Monday, January 23, 2017

පහන් කණුව​



"මොනවද උයන්න තියෙන්නේ..."

"වැටකොලු, කරවිල, කොහිල, රාබු.... සෝයාමීට් පැකට් එකකුත් තියනවා.... කරවිල ඉවුවොත් පොඩිපුතා කන්නේ නෑ.ලොක්කි වැටකොලු කන්නේ නෑ. දෙන්නටම අද පංති.ඕවා ඉවුවොත් එහෙම දෙන්නම බත් එක විසික්කරලා බඩගින්නේ පංති යයි."

 කරවිල සම්බෝල හදලා රාබු තෙල්දාමු. ජයේටත් කරවිල හොඳයිනේ.සෝයාමීට් තුනපහ දාලා කළුවට හදනවා... ආ.... බිත්තර වගයකුත් තිබුනා නේද...මේ තියෙන්නේ... හතරයිනේ තියෙන්නේ. කමක් නෑ.ඒක මේ අයට තම්බලා දෙනවා. ගෙදර ඉන්න මට මොනවා එක්ක කන්න බැරිද... 

පොල් තියනවද දන්නේ නෑ... ජයේට ඊයෙත් මතක්කලා ගෙඩි දෙක තුනක් ලෙලි ගහලා දෙන්න කියලා. කොහේද... ඒ මනුස්සයත් නැහිලා නැහිලනේ එන්නේ. අමතකවෙන්න ඇති. පිලිකන්න පැත්තේ ලයිට් එකත් පිච්චිලා. පොඩිපුතා ටෝර්ච් එක කොහේදාලද දන්නෙත් නෑ. ඕක හොයන ගියොත් පරක්කු වෙනවා. මේ හඳ එළිය මදැයි පොල්ගෙඩියක් ලෙලි ගහගන්න. 

-------------------------- 

කෝ.... මේ අය එක්කෙනෙක්වත් ඇහැරලා නෑනේ... ලොක්කී...නැගිටින්න... බලන්න වෙලාව කීයද කියලා.... කෝ ලොකු පුතේ... චූටි පුතේ... නැගිටින්න නැගිටින්න... වෑන් එකට පරක්කු වෙයි.කෝ.... කෝ.... ලොක්කි නැගිටින්න.මූන කට හෝදන් එන්න මල්ලිලත් එක්ක. අර හොද්ද ලිපේ. මම යනවා කුස්සියට. තාත්තට එහෙම ඇහැරවන්නේ නෑ. මහන්සිවෙලා ඇවිත් ඉන්නේ. තව ටිකක් නිදාගත්තදෙන්. 

---------------

 "අම්මේ... මගේ මේස්දෙක දැක්කද? ජාති දෙකෙන් දෙකක්නේ මෙතන තියෙන්නේ' 

"බලන්න ටිකක්... අක්කගේ ඒවත් එක්ක පැටලිලා ඇති... ලොකු පුතා... අද ප්‍රැක්ටිස්ද....?" 

"අම්මේ... මේ කන්ණාඩි මේසේ උඩ තිබ්බ කොණ්ඩ කටු ටික නෑනේ..." 

"මම ඔය පෙට්ටියට දැම්මා.පෙට්ටියේ බලන්න" 

"අම්මත් හරි වැඩ තමයි කරන්නේ. මම හිතුවා ඒවා නෑ කියලා." 

"හැමදාම කියනවා ඕවා ගලවලා එහේ මෙහේ දාන්න එපා කියලා... අහනවද... නැතිවෙන්න දෙන්නයි තිබුනේ" 

"අම්මේ... කෝ මගේ කෑම එක"

 "අම්මේ.... මගේ කොණ්ඩේ ගොතන්නකෝ" 

"අම්මේ... කමිසේ යටකරලා කොණ්ඩේ පීරන්නකෝ" 

"ලොකු පුතා... අන්න වෑන් එක හෝර්න් ගහනවා... මේ දෙන්නත් එක්ක පරිස්සමෙන් යන්න"

 --------------

ඇති යන්තන්... ඒ යුද්දේ ඉවරවුනා. වීරෙව ඇහැරවලා ගිහින් මිදුල අතුගාන්න ඕනේ. ආ.... රෙදිටික පෙඟෙන්න දැම්මනම් අතුගාලා ඇවිත් හෝදන්න තිබුනා... 

