වැව......
වැවු රළ පෙළ ඉස්සි ඉස්සි
හමන සුළන් පහස විඳින
කණු දෙකක් මත රජයන
අකුරු කළ පුවරුවක
ලියා තිබුනත් සෑදුවේ මෙය
ශ්‍රේෂ්ඨ නරපති .......බව
දනිමි මම ඉඳුරාම
පතුලේ සිට බැම්ම තෙක්ම
බිසෝ කොටුත් වැවු කණ්ඩිත් තාවුලෙත්ම
නිධාන වී ඇත්තේ
ඒ රජුගේ අහවල නොව
බඩගින්නට අපේම වුන්
හෙළු කඳුළු දහඩිය බව...
කටුස්සා....
මේ කාලෙත් එහෙමයි..
ReplyDeleteහැම කාලෙම ඔහොම තමයි බන්.....
Deleteපාර හොයාගත්තේ කමෙන්ට් එකෙන්.
ReplyDeleteකතාව නම් ඇත්ත..
අදහස් දැක්වීමට ස්තුතියි මචෝ....
Deleteඅතීතය සිට වර්ථමානය දක්වාත්, වර්ථමානයේ සිට අනාගතය දක්වාත් යටපත් කල නොහැකි, නමුත් ඉතිහාසය ලියන්නන් විසින් යටපත් කිරීමට වෙරදරන සත්‍ය...
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteරජවරු පුරවැසියන් සහ වන්දිභට්ටයන් සිටිනතාක් කල් එකම රාමුවකට තිරනාටකය ලියවෙනව මනෝශ්....
Deleteඅව්වට වැස්සට හුරු මිනිසුන්නේ
ReplyDeleteදෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ
රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
මොන රජ දරුවද පැලකට වැඩියේ
NEGOMBO SEAFOOD
ReplyDeleteමේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
http://negomboseafood.blogspot.com/2014/11/mee-wati.html
අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.
මචං එක පෝස්ට් එකක එක තැනක විතරක් දැම්මම ඇති... මෙහෙම ෆ්ලඩ් කරන්න ගත්තම කඩේ මාළු පැත්තක තියෙද්දි උඹේ මාලු කන්න හිතෙනවා..
Deleteමේක මෙතන දැක්කහම මට හිනා ගියා මචෝ...උඹේ වැඩේ ගොඩදාගන්න හරි තැන මෙතන නෙමෙයි.අළුත් විදිහකට හිතල අළුත් දෙයක් කරපන් මේවගේ හිනායන වැඩ නොකර.මම හිතන විදිහට කවුරුත් බ්ලොග් කියවන ගමන් මාලු ගන්න එන්නේ නෑ.
Deleteපලංචියේ වැඩ හිඳගෙන
ReplyDeleteමහ සෑයේ හුණු තවරන පියාණනේ
හුනු බදාම ඔසවා දෙන
නුඹෙ අත්දෙක රිදෙනවාද පුතණුවනේ
සිල්ගත් රජමහ වෙහෙරට
මල් පුදනා මහ සෙනගට
පියාණනේ නුඹ නොපෙනෙනවා....
....
....
සල් මල් පෙති පරවී ගිය
මල් ආසනයේ කෙළවර
නුඹෙ දාඩිය සුවඳ තියෙනවා....
අමරණීය කපුගේ සමග අමරණීය රත්න ශ්‍රි.....රජරට සේවයේ අමරණීයම කාලපරිච්ඡේදයේ ලස්සනම මතක සටහනක්.....
Delete(මේ ගීතයේ ඉන්න අනිකුත් ගායකය ගැන කියන්න දිව නැමෙන්නේ නෑ ඔහු කෙතරම් දක්ශයෙක් වුනත්.සමහර විට මම වැරදි ඇති.ඒත් ඒකට සමාවියන්. )
\\මේ ගීතයේ ඉන්න අනිකුත් ගායකය ගැන කියන්න දිව නැමෙන්නේ නෑ ඔහු කෙතරම් දක්ශයෙක් වුනත්.//
Delete+++++++++++++++++++++++++++
ඒ වුනාට කියපන්...කරුණාරත්න දිවුල්ගනේ. අපරාදේ කිච වුන මිනිස්සු. මට මෙක කියවනකොට මතක් වුනේ මේ සින්දුවම තමා.
Deleteඅමූලික ඇත්ත බං.. නම යන්නේ කාගෙවත් ඒත් මහන්සිය කාගෙවත්..
ReplyDeleteනම ගියත් කමක්නෑ බන්.අඩුමගානේ මිනිස්සුන්ට සාධාරනයක් වෙනවනම්.අන්තිමට නමත් නෑ...හමත් නෑ...
Deleteඕක තමයි සදාතනික ඇත්ත. ලෝකේ කොතනත්, මොන සමාජ ක්‍රමයකවුනත් තත්වය ඕක තමයි. හදලා බාර දුන්නාට පස්සේ ඒක අපේ නෙමේ බං. දරුවෙක්ව වුනත් එහෙමයි. අපි ඒ සියල්ලක්ම මැදිහත් සිතින් වටහාගත යුතුයි.
ReplyDeleteඇත්තනම් ඕක තමයි.ඒත් එපා වෙන්නේ ඇස්දෙකට පේන දේ මුන් නෑ කියල කියන එකටනේ.....
Deleteහැබැයි ළමයි ගැන කියල තියන දේ ඇත්ත වුනත් මටනම් එහෙම හිතෙයිද මන්දා.මට ළමයි හම්බුනොත් උන් හිර ගේක ඉන්න එවුන් වගේ වෙයිද දන්නේ නෑ.බලමුකො ළමයි හදලම.....
බාස්ලා හැදුවට විවෘත කරන්නේ මන්ත්‍රී තුමානේ??
ReplyDeleteඑදත් එහෙමයි අදත් එහෙමයි!!