Friday, March 11, 2016
සිසිල් සුව ගෙනෙන ඔබ.....
නිහඬය නිසලය හාත්පස පරිසරය
ශාන්තය පිවිතුරුය නිදිවැදුන හද මඩල
මලානික සඳ එළිය බිම්තඹරු පුබුදුකල
හැරයන්න අවසරයි රිදුන ජීවන ගඟුල
මනකල්ය විකල්ය රැවුදෙනා සුසුම්හඬ
සිත දඟය නොසන්සුන් හැඟුමක්ය සෑමතැන
දා බිංදු වැගිරෙනා ගතත් දැන් නිසසලය
රැහැයියොත් ගොළුවුනා විතරමයි මේ රැයට
සමුදෙන්න සමුගන්න කිසිවෙකුත් නොමැතිකල
සොහොන්කොත පාමුලේ මල්පොකුරු කොයිද තව
මතකබණ සියොතුන්ගේ දෙසවනට දුරයි මට
අමතකව ගිය පැතුම් කළඹවයි විසල් ලොව
නෙත්පුරා අයදින්න රුවක් මිහිපිට නොමැත
සිතපුරා ඇඳුන රුව නිසල විල සසලකල
ගැඹුරු හද නිදිවැදුන සීතලට තුරුළුකල
කෝපි මල් සිනා බිඳු වගුරවයි මිහිමඩල
පායනා හිරු නැවත නොපායන තරු අතර
සැරිසරන ආත්මය නිදහස්ය නිවහල්ය
කළුවරට බයවෙනා තනිවිච්ච තරු දෙනෙත
වියරු වි ගතු කියයි හදපෙලූ මදනලට
පේසාලේ සුසාන භූමිය.....වැඩිය බලන්න දෙයක් නැති පාලු මූසල බිම්කඩක්.කැඩිලා ගිය සොහොන් කොත් රාශියක් අතරමැද අළුතින් ඉදිවුන සොහොන්කොත් කීපයක් හැරුනකොට හින්දු චාරිත්‍රානුකූලව වලදැමූ මිනීවලවල් විසිරිච්ච බිම්කඩක්.මේ දවස්වල රාත්‍රිය ගතකරන ස්ථානයට නුදුරෙන් පිහිටලා තියෙන්නේ.අද උදේ රාජකාරියට යන්න එලියට බහිනකොට මිනිස්සු කලබලෙන් ඒ පැත්තට ඇදෙනවා.දෙමල අකුරක්වත් නොදන්න මම මොනවා අහන්නද ඒ මිනිස්සුන්ගෙන්.මාත් එක්කම හිටිය මගේ හිතවත් ගැරේජ් එකේ ලොකු බාසුන්නැහේ තමයි විස්තරේ දනගත්තේ ඒ අයත් එක්ක කතාකරලා.
"කොල්ලෙක් මීනිපිට්ටනියේ වහබීලා මැරිලලු...."
"අපිත් යමු බලන්න......"
"මොනව බලන්නද මහත්තයෝ ඕකේ.....අනික මේ උදේ පාන්දර...."
"ඔන්න ඔහේ යමු පුබුදු අයියේ....මම කවදාවත් එම්බාම් කරපු මිනියක් ඇරෙන්න වෙන මල කදක් දැකලත් නෑ...."
මම ඉස්සරවුනා.පුබුදු අයියත් මගේ පස්සෙන් ආවා ,හිතින් මට බැන බැන වෙන්න ඇති.සුසාන භූමියේ හරි මැද්දේ වගේ මිනිස්සු වටවෙලා බලාගන ඉන්නවා.කෙඬෑරිවුන අතපය එක්ක දමිල මවක් මොනවදෝ කිය කියා බෑගිරි දෙනවා....ඔහුගේ දෙනෙත් ඇරිලා.කලුපාට මූණ වේදනාවෙන් ඇඹරිලා.ඒ ඇස්දෙක කොහේදෝ නොදන්න අනන්තයක් දෙස බලාගන ඉන්නවා.පෙනුමේ හැටියට වැඩිමවුනොත් අවුරුදු 20ක් ඇති.සමහරවිට ඊටත් වඩා අඩු ඇති.මොකද මේ පැත්තේ මිනිස්සුන්ගේ ජීවන රටාවත් එක්ක බහුතරයකට උරුමවෙලා තිබුනේ වයසට වඩා වැඩි පෙනුමක්.
