Sunday, February 28, 2016

ආදරේ කවියක් වෙමී....-02


"මම උඹට කියලා තියනවද විග්නේශ්වරන් ගැන....?"

"
කවුද...?අර ඔයාගේ හිටපු බිස්නස් පාර්ට්නර්ද?"

"
ඔවු...ඒකා තමයි....ඒ කාලේ විගා වැඩකලේ හින්දු එකේ.මම ඔබ්සර්වර් එකේ.මේ මැගසින් එක පටන් ගන්න හිතේ ආසාව තිබුනට මට සල්ලි තිබුනේ නෑ.විගා තමයි සල්ලි දැම්මේ.උන් ඒ කාලේ ටිකක් දල කාරයෝ, යාපනේ පැත්තේ.අපි දෙන්නා සෑහෙන්න කට්ටක් කෑවා මේ මැග් එකට ටුවරිසම් ෆීල්ඩ් එකේ තැනක් ගන්න.ඒ කාලේ ලිවුවේ, එඩිට්කලේ, පෘෆ් බැළුවේ, ෆොටෝ ගත්තේ අපි දෙන්නමයි.රට වටේ ඇවිද්දා අපි ඒ කාලේ. මේක යන්තම් ගොඩදාගන එනකොට චන්ද්‍රිකා කාලේ ටුවරිසම් වැටුනහම අපි නන්නත්තාරවුනා.අමාරුවෙන් අල්ලන් හිටියා.ආපහු මහින්ද කාලේ විගාට ප්‍රශ්ණ එන්න ගත්තා දෙපැත්තෙන්ම."

"
දෙපැත්තෙන්ම කිවුවේ....?"

"
ආණ්ඩුවෙනුයි ටෙරාලගෙනුයි....විගාගේ මල්ලි කෙනෙක් හිටියා එහේ පොලිටික්ස් කරපු.ඒ නිසා තමයි ආණ්ඩුවෙන් ලෙඩේ ඇද්දේ.කප්පම් ඉල්ලලා ටෙරාලා ගේම ඉල්ලුවා.විගා ඒ ගැන ටිකක් කළකිරිලා හිටියේ.අනිත් එක විගාගේ පොඩි දුව පේරා කැම්පස් හිටියේ.කෙල්ලත් ටිකක් රැඩිකල් කැරක්ටර් එකක් ඒ කාලේ.ඔය කාලේ පේරා හිටපු ටැමිල් කොල්ලෝ තුන් හතර දෙනෙක් ටෙරරිසම් ඇක්ට් එකට ඇතුලට දැම්මා.උන් තාම ඇතුලෙද එළියෙද කියලවත් දන්නේ නෑ.විගා බයවුනා උගෙන් පළිගන්න කෙල්ලටත් එහෙම කරයි කියලා.කෙල්ලත් පොලිටික්ස් පැත්තෙන් ටිකක් ෆෝවර්ඩ්.බ්‍රිජට් ගියේ.ඉගනගත්තේ සිංහළෙන්.විගාගේ මල්ලී නිසා කෙල්ලත් ඒ මතවාදත් එක්ක හිටියා. ඒ නිසාම විගා කැනඩා ගියා පවුල පිටින්ම.ඌ යන්න කලින් ඉල්ලපු එකම දේ මේක දිගටම ඇදන් පලයන් ආපහු ආපු කාලෙක වැඩකරන්න ඌටත් මේසයක් දියන් කියලා විතරයි.දැනට අවුරුදු 3 ට විතර කලින් විගා එහෙදී මැරුනා."

ප්‍රධානියා ටිකකට කතාව නවත්වා කවුලුවෙන් ඈත බලාගන සිටියේය.

"
දැන් ඒ අයගේ පවුලේ කට්ටිය....?"

"
ලොකු දුවනම් බැඳලා එහේ.පොඩිදුවයි අම්මයි ගිය සතියේ ලංකාවට ආවා.මම හම්බවෙන්නත් ගියා"

"
දැන් මොකද්ද රුවන් අයියේ අවුල....?ඒ අය ශෙයාර්ස් ඉල්ලනවද....?"

"
අනේ නෑ බං...මම ඒක ගැන කතාකරන කොටත් ඒඅය කිවුවේ ඒ ගැන වචනයක්වත් කියන්න එපා කියලයි.....ඒත් උඹ දන්නවනේ....මමත් දැන් වයසයි.මගෙන් පස්සේ මේ මැග් එක නතරවෙනවට මම කැමති නෑ.මම විමලත් එක්කත් කතාකරලා තීරණය කලා මගෙන් පස්සේ අසෙනිටයි උඹටයි මේ මැග් එක බාරදෙන්න....."