"වීරේ...වීරේ... නැගිටින්නකෝ මහත්තයෝ. පරක්කු වෙයි."

 "කොහේද යන්නේ.... ඉඳගන්නකෝ මෙතනින්"

 "මම මේ මිදුල අතුගාන්න යන්න හැදුවේ"

 "ඕක පස්සේ කරන්නකෝ... ඒක නෙමෙයි.. කොහොමද මේ මාසේ ගෙවල් කුලිය ගෙවන්නේ..." 

"ඇයි...සල්ලි අඩුයිද?"

 "ඔවුනේ.... අර බලන්හිටිය ලෝන් එක හම්බුනෙත් නෑනේ තාම. ඒ මදිවට මේ මාසෙට මගුල් ගෙවල්ම 4ක් නේ..."

 "කීයක් විතර අඩුයිද?"

 "රුපියල් 4000ක් විතර අඩුයි"

 "මම දෙන්නම්..." 

"ඔයා ගාව කොහෙන්ද සල්ලි" 

"කෙල්ල කොයි වෙලාවෙද දන්නේ නැති නිසා මම ඔය කීය කීය හරි අයින්කරගත්තා . මොකෝ... කනකර පාළුවට ඇරලා කෙල්ලව නාවන්න පුලුවන්ද...මහලොකු ගානක් නෑ. රුපිල් දොලොස්දාහක් වගේ ඇති...ලෝන් එක ගත්තහම මට දෙන්නකෝ." 

"ඔයත් නැතිවුනොත් මම මොනවා කරන්නද මන්දා..."

 "හරි... හරි... දැන් නැගිටලා ලෑස්තිවෙන්නකෝ... යන්න පරක්කුවෙනවනේ" 

------------ 

"මිදුල අතුගාලා ඉවර නැද්ද තාම..." 

" නෑ අනේ... ඔයා කෑම එක ගත්තද... උදේට කෑවද...?"

 "ඒවා හරි..මේ.... ඔයාට පුලුවන්ද දවල්ට බැංකුවට ගිහින් ගෙවල් කුලී සල්ලි දාන්න...?" 

"ඇයි... ඔයාට බැරිද?" 

"බැරිකමක් නෑ... ඒ වුනාට අද cc මහත්තයගේ පැන්ශන් පාර්ටිය. ඕකට හිටියේ නැත්තන් හිතන්නේ මගෑරියා කියලා.... අනික ඉතින් ඔයත් ගෙදරට වෙලා නිකන් ඉන්න එකනේ වැඩකුත් නෑනේ.... ගිහින් දාන්න එහෙනම්. අර කණ්නාඩි මේස උඩ සල්ලි....මම යනවා"


- කටුස්සා -

36 comments:

  1. හිහ් හී... සුපිරියි කටුසු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි දුමියෝ...

      Delete
  2. බෝඩිමක්ද බං මේ...!

    ReplyDelete
    Replies
    1. ගේක ඉන්න මිනිස්සු බෝඩිම්කාරයෝ වෙන්නගියහම මෙහෙම තමයි ඉතින්...

      Delete
  3. මේක තමයි කටුසු දාසි භාර්යාවගේ ජිවිතේ...හැබැයි ඉතින් ගෑණු විහින් ඔය තත්වේට පත් වෙන්නේ...

    කතන්දරේ රහයි...

