Sunday, February 8, 2015

මිතුරිය




දිලුණ තරු කැට නිවී ගිය දින
අඳුර හොබකල දිවි තලාවක
උණන කඳුලැලි නොම වැටෙන්නට
දෙනෙත් නොම ඇරි හුදකලාවක
එළිය කෙරුමට පාළු දිවිමග
සඳක් විලසින් පැමිණි මොහොතක
සිතින් සියවර ඇළුම් කෙරුවෙමි
පාළු සිත් මල නුඹට මිතුරිය.........


ආදරය යන අකුරු සතරට
නුඹ ලබා දුන් අරුත මා හට
වටහගන්නට නොහැක ලතවෙයි
මදිය ගෙවු මග දිවිය මෙතුවට
සදා නොමැකෙන සිතුවමක් ලෙස
නුඹ අතින් ඇඳි සුමුදු මතකය
සදා සුරකිමි බෝ පතක් මෙන්
කිසිඳු කිළිටක් නොගැටෙනා ලෙස......


බිළිඳියකි නුඹ මගේ අභියස
වසර දොළසක තබා පරතර
බොහෝ දුර වේ නුඹේ සිහිනයන්
මගේ සුන් වූ සිහින පාමුල
ගෙවූ තනි මග නිමා කෙරුමට
නොහැක සිඳුමට නුඹ සිහින ගඟ
හඬින් පමණක් ලන්වියන් නුඹ
එපා එන්නට මා දකින්නට........


තෙපලනා විට සුරතලින් නුඹ
නුඹේ වදනට ලොබ බදින සිත
තබයි පියවර පසු පසට යළි
මුමුණනා විට හැඟුම්බර සිත
ආදරෙයි මම ඔබට මෙතුවක්
කිසිදා අයකුට නොකල මෙන් පෙර
ඒ නිසා ඔබ එපා එන්නට
මගෙ සුසුම් රැළි දැනෙන මානෙට......






                 කටුස්සා....

31 comments:

  1. මේක නම් දිග කතාවක් වගේ.....පට්ට
    කෝ බන් අර කතාවේ ඉතුරු ටික??

    ReplyDelete
    Replies
    1. එච්චර දිග නැති කෙටි කතාවක්....
      මේ දවස් වල ටිකක් ඔළුව කචල්.ලියමු...ලියමු ඉක්මනටම.

      Delete
  2. ෙශා්කාන්විත කතා පුවතක් වෙග්

    ReplyDelete
    Replies
    1. නෑ...මේ කතාව සුඛාන්තයකින් ඉවරවුනා මචෝ....

      Delete
  3. ආඅ.... මොකෝ මේ ...

    පරාභව සුත්‍රය ගුරුකොටගෙන ජීවත් වනු දරුවා

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මමනම් පිළිකුල් භාවනාවමයි කරන්නේ.
      දන්තා....කේශා...ලෝමා.....

      Delete
  4. ලොලිටා කෙනෙක්..???? නෑ මං හිතන්නේ බොට දැන් සෑහෙන්න වයසක් නේ..

    දොළොස් වසරනම් (ගැප් එක) එච්චරම අවුලකුත් නෑ හැබැයි.. හහ් හහ්..

    //නොම වැටෙන්නට//නොම ඇරි // ට්‍රයි ටු අවොයිඩ් ඈස් මච් ඈස් පොසිබල්.. වචන නැති උන් තමයි කවි වලට ඔහොම දාන්නේ.. කවි රස අඩු වෙනව එතකොට.. අලුත් ලවු එකටත් එක්ක ඕං එහෙනම් ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. Ex:
      //උණන කඳුලැලි වැටෙන්නට බැරි
      දෙනෙත් පියවුණු හුදෙකලාවක... // :)

      Delete
    2. //නෑ මං හිතන්නේ බොට දැන් සෑහෙන්න වයසක් නේ.. //
      අවුරුදු 23ත් වයසක්ද....

      //දොළොස් වසරනම් (ගැප් එක) එච්චරම අවුලකුත් නෑ හැබැයි//
      12...?මමමේ දවස්වල හොයන්නේඅඩුම ගැප් එක අවුරුදු 20ක්...දරු කමට හදා ගන්නත් එක්ක....

      හ්ම්ම්....ඒ වචන අවුල්තමා.අඩුපාඩු පෙන්නල දෙන එකටනම් රොම්බ තෑන්ක්ස් මචෝ.
      ඇයි යකුනේ මේ හැම දෙයක්ම මටම වෙන ඒවා විදිහට හිතන්නේ තොපිලා.....මටනම් එපා වෙලා....බලපන්..ලෝකයා කොහොම හිතනවා ඇද්ද මගේ ගැන....
      කවියට හේතුව යටින් දැම්මා කමෙන්ට් එකක් විදිහට.බලපන්.