"
අසෙනි කිවුවේ අර ගර්ල්ද....?ඒක සිංහළ නමක්නේ...?"

"
ඔවු....මමයි නම දැම්මේ"

"
මම දන්නේ නෑ රුවන් අයියේ මම මොකද්ද කියන්න ඕනේ කියලා.ඒත් තීරණ ගන්න හදිස්සි වෙන්න එපා.මේවගේ වගකීමක් බාරගන්න තරම් මම තාම හිත හදාගන නෑ.කොටින්ම කිවුවොත් මම ලංකාවේ ඉඳියිද නැද්ද කියලවත් මම තාම දන්නේ නෑ.අනික මම මේකට උඩින් පාත්විච්ච කෙනෙක්.මම මගේ උපරිමයන් වැඩ කරනවා තමයි.ඒත් ඔයගොල්ලේ දාඩිය මහන්සියෙන් ගොඩනගපු දෙයක් බාරගන්න තරම් කැපකිරීමක් මම මේකට කරලා නෑ.ඒ නිසා මාව මේකෙන් අයින්කරලා අර ගර්ල්ට මේක බාර දීපන්.මම පුළුවන් තරම්කල් මගේ වැඩටික කරගන යන්නම් මේ පොසිශ්න් එකේ ඉඳගන..."

"
විමලා මට කිවුවා උඹ ඔය විදිහට කියයි කියලා...තමන් ගැන අවතක්සේරු කරගන්න එක නතර කරපන්.උඹට හම්බුන හාල් කෑලි වලට උඹව වටින්නේ නැති උනාට උඹව වටින ගොඩක් එවුන් තාම ඉන්නවා.මගේ ලෙයින් හැදුන්නැති වුනාට මටයි විමලටයි උඹව අපේම ළමයෙක් ගානයි.ඒ නිසා උඹට මේක බාරගන්නම වෙනවා.අපි වයසට ගියහම අපිට කාත් කවුරුවත් නැතිවෙයි කියල හිතේ බයක් අපි දෙන්නටම තියනවා විහඟ...ඒ නිසා මේ දේ බාර අරන් අපිට බැරි කාලෙට පිහිටවියන්.ඒක මහ ආත්මාර්ථකාමී යෝජනාවක් වෙන්න ඇති.ඒත් ඒ දේ උඹෙන් ඉල්ලනවා අරෙන්න අපිට වෙන විකල්පයක් ඉතුරුවෙලා නෑ බං."

"
මම ඔයගොල්ලන්ව බලාගන්නේ මේ ලබ්බේ ශෙයාර් එක දුන්නහම විතරයි කියලද  ඔය දෙන්නා හිතාගන ඉන්නේ....?මතකතියාගනින් රුවන් අයියේ, මමත් මනුස්සයෙක්.මගේ ජීවිතේ එක කාලයක් තිබුනා මගේ වටේ හිටිය හැම එකෙක්ම මාව අතැරලා දාපු.ඒ වෙලාවේ මගේ අම්මයි තාත්තයි ඇරෙන්න මට හිටියේ උඹලා දෙන්නා විතරයි.ඔය හතරදෙනා විතරයි මාව විශ්වාසකලේ.ඒවා අමතක කරන්න තරම් බල්ලෙක් නෙමෙයි මම.ඔන්න ඔය මගුල ඕනේ එකෙක්ට දීලා වරෙන් යන්න අපේ ගෙදර දෙන්නම.ඔය හතරදෙනාව ජීවත් කරන්න පුළුවන් තරමට මම තාම හයියයි...."

හැඟිම්බර තරුණ කටහඬ ප්‍රධානියාට ඇතිකලේ කම්පණයක්.

"
ඕකනේ මගුල කියන්නේ මම හැමදාම.ඕනෑවට වඩා අවංකවෙන්න එපා බං.ඕක තමයි හැමදාම උඹට හෙනේට හිටියේ.හැම එකාම උඹට ඇරලා ගියේ ඔය නිසාමයි.අපි දෙන්නා ඒ තීරණේ ගත්තේ උඹට කප්පම්දීලා උඹෙන් සැලකුම් ගන්න නෙමෙයි.ඒක අපි අතින් වෙන්න තියන යුතුකමක්.අනික මේ මැගසින් එකට මම තාම ආදරෙයි.ඒක අකාලයේ විනාශවෙලා යන්න දෙන්න බෑ.ඒක දිගටම කරගනයන්න උඹට පුළුවන්.ඒකගැනත් හිතලයි මේ තීරණේ ගත්තේ...."

