ප්‍රේමයේ අස්වැන්න....
ආදරෙත් කැමති ඇති
මියදෙන්න....
තරු පිරුන අහස යට
වළාකුලු තොටිල්ලක
සුරඟනන් අඬනහැටි - සඳත් වත වසන හැටි
දකින්නට....
ලිහිනියොත් ගොලුකරන් - මල් පෙතිත් පරකරන්
නිදන්නට....
මැරිලා කම්මැලිවුනොත් - අඬන එක වැඩිවුනොත්
නැගිටලා එකවරම මම මලේ විහිලුවට
කියන්නට....
වැඩියෙන්ම අඬපු අය - වැඩියෙන්ම ආදරෙයි
සිතන්නට....
ඒ සැනින් ආලයට වරදීවි හැම දේම
පෙනෙන්නට නොහැඬුවට - සිහිවිකල් නොවුනාට
කුණාටුවේ බර රඳපු - සුසුම් රැල් පපු දරපු
හදවතක....
විසල් තෙත නොදැනෙන්න - ජීවිතය වරදින්න
ඒ ඇතිය ආදරේට....
තනිකමට හුරුවන්න
කටුස්සා....
ඇයි රිද්දන්නෙ ඕම?
ReplyDeleteතනිකමට හුරුවන්න...........
ReplyDeleteපට්ට පින්තූරෙ මචං ...
ඒක වෙනස්ම අදහසක්..... ලස්සනයි....
ReplyDeleteනෙත්දෙකට පෙනෙන හැම රූ දසුන් බොරුමමයි
ReplyDeleteසුසුමකට පන ඇතත් යම් දිනක යනවමයි
දවසකට හෝ හිතක් හුදෙකලා වෙනවමයි
තනිකමට හුරුවීම සුන්දරයි දුශ්කරයි
ලස්සනයි කටුසු.
ජයවේවා!!!
එලම
ReplyDeleteහොදා....යි
ReplyDeleteබොරුවට මැරිලා වගේ ඉඳගෙන හයියෙන්ම අඬන උන් බලාගන්න ගිහිං තමයි හැම ආදරේ ම කෙලෝ ගන්නේ.. :))))
ReplyDeleteමිත්තරේට එකඟයි..ඒත් ආදරේට ඔය පොඩි ආලවට්ටම් නැතුවත් ගතියක් නෑ
Deleteබොහොම කාලෙකට පස්සෙ ලස්සනම කවි කතාවක් එක්ක දකින්න ලැබීම සතුටක්. ස්ස්තුති. හිතට දැනුණා .
ReplyDelete👍 👍 👍
ReplyDelete//වැඩියෙන්ම අඬපු අය - වැඩියෙන්ම ආදරෙයි
ReplyDeleteසිතන්නට....// +++++++++++ පට්ට
ආදරෙත් කැමති ඇති ආයේමත් ඉපදෙන්න
ReplyDelete