Thursday, February 25, 2016

සුරතාන්තය ප්‍රමාදයි......


සදාචාරය සහ ගරුත්වය....ලෝකෙන්ම උතුම් රටයි කියලා කියන මේ අමුතු ඇටේ ඇතුලේ ඉන්න බහුතරයක් හුදී ජන මන අමුතුම ආතල් එකකට අරගන යන වචන දෙකක්.තව කෙනෙක් එක්ක කතා කරනකොට, තර්ක කරනකොට මේක ඇතුලේ ජීවත්වෙන ඈයෝ තරම් සදාචාරසම්පන්න පිරිසක් මේ ලෝකේ කිසිම රටක නැතුව ඇති.කොටින්ම කියනවානම් රෙද්දේ තුත්තිරි ගෑවුන උපාසක අම්මෙක්, සරමේ කහඹිලියා ගෑවිච්ච උපාසක මහත්මයෙක් මේ රටෙන් බෙහෙතකටවත් හොයාගන්න බෑ.මේ රටේ ජීවත්වෙන්නේ රහසින්වත් පවු නොකරන අමුතුම ජාතියේ මිනිස්සු කොට්ඨාශයක්.මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ ප්‍රශ්න 2යි.
01. දේශපාලනය.
02. ආගම.

ඔය ප්‍රශ්න 02 ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් මොවුන්ට නෑ.තමන්ගේ මිනිහා, ගෑණි වෙන එකෙක් එක්ක යනඑක, ගන්න පඩියෙන් ජීවත්වෙන්න බැරුව යනඑක ,බැංකුවෙන් ගත්ත ණය වාරිකය ගෙවාගන්න බැරුව යනඑක  වගේ දේවල් මොවුන්ට ප්‍රශ්න නෙමෙයි.මේකේ ජීවත්වෙන මිනිස්සු ඔයවගේ ප්‍රශ්න  යටිපතුලෙන් උඩට ගන්නේ නෑ.ඒ වුනාට මහින්ද මහත්තයා අළුත් පක්ශයක් හදයිද?, නාමල්ව FCID එකෙන් අරගන යයිද?, රනිල් දෙරණේ බලපත්‍රය තහනම් කරයිද?, ගූගල් බැලූන් එක ගොඩ බෑවද?කඩාගන වැටුනද?, ඉරාජ්ගේ සිංදුවෙන් මුස්ලිම් ජාතිකයන්ට අපහාසයක් සිදුවෙයිද?, උඩුවේ හාමුදුරුවෝ අහිංසකයි නේද? වගේ ප්‍රශ්න ගැන රාජකාරියට පිටත්වෙන බස් රථයේ ඉඳලා හවසට ගෙදර එනකොට හාල්මැස්සෝ 100ක් ගන්න යන කඩේට වෙනම් සාකච්ඡා කරන්න, තර්ක කරන්න කරුණු, කාලය ඕන තරම් මේ ඔළුගෙඩිවල පිරිලා.කොටින්ම කියනවානම් ඊයේ රෑට කෑවේ මොනවද කියලා මතක නැති එකාට බැසිල්ගේ ඊළඟ නඩු දිනේ මතකයි.ඉතින් ඔයවගේ ජීවිතේකට හුරුවෙලා ඇස් ඇරගන ස්වයං වින්දනයේ යෙදෙන මේ පිරිසට මෙච්චරකල් ආතල් දුන්නේ දේශපාළුවොයි ආගමික නායකයොයි විතරයි.ඒත් මෑතක ඉඳන් මාධ්‍යවේදීයෝ කියලා කියාගන්න පිරිසකුත් මේ ජහමනයාට ආතල් දෙන්න පටන් අරගන.හැබැයි ඒ කාටවත් ඇඟට පතට නොතේරෙන විදිහට.