      Delete
  5. කසුට්ටගෙ අතීත මතකයක්ද මේ..

    ReplyDelete
    Replies
    1. අතීතනම් තමා.ඒත් කටුස්සාගේ නෙමෙයි...

      Delete
  6. මාලබේ ගම් පියසට 1964 වර්ශයේදී නුවර පළාතින් පැමින පදින්චි වුන චන්ද්‍රා රත්නායක නම් තරුණියක් හා එම ප්‍රදේශයේ ජීවත් වුන ආරියදාස ලියනගේ නම් තරුණයෙක් අතර ඇති වූ පෙම්පුවතක් පාදක කරගනිමින් මෙම කවි අකුරු කර ඇත.එම කාලයේදී ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රසිද්ධ සමාජ සේවකයකු මෙන්ම නොම්බර 01 අනන්ගයකු වු මෙම තරුණයා හා එම තරුණිය අතරට අනන්ගයා දුන්නෙන් විද ඇත්තේ රෝහලකදීය.ඒ එම තරුණයා පෙර ආදර සම්බන්දයක් හේතු කොටගන ඔහු "රබර් ඇසිඩ්"බී රෝහල් ගතකොට සිටින විටදීය.(එයට අදාල තරුණිය එම රෝහලේම කාන්තා වාට්ටුවේ ප්‍රතිකාර ලැබුවේ "මැන්ටල් කුඩු"නමින් හදුන්වන පෙට්‍රල්මැක්ස් ලාම්පුවේ අවශේෂ පානය කිරීමනිසාය.)මෙම තරුණයා බැලීමට තම පියා හා රෝහලට ගිය තරුණිය නැවත පැමිනියේ ඔහුව ඇගේ හිත තුල රුවාගනය.(ඒකනම් මම හිතල කියන්නේ.ඇගෙන් මේ ගැන අහදිදී මට බනිනව මිස කිසිම දෙයක් කියන්නේ නෑ තාම ).
    කොහොම වුනත් මේ ආරියදාස ,චන්ද්‍රාට තම ආදරය ප්‍රකාශ කොට ඇත්තේ 1965 අද වගේ දවසක කතරගමදී.ඒ ගමේ පිරිස් හා එක්ව ගිය විනෝද චාරිකාවකදී.(ඒ අහල තිබුනේ තෑග්ගක් විදිහට අර ඔළුව හොල්ලන ගමරාලයි,මහගෙයිගෙයි රූකඩ දෙකක් ඇයට දෙන ගමන් ).කොහොම වුනත් මේ සම්බන්දයට ගෙවල්දෙකෙන්ම අකමැතිවුනා දරුනු විදිහට.ඒ වෙන කිසිවක් නිසා නොව ඇසිඩ් බීමෙන් පසු ඔහුගේ ශරීර අභ්‍යන්තරය දරුණු විදිහට හානි වී තිබුන නිසා.අඩුම ගානේ ඔහුගේ මිත්‍රයන් පවා ඒ ගැන ඔහුට දොස් කීවා මිස සහයක් දැක්වුවේ නැහැ.ඔහුගේ හොඳම යහළුවා ඔහුට පවසා තිබුනේ "ඔය කෙල්ලව අමාරුවේ දාන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්" කියාය.එහෙත් ආලය අන්ධයි යන කියමන සනාත කරමින් ඔවුන් විවාහ වුනා.අවුරුදු 10ක් තිස්සේ දරුවන් නොමැතිව ජීවත් වූ ඔවුන්ට අවුරුදු 10ට පසු දියණියක්ද තවත් අවුරුදු 4ට පසු පුතෙකුද ලැබුවා.එහෙත් ඇසිඩ් බීමෙන් පසු ඇතිවූ සන්කූලතා හේතුකොට ගන දිගින් දිගටම ප්‍රතිකාර ගත් ඔහු ඒ නිසා ඇතිවූ රෝගී තත්වයන් හේතුකොට ගන පුතුට අවුරුදු 4දී මියගියා.
    ඒ පුතා තමයි අද මේ බ්ලොග ලියන්නේ.ඒ ආදරය ප්‍රකාශකිරීමට අවුරුදු 50ක් පිරීම නිසා තමයි මේ කවි ලියුවේ.මේ කතාව ලියුවේ ඔහුගේ දිනපොත් ඇසුරුකරගනිමින් හා ඇය හා නෑදෑයන් විටින් විට කියනා කතා එකතුකරගන කරපු උපකල්පන වලින්.