    ReplyDelete
    Replies
    1. දාසි මත් නෙවෙයි... මම ඕක භාර්‍යාවක් විදියට වඩා ගැහැනියක් විදියට දකින්න කැමතියි ..
      ස්ත්‍රීවාදී නොවී ස්ත්‍රිය දිහා බැලුවම පේන්නෙ පරිපූර්ණත්වය විතරයි

      Delete
    2. මාත් එකඟයි කොච්චිත් එක්ක

      Delete
    3. ඇත්ත... ගොඩක් වෙලාවට විහින්ම පත්වෙන තත්වයක් තමයි.ඒත් මේ තරමටම නොවුනත් ඇයගේ ඒ කැපකිරීම නොතිබෙන්න අපේ සංස්කෘතිය ඇතුලේ පවුල කියන දේ අයාලේ ගිහින්. අම්මා කෙනෙක්ගේ ඒ කැපකිරීම තුලින්ම තමයි තාමත් අපේ පවුල රැඳිලා තියෙන්නේ.

      Delete
  4. ජය වේවා දිගටම ලියමු.ඉතින් දැන්.

    ReplyDelete
    Replies
    1. මේකත් එක පාරටම එනවා... එක පාරටම යනවා....

      Delete
  5. මට මේක කියෙව්වම මගේ අත්දැකීමක් මතක් උනා කටුසු.. දවසක් බොහොම උගත් වැදගත් රැකියාවක් කරන මල්ලි කෙනෙක් මගෙන් ඇහුවා
    ආ අක්කා දැන් මොකද කරන්නේ?

    (පෞද්ගලිකව මං හරිම කැමතියි ඔහොම අහන යට මම අම්මා කෙනෙක් , එහෙමත් නැත්තම් මං ගෘහණියක් හැටියට හඳුන්වලා දෙන්න)

    ඉතිං පුරුදු විදිහට මං කිව්වා මං අම්මා කෙනෙක් කියලා.

    මේ ළමයා ගත් කටටම කිව්වා
    "ඒ කියන්නේ අක්ක සාම්ප්‍රදායික ගෘහණියක් නේද..? ඉතිං අක්ක ගේ වටිනාකම දළ ජාතික නිෂ්පාදිතයට එකතු වෙන්නේ නැනේ කියලා.. "
    මං කිව්වා
    "මල්ලි තව අවුරුදු 20 කින් පැහැදිලි ව පෙන්නන්න පුළුවන් මගේ දායකත්වය ඔය කියපු නිෂ්පාදිතයට " කියලා ....

    මිනිස්සුන්ට හිතන්නට යමක් දෙන්න ලියන්න පුළුවන් කියන්නේ එකම ඇති ඔබේ දක්ෂතාවය දකින්න කටුසු..

    ReplyDelete
    Replies
    1. ඔබෙන් එවැනි දේ අසන අයට දෙන්න පුලුවන් හොඳම පිළිතුර මෙය නම් නොවේ .. මද සිනහවකින් සංග්‍රහ කොට ඉවත් වීම ඉතාම බුද්ධිමත්... ප්‍රතිචාර නැති කොට යම් දෙයක් කාලය විසින් ඉබේම වසා දැමීම ඊට හේතුව බව ඔබට වටහාගත හැකි සරල දෙයක්..

      ඔබ ජීවත් වන ස්ථානයේ ඇති පහසුකම් අනූව උපදේශන සේවා ලබා ගැනීමෙන් ඔබේ හිතේ ඇතිවන මෙවැනි සෘනාත්මක දේ එසැණින් අමතකර ඔබේ ජීවිතයට අර්ථවත් දෙයක් සඳහා ඒ කාලය භාවිතා කිරීමට ඔබට ඉගෙන ගන්න පුලුවන්.

      Delete
    2. බොහොමත්ම ස්තුතී ඔබට. ඇත්තටම මම කාර්යබහුල කෙනක් සේවාවන් කිහිපයක වගේම රැකියාවක. :)

      Delete
    3. සමාජය විසින් බුද්ධිමතුන්යැයි කියන ගොඩක් පොතේ ගුරාලට තියන ප්‍රශ්නයක් ඕක. ඔහොම කියන මිනිස්සුත් ගොඩක්වෙලාවට හොයන්නේ ගෙදර හැදුන වැඩිය සමාජශීලි නොවුන අර නවකතා පොත්වල ඉන්නවා වගේ සුකුමාල අවිහිංසක රහසින්වත් වැරදි නොකරන තමන්ගේ මේස් එක ගැලවීමේ සිට හැම මගුලක්ම අතට පයට කරලාදෙන කෙල්ලෙක්, හැබැයි තඩි දෑවැද්දකුත් එක්ක.