ආගම සහ දේශපාලනය එකිනෙකාට සමාන්තරද?ඔය ප්‍රශ්නෙට මට වඩා බොහෝ දැණුම් තේරුම් ඇත්තෝ කෙස් පැලෙන උත්තර දීලා තියනවා ඉස්සර ඉඳන්ම.බෞද්ධාගමික පැත්තෙන්නම් මහාචාර්යය ගුණපාල මලලසේකර, ධර්මසිරි රත්නසූරිය, යක්කඩුවේ ප්‍රඥ්ඥාරාම හිමි වෙනි වියතුන් මේ ගැන ඔවුන්ගේ අදහස් බරසාර විදිහට ඉදිරිපත් කලා 1900 බර ගණන් වල ඉඳලම.ඒ  වගේම තමයි අපි අදහනවායි කියන බුදු ධහමේ නිර්මාතෲන්  වන ගෞතම බුදුන් වහන්සේත් "භික්ශුව කිසි විටකත් රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවිය යුතුය" කියලා වදාරලා තිබුනා.ඔය මොනවා වුනත් කවුරු කැමති අකමැති වුනත් මේ වෙනකොට ලාංකීය දේශපාලනය තුලට භික්ශූ මැදිහත්වීම සිදුවෙලා ඉවරයි.ඒත් එතන මොකද්දෝ විශාල අවුලක් වෙලා තියනවා බැලු බැල්මටම.ඒ දේශපාලනය කරන භික්ශූන් දේශපාලනයට සිවුර පොරවන්න ගන්න උත්සහයයි.නිදහසින් පසු ලාංකීය දේශපාලනය තුල ආගම කියන සංකල්පයට රටේම ලොකු ඉඩක් තිබුනත් සුළු ජාතික ඡන්ද පදනම ගැන සලකාබැළු දකුනේ බහුතරයක් දේශපාලකයෝ ආගම කියනදේ මහාලොකුවට උලුප්පන්න ගියේ නෑ.උතුරේදී ඒ තත්වය වෙනස්වුනත් පසුකාලීනව ඒ වෙනස්වීමේ වන්දිය මුළු රටටම එකතුවෙලා ගෙවන්න සිද්දවුනා.