"යමු..."කාත් එක්කද කතාකරමින් හිටිය පුබුදු අයියට කියාගන මම එන්න ආවා.
"ලවු කේස් එකක්ලු....කෙල්ලව වෙන කාටද බන්ඳලා දීලලු...." පුබුදු අයියා තව මොනවදත් කියෙවුවා.ඒවා එච්චර ඔළුවට ගියේ නෑ, අන්තිමට කියපු වචනේ ඇරෙන්න.
"පිස්සෙක්....."
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
පිස්සෙක්..........................????????
ReplyDeleteනිදහස සොයාගත්තෙක්????
Deleteමැරිච්ච පිස්සට හදවතින්.. උඹට විතරක් නෙවෙයි අපි ඔක්කොටම පිස්සු මල්ලි.. අපරාදේ උඹ යන්න ගියේ..
ReplyDeleteජිවත් වෙන පිස්සට මොළයෙන්.. උඹ හොඳින් නේද? ඔන්න ඔය අටමගල හදාගෙන ඉක්කනට ආපහු පුරේට වරෙන්.. නැත්තන් හෙට අනිද්දා අපිට උඹේ මල ගෙදරත් එන්න වෙනවා මෙහෙම මේ දේවල් බොක්කට ගන්න ගත්තොත්..
ආ...ඔවු මල්ලි උඹ පුරේට ඇවිත් වහ බීපං , ඊට වැඩිය ඈත මලගෙවල් වල යන්න බෑ.
Deleteඅනික මම හරි ආසයි පුරේ මලගේක නයිට් ගහන්න , මල් වැහි වැහැල
ඊයේ දවසනම් අවුල්තමයි.හරියට වැඩක් කරගන්නවත් හිතුනේ නෑ.සමහරවිට මනුස්සයෙක් මැරිලා ඉන්නවා ඉස්සල්ලම දැක්කනිසා වෙන්න ඇති.ඒවුනාට මැරෙන එකත් හරි ජොලි වැඩක්ද කොහේද බං.
Deleteකම්මල-
පුරේ මලගෙදරට උඹලා නාවට කමක් නෑ.මෙහේ මරණාදාර සමිතියේ පවුල් 300ට කිට්ටු ගානක් ඉන්නවා.තේ කෝප්පේ ඉදලා රෑට නිදිමරන එක දක්වාම සාමාජිකයන් අතරේ බෙදලා තියෙන්නේ.නිදිමරන්න විතරක් 100කට වඩා ඉන්නවා.මෙහේ මලගෙවල් හෙන ජොලි බං.මාලබේ කලොත් වරෙන්.ගේ ගාව ඉදන් තලාහේන කනත්තට හෙන දුරක් තියනවා මිනිය උස්සන් යන්න.ඉස්සරහෙන් අස්සයෝ 7-8 දෙනෙක් දාලා හෙලිකොප්පරෙන් මල් ඉහපන් හොඳේ.මිනිය පුච්චන වැඩේ නිදහස් චතුරස්‍රයේ කලත් අවුලක් නෑ.
පිස්සු හුක්තෙක් නෙහ් මොඩයා (තිතක්)
ReplyDeleteඒක උගේ අයිතිය බං....
Deleteපිස්සෙක් තමයි...හැබැයි පව් නේද?ආදරේ වෙනුවෙන්නේ..
ReplyDeleteමැරුන එක උගේ අයිතිය.ඒක ගැන මුකුත් කියන්නේ නෑ මම.ඒත් ආදරේ වෙනුවෙන් මැරෙන්න ඕනේ නෑ කවදාවත්."ඔයා නැතිවුනොත් ආපහු ජීවිතයක් නෑ මටනම්" කියපු අය අනිකා ජීවිතය ඉල්ලද්දී අලුත් එකත් එක්ක හිනාවෙවී යනවා දැකලාතියනවා මමනම් ඕනේ තරම්.
Deleteකෙල්ල බන්දලා දුන්න කියලා අම්මව අමතක කරල වහබීපු උට ගස්ලබ්බාගෙන් සමාවක් නැත.කොරන්න දෙයක් නැත.
ReplyDeleteජයවේවා..!!
එකෙන්ම ලබ්බ(ගස්)
Deleteසාම්ප්‍රධායික පුතෙක් විදිහට පිලිගන්නවා උඹ කියන දේ.ඒත් වගකීම් -යුතුකම් වලට යටවෙලා ,නිදහසේ මැරෙන්නවත් බැරි ජීවිතේ ජීවත්කරන එකත් හෙන මෝඩකමක්ද මන්දා.....
