙ.අනික ඔය මොනව නැති වුනත් බීගන මට කුණුහරප කියන ඔයත් එක්කද ඔයා මට එන්න කියන්නේ?ලැජ්ජ නැද්ද ඔයාට ඔය කතාව මට ආපහු කියන්න?"
"මම කිවුවෙ නෑ මගේ අතින් වැරද්දක් වුනේ නෑ කියල.ඒක මම පිළිගන්නව.ඒත් අනික් හැමෝගෙම වැරදි වලට සමාව තියනවනම් මට විතරක් ඒක නැත්තෙ ඇයි?"
"ඔය මම කිවුවෙ,මොනව කලත් ඔයාට මගේ අතීතෙ අමතක කරන්න බෑ අයියේ.ඔයා කොහේ ගියත් අන්තිමට කැරකිල එන්නෙ ඔතන්ටමයි.ඒකනෙ ඔය සමාව දුන්න කතාව කියන්නෙ.මම ඔයාට සමාව දුන්න අයියෙ.මේ පළවෙනි වතාව නෙමෙයිනෙ.ඔයාට තිබුන ආදරේ නිසා තමයි ඔයාගෙන් කුණු කතා අහ අහ මෙච්චර කල් ඔයා එක්ක හිටියෙ.එත් තව මට ඉවසන්න බෑ.මගේ ඉවසීම දැන් ඉවරයි අයියේ."
"ඕක අන්තිම තීරණේද?"
"ඔවු."
"එතකොට උඹ වෙනුවෙන් මෙච්චර දේවල් කරපු මට තව එක සැරයක් දෙන්න උඹට බැරිවුනා"
"අයියේ,ඔහොම කතා කරන්න එපා.මගේ ජීවිතේට ලන්වුන හැම පිරිමියෙක්ම එකයි.උන් හැමෝටම ඕන වුනේ මගෙන් ප්‍රයෝජන ගන්න විතරයි."
"දැන් ඔයා මට කියන්නේ මාත් එහෙම එකෙක් කියලද?"
"ඔවු,ඔයත් එහෙම්මම තමයි.ඔයයි අනිත් එවුන්ගෙයි කිසි වෙනසක් නෑ."
"මම තමුසෙට ආදරය කරපු නිසාද ඔය කතාව මට කියන්නේ?"
"ආදරය කලා ඉස්සර.ආපහු යාලු වුනාට පස්සෙ ඔයාට ඕන වුනෙත් මාව ඇදට පෙරලගන්න.ඒකනෙ කලේ"
"වහපිය බැල්ලි කට"
දඩාස් හඩින් බිත්තියේ වැදුන දුරකතනය කෑලි වලට කැඩෙන හැටි බොදවෙලා මට පෙනුන.
******************************************************
"විහඟ"
"ආහ්....හ්ම්.."
"මොනවද අප්පේ ඔච්චර කල්පනාකරන්නේ?"
"මුකුත් නෑ"
"මුකුත්ම නැද්ද?"
"හ්ම්...මුකුත්ම නෑ...අපි යමු"
කටුස්සා....
photo credits-ayomi chathurika
Subscribe to:
Posts (Atom)