ඔන්න ඔයවගේ තත්වයක් තිබියදී ""හෙළ උරුමය" වෙනි කණ්ඩායම් වලට නිර්මාණය විය හැකි හිඩැසක් රටතුල ඇතිවෙනවා.ඒ හිඩැස නිර්මාණය කරන්නේත් මේ රටේ දේශපාලකයන්මයි."මේක සිංහළ බෞද්ධ රටක්" කියලා කියාගන්න බැරි තරමට දේශපාලකයෝ නිවට වෙනවා.ලැජ්ජා වෙනවා.ඇඟ ඇතුලේ හැංගිලා තිබුන සිංහළ බෞද්ධ ගොන්කම සිරිල් මැතිවුලා වෙනි දේශපාලකයන්ගෙන් එළියට මතුවෙනවා.ලංකාව ලෝකයක් ඇතුලේ හුදකලා වෙනවා.කුල පීඩනය නිසාම  ඇරඹුන පිරභාරන්ගේ විප්ලවය පල්ලියේ මැදිහත්වීමෙන් වෙනම රාජ්‍යක්  දක්වාම පුළුල් වෙනවා.මුතු ඇටය කඳුළු බිංදුවක් බවට පත්වෙනවා.රටේ පාලකයන්ගේ තීරණගැනීමේ නිදහස කලාපයේ සහ ලෝකයේ බලවත් රටවල් අතට පත්වෙනවා.අන්න එතනදී පාලකයෝ අතට ගන්න බයවුන සිංහළ බෞද්ධ කොඩිය හෙළ උරුමය, සිංහළ වීර විදහන වගේ සංවිධාන ඔවුන් අතට ගන්නවා.ඔවුන් ජන සමාජයේ මහත් වූ පිළිගැනීමක් තිබුන සිවුර ඒ සඳහා උපයෝගී කරගන්නවා.පාලකයෝ සමග තිබූ ඇරියස් එක නිසාම සියළු සත්වයෝ නිදුක් වෙත්වා කියන සිල්පදය අමතක කරලා භික්ශූ සමාජය එම සංවිධානත් සමග එකතුවෙනවා.ජාතිය සහ ආගම පිළිබඳව පමනක් දැක්මක් තිබූ එම සංවිධාන වලට ආර්ථික හා සමාජීය දැක්මක් නොතිබුන නිසාම ඉතිහාසයට එකතුවෙන්න සිද්ද වෙනවා.ඒවා දැකලා චූංවෙන පාලකයෝ සතුටුවෙනවා.හැබැයි ඔවුන් එක දෙයක් අමතක කරනවා.ඒ; මිනිස්සු මේ සංවිධාන වලින් ඉවත්වුනේ රට ජාතිය පිළිබඳව හැඟීමක් නොතිබුන නිසා නොව රටට වඩා බඩගින්න ලොකුවූ නිසා බව.එම සංවිධානත් සම්පූර්ණයෙන් වඳවී නොයා සමාජයේ යම් යම් කොට්ඨාශ අතර ස්ථානගත වෙනවා.ඔය කාලය ඇතුලතදී "ත්‍රස්තවාදය" ලාංකීය දේශපාලනයේ බයිට් එක වෙනවා.ජනමාධ්‍ය, කලාව, සංස්කෘතිය, රැකියාව ආදී සෑම අංශයක්ම යුද්දය නිසා දිවි රැකගන්නවා.කාලයකදී යුද්දය නිමා වෙනවා.යුද්ධය නිසා පෝශනයවුන සමාජය නන්නත්තාර වෙනවා.රටේ සැබෑ ප්‍රශ්න අමතක කරවන්න පාලකයන්ට වෙනත් විසඳුම් කරා පියනගන්න සිද්දවෙනවා.මිනිස්සුන්ව ගස් බඳින ඇමතිලා, ක්ලබ් ගිහින් මරාගන්න ඇමති පුත්තු, නයිට් රේස් කරළියට එනවා.ඒවත් මිනිස්සුන්ට ටික කාලෙකින් එපා වෙනවා.අන්න එතකොට අමතකවෙලා තිබුන සිංහළ බෞද්ධකම පාලකයන්ට මතක්වෙනවා.යුද්ධයෙන් බැටකාපු දමිල වැසියන් ආපහු කට ඇරගන්න බැරි තරමටම වැටිලා.පාලකයෝ විකල්පයකට යනවා.මෙච්චරකල් රටේ ජීවත්වුන මුස්ලිම් ජනතාව හම්බයෝ විදිහට නම වෙනස්කරලා සමාජගත කරනවා.ඉස්සර තමන්ගේ ජංගම දුරකතනයට නිවුස් ඇලර්ට් එකක් ආපු ගමන් කොහේද බෝම්බයක් පුපුරලා තියෙන්නේ?...කී දෙනෙක් මැරිලද....? කියලා බලන් ඉඳපු, දැන් නිවුස් ඇලර්ට් නැති නිසාම කම්මලිකමෙන් ඉන්න මිනිස්සුන්ගේ කකුල්දෙක මුලට හලාල් කියන වචනේ අතාරිනවා.බණකට, පිරිතකට ඕන වුනහම විතරක් මතක්වෙන නිසා ශාසනේ එපාවෙලා ඉන්න භික්ශුවව රට ජාතිය කියන අතුරුපස පෙන්නලා වීරයෝ කරවනවා.ගෙයින් එළියට බැස්සොත් හලාල් ගැන කතාකරන 10ක් විතර මුනගස්සවන තත්වයට සමාජය පත්කරවනවා.සෑහෙන්න කාලයක් හලාල් පිහිටෙන් රටේ ප්‍රශ්න අමතක කරවනවා.කොහොම හරි හලාල් තහනම් කරනවා.ඒත් හලාල් තහනම නිසා මිල අඩුවිච්ච එකම නිශ්පාදනයක්වත් හම්බුනේ නැති පාරිභෝගිකයා හලාල් තහනම් වුන නිසා තෘප්තියට පත්වෙනවා.අපි තමයි මේක කලේ කියලා නානසාරලා,විමලජෝතිලා උදම් අනනවා.ඔවුන්ට සමාජයෙන් ලැබෙන තැන ගැන ඊර්ෂ්‍යාවෙන් පෙලෙන සද්ධාතිස්සලා තව තව සංවිධාන අරඹනවා.බට කැලේ එක තැනකට ගිනි තියපු පාලකයෝ කැලේම ඇවිලෙනහැටි දැකලා හිනාවෙවී බලාගන ඉන්නවා.ඔය අස්සේ තමන් මේ රටේ සුළු ජනකොටසක් බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටක සුළු ජන කොටස් සඳහා ලබාදියයුතු බවට නීර්ණයකොට ඇති අයිතීන් වලට වඩා වැඩි අයිතීන් ප්‍රමානයක් තමන් දැනටමත් භුක්තිවිඳින බවටත් අමතකවුන පිස්සු හුටං තම්බි රැලක් සිංහළ අමනයන්ට බයිට් සපයනවා.