      Delete
    4. කටුසු, මෙය නම් මසුරං වටින කතාවකි.

      Delete
  6. වෙන කියන්න දෙයක් නෑ..
    ඒ තමයි " ගැහැනිය "

    ReplyDelete
    Replies
    1. ඔබ මඳකට නැවතී මෙවැනි ජීවිතයක් ගෙවන ගැහැනියක් සමඟ කතා කර තම ජීවිතය පිළිබඳ ඇගේ අවංක අදහස හොයා ගන්න උත්සහ දැරුවොත් , ඔබේ මේ

      // වෙන කියන්න දෙයක් නෑ.. ඒ තමයි " ගැහැනිය " //

      ප්‍රකාශය ගැන ඔබට පසුතැවිල්ලක් ඇති වේවී ඔබට යථාර්තය වටහා ගැනීමට තරන් ඇය අවංක වුනොත්.....


      එයම කම්කටොලු පිරි නිවනක් නැති පිරිමියෙක්ගේ ජිවිතයටත් අඳාලයි.. ඔබ එවිටත් "වෙන කියන්න දෙයක් නැ, ඒ තමයි "පිරිමියා" කියා කියාවි ද...

      පිරිමියා , ගැහැනිය ලෙස නොව "ජීවයක්" ලෙස මේ දෙවර්ගයම සලකා, ගෙවන දිවිය ගැන විවෘත මනසකින් බලන්න උත්සහ කලොත් දෙවර්ගයටම මේ නිවනක් නැති දිවියෙන් නිවනක් කරා යාමට පහසු වේවි....

      Delete
    2. හම්ම්.... අපිවගේ අපතයන්ගේ ජීවිත ට්‍රැක් එකට ගනියි කියලා බලාපොරොත්තු තියාගන ඉන්න දේවතාවියෝ...:)

      Delete
  7. ///අනික ඉතින් ඔයත් ගෙදරට වෙලා නිකන් ඉන්න එකනේ වැඩකුත් නෑනේ.... ///

    ගැහණියක් මවක්, ගෘහනියක්, බිරිඳක් විදිහට මොනතරම් වැඩකොටසක් කරනවාද.. මං හිතන්නේ රැකියාවක් කරනවාට වඩා ඇය වැඩකොටසක් කරනවා... ඒත් වැටුපක් නොලැබෙන ඇගයීමක් නොකෙරෙන බැරෑරුම්, විශිෂ්ඨතම සේවය එයයි... මිනිසුන් ඒ තත්ත්වය කවදා තේරුම් ගනීද???

    කතා කරන්න වටින මාතෘකාවක් අපූරුවට නිර්මාණය කරලා කටුසු...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ගෘහනිය කියන චරිතය මීට වඩා සම්මාන හම්බවෙන්න ඕනේ චරිතයක්.ඒත් ඒ අය පූරුදුවෙලා තියෙන්නේ ස්වාමියාට, දරුවන්ට ලැබෙන සම්මාන තමන්ගේ කරගන ආඩම්බරෙන් හිනාවෙන්න.ඒ දේ වෙනස්කරන්න පුලුවන්නම් අන්න දිණුම්

      Delete
  8. හැක්... නියමයි කටුසු.
    බොලාට ස්ත්‍රී පාර්ශවයකින් බලපෑමක් එහෙම එල්ල උනේ නෑ නේද මේක ලියන්න කියල.

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රී පාර්ශවයක් තියා ගවුම් කෑල්ලක් දැක්ක කාලයක් මතක නෑ කියහන්කෝ

      Delete
    2. වරෙන් මාත් එක්ක සතියක් ඉන්න

      Delete
  9. මගේනම් හිත ගියේම මේ හෙඩිමට කතාවටම ගැලපෙනවා නියමෙටම.මට අර නන්දා මාලනියගේ ගීතයත් මතක් උනා.