Deleteඅවුරුදු 20ක් තමන්ව හදපු අම්මව අමතක කරල කෙල්ලෙක්(හෝ වෙනත් පිටස්තරයෙක්) වෙනුවෙන් ජීවිතේ විනාශ කරගන්නව කියන්නෙ...සිරාවටම එතන ආදරේ තිබ්බිල නෑ නේද..වෙන මොකක් හරි තිබිල තියෙන්නෙ..
ReplyDeleteආදරේ කියන දේ හැමෝටම එකම විදිහට දැනෙන්නේ නෑ බං.පැනිකතා කිය කියා ආදරේ විඳින එවුන් ලඟටවඩා සද්දනැතුව බලාගන ඉන්න එවුන් ලග ඒ ආදරේ ඇති කන්දක් වගේ.
Delete"පිස්සෙක්....." ??????????
ReplyDeleteජීවිතේ විඳින්නෙක්!!!!!!
Deleteපව් ... අවංක මිනිස්සුන්ට තියෙන නැතිම තැන
ReplyDelete\\නැතිම තැන\\
Deleteමට මේක තේරෙන්නේ නැතෝ......
පවු අසරණයා..එක එක වයස් වලට එකම ප්‍රශ්නය පෙනෙන්නේ එක එක විදිහට බන්.. ඒ ප්‍රශ්නය වෙනුවෙන් ඒ වෙලාවේ ඌගෙ මොලේට වැටහුණු සාධාරණම විසඳුම වෙන්න ඇති ඒ අරන් තියෙන්නේ.. එහෙව් අසරණයට පිස්සා කියන එක වැරදියි.. කෙල්ලෝ වෙනුවෙන් වහ බීල මරුනේ නැති උනාට අපි හැමදෙනාම ඒ ඒ වයස් වලදී යම් යම් ආකාරයේ පිස්සු වැඩ කරලා තියෙනව.
ReplyDeleteබුද්ධියට වඩා හැගීම් ඉස්සරවෙච්චි හැම තැනදීම මිනිස්සු කරන්නේ පිස්සු ගනයේ වැඩ තමා බන්.. එහෙම වැඩ නොකරන මිනිස්සු මේ මිහිපිට නැතුව ඇති. එහෙම බැලුවාම අපිත් ඇතුළුව බහුතරයක් පිස්සෝ තමා බන්..ඒ මෝඩ කොලුවා ගැන දුකයි.. ඒ අම්ම ගැනත් දුකයි..අපි ඒ කොලුවට නිවන්සුව පතමු මේ වගේ දුකක් නොවෙන හොඳ උපතක් ලැබෙන්න කියල..
ඔය පිස්සා කියන එක තමයි සමාජයේ බහුතර මතය,ඔය විදිහට මැරෙන මිනිස්සු ගැන තියන.ඒත් මටන් ඒකා පිස්සෙක් නෙමෙයි.හැබැයි වීරයෙකුත් නෙමෙයි.මනුස්සයෙක්.
Deleteඒකනම් ඒකගේ විමුක්තිය හොයාගත්තා.ඒත් විඳව විඳවා ජීවිතේ හොයන මිනිස්සු........
ඌට තිබ්බ එකම සැනසීම ඒ කෙල්ල වෙන්න ඇති. කෝච්චි පාර කිට්ටුව හිටපු හින්ද ප්‍රේමය වෙනුවෙන් කෝච්චියේ බර බලපු ප්‍රේම වන්තයන් ,වන්තියන් බර ගානකගෙ මෘත ශරීර පොඩි කාලෙ ඉදන්ම දැකල තියනව.
ReplyDeleteමැරෙන එකාට පිස්සෙක්, කාලකන්නියෙක් කියලා අත පිහිදගන්න එක තමයි තමන්ගේ අතින් අතපසුවුන වගකීම අමතක කරන්න තියන ලේසිම වැඩේ.ඒකෙන් ජීවත්වෙන එවුන්ට සැනසීමක් ලැබෙනවා.ඕක මගේ පලවෙනි අත්දැකීම.ඒනිසා වෙන්න ඇති පොල්ලෙන් ගැහුවා වගේ දැනුනා මටනම්.
Deleteපව් බං..
ReplyDeleteඅපිත් පවු බං.
Deleteදුප්පත්කමටනේ!