ඔය ආතල් අස්සේ ස්වයන් විංදනයේ යෙදිච්ච ජහමන බහුතරයක් සුරතාන්තයට පත්වෙලා ඇස් අරිනවා.පාලකයෝ මාරුවෙනවා.ජහමනයාව ආපහු ස්වයං වින්දනයේ යොදවන්න නිමිත්තක් හොයන අළුත් පාලකයන් හොරු ඇල්ලීම්, මාධ්‍ය නිදහස, ප්‍රජාත්‍රන්තවාදය වගේ පොශ් නිමිති ඔවුන් ඉස්සරහා අතෑරියත් ,වැඩේට සෙට්වුන ගමන් සරම කඩලා, රෙද්ද කඩලා යහන්ගත වෙන්න පුරුදුවෙලා හිටිය බහුතරයකට ඒවා එච්චර නොදිරවන ගතියක් දැනෙනවා.පාලකයෝ අසරණවෙලා උඩබිම බලද්දී පරණ සෙට් එක උදවුවට එනවා.පන්සලක් පන්සලක් ගානේ ගිහින් බෝධිපූජා තියලා, පොල් ගහලා, පාර්ලිමේන්තුවේ නිදියලා මිනිස්සුන්ට පුදුම ආතල් එකක් දෙන්න ඔවුන්ට පුලුවන් වෙනවා.ඒ අස්සේ සිංහයා කවමදාවත් ගෙදරට ආවේ නැති,අම්මා කවමදාවත් සිංහයෙක් ඉන්න කැලේකට නොගියපු පිරිසක් සිංහ ලේ ගැන කතා කරනවා.සිංහ ලේ වලට යටවන තමන්ගේ තිබුන තැන රැකගන්න නානසාරලා උසාවි ගිහින් "උඹේ මිනිහා කොටියෙක්...ගිහින් හිඟා කාපන්..." කියලා කෑගහලා උවමනාවෙන්ම අත් අඩංගුවට පත්වෙනවා.ගිනි තියාගන්න සියගානක් ඉන්නවයි කියලා තෙල බෙදපු සෙට් එක වාශ්පවෙනවා.අන්තිමේදී පැට්‍රල් නිකන් දුන්නත් ගිනි තියාගන්න එකෙක් හොයාගන්න බැරිවෙනවා.ඔය අස්සේ පන්සල්වල අලි පැටවු දාලා යනවා.එක බණකට ඕන කරන සවුන්ඩ් වලට ලක්ශ ගානක් ගන්න හාමුදුරුවරු නඩු කියන්න සල්ලි නැතුව රුපියල් 10ක් ඉල්ලලා පත්තරවල ලක්ශ 3-4 දැන්වීම් දානවා.ඔය අස්සේ යන්තම් කටට පන ආපු විග්නේශ්වරන් හැම මනුස්සයාම දෙමළ ඉගනගන්න ඕනේ කියලා සිඟිති ආතල් දෙනවා.කට වහගන හිටියොත් මිනිස්සුන්ට තමන්ව අමතකවෙයි කියලා හිතන හම්බ මෝඩයෝ ඉරාජ්ගේ සිංදුවෙන් අල්ලාට අපහස වෙනවා කියලා කෑ ගහනවා.වර්තමාන පාලකයෝ සැනසුම් සුසුම් හෙලනවා.