තරුණයාට නොදෙවනි දැඩි හඬකින් ප්‍රධානියාගේ කටහඬ ගිගුම්දුනි.මේසය මත වූ සිගරට් පැකට්ටුවෙන් සිගරට්ටුවක් දල්වාගත් තරුණයා ගතේ වෙව්ලීම පාලනය කරගනිමින් ප්‍රධානියා දෙස මදක් බලා සිටියේය.

"
හරි....උඹට මැරෙන්න තව කල් තියනවනේ.ඒක අපි එතකොට බලාගමු.හැබැයි ඒකෙන් කියන්නේ මම උඹේ අදහසට කැමතිවුනා කියලනම් නෙමෙයි හොඳේ.ඕක කාලෙට බාරදෙමු.එතකන් මට මේ හිටියාවගේ නිදහසේ වැඩටික කරගන යන්න දීපන්."

ප්‍රධානියාගේ මුවගට ඇතිවූවේ මද සිනහවකි.

"ඕනෑවට වඩා තදයි කියලා පෙන්නන්න යන්න එපා.එහෙම කරන හැම වෙලාවෙම උඹ පරදිනවා."

"අනේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටපන්.කතාව ඉවරයිනේ....මම යන්නද...?අනිද්දට ප්‍රින්ට් එකට යවන්න තියනවනේ.වැඩ ගොඩගැහිලා ටිකක්."

"කවුද කතාව ඉවරයි කිවුවේ...මේ මගුල්වලට නෙමෙයි උඹට එන්න කිවුවේ.වෙන දේකට..."

තරුණයා නිහඬවම තම ප්‍රධානියා දෙස බලා සිටින්නට විය.

"අසෙනි තාම මේවට පුරුදු කෙනෙක් නෙමෙයි.ටික කලයක් යයි මේවා අල්ලගන්න.උඹට පුලුවන්ද ඒ කෙල්ලට වැඩ උගන්නන්න....?මම උඹේ කැබීන් එකට තව මේසෙකුයි පුටුවකුයි දාලා කෙල්ලට තැනක් ඇරේන්ජ් කරලා දෙන්නම්...මොකද උඹ හිනාවෙන්නේ....?"

"අවුලක් නෑ...අසෙනිට දැන් වයස කීයක් විතර ඇතිද...?"
"25-26ක් විතර ඇති.ඇයි....?"

"හොඳ වයස වැඩ ඉගනගන්නයි උගන්නන්නයි....ඇත්තටම රුවන් අයියේ උඹ මගේ ගැන හිතනවා වැඩියිද කියලත් හිතෙනවා මට වෙලාවකට...."

"නොදකින් මූසලයා....මම තොට ගෑණු හොයල දෙන්න නෙමෙයි මේ ඔෆිස් එක දැම්මේ.මට එහෙන් මෙහෙන් ආරංචියි උඹ අර බාර්බි ගර්ල් එක්ක නටන නාඩගම් මේක අස්සේ....ඇත්තට ඒ හුට්ටප්පරේ කොහොමද බං දැන්?මම මේ ලඟදී විමලටත් කිවුවා."

"හුටා...විමලා ඇන්ටිත් දන්නවද ඒක....?එහෙනම් ෂුවර් එයා ඒක අපේ අම්මගේ කනෙත් තියලා ඇති..."

"හහ්..හහ්...මම හිතන්නේ නෑ...විමලා අහපුගමන් කිවුවේ විහඟ හංසිට කැමති වෙන්නේ නෑ කියලා.ඒ උඹේ චොයිස් එක නෙමෙයිලු...."

"අන්න දැක්කද...ඒ මනුස්සයා දන්නවා මම කොච්චර හැදිච්ච දරුවෙක්ද කියලා...ඒකට උඹ...එක එක මර දූතිකාවෝ එවනවා මගේ ලඟට වැඩ ඉගනගන්න කියලා.මම ඉතින් ධර්මය දන්න මනුස්සයා නිසා දන්තා,ලෝමා, කේශා කිය කියා උන්ගෙන් ගැලවිලා ඉන්නවා හිත දමනය කරගන"

"අනේ උඹේ දමනය කිරිල්ල....කොහොම උනත් අසෙනිගෙන් උඹට කරදරයක් නෑ...ඒ දරුව කසාදබැඳලා ළමයෙකුත් ඉන්න අම්මා කෙනෙක්..."

