මෙච්චර සැලකිල්ලක් මට....
ඇයි.....කවුද මම නුඹේ
අහිමි පසු ගිරිදඹේ අත් වාරුව
වූවා නුඹ අත්වැල.... කිසිදිනක අත් නොහැරෙන
මා සිරුරත උණුසුම් කරමින් දිව යන්නේ
රුහිරු නොවේ නුඹගේ.....
ඒ රුහිරුයි වෙනකෙකුගේ.....
මෙච්චර කැපකිරීමක් කොහොමද....
තමන්ගේ නොවන පිට කෙනෙකුන්ට
තමන්ගේ'යැයි සිතූ සෑම කෙනෙකුන්ම
අහක බලද්දී.....
නොගොස් ඒ අත ඔබ කෙරූ වික්‍රමය
ඇත්තමයි ශ්‍රේෂ්ඨයි....
සිතන්නේ කෙලසින්ද
ඔබ මගේ නොවෙයි කියා
දැනෙන්නේ නැතුව ඇති
මට වගේම නුඹටත්.... අපි දෙන්නා
පිටවුන්'යැයි කියා
සිතන්නේ නැතුව ඇති
මම වගේම නුඹත්
අපි අපේ නොවේ කියා....
කරන්නම් සියළු දෙය නුඹ සිතේ සතුට එන
හැබැයි මට අවැසිමයි
අවසරය නුඹ සිතින් මයිලනුවණි
තාත්තාටත් වැඩිය තාත්තෙකු වූ නුඹට
අමතන්න වරක් හෝ
තාත්තේ'යැයි කියා.....
කටුස්සා...
විශේෂ ස්තූතිය -"අවන්හලේ" මහේශ් සහෝට.
දිවියම වාගේ දියකර ප්‍රාණේ..
ReplyDeleteදුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ..
දෙවියොත් මගෙ ආදර තාත්තයි..
හැමදාමත්ම.....
Deleteඅප්පා නැති මට සුළු අප්පා වී....
ReplyDeleteකළුවර ගෙදරට මිණි පහණක් වී...
දැනගත් දා සිට පෙරුම් පිරූවේ...
මාමේ මං මතු සක්විත් වෙයි හිතලාදෝ..
වික්ටර් ගේ අම්මා නැති මට සින්දුව මතක් උනා.. සුට්ටක් කතාවට ගැලපෙන්න වෙනස් කරා හිටං.. බය නැතුව තාත්ත කියපං.. ඒ ආමණ්ත්‍රනේට වටිනව.. ජය ශ්‍රී!
වදපු තාත්තටත් වඩා....
Deleteඅම්මලා ලඟට කිරි එරෙන්නෙ මාමලාට කියලා කියමනක් තියෙනවානෙ.
ReplyDelete(සමහර මාමලානං ඉන්නවා මහ හුකමාමලා)
මහ හුකමාමලා////
Deleteඒ මොක්කුද බං මදාවියො
අක්කගේ පොඩි එකා ගෙදරට ගෙනල්ලා අම්ම ඒකිව ඉස්සල්ලම තිබ්බේ මගේ ඔඩොක්කුවේ.ඒ වෙලාවි මටත් ඕක දැනුනා ගොඩක්.
Deleteඅම්මගෙ බඩේ ඉපදෙන්න කලින් මාමගේ දණිහේ ඉපදෙනවලු.. ඔහොම තමයි අපේ පැත්තෙ කියන්නේ..
Deleteවිශේෂ ස්තූතිය -"අවන්හලේ" මහේශ් සහෝට.////
ReplyDeleteඌ කව්ද බං මොකක්ද කොරේ........... හෑ.......
අපූරු කවි පද ටිකක්... වැඩිය වචනයක් කියන්ටත් බයයි...
සමහර සංවේදී දේවල් දැනෙන පෙනෙන විදිය වෙනස් නෙ...
ඒ හන්ද කවිය ලස්සනයි කියල මාරු වෙඥ්ඤං...