ඔන්න ඔය අතරේ අළුත් සෙට් එකක් කරළියට එනවා, ජඩ මාධ්‍යවේදියෝ කියාගන.ඉස්සර ඉඳන් හිටිය සෙට් එකක් උනත් ඒ කාලේ බහුතරයක් වෘතීය ගරුත්වය රැකගන ජීවත්වුනා.දැන් එවුන්ට එහෙම එකක් නැතිගානට වැඩේ කරගන යනවා.උකුස්සෝ, ඒජන්ට්ලා බැළුම්ගල් උඩට වෙලා බලාගන ඉන්නවා.උන්ට පේන්නෙම තමන්ගේ ළමයින්ගේ බඩගින්න නිසාම මුදලට වෙන මිනිහෙක්ට රෙද්ද උස්සන ගෑණුයි ,රුපියල් හාර පන්සියයක් ජරාවකන පොලිස් කොස්තාපල්වරු, ලිපිකරුවන් වෙනි රාජ්‍යසේවයේ පහල මට්ටමේ නිලධාරීනුයි, රුපියල් 500යේ කුඩු පැකට් 10-15 විකුණන මිනිස්සුයි විතරමයි.කලතුරකින් එතනින් උඩට ගියත් අඩුමගානේ උන්ට ජරාව කන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් අල්ලගන්න හයියක් නෑ.ප්‍රාදේශීය සභාවේ TO ගෙන් උඩට උන්ට යන්න බැරි බව උනුත් හොඳටම දන්නවා.ඉතින් මිලියන බිලියන ගනන් කොමිස් කුට්ටි අත යටින් හුවමාරු වෙන රටේ රුපියල් 2000ට රෙද්ද ගලවපු ගෑනු පවුකාරයෝ වෙනවා.ඔවුන්ව කොටුකරගත්ත හැටි දවස් ගනන්,පැය ගනන් කතකරනවා.පත්තරවල පිටු ගනන් අකුරු කරනවා.පොලීසිය වැටලීම් වලට මාධ්‍යකරුවනුත් සහභාගී කරවගන්නවා.කිසිම සදාචාර සම්පන්න කමක් නොමැතිව සැකකරුවන්ගේ මුහුණු, නම් ගම් මාධ්‍යයේ පලකරනවා.නඩු විභාග වලදී නිවැරදිකරුවන් වන සැකකරුවන් ගැන කිසිම සදහනක් නැවත පලනොකර ඔවුන්ගේ දරු පවුල් සමාජය ඉදිරිපිට අසරණ කරවනවා.ඒ මදිවාට කවුරුහරි ඔවුන්ගේ කාර්යය ප්‍රශ්ණකිරීමකට ලක්කරහොත් කොහේහරි හංදියකට ගිහින් 10-15ක් එක්ක උද්ඝෝශනය කරනවා.කොටින්ම කියනවානම් පුක කසාගන්නත් පෑණ යොදාගන්නවා.

අනේ ඉතින් මේ ඔක්කොම සුභ නිමිති මැද්දේ ජහමනයා අත හම යනකම්,අතේ ඇඟිලි ගෙවෙනකම් ඇස් පියාගන ස්වයං වින්දනයේ යෙදෙනවා.සුරතාන්තයට පත්වෙන්න ඉඩක් නොදීම නිමිති මාරුවෙනවා.ඉතින් ආපහු මුල ඉඳන්ම වැඩේ පටන්ගන්නවා.පාලකයෝ ඒකදිහා බලාගන සැනසුම් සුසුම් හෙලනවා.බෙංගමුවේ නාලකලා බටකොල ආච්චිලා ගැන කතා කියලා දෙනවා.රටේ පාලකයා හනුමා ගැන කතා කියනවා.හැම කතාවක්ම මැද්දේ ඉඳගන මිනිස්සු ඇස්පියාගන පස්ස ගස්සනවා......


කටුස්සා....

ප:ලි:

ඇනෝපීලිසෝ....කරපු උදවුවලට ගොඩක් ස්තූතියි....

29 comments:

  1. දිනු දේශය අනතුරේ එන්ට අපි asia cup එක බලමු (තිතක්)

    ReplyDelete
    Replies
    1. ඒක බලන්න ඇන්ටනාව කරකවලා එපාවෙනවා බං.ගේමක් දීලා ඒක හදාගත්තට පස්සේ ගෙදරින් අම්බානකට බැණුම් අනිත් චැනල් පේන්නේ නෑ කියලා.