    පහන් කන්ද මුල අඳුරුයි…
    ඔබට ගයන මගෙ හද අඳුරුයි…
    මගෙ පැළ අඳුරුයි…

    ReplyDelete
    Replies
    1. මටත් දැක්ක ගමන් මේක තමයි මතක්වුනේ. ඒක හිතෙ තියාගෙන කියෙව්වේ. ගලපගන්නත් පුලුවන් හීනියට.

      Delete
    2. මම අද මොනවාහරි ලියනවනම් ඒ දේ ගැන වැඩි ගෞරවක් ලැබෙන්න ඕනේ මේ දේවල් ලියන්න මාතෘකා සපයලා දෙන, පබ්ලිශ් කරලා දෙන 4 හිතවතියටයි. ඇය නැත්තම් මම අද බ්ලොග්කරනයෙන් ඉවත්වෙලා. ඇයටයි මටයි ඇතිවුන ලොකුම ගැටලුවත් මේකේ නම. මාතෘකාවර දාන්න ගිහින් අපි දෙන්නා දෙපැත්තට වෙලා සෑහෙන වෙලා කල්පනාකලා. පුරුද්දකට ගිහින් තියන සිංදුකෑලි වලින් මාතෘකාව හොයන වැඩේ නිසා ඉස්සල්ලම තෝරගත්තු මාතෘකාවෙන් කතාවෙන් කියන්න හදන දේ සම්පූර්නයෙන්ම වෙනස්වුනා. පස්සේ නන්දාමාලනියගේ ඔය සිංදුවෙන් තමයි මාතෘකාව ගලපගත්තේ.

      Delete
  10. අම්මා....බිරිඳ....ඊට පස්සෙ දියණිය. මොනවා වුනත් මේ අපි දන්නා ආසියානු ගැහැණියගේ කතාව. මේ ගැහැණිය සහ යුරෝපීය ගැහැණිය වෙනස් වුනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ගැහැණිය නෙවේ පිරිමියයි වෙනස්...ඒ පිරිමියා ගැහැණියව පාවිච්චි කරන්නේ නැහැ...පවුලක් කියන්නේ ගැහැණියගෙයි පිරිමියාගෙයි දෙන්නගේම වගකීමක් විදියටයි පොදුවේ බටහිර සමාජය සලකන්නේ...

      අපි මහා ලොකුවට සංස්කෘතිය කරේ දාගෙන දරුවන්ට සේරම අතට පයට කරලා දීල කියනවා අපි දරුවන්ට ආදරේ කළා., එයාල වෙනුවෙන් නොකළ දෙයක් නැහැයි කියලා...දෙමාපියෝ ඉන්නේ උන්ගේ වහල් සේවයට කියලා හිතන දරුවෝ ලොකු වෙලා, අම්මලාව දානවා මහලු නිවාස වලට...මොකද දෙමාපියෝ විදියට දරුවන්ට වගකීමක් ගන්න ඉඩක් තියලා නැහැ...ආදරේ කරනවා කියන්නේ දරුවන්ට ජීවිතය කියල දෙන එක මිසක, කන්න බොන්න දීලා, ඇඳුම් හෝදලා දීලා, සේරම දේවල් ලඟට කරලා දෙන එක විතරක්ම නෙවේ...

      ඕකම තමන්ගේ ස්වාමි පුරුෂයාටත් ආදලයි...ගෑනියෙක් කියන්නේ ගෙදර වැඩපල කරන්න ඉන්න කන්න බොන්න රෙදි හෝදන්න ඉන්න කෙනෙක් විතරක්ම නෙවේ....බිත්ති හතරක් ගෙයක් කරන්නේ, පිරිමියෙක්ට හවසට ඇවිත් ආදරෙන් සැනසෙන්න තැනක් හදන්නේ ගැහැණියෙක්...අපේ ගැහැනු උදේ ඉඳන් උයල පිහල රෙදී හෝදලා, දරුවෝ හදලා හවස් වෙනකොට හතර ගාතෙන්...හිත යටින් ආදරේ හොයා හොයා විඳවනවා...ගැහැණිය රැකියාවකට යනවා නම් තත්වේ තවත් දරුණුයි...අන්තිමට එතන පවුලක් නැහැ...රුටින් එකක් විතරයි...ඔය ආසියාවේ පොදුවේ තත්වේ...ඕක නවතින්නේ කෝච්චියේ එක පවුලක්, ඔෆිස් එකේ තව පවුලක්, බුකියේ වෙනම පවුලක් හදාගෙන...

