Thursday, November 20, 2014

වැව......




වැවු රළ පෙළ ඉස්සි ඉස්සි
හමන සුළන් පහස විඳින
කණු දෙකක් මත රජයන
අකුරු කළ පුවරුවක
ලියා තිබුනත් සෑදුවේ මෙය
ශ්‍රේෂ්ඨ නරපති .......බව
දනිමි මම ඉඳුරාම
පතුලේ සිට බැම්ම තෙක්ම
බිසෝ කොටුත් වැවු කණ්ඩිත් තාවුලෙත්ම
නිධාන වී ඇත්තේ
ඒ රජුගේ අහවල නොව
බඩගින්නට අපේම වුන්
හෙළු කඳුළු දහඩිය බව...





                                   කටුස්සා....

20 comments:

  1. මේ කාලෙත් එහෙමයි..

    ReplyDelete
    Replies
    1. හැම කාලෙම ඔහොම තමයි බන්.....

      Delete
  2. පාර හොයාගත්තේ කමෙන්ට් එකෙන්.
    කතාව නම් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තුතියි මචෝ....

      Delete
  3. අතීතය සිට වර්ථමානය දක්වාත්, වර්ථමානයේ සිට අනාගතය දක්වාත් යටපත් කල නොහැකි, නමුත් ඉතිහාසය ලියන්නන් විසින් යටපත් කිරීමට වෙරදරන සත්‍ය...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. රජවරු පුරවැසියන් සහ වන්දිභට්ටයන් සිටිනතාක් කල් එකම රාමුවකට තිරනාටකය ලියවෙනව මනෝශ්....

      Delete
  4. අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

    දා ගැබ් මහ වැව් කලා නිකේතන
    නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
    ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
    මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
    මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ

    රජ සැප විඳිනට රජ දරුවන් හට
    නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
    ඒ නුඹලාගේ දුක දැක ගන්නට
    මොන රජ දරුවද පැලකට වැඩියේ
    මොන රජ දරුවද පැලකට වැඩියේ

    ReplyDelete
  5. NEGOMBO SEAFOOD

    මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
    http://negomboseafood.blogspot.com/2014/11/mee-wati.html

    අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.

    ReplyDelete
    Replies
    1. මචං එක පෝස්ට් එකක එක තැනක විතරක් දැම්මම ඇති... මෙහෙම ෆ්ලඩ් කරන්න ගත්තම කඩේ මාළු පැත්තක තියෙද්දි උඹේ මාලු කන්න හිතෙනවා..

      Delete
    2. මේක මෙතන දැක්කහම මට හිනා ගියා මචෝ...උඹේ වැඩේ ගොඩදාගන්න හරි තැන මෙතන නෙමෙයි.අළුත් විදිහකට හිතල අළුත් දෙයක් කරපන් මේවගේ හිනායන වැඩ නොකර.මම හිතන විදිහට කවුරුත් බ්ලොග් කියවන ගමන් මාලු ගන්න එන්නේ නෑ.

      Delete
  6. පලංචියේ වැඩ හිඳගෙන
    මහ සෑයේ හුණු තවරන පියාණනේ
    හුනු බදාම ඔසවා දෙන
    නුඹෙ අත්දෙක රිදෙනවාද පුතණුවනේ

    සිල්ගත් රජමහ වෙහෙරට
    මල් පුදනා මහ සෙනගට
    පියාණනේ නුඹ නොපෙනෙනවා....
    ....
    ....
    සල් මල් පෙති පරවී ගිය
    මල් ආසනයේ කෙළවර
    නුඹෙ දාඩිය සුවඳ තියෙනවා....

    ReplyDelete
    Replies
    1. අමරණීය කපුගේ සමග අමරණීය රත්න ශ්‍රි.....රජරට සේවයේ අමරණීයම කාලපරිච්ඡේදයේ ලස්සනම මතක සටහනක්.....
      (මේ ගීතයේ ඉන්න අනිකුත් ගායකය ගැන කියන්න දිව නැමෙන්නේ නෑ ඔහු කෙතරම් දක්ශයෙක් වුනත්.සමහර විට මම වැරදි ඇති.ඒත් ඒකට සමාවියන්. )

      Delete
    2. \\මේ ගීතයේ ඉන්න අනිකුත් ගායකය ගැන කියන්න දිව නැමෙන්නේ නෑ ඔහු කෙතරම් දක්ශයෙක් වුනත්.//

      +++++++++++++++++++++++++++

      Delete
    3. ඒ වුනාට කියපන්...කරුණාරත්න දිවුල්ගනේ. අපරාදේ කිච වුන මිනිස්සු. මට මෙක කියවනකොට මතක් වුනේ මේ සින්දුවම තමා.

      Delete
  7. අමූලික ඇත්ත බං.. නම යන්නේ කාගෙවත් ඒත් මහන්සිය කාගෙවත්..

    ReplyDelete
    Replies
    1. නම ගියත් කමක්නෑ බන්.අඩුමගානේ මිනිස්සුන්ට සාධාරනයක් වෙනවනම්.අන්තිමට නමත් නෑ...හමත් නෑ...

      Delete
  8. ඕක තමයි සදාතනික ඇත්ත. ලෝකේ කොතනත්, මොන සමාජ ක්‍රමයකවුනත් තත්වය ඕක තමයි. හදලා බාර දුන්නාට පස්සේ ඒක අපේ නෙමේ බං. දරුවෙක්ව වුනත් එහෙමයි. අපි ඒ සියල්ලක්ම මැදිහත් සිතින් වටහාගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තනම් ඕක තමයි.ඒත් එපා වෙන්නේ ඇස්දෙකට පේන දේ මුන් නෑ කියල කියන එකටනේ.....
      හැබැයි ළමයි ගැන කියල තියන දේ ඇත්ත වුනත් මටනම් එහෙම හිතෙයිද මන්දා.මට ළමයි හම්බුනොත් උන් හිර ගේක ඉන්න එවුන් වගේ වෙයිද දන්නේ නෑ.බලමුකො ළමයි හදලම.....

      Delete
  9. බාස්ලා හැදුවට විවෘත කරන්නේ මන්ත්‍රී තුමානේ??
    එදත් එහෙමයි අදත් එහෙමයි!!

    ReplyDelete