      Delete
    2. ආත්තම්මානම් හරි කැමතියි ඔය චැනල් එක හදා ගන්නවට....

      Delete
  2. නියමයි, හැබැයි සුරතාන්තයට පත් වෙන්න අනොපිලිසාගෙන් උදව් ගත්ත එක තමා වැඩේ

    ReplyDelete
    Replies
    1. හැක්...උගෙන් උදවු ගන්නවාට වඩා හොඳයි මේක ලයිට් කණුවක අතුල්ල ගන්නවා.
      ඔය "සුරතාන්තය" කියන වචනේ කියලා දුන්නේ ඕකා තමයි.මම මෙච්චරකල් හිතන් හිටියේ සුරාන්තය කියලා....

      Delete
  3. ඔහොම යද්දි ඒකත් වෙයි බං...... එච්චරයි තව නූනේ..........

    ReplyDelete
    Replies
    1. එන හැම එකාම කරන්නේ අපිට ආතල් දෙන එකයි බං....

      Delete
  4. උඹ මූලික එක ඇත්තක් මතු නොකර මතු ‍කරනවා. ඒක තමයි, "ඕනෑම සංකල්පයක් භාවිතා කර හෝ විකෘති කර හෝ විනාශ කර හෝ බලය ලබා ගත යුතුය, ලබා ගත් බලය පෝෂණය කර රැකගත යුතුය" කියන දේ. එතනදි, සිංහල බෞද්ධ කම, යුක්තිය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය ආදී හැම දෙයක්ම විකිණිය හැකි පාරිභෝගික භාණ්ඩ පමණයි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම....මිනිස්සුන්ගේ හැඟීම් වලින් හොඳටම සෙල්ලම්කරන්න දන්න එකා දිණුම්.

      Delete
  5. ඇයි මචං පාතාලෙ.. සුදු වෑන්,ඩිෆෙන්ඩර් සීන් චොරයි.කෙලින්ම ඇඟේ ගෑවෙනවා.. ඒකටත් ක්‍රමයක් තියෙනවා දැන්.මහජනයා විසින් උද්ඝෝශන වලට එරෙහිව නැඟී සිටීම නිසා නොසන්සුන්කාරී තත්ව එහෙම ඉස්සරහට කොමන් වෙනවා.රවී ඡන්දෙ වෙලාවෙ මිනී විකුනපු හැටි අපි අපිම අමතක කරපු හැටි කොහොමද? පඩයක් ගියත් උපරිම රිඇක්ශන් අරගෙන පොදුජනයගෙ හඬ මරලා දාන වෘත්තීය සමිති?
    පොතේ හැටියට ඉස්සරහට විදෙස්ගත වෙන එකත් අමාරු වෙන්න ඕනෙ.. බලමු එතකං වින්දනේ යෙදිලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔහොම පොඩ්ඩක් හිටහන්.මේ පටන්ගත්තා විතරයි.හැබැයි මෙයා නාගන්නවා.එක්කෝ හිටපු එකාගෙන් අහගන්න ඕනේ හත්පොලේ ගාගන්නේ නැතුව මේවා කරන විදිහ.

      Delete
  6. උබලා දෙන්න අතර මොකක් නමුත් හුටපටයක් තියනවා ස්‌වයංවින්දනයට ඇනොපිලිස් උදව් කරා කියලද කියන්නේ (විහිලුවට)
    එල ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඌව මතක් කරගන්නවාට වඩා හොඳයි ගෝරිල්ලෙක්ව මතක් කරගන්නවා....

      Delete
  7. මේ ක්‍රමේ කවදා වෙනස් වෙයිද?

    ReplyDelete
    Replies
    1. මොකටද බං වෙනස්කරන්නේ?ආතල් එකේ හිටපංකෝ මුන් දෙන ආතල් විඳගන.

