Wednesday, November 12, 2014
මතකය
අගින් පටන් ගෙන මුලටම ලියවුන
පෙම් කවියක් අප ගැයූනිසා
මේ තරමට හද කොනිති ගහන්නේ
අග මුල තේරුම් නොගත් නිසා...
ලඟින් තුරුල් වී ඔබ හා පෙරදා
කියූ කතා හදවත රිද්දයි
දෑස් රිදෙන තුරු හඬා වැටුන මුත්
කඳුලට ඇති පාටක් නොපෙනෙයි
තුරු පත් සැළි සැළි දුක්බර හඬකින්
සොඳුරු අතීතෙක තතු පවසයි
එහි මතකය තවමත් මා දවමින්
ඔබ යලි එයිදෝ බලා සිටියි....
දිළිසෙන නෙත් තරු කියූ කතාවක
අප මුළු දිවියම රැඳුන නිසා
ඔබේ තුරුල්ලේ මිස කොහි යන්නද
මරණය අතවැනු දින මතුදා
ඔබේ උනුසුමේ මට ඉඩ නැති බව
දන්නා මුත් හිත ගතු කියනා
ඔබේ උණුසුමේ තරම් කොහිද මට
ඉඩක් තිබුනෙ ළඳුනේ පෙරදා...
යළි වෙන බවයක ඔබ එනතෙක් මට
බලා ඉන්නෙ සිත ඉඩක් නොදේ
අයිති උනොත් යළි මේ බවයෙහිදිම
සිපගන්නට සසරම මඳි වේ.....
ජනතා සන්තක.....
Subscribe to:
Post Comments (Atom)
මේක නම් ඉසතරම් පද රචනයක්. අනේ මේකට තනුවක් යොදල ගීතයක් කරන්න ලැබුනනම්.. මට හිතෙන් ඇහෙනවා සනත් නන්දසිරි මෙය ගායනා කරනවා.
ReplyDeleteඇත්තෙන්ම විශිෂ්ඨයි..
අද පළවෙනියටම ඇවිත් වගෙයි.අදනම් මම උඹට ස්තුත්යි කියන්නෙ නෑ.ඒක නොකීවත් උඹ එනව කියල දන්නනිසා.
Deleteමනොෂ් මේකත් ඒ වාගේ නේද ????
Deleteඑදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට නොකියාම ගියා...
දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...
එදා මෙදා තුර...//
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් ඒ සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : විමල් ජයශාන්ත
සංගීතය : සනත් නන්දසිරි
ඒක හරිම සංවේදී ගීයක් මචෝ. මේකත් ඒවගේ..
Deleteඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා"
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගායනය : අමරසිරි පීරිස්
මළහිරු එළියෙන් කොක්කු ගියාදෝ
Deleteමිහින්තලා ගල පැත්තේ.....
පිරුවට ඇද පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ....
මදටිය වැටෙද්දි හඳකැන් දෙන ඇළ
ඒදණ්ඩේ ඉස්මත්තේ......
සුමනෝ......ඇයි උඹ නැත්තේ....
හිස්තැන් පුරවන්න බාර සි.ඇනෝට.
මේකේ පද බෙදීමක් කල යුතුයි කස්ටා...
ReplyDeleteකෙරුවෝ.....දැන හරිද බලපියෝ.......
Deleteආයි තිබුන විදියට හදහං.. හැක් හැක්.. එළ
Deleteකස්ටා......මරු නම...
Deleteවෙලාවට මම මගේ හරි නමින් බ්ලොග ඇටෙවුවෙ නැත්තෙ...
Deleteඉස්තරම් ඔබගේ ආදරේ
ReplyDeleteඕයේ..................
දේශ කියපු විදියට කවිය කොටස් වලට කපල සර්ජරියක් කරපං...
ඕයේ...
හිහි
ජයවේවා
සර්ජරිය කලෝ.......
Deleteහොඳ වගේම නරකත් පෙන්වල දෙනවට හම්බුන දවසට සීනි බනිස් එකක් මගේගානෙ.....
දිළිසෙන නෙත් තරු කියූ කතාවක
ReplyDeleteඅප මුළු දිවියම රැඳුන නිසා...
සුපිරි බන්....
මේකත් බලන්න ආවට ,බලල අදහස් කිවුවට ,හෑම පෝස්ට් එකේම මාත් එක්ක හිටියට උඹට ජය වේවා....