ජයෙන් ජයම වේවා
සන්වේදිද නැද්ද කියල හිතාගන්න බෑ.ඒත් මේක ලිවුවේ "මිතුරිය" කමෙන්ට් වලින් එයාට අසාධාරනයක් වුනා කියලා හිතුන නිසයි.
Deleteඒ යකා කරපු උදවුව ඌ උඹට කිවුවේ නැද්ද?
අපිත් තාත්තල තමා හරිය.. හ..
ReplyDeletegood father'ලා....
Deleteඋඹේ අර මාමයිට් කතාව දුක් වෙන්නද,හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිවුන කතාවක්.මම ඒ කාලේ බ්ලොග් ලියන්නේ නෑ.ලිවුවනම් දාන කමෙන්ට් එක උඹේ පෝස්ට් එකටත් වඩා දිග වෙයි.
ලස්සනයි කසුටු
ReplyDeleteබොහොමත් ස්තූතියි මචෝ....
Deleteඅගෙයි කසුට්ටා............ සුන්දරයි..... දැන් අවන්හලේ මහේෂ් මොකක්ද කරේ කියපංකෝ...........
ReplyDeleteඅවන්හලට වෙලා ශොට් එකක් දාගන්න ගමන් මේක ලියන කොට ඒකා නොමිලේ සැන්ඩි අරගන දුන්නා මට.....D
Deleteමේක ලියද්දී වචනෙක පොඩි අවුලක් ආවහම මයියා තමයි හරි වචනේ කියල දුන්නේ කුරුට්ටෝ...
හ්ම්ම්.. සහෝදරීට ළමයි හම්බුනාම සහෝදරයන්ට කිරි එරෙනවලු. අද ඒ පුංචි කෙලි පැටික්කියෝ දෙන්න ජීවතුන් අතර නැතත් , උන් දෙන්න හම්බුන දවසෙ මගේ මස්සින මාව බදාගෙන අඬනවා මට හොඳට මතකයි..
ReplyDeleteපොඩි එකියෝ දෙන්නට මොකද උනේ කියලා මම අහන්නේ නෑ.අක්කගේ පොඩි එකීට මාමා කෙනෙක්ගේ හිතේ තියන ආදරය මම අත්දැකීමෙන්ම දන්නවා.මගේ ජීවිතේට හම්බුන ලොකුම හිතවතිය,ආදරවන්තිය තමා අක්කගේ පොඩීඑකි.මගේ කෙල්ල ඉන්න කාලේ එයා අපේ ගෙදර ආවහම මේකි මගේ අත අතරින්නේ නෑ,කෙල්ල මගේ අත අල්ලගනී කියලා.
Deleteපරණ කතා අමතක කරලා ඉන්නවා කටුස්සෝ. අපේ උන්දැට කෙලි පැටික්කියෙක් හම්බවෙන්න ඉන්නව ආයෙත්. මගේ මස්සිනා දැන්මතියාම මැරෙන්න හදනවා... කරුමෙ කියන්නෙ මට අක්කෙක් නංගියෙක් නෑ. ඒ නිසා උඹට වගේ කොන්දේසි විරහිතව ආදරය කරන්න පොඩි කෙල්ලෙකුත් නෑ..
Deleteහරිම සංවේදී සටහන් පෙළක් කටුසු
ReplyDeleteපුංචි වචන කීපයකින් මහමෙරක් තරම් සිතිවිලි මවන්න පුළුවන් වුන ඔබ හාස්කම් කරන්නෙක් වගේ දැනෙන්නේ ඒ තියෙන සටහන පෙළ කිවයක් වුන නිසයි කටුසු
ReplyDeleteඇගයීමට බොහොමත් පින් සහෝදරිය.හැබයි මට වඩා හාස්කම්කාරයෝ ,මැජික්කාරයෝ මේ බ්ලොග් ලියන්නන් අතර ඉන්නවා සාරිකා.ඒ අය අතර මම දුප්පත් මැජික්කාරයෙක් විතරයි.
Delete