Friday, May 6, 2016

කෝ කොහේදෝ මා සොයන්නී.... ආදරේ දුන්නී.......


නික්ම යන මොහොතට කලින්
මට කියනවද ලංවී හොරෙන්
අපි අපේ වී උන්නු කාලය
බොඳකෙරුව හැටි මතකයෙන්

නෙතු තෙමන කඳුළැලි මතින්
හිත තදකරන් ලත් ඉසිඹුවෙන්
බලා මා දෙස සිනාසෙනවද
ඉරිතැළුණ සිහිනය මැදින්

තුරුළුවී පෙර හුරු ලෙසින්
නුඹ මගේ පපුවට හිස තියන්
තවත් මොහොතක් රැඳෙනවද ලඟ
සෙනෙහසේ නටඹුන් මතින්

මගේවුනු කල දුන් පෙමින්
නෙක පාට තැවරුව හදවතින්
තබා මතකය නික්ම යනු අද
කිසිදිනක  නොදකින ලෙසින්


කටුස්සා....

47 comments:

  1. මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි .....

    ReplyDelete
    Replies
    1. //ඒ මතකය විතරයි//
      ඒක ඕනෙත් නෑ මම හිතන්නේ.ඒක අරගන ගියහම මල වදේ.

      Delete
  2. සුන්දර පද ටිකක් මචං................ ජයවේවා........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ.....ජය වේවා

      Delete
  3. ලස්සන කවියක් කටුස්සො!

    ReplyDelete
  4. අනේ ඒයි...ඕම කියන කොට මගෙ හිත උණු වෙලා පිච්චිලා යනවා බොල​.....ඔයා දන්නවනෙ අනේ...ලස්සනයි....හුගා.....ක්

    ReplyDelete
    Replies
    1. මම දන්නවනේ ඒයි ඔයා කවදාවත් මට මෙහෙම කරන්නේ නෑ කියලා. මේවා මේ ජොලියට ලියන ඒවා ඒයි.ඔයාගේ අවංක පිවිතුරු නොකැලැල් ප්‍රේමයට මම මෙහෙම කවි ලියනවද?

      Delete
  5. ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ.ආපහු අදෝනා කියන්න පටන් අරන්:@ මේක කවියක් නෙමෙයි.සිංදුවක්.මොනවාවුනත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හරි ඉලවුවක්නේ බොල....දැන් මට අඳෝනා ලියන්නම බැරිද?
      ස්තූතියි මචෝ.

      Delete
  6. Replies
    1. මේ සතියේදී හම්බවෙලාම කතාකරමු.

      Delete
  7. අර උස, කණ්නාඩි දාන, කොන්ඩෙ කොට, වැම්පයර් නංගිටද ඔය කියන්නෙ ..???

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස් ඒක තමයි ඔය කියන්නේ

      Delete
    2. විශේෂ නිවේදනයයි-
      මධ්‍යම කාරක සභාව රැස්වී ගනුලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් මත මින්පසු ඇය වෙනුවෙන් කිසිඳු කවියක් නොලියවන බව සඳහන් කරමි.

      Delete
  8. ලොව ඇත්තේ හමු වීම වෙන් වීම පමණි ...වෙන්වීම සටහන් වන්නේ අප හමු වූ දවසේමයි

    ReplyDelete
  9. වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි..
    අප සිත් අහින්සකයි
    කඳුලක් වගේ හඬයි..

    ඒ සංදුව මතක් උනා..

    සුපුරුදු විදිහට සුන්දර පද පේලිය...
    කටුස්සා ආයෙත් මේ ටික දවසකින්නේද ලියුවේ??

    ReplyDelete
    Replies
    1. ඔවු නිර්මානි, මේ තරම් නිදහසක් හම්බුනේ ගොඩකාලෙකින්.ඒත් හිතට කිසිම අදහසක් එන්නේ නැති මහා කම්මැලි කාලයක්.

      Delete
  10. තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවෙ
    බිදුනු පෙමට කදුළු සලා කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ...
    සිනහා වෙයන්නේ..........

    ReplyDelete
    Replies
    1. කටුස්සා කවද්ද බං ඇඬුවේ.අපි හිනාවෙලා ඉන්නවා.

      Delete
  11. මතකයත් අරං යන්න කිවුවනං හොඳ නැද්ද?

    අගෙයි...