      මිට වැඩිය වෙනස් ආදරේ පිරුණු ජිවිතේ විඳින පවුල් ඕනේ තරම් තියනවා...

      බටහිර රටවල තත්වේ වෙනස්...හොඳ පවුලක් තියන ඕනෙම තැනක, ගැහැණිය සහ පිරිමියා දෙන්නම සමබරව වගකීම් බෙදාගන්නවා, දෙන්නම රැකියා කලත් නැතත්, මෙහෙ තියන වේගවත් කාල සටහන් එක්ක එහෙම නොකලොත්, ජිවිතයක් නැති වෙනවා...මිනිස්සු විශේෂයෙන් සල්ලි, කාලය වෙන් කරලා පවුල් පිටින් නිවාඩුවකට යනවා...ජිවිතේ විඳින්න වෙලාවක් අනිවාර්යෙන් වෙන් කරනවා...මොන තරම් රාජකාරි තිබුනත් දෙන්න දෙමහල්ලෝ, රාත්‍රී ආහාර වේලකට, එහෙම නැත්නම් සිනමා පටයක් නරඹන්න යනවා...ඔය එකක්වත් හරි නොගියොත් ඩිවෝස් වෙනවා...ඒ ඩිවෝස් වෙලත් දරුවෝ වෙනුවෙන් මුණ ගැහෙනවා...

      තමන්ගේ ගෑනි හෝ මිනිහා ගෙදර තියලා පිට යන අපේ සදාචාර සමාජෙට වඩා මේ ක්‍රමය මට නම් හොඳයි...

      සිංහලෙන් කියනවා නම් ලංකාවේදී රෙද්දක් හෝදගන්න බැරි පිරිමි මෙහෙ ඇවිත් රස්සාවල් තුන හතර කරන ගමන්, ගෑනිට උයන්න පිහන්න දරුවෝ බලාගන්න සේරටමත් උදව් කරනවා මම දැකලා තියනවා..

      ඉතින් කොහෙද වෙනස අරුණ..

      කටුස්සා, මලයා ගොඩක් ස්තුතියි මේ මාතෘකාවට...

      Delete
    2. මේ ලඟදී බුකියේ වීඩියෝවක දැක්කා ලංකාවට සමලිංගික  විවාහ අවශ්‍යද යන මාතෘකාව යටතේ අදහස් දක්වපු හාමුදුරු නමක්.මම ඒක බලලත් කල්පනාකලේ  අපි සංස්කෘතිය, සදාචාරය කියලා ඔළුව උඩ තියන් ඉන්නේ මොකද්ද කියලා.ඕවා මම හිතන්නේ ජාන වලින් එන ගොංකම්. ඕකේ ලස්සන කතාවක් තියනවා.අපේ අම්මලා විවාහවුන අලුත අම්මා කුස්සියේ උයනකොට තාත්තා අර ඉඳගන ගාන හිරමනේ පොල් ගානවලු. එතකොටම තාත්තගේ නංගි ඇවිත් "අයියා දැන් පොලුත් ගානවා..." කියලා පුදුමයෙන් කියලා.එදා ඉඳන් අපේ අම්මා තාත්තව කුස්සියේ කිසිම වැඩකට සම්බන්දකරගත්තේ නෑළු කතන්දර අහන්න බෑ කියලා

      Delete
  11. තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
    නුඹ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

    බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
    අත දරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නොහැඟේ ලඟින් හිඳ මගෙ හිස සිඹින විට

    තාත්තා උනත්...

    ඔන්න ඔච්චරයි හිතුනෙ බං.
    ජයවේවා..!!