ReplyDeleteඋඹේ ආච්චිට සාරි කීයක් තියනවද බං......?
Delete@#!# #$% @*^$%..........
මොනවා කියන්නද මන්දා . බොන්න තිබුණු දහිරිය සිදුවීම දරාගන්න තිබුණා නම්......
ReplyDeleteමටත් ඕක තමයි හිතාගන්න බැරි.මැරෙනවා කියලා දැන දැනත් වහ බොන්න, කෝච්චියට පනින්න, එල්ලෙන්න තරම් හිතක් හදාගන්නේ කොහොමද කියන එක.ඒ පැත්තෙන් බලනකොට හිතේ හයියිඅ වැඩියෙන්ම තියෙන්නේ ඒ මිනිස්සුන්ටද මන්දා.....
Deleteඔය කවියෙන් මවලා තියන තරමට මරණය ලස්සන නෑ.ඒ නිසා ඒකට එච්චර ලංවෙන්න එපා.
ReplyDeleteඒක උඹෙන් අහලා වැඩක් නෑ.ලබන මැයි වලින් පස්සේ උඹේ වාහෙගෙන්ම මම අහන්නම් උඹත් එක්ක ජීවත්වෙන එකද මැරෙන එකද සුන්දර කියලා.අහන්න දේකුත් නෑ.උත්තරේ මම දන්නවා......
DeleteThis comment has been removed by the author.
Deleteමක්ක කරන්නද සැබෑ ආදරයත් ඒ වගේම මෝඩ කමත් දෙකම තිබ්බ තැනක්.
ReplyDeleteඋගේ හිතේ සැබෑ ආදරයක් තිබිලා නෑ බං.එහෙම වුනානම් ඌ මැරෙන්නේ නෑ.දැන් ඒ කෙල්ල ඔය මරණය දැනගත්තට පස්සේ විඳවන විඳවිල්ල....
Deleteඑක්කෝ ගූගල් ෆලෝවරය එල්ලගනින්.නැත්තන් ඔය නම බ්ලොග් එකේ නමට වෙනස්කරගනින්.ඔය දෙම නැතිනිසා උඹව සෑහෙන්න මගෑරෙනවා.....
Deleteමේකට කොමෙන්ටුවක් කොටන්න මං තවම ලොකු වෙලා මදි වගේ හැගෙන නිසා අද ඔන්න ඔහේ නිකන් ඉන්නම්...
ReplyDeleteඇහුවොත් අතරමන්වෙන්න යන්න කතාව.ඒ වුනාට තාම ලොකුවෙලා මදිලු.මේවා දැකලා හිතට එන ඒවා කියාගන්න බැරුව නලියන කට ගලක අතුල්ලගන්න තිබුනනම්.....
Deleteඒ වගේ තීරණයක් ගන්ඩ තිබිච්ච හේතුව කෙල්ලව වෙන එකෙක් එක්ක ගිය එකනන් එකනන්......... මම දැනට 10පාරක් විතර මැරිල ඉපදිල...අවුරුදු 20ක් වෙද්දි...අම්මෝ
ReplyDeleteහැක්.....වෙලාවට.කරන එකක් මේ 26න් පස්සේ කට්ටිය අදුරගත්තට පස්සේම කරපන්.කට්ටියටම එන්න බැරියැ මලගෙදර එතකොට.
Deleteචැහ්... මම හිතුවෙ උඹ මැරිල කියල ...
ReplyDeleteකාලෙකින් කැරම් අතක් ගහන්න බැරි උනා ....
මැරියන් තෝ....මට ආරංචියි මම නැතුව ඊයේ කරපු දේවල්.
Deleteමිත්‍රද්‍රෝහියෝ....
රෝස මලට කියනවාද මා මිය ගිය බව
ReplyDeleteකියන්නෙපා රෝස ගහේ කටු විස වුණු වග
කියන්නෙපා රෝස ගහේ කටු විස වුණු වග..............
මල වට කර කටු සැදුණේ පෙති රකින්න නම්
තරහ ගන්නෙ කොහොමද අතු ඉතිත් එක්ක මං
තරහ ගන්නෙ කොහොමද අතු ඉතිත් එක්ක මං............
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම් කළ බව රෝස ගහ තරම්
කියන්න මං පෙම් කළ බව රෝස ගහ තරම්...............
පද - රවී සිරිවර්ධන
සංගීතය - දර්ශණ වික්‍රමතුංග
ගායනය - ක්‍රිෂාන්ත එරන්දක