"නොදකින් විතරක්...උඹ කවද්ද අපිට ඇපල් දුන්නේ වැල ගෙඩි මිසක්.....මම යනවා...අරෙහේ වැඩ හිරවෙලා ඇති මම නැතුව...."

"දවල්ට වරෙන් ගෙවල් පැත්තේ ලන්ච් ගන්න..."

"අද බැරිවෙයි අයියේ...ප්‍රෙස් එකට යන්න ඕනේ 1ට විතර.ගියහම කීයට එන්න වෙයිද දන්නේ නෑ.විමලා ඇන්ටිට කියන්න වෙන දවසක එන්නම් කියලා"යි පවසමින්ම ඔහු ප්‍රධානියාගේ කුටියෙන් නික්මුනි.



තම අසුනේ හිඳගත් විහඟ කාර්යයාල අභ්‍යන්තර දුරකතනයෙන් ඇමතුමක් ලබාගත්තේය.
"හංසි...ලන්ච් ගෙනාවද...?"

"ඔවු අයියේ..ඇයි?"

"කමක් නෑ..මම 12.30ට විතර ප්‍රෙස් එකට යනවා.කෑම එක කාටහරි දීලා එන්න මාත් එක්ක යන්න.මගදී ලන්ච් ගමු දෙන්නම..."

"ඇයි ඒ එක පාරටම...?මම ගෙනාපු කිරි ටොෆි වලට හිලවුවටද...?එහෙනම් ඒ ලන්ච් එක නැතුවට කමක් නෑ..."

"මේ...මගේන් කුණුහරුප අහගන්නේ නැතුව මාත් එක්ක යනවනම් 12.30 වෙනකොට මගේ කැබීන් එකට එනවා..."
මුවට නැගෙනා දහසක් වදන් සිත තුලම සිරකරගත් තරුණයා මහා හඬින් දුරකතන රිසිවරය, දුරකතනය මත තැබුවේය.

"
ඔයා අනිද්දට කොළඹ එන්න.මම අරක කරගත්තා...ඔයාට IS කරන්න පුළුවන්....."

"
ඒ කොහොමද...?ඒ අය කිවුවේ IS කරන්න බෑ.ඕනෙනම් BIT කරන්න පුළුවන්.ඒත් exam වලට ඉස්සල්ලා A/L වැඩ 3ම පාස් වෙන්න ඕනේ කියලනේ...."

"
පණ්ඩිතයා වෙන්නේ නැතුව අනිද්දට එන්නකෝ....IS සෙක්ශන් හෙඩ් සඳුන් අයියගේ යාලුවෙක්.එයා කතාකරලා ඒ ගැන.A/L වැඩ 3 exam එකට ඉස්සල්ලා කරලා දෙන පොරොන්දුව පිට ඔයාට කරන්න දෙන්නම් කිවුවලු.අපිට ඒක exam වලට ඉස්සල්ලා කරගන්න පුළුවන්...."

"
ෂුවර්....?"

"
මම ඔයාට බොරු කියලා තියනවද....?අනිද්දට එනවා මෝඩ පැටියෝ....ඒ වැඩේ හරි..."

"
ඔයාට පිං අයියේ...."

"
ඔය පින තියලා වාඩිවෙලා මෙහෙම මෙහෙම කරන්න"

"
මෙහෙම මෙහෙම කිවුවේ කොහොමද....?"

"
වාඩිවෙලා පස්සෙන් තලන්න මෙහෙම...."

"
කෝ...පේන්නේ නෑනේ...මම ආවහම මට පෙන්නන්න හොඳේ මෙහෙම මෙහෙම කරන හැටි...."

"
වරෙන්කෝ මම පෙන්නන්න....මෙහෙම මෙහෙම කරන හැටි විතරක් නෙමෙයි....අරෙහෙම මෙහෙම කරන හැටිත් මම පෙන්නන්නම් එදාට...."

"
අම්මෝ...බයෙත් බෑ....මට මොනවා කරයිද දන්නේ නෑ...."

"
ඇයි බයද....?"

