Tuesday, January 10, 2017
වැළළුණු කවිකම
මම දැක්ක කුජීතම කවියා නුඹ මිතුරාන බිඳුනු පසු නෞකාව ඉතිරි සුංබුං වලින් තැනූ පහුරට නැගී මග නොදැන හාමතින් ආදරය සොයාගිය නපුරු කවියා නුඹයි දුටුව විට සා දෙනෙත නැවතිලා සීරුවෙන් දඩබිමට ගෙනවගන තනිකරලා වෑයමෙන් හාවෙකුට පෙම්කෙරුව නපුරු වෘකයා ඔබයි.... කිසිදෙයක් නොමැති නුඹ දෙස බලා ආදරෙන් තනිකමට කවි සිංදු එකින් එක මුමුණමින් ගී කියපු කිරිල්ලිය මැරුව කවියා ඔබයි හිතුමතේ පාව ගිය මල් අතර සමනලුන් වශීකර කවි පෙලින් ගෙන්වගන චාටුවෙන් තටු සිඳලා සිනාසුන කුරිරු කවියා ඔබයි..... නුඹේ හද පැතුව පෙම මුවාකර කඩතිරෙන් මිහිපිටක නොමැති පෙම අකුරුකර කවි පදෙන් අහිංසක හිත රැවටු තුච්ඡ කවියා නුඹයි සිත බැඳුනු ආදරය පිටනොකර සිටි පවින් දෙනු මිසක එනු නොමැති ආදරය දුක බැවින් අන් මලක සුවඳ පැතු වියරු දුදුනා ඔබයි..... ලංවෙන්න කීව මුත් සියවරක් මුව අගින් ලං නොවී ලඟ ඉඳන් පාළු මැකු සුරතලෙන් හිතවතිය හිත් බින්ඳ මෘග කවියා ඔබයි හමුනොවන පෙම සොයන් වෙන හිතක් පැතු බැවින් හිත තියන් ගොලු කෙරුව හිත බින්ඳ පව අරන් මැරෙනකම් දුක් විඳින ඇගේ කවියා නුඹයි.....
-කටුස්සා-
Subscribe to:
Post Comments (Atom)
පහර !
ReplyDeleteජය බෝලී නාත් !
මම දැක්ක සොඳුරුතම
ReplyDeleteකවියා නුඹ මිතුරාන
බිඳී ගියා වුව නෞකාව ඉතිරි සුංබුං වලින්
තැනූ පහුරට නැගී මග නොදැන හාමතින්
ඈ ලගම නතර වූ සෙනෙහෙබර කවිය නුඹයි....
දුටුව විට සා දෙනෙත නැවතිලා සීරුවෙන්
අහස් කුස වෙත ගෙනවගෙන ආදරෙන්
සඳේ සාවිට මග කියා දුන් තාරකා එළිය නුඹයි...
නිමල වූ ස්නේහයෙන් ඈ දෙස බලා ප්‍රේමයෙන්
තනිකමට කවි සිංදු එකින් එක මුමුණන්න
කිරිල්ලට හඬ දුන්නු අමිල වූ ස්වරය නුඹයි....
ඕනවට එපාවට පාව ගිය මල් අතර
කවි මල් කිනිති පූදමින් දළඹුවන් හට
තටු දුන්න මේ ලොව දේවතාවා නුඹයි...
නුඹේ හද මෝදුවුණ පෙම මුවා වුව නොසැලෙමින්
මිහිපිටක නොමැති පෙම අකුරු කර කවි පදෙන්
ඇගේ හිත සැනසවූ උතුම් පුරුෂයා නුඹයි...
සිත බැඳුනු ආදරය පිටනොකර සිටි පවින්
දෙනු මිසක එනු නොමැති ආදරය දුක වුවත්
භවෙන් භවයට ඈ වම පැතූ බෝසත් කුසුම නුඹයි...
ලංවෙන්න කීව මුත් සියවරක් මුව අගින්
ලං නොවී යන්තමින් පාළු මැකුවත් ඉතින්
නොකර අඩුවක් ඈ සුරැකූ රණකාමියා නුඹයි...
හමුනොවන පෙම සොයන් වෙන හිතක් පැතූවද
හිත තියන් ගොලුව සිටි හද සුවඳ හැඳිනගත්
සදහටම සිත්විලේ ඇගේ බඹරිඳු නුඹයි.....😉
පට්ට ආතල්
ReplyDeleteවැඩක් නෑ බං .... රුපිඅල් පා කේව ...
Deleteමං ආවෙ කඩු පයිට් දුනු පයිට් බලාන්න ... කේව කේව ...
//මම දැක්ක කුජීතම
ReplyDeleteකවියා නුඹ මිතුරාන//
කවියා කෙසේ වෙතත් කුජීතම කියන එකනං ඇත්ත ...
+++++++++++++
Deleteඅගෙයි...
ReplyDeleteහැමදාම කියනවා වගේ ලස්සනම ලස්සන කවක් අදත්...
ReplyDeleteම්ම්ම් අපූරුයි...
ReplyDeleteකටුසු...
ReplyDeleteමම දැක්ක කුජීතම
කවියා නුඹ මිතුරාන :D
////බිඳුනු පසු නෞකාව ඉතිරි සුංබුං වලින්
තැනූ පහුරට නැගී මග නොදැන හාමතින්
ආදරය සොයාගිය නපුරු කවියා නුඹයි////////
++++++++++++++
Respect....!!
ReplyDeleteකාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ. ලස්සනයි කසුට්ටෝ
ReplyDeleteමම දැන් ඔළුව දාන්නේ මේකට විතරමද මන්දා කසුටු....
ReplyDeleteකසුටුගෙ කයි අමතක කරන්ට අමාරුයි....
ලංවෙන්න කීව මුත් සියවරක් මුව අගින්
ලං නොවී යන්තමින් පාළු මැකුවත් ඉතින්
නොකර අඩුවක් ඈ සුරැකූ රණකාමියා නුඹයි...
හමුනොවන පෙම සොයන් වෙන හිතක් පැතූවද
හිත තියන් ගොලුව සිටි හද සුවඳ හැඳිනගත්
සදහටම සිත්විලේ ඇගේ බඹරිඳු නුඹයි.....
මෙහෙම වෙන්නේ ඇයි කසුටු............
කටුස්සෝ කවිය නං වෙනදා වගේම පට්ට.....ඔයාගෙ පොටෝ එකක්ද අර දාල තියෙන්නෙ(නොදන්න කමට ඇහුවෙ)
ReplyDeleteඑක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
ReplyDeleteනෙලා නොගත්තේ මගේ බෝසත් කමට...
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට......
විස්මිත ගමන අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින......
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.......