    ReplyDelete
  12. කාල කලමනාකරණය නොමැති වීම, ජීවිතය සංවිධානය කරනොගැනීම ( යන්නන් වාලේ යාම ) එක් එක් පුද්ගලයාගේ ධාරිතාව සහ හැකියාව පිළිබඳ අනවබෝධය, ගැහැනු හෝ පිරිමි කියා බේධයකින් තොරව ජීවිතය වින්දනය කිරීමට ඉඩ සදා නොගැනීම... රාමුවකට සිර වී එය නිවැරදි බව ඔප්පු කිරිමට කාලාන්තරයක් තිස්සේ දරණ වෙහෙස...මිනිසා ජීවිතයේ රඟපාන එක් එක් චරිත දේවත්වයෙන් ( හැඟිම් වලට වහල් වී ) පිදුම් දී යථාර්තය සැඟවීම... තරඟකාරීව එකිනෙකාට යටත් නොවී සිටීම පරම චේතනාව කරගෙන ජීවිතයට මුහුණ දෙන්න උත්සහ කිරිම ( මැදකට එනවා වෙනුවට, අහේතුක බිය , තමා ගැනම ඇති හීනමානය ) , තම හැඟිම් නොසඟවා කතා කිරිමට ඇති හිතේ බය සැකය සඟවාගෙන බොරුවෙන් ජීවිතයට මුහුණ දීමට කුඩා කල සිට පුරුදු වීම...

    මෙම සටහන කියවු විට සහ ඕනම සමාජයක ඇතුලාන්තය නීරස, කටුක , දුඟද හමන කලකෝලහල, අසතුට, නොසන්සුන්කම, අසමඟිය, දිගින් දිගට බලාපොරොත්තු බිඳ වැටිමෙන් හට ගන්නා නිරන්තර කෝපය වැනි සෘනාත්මක දේ පිරීමට හේතු කීපයක් ඉහතින් මා සඳහන් කලේ...

    එසේ මනසින් බිඳ නොවැටි නොමඟ නොගොස්, පිරිපුන් මිනිසුන් ලෙස විවේකී බුද්ධියෙන් සිතිමට මනසක් ඇති කරගැනීමේ පළමු පියවර "අත්හැරීම" .

    ReplyDelete
  13. //අනික ඉතින් ඔයත් ගෙදරට වෙලා නිකන් ඉන්න එකනේ වැඩකුත් නෑනේ.... //
    ගුටි කෑමට නියමිතයි....
    (ගිම්මිගෙ අම්මා)

    මේ ගැහැණිය කියන වචනෙටත් වඩා අම්මා කියන ජීවිතයෙ එකම එක පැය ගානක්...ගැහැණිය කියන ජීවිතයට මව් සෙනෙහස,බිරිඳකගෙ ආදරය කියන ශක්තීන් එකතු වුනාම විඩාවත් එක්ක මුසුවුනු ලස්සන දවසක් උරුම වෙනවා.හැම කෙල්ලෙක්,ගැහැණියක්,මවක් විදියට ඒ දේ කරන්න හීනයක් දකිනව.

    ReplyDelete
  14. මමනම් කවදාවත් ඔහම හිතන්නේ නැහැ...රස්සාව පටන් ගත්ත කාලේ ඉදලා කෙල්ලන්ට ගරු කරනවා ...ඒක සදුට පොඩි මෙන්ඩට අපේ අම්මලට නංගිලට මගේ යාළුවන්ට පවා කියලා දීලා තියෙන්නේ....
    මට පැක්ට්‍රි දෙක තුනක් හසුරවන්න පුලුවන් එත් සදු ගෙදර කරන පාලන කවදාවත් මට කරන්න බැහැ

    ReplyDelete
  15. මගේ කොමෙන්ටු වලට රිප්ලයි නොකරන කසුට්ටව ගෙල මිරිකා මරා දැමීමට නියමිතය....
    පුහ් පිරිමි හිතාන ඉන්නේ ගැනු නිකා ඉන්නව කිල නම් තමා....

    ReplyDelete