"
පොඩ්ඩක්වත් නෑ...."

"
ඇයි....?"

"
ඔයාගැන මම දන්න නිසා...මගේ තාත්තා වගේම මට ඔයාව විශ්වාසයි...."

"
මගේ ගැන එච්චර විශ්වාස කරන්න එපා....මම හොඳ මිනිහෙක් නෙමෙයි...."

"
ඒකට කමක් නෑ...ඔය තියන ගතිගුණ වලට කියන්නේ නරකයි කියලනම් මම ඒ නරකට කැමතියි...."

"
මම දැක්කමයි නරකට කැමති කෙල්ලෙක්ව...."

"
නරකයෙක් එක්ක ඉන්නකොට නරකට කැමතිනොවී බෑනේ....මේ අයියේ...ඔහේ ආවහම බෝඩිමක්...?"

"
ඉස්සල්ලා ඔයා එන්නකෝ....බෝඩිම ගැන මම බලාගන්නම්...මොකද කියන්නේ, අපේ ගෙදර නවතිමුද....?හැබැයි ඉන්න වෙන්නේ මගේ කාමරේ...."

"
අච්චර හිස් කාමර තියාගන ඔයාගේ කාමරේ ඉන්නේ මොකටද....?"
"ඒ කාමරවල භූතයෝ ඉන්නවා....මගේ කාමරේ විතරයි නැත්තේ."
"ආපෝ...ඔය කාමරේ ඉන්න මල යකා එක්ක ඉන්නවට වඩා හොඳයි භූතයෝ එක්ක ඒ කාමරේ ඉන්නවා... විහිළු නෙමෙයි අයියේ...ගොඩක් ගාන වැඩි තැනක්නම් එපා....ගාන අඩුතැනක් බලලා කියනවද මට..."

"
දැන් කවුද සල්ලි ගැන කතාකලේ....ඉස්සල්ලා ඔයා එන්න.ආවට පස්සේ ඔය දේවල් බලාගමු.කොහොමටත් එදාම යන්න බලාගන එන්න එපා.රෙජිස්ට්‍රේශන් එක කරලා බෝඩිමකුත් බලලා ක්ලාසුත් හොයාගමු.ඕක කරන ගමන් A/L වලට නුගේගොඩ රවුංගහන්න බෑ ඔයාට.මේ අවටින් ගෲප් ක්ලාස් හොයාගමු."

"
ඒත් අයියේ ඔයා පවුනේ..."

"
ඔයා මගේ වෙන්න ගෑනි.ඒ ගෑනි ගැන මම බලන්නේ නැතුව අල්ලපු ගෙදර එකාද බලන්නේ...?කට වහගන අනිද්දට එන්න..."

"
ඒත් මම ගෙදරට මොනවද කියන්නේ බෝඩිම් ෆීස් ගැනයි...ක්ලාස් ෆීස් ගැනයි...?"

"
ඒකට මොනවාහරි කරමු...ඔයා එන්නකෝ ඉස්සල්ලා....ඉතුරු ටික ආවට පස්සේ බලාගමු...."

"
මොනවද කන්නේ..."

"
බුරියානි...මොකද බුරියානි කිවුවහම හිනා වෙන්නේ....?"

"
නෑ..බුරියානි කිවුවහම මට මතක්වෙන්නේ ඔයාගේ බුරිය..."

"
මගේ බුරිය....?ඒ කවද්ද ඒක දැක්කේ...?"

"
කවුද ඕක නොදැක තියෙන්නේ....සාරිය ඇඳන් එන්නේ ඕක පෙන්නන්නනේ....?"

"
අපොයි ඔවු...මම සාරිය ඇඳන් එන්නේ බුරිය පෙන්නන්න තමයි....මේකේ ඉන්න තරමක් ඉන්නේ අසහනකාරයෝනේ....උන්ට ආතල් එකක් දෙන්න හිතාගන තමයි මම සාරිය ඇඳන් එන්නේ.....මේ පේන්නේ නැද්ද එක්කෙනෙක්.....ඉන්නේ මාව පේන්න බෑ වගේ.ලඟට ආවොත් මාව පන්නනවා ,බෙල්ල මිරිකයි කියලා බයවෙලා වගේ...ඒ වුනාට ස්කෑන් මැෂින් එකක් වගේ මගේ ඇඟේ හැම අඟලක්ම සර්ච් කරනවා...."ඇය කෝපයෙන් පැවසුවාය.