    දැන්වත් පිළිගනින්කෝ බොල මේ මගේ කතාවක් නෙමෙයි කියලා මගේ චරිතය ඝාතනය නොකර.....

    ReplyDelete
    Replies
    1. අහෝ! වරදවා තේරුම් ගත්තට සමාව භජනය කරත්වා.. ඒත් ඉතින් තාත්තගේ දේවල් ඔක්කොම පුතාට අයිති වෙන එකේ මේ වගේ පොඩි 'කතන්දරයකුත්' අයිති උනා කියල වැඩි අවුලක් නෑ හැබැයි.. උඹ නෙවෙයි උඹල අම්ම ෆුල් ග්‍රේට්. හැට්ස් ඕෆ් අම්මට. මටත් හිතුනා අපේ ඩබලගේ ලවු එක ගැන කියන්න වෙලාවක.
      උඹලෑ තාත්තට මතු ආත්මෙකදි මෙවන් දුකක් හෝ අකල් මරණයක් නොවේවා! අම්මට දීර්ඝායුශ ලැබේවා!

      Delete
    2. මමත් කියන්නේ කල්‍යාණ කියලා තියෙන ටිකමයි. උඹට ජය. අපි ක්යපු දෙකට හිත රිදුනානම් සමාව දෙන සේක්වා

      Delete
    3. හිත රිදුනා කියලා උඹලා හිතනවනම් ලොකු චොකලට් 6-7ක් අරගන වරෙන් මාව බලන්න.....
      උඹලා හිතුවද මම බබෙක්කියලා ...යකෝ මගේ වයස දැන් 29ක්.සූප්පුව අතෑරලා ගොඩක් කල්.
      කොහොම කලත් ඒ දෙන්නාගේ තියෙන්නේ පට්ට ලවුස්ටෝරියක්.ඒක ලස්සන එයාලා විවාහ වුනාට පස්සේ.අවුරුදු 10ක් දෙන්නා තනියම ජීවිතය ගෙවපු කාලේ.වෙලාවක් තිබුනොත් මම ලියන්නම් දවසක.

      Delete
    4. රිදුනාම චොකලට් කෑවම ගුණයි. හිත රිදෙන්න නම් අවුරුදු 29 ට වඩා වයසින් අඩු වෙන්න ඕනි. හැක් හැක්.. කතාව හා කොමෙන්ට් සම්පූර්ණයෙන් කියවා කටුසු මව හා පියා බඳින්න පෙර කොච්චර කාලයක් ලව් කර ඇත්දැයි නිවැරදිව කියන්න.

      2015-(29)-(4)-(10) = 1972 මාස ගනන් එහෙ මෙහෙ කරාම --> 1971 කියන්න පුළුවන්. 1971- 1965= 6. අවුරුදු 6ක්. හුටා. පට්ට ලව් ඉස්ටෝරියක් වෙන්නම ඕනි ඒ කාලෙ හැටියට. ලියපන් ලියපන් ඉක්මණින්ම..

      Delete
    5. වියපත් බඹරා කියාගෙන යන්න ආවත් මේක දැක්කම පපුව නැවතුන වගේ උනා.. ජීවිත වල හැටි :( අම්මගෙ බොඩි චෙකප් එකක් කරවපන් මචං. මැන්ටල් කුඩු කියන්නෙ ඇස්බස්ටස්. ශරීර අභ්‍යන්තර හානි සිදුවුණාට උඹේ තාත්තගේ අම්මගෙ මනස බොහොම බලසම්පන්න ඇති. උඹට ජය. අම්මට දීර්ඝායු!!!

      Delete
    6. කමියා-
      පොඩ්ඩක් හිටපන් මම ගෙදර යනකන්.සහසුද්දෙන්ම කියන්නම් ඔක්කොම දින වකවානු එක්කම තාත්තගේ පරණ ඩයරි ටික අවුස්සලා.මතක විදිහටනම් එ අයගේ වෙඩිමතියල තියෙන්නේ 1969 අවුරුද්දේ.අම්මට අවුරුදු 22දී.පට්ට ලවුස්ටෝරියක්නම් තමා.අම්ම වාවුරුදු 1.5ක් නුවරත් නවත්තලා ඉදලා තියනවා මේ සම්බන්ධය කඩන්න.

      සජ්ජා-
      මැන්ටල්කුඩු බිවුවේ අපේ අම්මා නෙමෙයි බන්.තාත්තගේ ඉස්සර කෑල්ලක්.ඒ අයව බලන්න ඉස්පිරිතාලේ ගිය ගමන තමා දෙන්න මුකුළු පාලාතියෙන්නේ.ඒ නැන්දා තාම ඉන්නවා ගමේම.අපිට වඩා ගොඩක් වැඩිමල් දරුවොත් ඉන්නවා.

