Monday, June 18, 2018

දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම....




සඳක සෙවනැලි වසා පැතිරුන
සඳ මඩල යට ගතු කියපු තරු
      ඉරට මතකද කියා ඇසුවිට
      සමච්චලයෙන් සිනාසුන නෙතු
රිදුම්දුන් යටි පතුල් විනිවිද
ඇණුන සීතල රෝසමල් කටු
      බලාසිටියේ ඇත්තමයි මම
      මල් නෙමෙයි ලේ වැකුනු ලා දලු


සිනාසෙන්නට අමතකවගිය පුරන්කෙත වල් වැදුන නියරක
කුලුදුලේ පිපි පිදුරු හත්තක කුඩය මතුපිට මෘදුව හිමිහිට
සිනා කඳුලැල් එක මිටට ගෙන ආදරය හා සමව මුහුකර
පටුන පමනක් ලියා සැඟවුන කිවිඳියයි නුඹ කවිය ගොලුකල


අහස රත්පැහැ වෙන වෙලාවක
ලිහිණි තටු මත කවි ලියාගන
      තඹරු මුකුලිත වෙද්දි එකපිට
      සිහින කඩුපුල් සිත් මවාගන
නොයෙන්නෙමි'යැයි හිත රවටගත්
නියඟයෙන් සිත සා නිවාගන
      දෙපා තියමින් ඇවිදයමු අපි
      ඉරිතැලුන පෙම මුවාකරගන
     

කටුස්සා....

11 comments:

  1. හරිම ලස්සනයි

    ReplyDelete
  2. ඇයි බං කවියෝ නිතර දේවදාර අල්ලගන්නෙ

    ReplyDelete
  3. අහස රත් පැහැ වුන වෙලාවට
    තඹුරු මුකුලිත වුන වෙලාවට
    පෙමත් ඉරිතැලි ගිය වෙලාවට
    ලිහිණි තටු කිම මං මුලාවට

    ReplyDelete
  4. පරිස්සමින් දේවදාර කොල හැලිල උඹව යටවේවි.

    ReplyDelete
  5. හැමදාම්ත් වගේ ආදරේ ගැන ලස්සනටම ලියන බ්ලොග් එක


    ලස්සනයි කසුටූ

    ReplyDelete
  6. රෑ කල දිගුවේනම්
    ළාසඳ නොමැකේනම් //
    නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් සේ
    ළමැද තලා යහනේ ඉන්නම්
    පමාවෙලා හිරු නැගෙන තුරා
    විචාරක දියණිය

    ReplyDelete
  7. ලස්සනයි හුඟක්

    ReplyDelete
  8. කවදත් වගේඔළුව කුැරකෙන අමුතු ලස්සන කවියක්

    ReplyDelete