    ReplyDelete
    Replies
    1. ඒක තිබ්බදෙන් පස්සේ කාලෙක කවියක් හරි ලියන්න.

      Delete
  12. වෙන් වීමක රස..
    ජයවේවා..!!

    ReplyDelete
  13. දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා.. හැක්

    ReplyDelete
    Replies
    1. මල් සොයනා මම ඔබගේ පළමු පෙම්වතා...හැක්

      Delete
  14. වෙන්වෙන හැම කෙනෙක්ම මතක ආපහු අරන් ආවොත් මට මේ පවුල ගෙනියන්න බැරිවෙනවා බං. ඒ නිසා මතක අමතක වෙලා යන එක හොඳයි :D

    ReplyDelete
    Replies
    1. දැන් මෙහෙම කිවුවට කසාදෙන් පස්සේ අපිත් ඔහොම තමයි....D

      Delete
  15. හිදිවී කොතනකහෝ,
    කටුස්සියක් ඔබේ නමින්,
    වඩිවි කෙදිනකහෝ.....
    ඒ එනතුරා
    හිත හදාගෙන හිටින් .....

    ReplyDelete
    Replies
    1. ඉන්න තැනකින් එන්න කියපියකෝ සෙද්දක් කරන්නේ නැතුව ඉක්මනට.

      Delete
  16. තබා මතකය නික්ම යනු අද
    කිසිදිනක නොදකින ලෙසින්


    ඔය බොරුනේ .....

    ReplyDelete
    Replies
    1. බොරු...??? මී ඇස්දෙක පල්ල ඇත්ත.

      Delete
  17. Replies
    1. ස්තූතියි....ඒ වගේම පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා.

      Delete
  18. සඳ ඔබ මගේ
    දුක විමසන
    දුක් හැන්දෑවේ ගීතයක් සේ..

    කෝ කොහේදෝ
    මා සොයන්නී
    ආදරේ දුන්නී..

    ReplyDelete
    Replies
    1. හමුවෙමූ කවදා හෝ ආයේ
      හිනහෙමූ තරහා නෑ වාගේ....

      Delete
  19. හරිම ලස්සනයි...

    //තබා මතකය නික්ම යනු අද
    කිසිදිනක නොදකින ලෙසින්//

    එහෙම කියන්න එපා , කවදාහරි ආයෙත් කදුළු වියැලුනු හිනා පුරුනු දවසක හමු වෙමු.....

    ReplyDelete
    Replies
    1. දාලාගිය මිනිස්සු එක්ක හිනාවෙන්න බෑ පුරුදු විදිහට.හිනාවෙනවනම් ඒ මූනිච්චාවට විතරයි.ඒ නිසා ඕනෙම නෑ.

      Delete
  20. ෆේස්බුක් ලින්ක් එකෙන් කියෙව්වට මොකෝ කොමෙන්ටුවක් දාන්න පුලුවන් විදියට ගොඩවුණෙ අද. මතක බලෙන් තියාගත්ත වගේ නෙමෙයි හැම තප්පරේම හිතට ගොඩවෙලා තියුණු කොන් හිතේ සියුමැලිම තැන් වල වැදි වැදී රිද්දන්න වුණාම.

    ඇයි ආදරේ කවියක් වෙමී ඉතුරු ටික නොලියන්නෙ? කියවන්න බලං ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හම්ම්...මතක කියන්නේ මහ එපාකරපු එකෙක් තමයි. ඒත් ඩිලීට් බට්න් එකක් නැති නිසා විඳවන්නම වෙනවා.

      ඒ කතාව ලියන්නම් ඉක්මනටම....

      Delete
  21. සුන්දර නිර්මාණයක්...

    ReplyDelete
  22. නික්ම යන්නෙමි නැවත නොඑන්නට
    පෙම්වත මා අමතක කරනු ඉතින්
    මගේ මතකයෙන් තොර ජීවිතයක
    පතමි ඉරක් පායනු විගසින්

    ලස්සනයි කටුස්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. "මම නැතිඋනාට ඔයාට මට වඩා හොඳ ගෑණු ළමයෙක් හම්බවෙයි අයියේ...."

      අඩේ.... මේ වචනේ කෙල්ලෝ මවනකොට ආපු ඔරිජනල් සෙටින්ග්ස් වල තියන එකද්ද කොහේද......
      ජයවේවා....

      Delete