"
මම ඉතින් ලස්සන දේවල් බලනවා...තහනමක් නෑනේ...?"

"
ආපෝ නෑ...දැන් මොකද්ද ලස්සන...බුරියද...?"

"
ඊයා...ඒක නිකන් වේලිච්ච කොස් මදුලක් වගේ..."

"
ඇත්තද...?වේලිච්ච කොස් මදුළු දිහා බලලා හොඳට පුරුදුයි නේද....?"

"
හම්ම්...ඇයි අවුල්ද....?"

"
ආපෝ කිසි අවුලක් නෑ..."

"
මේ අහනවකෝ.....මම ආවේ ඔයාගේ බුරියගැන කතාකරන්න නෙමෙයි....වෙන දෙයක් කතාකරන්න...."

"
කියන්න...මම අහගන ඉන්නේ..."

"
ඇයි තාම ඔය අදහස හිතින් අතෑරියේ නැත්තේ...?"

"
මොන අදහසද...?"

"
බබා වෙන්න එපා....ඔයා දන්නවා මම මොකක් ගැනද කියන්නේ කියලා..."

"
මට ඕනේ නිසා..."

"
හංසි,දරුවෝ....මම ඔයාට කැමතියි.ඔයාගේ ඔය විවෘතභාවයට,අවංකකමට, හිතවත්කමට මම කැමතියි.කොටින්ම කියනවානම් ඔයාගේ රූපයටත් මම කැමතියි.හැබැයි ඔයාව මගේ වයිෆ් කරගන්න මම කැමති නෑ.මට ඔයා හොඳ යාළුවෙක්,සහෝදරියෙක් විතරමයි.එතනින් එහාට ඔයාගැන කිසිම හැඟීමක් මට නෑ.ඉතින් ඒක තේරුම්ගන්න හොඳ දරුවා වගේ...."

"
ඉතින් දැන් මට මොකද්ද කියන්නේ...?"

"
මගේ ගැන බලාපොරොත්තු තියාගන්න එපා...ඒක කවදාවත්ම ඉෂ්ඨවෙන දෙයක් නෙමෙයි..."

"
මිස්ටර් විහඟ කරුණාතිලක....මේක අහගන්න.මේ ලෝකේ ඕනෙම කෙනෙක්ට තව කෙනෙක්ට ආදරේ කරන්නත් පුලුවන්.තව කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්නත් පුලුවන්.ඒකට කාගෙන්වත් අවසරයක් ඕනේ නෑ.අර ඔයා කියපු හේතුවලට තව හේතුත් එකතුකරලා මම ඔයාට ආදරෙයි.ඔයාව මගේ හස්බන්ඩ් විදිහට, BF විදිහට පිළිගන්න මම කැමතියි.ඔයත් එක්ක ජීවිතය බෙදාගන්න මම කැමතියි.ඒත් ඔයා ඒකට කැමති නෑ.ඒ වුනාට මම ඔයාට ආදරේ කරනවා.ඔයා මාව ප්‍රතික්ෂේප කරනවා වගේම ඔයාට ආදරේ කරන්න මටත් පුළුවන්.ඒක ඔයාගේ අයිතිය වගේම මේක මගේ අයිතිය.ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව ඉන්න."

"
ඒ වුනාට ඒක මගේ හිතට බරක්"

"
අතාරින්න...අර ඔයා හැම තිස්සෙම කියනවා වගේ බදාගන හිටියහමනේ හැම දුකක්ම.යන්න දෙන්න.ඔයාගේ හිත සැහැල්ලුවෙයි...."
විනෝදකාමිනියක් ලෙස මෙතෙක් කල් සිතාසිටි තරුණියගේ මුවින් පිටවන වදන් අභිමුව අසරණවගිය තරුණයා ඇයගේ දෑස් දෙසම බලා සිටින්නට විය.ඒ අතරතුර ඔවුන් ඇණවුම්කල ආහාරද පිළිගැන්විනි.

"
මගේ අත කැපිලා..."

"
හැන්දක් ඉල්ලගන්න...."

"
හැන්ද අල්ලන්නත් බෑ...හොඳටම කැපිලා...."

කිසිවක් නොකී තරුණිය මෙතෙක් හිඳසිටි ඉදිරිපස අසුනින් නැගිට තරුණයාගේ  දකුණුපසින් අසුන්ගන ඔහුගේ පිඟානේ වූ ආහාර අනන්නට විය.