Deleteඕයෙස්..මේක මරු...
ReplyDeleteමරුනම් මරු....ඕයෙස්....
Deleteමචං කසුට්ටා..............
ReplyDeleteමේ කවිය දැක්කා ම මතක් වුණේ කාලෙකට කලියෙං මම ලියපු මේ ආරෙට ම ගිය කවි දෙකක් තියෙනවා... මටත් හිතුණා ඒක පළ කරන්න... ඉස්සරහට පළකරන්නම්කෝ.......
කොහොම වුණත් කසුට්ටාගේ නිර්මාණ නම් හරිම කලාත්මකයි. කවි නිර්මාණ වල තියෙන වචන භාවිතාව සහ පද ගැලපීම ඉහළින් ම තියෙනවා............. අගෙයි
හිතෙන දේ කරපන් මචන්.ඕව හිතේ තදකරන් ඉදල වැඩක් නෑ.හෙටම දාපන් පෝස්ට් එකක්.නැත්තම් හදිස්සියේ හෙට මළොත්.....?
Deleteලස්සනයි. //මරණය අඩගසනා දිනයක මතුදා// කියන තැනදි විතරක් රිද්මය ගිලිහිලා ද මන්දා. ඒ කොහොම වුනත් මේක හිතට කතා කරන, හැඟීම් බර පද වැලක්.. පුංචි පාළුවක් වගෙ එකක් දැණුනා කියවද්දි..
ReplyDeleteමරණය අඬ ගැසු දිනයක මතුදා.....ඕකේද?
Deleteඅන්තිම පදය 'වෙයි' නොවී 'වේ' වුනානම් හොඳයි කියලත් හිතුනා. මේව උඹ ගණන් ගන්න එපා නිකන් ලිව්වේ.
අපේ අම්මල පොඩිකාලෙ ඉදන් ඉගැන්නුවේ වයසක මිනිස්සුන්ට සලකන්න කියලලු.ඔන්න ඒ නිසා අපි පිළිගත්තලු අවවාදය.
Deleteඒකියපු පද මගේ ඒවට වඩා ගැලපෙනව අරූ අයියේ.ඒ නිසා වෙනස්කලා.මෙහෙම අඩුපාඩු පෙන්නල දෙන එකට බොහොත් ෂුක්‍රියා ඔබතුමාට.
චන්දන,මේක නිකමට ලියපු එකක් මිස පද වෙන්කිරීම්,ගැලපීම්.තාලය.රිද්මය ගැන හිතල ලියපු එකක් නෙමෙයි.ඒත් මෙතනදි උඹ.දේශකය,මහේශ්,අරූ අයිය පෙන්නල දුන්න වැරදි හැදුව.පෝස්ට් එකක් කියන්නෙ හිතට එන දේ ගෙඩිපිටින් අතාරින එක නෙමෙයි කියල පෙන්නල දුන්නට ස්තූතියි උඹල සේරටම.
Deleteඅත්දැකීම් විදවීම් කියන්නෙ ජීවිතේට පාඩමක් කියල කිවුවට සමහර වෙලාවට ඒව මහ දුකක්.ඒකයි ඔය පාළුව...
එතන.. මරණය අතවැනු දින මතුදා.. වගේ උනොත් මාත්‍රා ගාන ගැලපෙයි කියල හිතනවා.. එතන.. මරණය අතවැනු දින මතුදා.. වගේ උනොත් මාත්‍රා ගාන ගැලපෙයි කියල හිතනවා.. මන් නිකං හීනෙන් ඇහැරිල වගේ ඇවිත් කියන ඒවට උඹ වෙනස් වෙන්න එපා කටුස්ස උනත්.. ඔය තියෙන විදිය හොඳයි..
Deleteඔන්න අපි ඒකත් හැදුව.හැබැයි ඕකෙ මුල් සන්ශෝධනේ අයිතිකාරය අරූ අයිය.දැන් එයිද දන්නෙ නෑ රෙද්ද උස්සගන බුද්ධිමය දේපළ හොරකම් කලා කියල...
Deleteආදර නිල් දෑසේ ආ..දර නිල් දෑසේ
ReplyDeleteමැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...
ආදර මල පිපී වැනේ
ඇග පෙම් හද පොකුනේ..
මගේ ලමැද පලඳින්නයි
ඒ රන් මල පිපුණේ...
ආදර නිල් දෑසේ...
