සඳක සෙවනැලි වසා පැතිරුන
සඳ මඩල යට ගතු කියපු තරු
ඉරට මතකද කියා ඇසුවිට
සමච්චලයෙන් සිනාසුන නෙතු
රිදුම්දුන් යටි පතුල් විනිවිද
ඇණුන සීතල රෝසමල් කටු
බලාසිටියේ ඇත්තමයි මම
මල් නෙමෙයි ලේ වැකුනු ලා දලු
සිනාසෙන්නට අමතකවගිය පුරන්කෙත වල් වැදුන නියරක
කුලුදුලේ පිපි පිදුරු හත්තක කුඩය මතුපිට මෘදුව හිමිහිට
සිනා කඳුලැල් එක මිටට ගෙන ආදරය හා සමව මුහුකර
පටුන පමනක් ලියා සැඟවුන කිවිඳියයි නුඹ කවිය ගොලුකල
අහස රත්පැහැ වෙන වෙලාවක
ලිහිණි තටු මත කවි ලියාගන
තඹරු මුකුලිත වෙද්දි එකපිට
සිහින කඩුපුල් සිත් මවාගන
නොයෙන්නෙමි'යැයි හිත රවටගත්
නියඟයෙන් සිත සා නිවාගන
දෙපා තියමින් ඇවිදයමු අපි
ඉරිතැලුන පෙම මුවාකරගන
කටුස්සා....