"
අතද හිතද කැපිලා තියෙන්නේ....?"

"
ජීවිතය...."


                                                   
-මතු සම්බන්ධයි-





කටුස්සා....


38 comments:

  1. ඩිගි ඩිගි ඩිගි ඩිගාරේ...හුරේ...අද මමයි එක​...ඕනා මට බුල්ටෝ එකක් අද හැබැයි..හැක්...කටුසු...කවදත් වගේ මං අදත් ඒ වචන අස්සේ අතරමං...තෝන්දු and මාන්දු...හිකිස්....ඒ වචන ගලපන විදිහට මං මාරම like.ආසාවෙන් කියෙව්ව මං..

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයින්ට බුල්ටෝ කන්න හොඳ නෑ.ඒකනිසා දෙන්නේ නෑ.
      අදහස් දැක්වීමට ස්තූතියි.ඒත් ආපුකාලේ තිබ්බ කික් එක නැතිකරගන එහෙන් මෙහෙන් පෝස්ට් දාන එකෙක් වීගන එන එකටනම් ගොඩක් කේන්තියි.කම්මැලිකම පැත්තකට දාලා ගිහින් ලියපන් @#$%%$ #$%$# #$%%$$#

      Delete
    2. හප්පේ..මේ යනෝ මේ යනෝ...කේන්ති ගස්සවලා ලේ පුච්චන්නෙ අහවල් එහෙකටැ...හිකිස්...කම්මැලි කම කොහේ ගියාද මන්දා reply එකට​

      Delete
  2. කැපිල තියෙන්නේ හිත ෂුවර් එකටම

    ReplyDelete
    Replies
    1. මවුන්ට් එළිසබෙත් යවන්න වෙයිද?

      Delete
  3. ම්... බලමුකො මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා නින්දෙන් ඇහැරිලා....

      Delete
  4. හ්ම්ම්ම්...හිත කපුනම අත පය හතරම කැපුන වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. හම්ම්...ඒත් හිත කැපුනහම අනිත් අයට පෙන්නන්නේ නැතුව හංගගන හිනාවෙන්න ලේසියි.

      Delete
  5. ඔන්න ඕකනෙ බැරි.. පිස්සුනෙ මූ කෙලින්නෙ.. මේ මචෝ.. මේකෙ සමහර දෙබස් සෑහෙන්න හුරුයි නෙ... අනේ මන්දා වගේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැනට හිතාගන ඉන්න විදිහටනම් ඕකා ඉස්සරහටත් කෙලින්නේ පිස්සුම තමයි.ලබ්බෝ....සුදූ මේ...අර හුරුපුරුදුයි කියන වචනේ තේරුනේ නෑ.ඒ කියන්නේ මේ වගේ කතාවක් බ්ලොග් එකක හරි වෙන මොකක හරි තිබුනද?

      Delete
  6. ///"ඊයා...ඒක නිකන් වේලිච්ච කොස් මදුලක් වගේ..."///

    ලස්සන දේවල් ගැන මෙලෝ අදහසක් නැති එකෙක්... තුක් ඉතරක්...

    ReplyDelete
    Replies
    1. අරින්න එපා ලොකු
      ගල් මුසලයා එහමත් අපහස කරනවද යකෝ අර වටින දේවල් වලට

      Delete
    2. යකෝ...අච්චර ලස්සන අංග උපාංග තියෙද්දී බුරියේ ලස්සන විතරමද තොපිට පේන්නේ?

      Delete
  7. හ්ම් මේ කතාව ලස්සනට ගලාගෙන යනවා.. හැබැයි ඉදිරියට දුක හිතෙන සිදුවීම් සිදුවෙන හැඩයි.
    උබ ලියන විදිය මරු..

    ReplyDelete
    Replies
    1. දැනටනම් දුක හිතෙන්නේ මට බං මේවා ටයිප් කරන්න ගියහම.

      Delete
  8. දැන් දැන් යන පොටනං හොදනෑ කසුට්ටෝ...........

    ReplyDelete
  9. ඇර සොලෝ
    අඩියක් ගහලා කතා කරන්න ඕන ප්‍රස්නයක්

    ReplyDelete
    Replies
    1. බොලාට දැන් අපිව අමතක වෙලා නේ.. ඔහොම තමා හරියනකොට..