      Delete
  8. ඔය රටාව අපි හදාගත්ත එකක් නෙවේ. අර 'මාද්දිය කාරයෝ' කියන ගෝත්‍රිකයන් විසින්, විශේෂයෙන් පෞද්ගලික ගුවන්විදුලි රූපවාහිනී නාලිකා ආවට පස්සේ, අපේ මිනිස්සුන්ගේ ඔලුවට පටවපු දෙයක්.

    මේ ක්‍රමය ප්‍රතිෂේප කරන්න තරම් අපේ මොලය දියුණු වනතුරු, මේ වසංගතය ඔහොමම තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඕක ප්‍රතික්ශේප වෙන එකක් නෑ.මිනිස්සුන්ටත් ඔය වැඩේ හෙන ආතල්.තව ටික කාලෙකින් මුන් ටොයිලට් ඇතුලටත් කැමරාව උස්සන් යයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  9. මාද්‍ය කියල කියාගන්න සමහර ආයතන තමයි මේවට ලොකුම උදව්ව කරන්නේ,කොහේ හරි කව්රුහරි කියපු පොඩි කතාවක් අල්ලාගෙන ඒක දෙතුන් ගුණයක් ප්‍රසාරණය කරලා ජහමනයට මුදාහරිනවා.යුද්දය දෙයියනේ කියල ඉවර නිසා අපේ බලන් ඉන්න එව්න්ටත් ඕවට කෑගහන්න දගලන්න ඕන තරම් වෙලාව තියනවා.ඔව්න් ඔක්කොම කරන්නේ එකම දේ..බලන් ඉන්න එව්න්ගේ මොලේ නැතිකම තමයි ඔක්කොටම මුල...

    ReplyDelete
    Replies
    1. ලේ දැකපු,හම තිස්සෙම භයවෙලා හිටපු මිනිස්සුන්ගේ හැඟීම්වල තාමත් නොදන්න හිස්කමක් තියනවා.මාධ්‍යකරුවන් උන්ගේ මේ අසික්කිත මාධ්‍යකරණය රිංගවන්න හදන්නේ අන්න ඒ හිස්තැනට.ඔවුන් ගොඩක් දුරට සාර්තකයි මේ වෙනකොට.

      Delete
  10. කතාව ඇත්ත බං. හැම එකාම කරන්නෙ ආතල් දෙන එක තමයි. ඒ අතරෙ සමහර ආතල් පත්තු වෙනව. සමහර ඒව චොර වෙනව.

    අර ඉන්දියන් ටෙලි නාට්‍ය ටික තහනං කළානං ගෙදර ගෑනු ටිකත් පාරට බස්සල උද්ගෝෂනයක් කරගන්න තිබ්බ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් ඒවා විතරක්නම් මදැයි.අර කොරියන් ඒවා.ඒවායේ ඉන්න කෙල්ලොනම් හොඳයි.ඒත් ඉන්න කොල්ලෝ ටික....ඉස්සර රෑට සේනානායක හංදියෙත් හිටියා ඒවගේ එවුන්.

      Delete
  11. මොකෝ බං වැඩේ අතරමගදි ඇනෝපිලිසා පොල්ල තිබ්බද?

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ...ඒක අරගන ගිහින් තිබුනා....

      Delete
  12. මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ ප්‍රශ්න 2යි.
    01. දේශපාලනය.
    02. ආගම./////// 100% athha

    ReplyDelete
  13. අනේ මන්දා බන් මේවට මොනවා කියන්නද කියලා.... දෙන දෙයක් කාලා වෙන වෙන දෙයක් බලාගෙන ඉන්ට තමයි සිද්ද වෙන්නේ................

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කරන්නද බං.තමන් හම්බකලොත් තමන්ගේ බඩ පිරෙයි.

      Delete
  14. ටික දවසක් මේ පැත්තට එන්නත් බැරිවුනා බං. නිදහසක් තිබුනෙම නෑ.

    උඹ කියනවා වගේ මිනිස්සුන්ටත් ඕන නැති මගුලක් නෑ තමයි බං.

    ReplyDelete
    Replies
    1. හම්බකරන් කාලා පාඩුවේ ඉන්නේ නැතුව උන් යනවා ව්‍යවස්ථා සංශෝදනය කරන්න.

      Delete