විමානයේ කදුළු දොරින්
නෙත් හී සැර විදලා..
කුමාරියක් කතා කරයි
කාටද අත වනලා...
ආදර නිල් දෑසේ...
සිනහ දෙතොල් යහනාවේ
වැතිරෙමි රස උරලා...
හද ලෙන් දොර වසනු මැනවි
මා එහි සිර කරලා...
ආදර නිල් දෑසේ...
ගායනය : නාරද දිසාසේකර
පද රචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
එදා මගේ හද අරගත්
Deleteඔබ අද මට වැඩි පොහොසත්....//
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ.....
සින්දු හින්ද අමතක වුනා....වල්කම් කිවුව කටුසු හදවත පැත්තට....
Deleteසිහින සතක් දුටුවෙමි මම
Deleteසත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ....
ඔබ මගේ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා....
කිසිවක් දෙන්නට මට නැත තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි....
එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිටවනු මැනේ....
ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
//කඳුලට ඇති පාටක් නොපෙනේ//
ReplyDeleteදෙවෙනි කොටසෙ පද යන පිලිවෙල බැලුවම මේක "නොපෙනෙයි" උනා නම් හොඳයි කියල හිතෙනව කසුට්ටො..
ඒත් ඒක එහෙම නොවුන කියල පද රචනාවෙ කිසිම අඩුවක් දැනෙන්නෙ නෑ. ලස්සනට ලියල තියෙනව.
සුභපැතුම්
"ඔබේ හඬට අපෙන් ඉඩක්"
Deleteඔන්න ඔයා කියපු විදිහට වෙනස් කලා 'තනූ'.ඒක එතනට ගැලපෙනව මගේ ලියවිල්ලට වඩා. හොඳ දෙයක් වුනත් වැරදි දෙයක් වුනත් බලල පෙන්නල දෙනවට ගොඩක් ස්තූතියි.
පහුගිය දෙතුන් දොහේ අමතර රාජකාරී වැඩකට හිත කළබලෙං උන් නිසා මේ පැත්තෙ ආවෙ නැ කටුස්.. මං එකඟයි ඉහළින්ම තියෙන මනෝශ් ගෙ කොමෙන්ටුවට.. අපි මේක සිංදුවක් කරමුද?
ReplyDeleteමම ඒත් බැලුව මොකද වුනේ කියල.හිතුවෙ නිවාඩුවක් දාල පියඹ සොයා ඉගිල්ලුන කියල.
Deleteමේක සින්දුවක් කරන්න තරම් ගැලපෙන එකක් නෙමෙයි වගේ.මටනම් මේක සින්දුවක් කරන්න ගැලපෙන තාලයක්නම් හිතට එන්නෙම නෑ.මම මේ කවිය ජනසතු කරනව බන්.(පොදු අපේක්ෂකය වීමට තබනා පළමු පියවර )මම කලින් කියපු කමෙන්ට් එකක දාපු විදිහට මේක සම්පූර්ණ වෙන්න කලින් පෝස්ට් කරපු එකක්.දැන් උඹල ඒකෙ අඩුපාඩු පෙන්නන කොට තමයි වැරද්ද පේන්නෙ.ඒකෙන් මාත් පාඩමක් ඉගන ගත්ත,පෝස්ට් එකක් කියන්නෙ බාපු ගමන් කන්න ඕන කොත්තුවක් නෙමෙයි කියන එක.ඒ නිසා මේක උඹලම හදල උඹලට ඕන විදිහට පාවිච්චි කරපල්ල.සින්දුවක් කරන්න බැරිනම් උඹලගෙ ආච්ච්ගේ මළ ගෙදර ශෝකප්‍රකශනයකට ගත්තත් කමක් නෑ ඕන්.....
මේක කියවද්දී මනාගෙ හිතත් ටිකක් අතීතෙට ගියා :). ලස්සනයි කටුස්සො. මේක සින්දුවක් උනානම් ගොඩක් අය අතරට යාවි :). පුළුවන් නම් ට්‍රයි එකක් දෙන්න, ජය වේවා!!!
ReplyDeleteඔය අතීතේ උරුම නැති එකෙක් ඉන්නවනම් ඒ බොහොම කලාතුරකින් මනා....
Deleteමේක සින්දුවක් කරනවනම් උඹට වඩා එකෙක් ඉන්නවද තවත් මේක ඇතුලේ.....උඹනේ සන්ගීත ඛන්නා.....