      Delete
    2. අනේ නැහැ මචෝ ඉක්මනටම එනවා ඒ පැත්තට

      Delete
    3. උඹත් එක්ක ඒ වැඩේට සෙට් වෙන්න සෑහෙන්න කාලයක් බලන් ඉන්න සිද්දවෙයි.

      Delete
  10. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. හරිම ලස්සනයි ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. එහෙන් මෙහෙන් දකින විදිහටනම් විභහගෙට සුදානම්වෙනවා කියලා ආරංචියි.ඒ වැඩ අස්සේ වුනත් මේ පැත්තට ඇවිත්යන එකට ස්තූතියි අතා.

      Delete
  11. අඩේ මරු බන්... මේක දිගම දිග එකක් නේද..

    ReplyDelete
    Replies
    1. දෙවැනි කොටස දානකොට ඊට කලින් කොටසට ලින්ක් එක දාහන් මතක ඇතුව.. පලවෙනි කොටසේත් දාහන් දෙවැනි කොටසට ලින්ක් එක.. එතකොට මගින් එල්ලෙන මම වගේ එවුට ලේසියි කටුස්සෝ..

      Delete
    2. ඒක මගෑරිලා.පෙන්නලා දුන්නට ගොඩක් ස්තූතියි මචෝ.දිගම එකක් වෙයිද කියලනම් දන්නේ නෑ.බලමු.ලියවෙනකම් ලියමු.

      Delete
  12. අඩේ මතුසම්බණ්ඳයි එකනේ ඉවසන්න බැරි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඉතින් පොඩි එකා වෙන්න හදනවනේ....ඉවසපන්.දැන් උඹ ලොකුයි.

      Delete
  13. //දන්තා,ලෝමා, කේශා කිය කියා//

    ඒ මංතරේ වැඩ කරනවද

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.මමනම් පාරේ යන්නෙත් ඕක කියව කියව.ඒ වුනාට ඊයේ අටමා ඔයිට වඩා හොඳ මන්තරයක් කියලා දුන්නා කට්ටියට.හිතෙන විදිහට ඒක හොඳයි මේකට වඩා.

      "ගෑණු ඔක්කොම එකයි බං...අයිඩෙන්ටිටි කාර්ඩ් නොම්බරේ විතරයි වෙනස් "-අටමා.

      Delete
  14. එදත් කියන්න හිටියා....
    විහඟ.....
    පුරුදු නමක් ඔයාගේ කතාවල.අර අස්සෙන් යන අතීත කතාව දැක්කහම සැකහිතුනා.අද ඒ සැකේ තහවරුවුනා.කලින් ලියලා භාගෙට නතරකරපු "මම ඔබට ආදරෙයි" කතාවෙන් ඈත්වෙනවනම් මම කැමතියි.නැත්තම් මේකත් අර මැක්කගේ කතාව වගේවෙයි.
    කතාව ලස්සනයි.වටේ ගිහින් විස්තර කරන එක ඉක්මනටම ඉවරකරලා කතාව පටන්ගන්න.කොටස් දෙකක් ගියාට තාම කතාව පටන් අරගන නෑ කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. චෝදනාව පිළිගන්නවා.ඒ කතාවනම් ලියන්න ගොඩක් උවමනාව තිබ්බ එකක්.ඒත් නතරකරලා දැම්මා.ඒ නිසා ඒ කතාවේ සමහර දේවල් මේකට එකතුවෙනවා ඇති.දැන්නම් "මම ඔබට ආදරෙයි" එකෙන් අයින්වෙලා ගොඩක්කල්...D.විහඟ කියන නමනම් තෝරගත්තේ ටයිප් කරන්න ලේසියට.

      Delete
  15. බුරියෙනුත් පල්ලෙහට යයි වගේ......ජය ජය.....දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. පිස්සුද....අපි එහෙම නරක ළමයි නෙමෙයි බොල.

      Delete
  16. පස්ට ලිවිල්ල,ජයවේවා.

    ReplyDelete
  17. දැනට ශේප් එකේ යනවා කතාව.. ඉස්සරහට මොනා වෙයිද? :(
    හංසි-විහග සෙට් වෙයිද?
    අසෙනි ගෙ පවුල කැඩෙයිද?

    විමසුම් ඇසින්........

    ReplyDelete
    Replies
    1. ඔය පවුල් කඩනවා වගේ නරක වැඩ අපි කරන්නේ නෑ.බොරුනම් අහපන් රූපෙගෙන්.

      Delete