නුඹ මගේ වී මා නුඹේ වී අපි අපේ වී සෙනෙහසින්
තවත් කොපමණ දුරක් යන්නද වාරුනැති ගත දැඩිකරන්
ලැබුණු සියුමැලි ලතෙත් සෙනෙහස දෑස්තුල තව තදකරන්
සිහින් දෑගිලි හොවා සිරසට දෙතොල් නළලත සිරකරන්
යොවුන් සිතුවිළි දඟකරනදා රුදුරු වනයක කෙළිදොලින්
නොමග නොයනට වෙලා හදවත සිසිල් තුරු සෙවනක් වෙමින්
විසල් දරඳඩු පිරිමි දිවියම මගේ දිවියට දියකරන්
කෙසේ අමතක කර දමමි නුඹ ගිලන්වූදා රත්තරං
නොමති හැඟුමන් අවට ලොවගැන අයාලේ ගිය හදවතක්
මටම පුදුමයි වසඟවුන හැටි දුටුව පසු නෑඹුල් මලක්
ගතට පමණක් පෙම් කෙරුව කල විඳපුනැති හිත බරකමක්
තවම දැනෙනව නුඹ ලඟදි මට කලාදෝ මම වැරැද්දක්
දුටුව පසු ලොබ සිතුන නුඹෙ රුව හදවතට කෙඳිරූ කවක්
සිහිනෙනුත් පද මිමිණුවා මම නුඹේ පපුවට හිස තියන්
අ'යනු ආ'යනු කියා දිවිමග අරුත් එකිනෙක පවසමින්
කලේ කොතනද වැරැද්දක් නුඹ කියනවද මට කොඳුරමින්
දුරක් යන්නට සිතා තුරුලට හොවා ගත්තද ආදරෙන්
යායුතුය හැරදමා මතකය තුරුණු නුඹ සිත තනිකරන්
කිරට හඬනා සමනළුන් හා නොහැකිනම් යන්නට දුරක්
හෙලනු දිවිබර අත්වැලක් මත නොමත මගෙ සිත තරහවක්
වනස්පති සෙවනක් වෙමින් මට ලබාදුන් සෙවනින් බිඳක්
ලබාදිය හැකි කෙනෙක් මිහි වෙද දනිමි එය මහ විහිළුවක්
නුඹේ රුහුරෙන් සුවඳවුන සමනළුන් හා යන්නට දුරක්
මගකියයි නුඹ දුන්න ආලය නෙත් පියෙනතුරු මහ මෙරක්
කටුස්සා....
ප:ලි:
නිමිත්ත ගැන හැඟීමක් ඇතිකරගන්න ඕනෙමනම් මෙතන්ට (මිතුරිය ) ගිහින් කමෙන්ටුත් එක්කම බලන්න.
අම්මවයි තාත්තවයි දෙන්නවම ආදරෙන් මතක් කරා කියපන්. දෙන්නටම දිර්ගායුෂ!!!
ReplyDeleteපංකාදුපහයි (තිත් දෙකයි කැපිටල් ඩී)
ReplyDeleteරහයිනම් එච්චරයි....
Deleteගොඩක් ලස්සනයි.
ReplyDeleteකොමෙන්ට් ටික කියලා උබගේ කතාව දැන ගත්තා මචන්.
Deleteලස්සන ආදර කතාවක්
ලස්සනයිනම් තමයි.
Deleteකියවලා අදහස් දැක්වීමට ස්තූතියි මචෝ
කසුටුගේ ලස්සනම ලස්සන ආදර කතා.....
ReplyDeleteකටුස්සගේ ආදරකතා කවද්ද බං ලස්සනවුනේ....
Deleteලස්සනයි කවි ටික.
ReplyDeleteබොහොම ස්තූතියි වර්ණ....
Deleteඋඹ් කවි හරි රහයි බං............
ReplyDeleteඒ වුනාට සීනි නැතුව කන්න අමාරුයි නේද?
Deleteහරිම ලස්සනයි....
ReplyDeleteස්තූතියි තරූ....
Deleteවිරහ ගියක්ම තමයි.
ReplyDeleteවිරහවෙත් සෑහෙන්න ප්රභේද තියනවානේද අජිත් අයියේ....?
Deleteඒකත් අන්තිමට විරහවක්ද?
ReplyDeleteඉස්සලා එකත් කියවලම එන්නකෝ නගේ.....
Delete