      Delete
  7. බොහෝවිට අපූර්ව නිර්මාණයක් පසුපස හද සසල කරවන කතාවක් තියෙන බව උඹ ඔප්පු කරනවා කටුස්සෝ. සත්‍ය කතා තාත්විකයි. ලියපං දිගටම. තාත්තාට මොක් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. ඒ කතා එච්චර වැදගත් නැති පරණ කතා විදිහට තමයි පැත්තකට දාලා තියෙන්නේ.ඒත් මම බලන විදිහ වෙනස් නිසා වෙන්න ඇති ඒවගේ කතා වලින් මොකක් හරි කොනක් මට හම්බවෙන්නේ මොනවහරි කොටන්න.තාත්තගේ දින සටහන් වල අම්මා එක්ක යාළුවුන එක ගැන පසුතැවීමක් නෑ.ඒත් මම හිතුවා එයාට මෙහෙම හිතෙන්න ඇති කියලා.ඒකයි මේ වගේ කවියක් ලියුවේ.
      දිරි ගැන්වීමට ස්තූතියි මදාවියෝ...

      Delete
  8. අපූරුයි මචෝ සිරාවටම ලෙසටම දැනුන මොකක් කියන්නද කියල හිතාගන්න බෑ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මොනවාහරි දෙයක් දැනුනනම් මේ සටහන කියවලා මට ඕන කරන දේ වෙලා ඉවරයි.

      Delete
  9. සත්‍ය කතාවක් හන්දම හිතට හරි තදින් දැනුනා මේක නම්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ,සාහිත්‍යට වඩා රසවත් කියනවානේ මචෝ.

      Delete
  10. හ්ම්ම් ගොඩක් ලස්සනයි. ඇනෝ comment වලටත් ඉඩක් තියන එකට thanz, දැන් මාතලා බට්ටිලා ඇනෝලට ඉඩක් දෙන්නෑ (පාළු ගෙයි වලන් බිදිනව)

    ReplyDelete
    Replies
    1. තමන්ට ඕන කරන දේ කරන්න ඕන කෙනෙක්ට නිදහසක් තියනවා ඇනෝ.ඒක ගැන විවාදයක් නෑ.

      Delete
  11. මාතලාට බස්සිලාට ගොඩක් ආදරේ කරන අය ඇනෝලා අතරේ ඉන්නවා. උඩ කොමෙන්ට් එකේ බට්ටි (බස්සි) වෙන්න ඕනි. sorry බස්සි අක්කේ

    ReplyDelete
  12. නියමයි කසුට්ටෝ ...කතාව ඇහුවම කියන්න දෙයක් හිතට එන්නේ නැ මචෝ .

    හිත මහ පුදුම තැනක්
    දිදුලන මහරු මිණක්
    හසරැල් වතළ වතක්
    විටෙකදි නොනිම් දුකක්
    හිත මහ පුදුම තැනක්

    නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
    ඉක්මන රිසි වූ විට හිත නැවතුණ තැන ඉන්නවා
    ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

    අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
    අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
    හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

    ගී පද - බන්දුල නානායක්කාරවසම්.
    ගී තනු - එච්. එම. ජයවර්ධන
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. හිත කියන්නෙනම් පුදුම තැනක් තමා.ඒත් අපි හරි කියල හිතන දෙයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න තරම් ඒක හයියකරගන්න එක අදත් මට ප්‍රශ්නයක්.

      Delete
  13. කවි ටික නම් වෙනද වගේම නියමයි කටුස්සො. පස්සෙ දාල තිබ්බ කමෙන්ට් එක දැක්කම හෙන අප්සට්. වෙන කියාගන්න දෙයක් නැහැ. ජය වෙන්න ඕනෙ!!!

    ReplyDelete
    Replies
    1. මේ ටික කියවගන යන කොට මටත් ටිකක් අප්සට්.ඒ යන්තම් මතකයක් තියන තාත්තා ගැනනම් නෙමෙයි.තාත්තා නැතුව අසරණ වෙන්න ගිය තමන්ගේ සොයුරියගේ ළමයි දෙන්න වෙනුවෙන් ජීවිතේ කැපකරපු මාමා ගැන .මගේ කතාව අසම්පූර්ණ එකක් නිසා වැඩියෙන්ම අඩාධාරනයක් වෙලා තියෙන්නේ එයාට මෙතනදී.ඉක්මනටම මම ඒක නිවැරදි කරන්නම්.

      Delete