Sunday, January 17, 2016

නොනිමි....




නුඹ මගේ වී මා නුඹේ වී අපි අපේ වී සෙනෙහසින්
තවත් කොපමණ දුරක් යන්නද වාරුනැති ගත දැඩිකරන්
ලැබුණු සියුමැලි ලතෙත් සෙනෙහස දෑස්තුල තව තදකරන්
සිහින් දෑගිලි හොවා සිරසට දෙතොල් නළලත සිරකරන්


යොවුන් සිතුවිළි දඟකරනදා රුදුරු වනයක කෙළිදොලින්
නොමග නොයනට වෙලා හදවත සිසිල් තුරු සෙවනක් වෙමින්
විසල් දරඳඩු පිරිමි දිවියම මගේ දිවියට දියකරන්
කෙසේ අමතක කර දමමි නුඹ ගිලන්වූදා රත්තරං


නොමති හැඟුමන් අවට ලොවගැන අයාලේ ගිය හදවතක්
මටම පුදුමයි වසඟවුන හැටි දුටුව පසු නෑඹුල් මලක්
ගතට පමණක් පෙම් කෙරුව කල විඳපුනැති හිත බරකමක්
තවම දැනෙනව නුඹ ලඟදි මට කලාදෝ මම වැරැද්දක්


දුටුව පසු ලොබ සිතුන නුඹෙ රුව හදවතට කෙඳිරූ කවක්
සිහිනෙනුත් පද මිමිණුවා මම නුඹේ පපුවට හිස තියන්
අ'යනු ආ'යනු කියා දිවිමග අරුත් එකිනෙක පවසමින්
කලේ කොතනද වැරැද්දක් නුඹ කියනවද මට කොඳුරමින්


දුරක් යන්නට සිතා තුරුලට හොවා ගත්තද ආදරෙන්
යායුතුය හැරදමා මතකය තුරුණු නුඹ සිත
නිකරන්
කිරට හඬනා සමනළුන් හා නොහැකිනම් යන්නට දුරක්
හෙලනු දිවිබර අත්වැලක් මත නොමත මගෙ සිත තරහවක්


වනස්පති සෙවනක් වෙමින් මට ලබාදුන් සෙවනින් බිඳක්
ලබාදිය හැකි කෙනෙක් මිහි වෙද දනිමි එය මහ විහිළුවක්
නුඹේ රුහුරෙන් සුවඳවුන සමනළුන් හා යන්නට දුරක්
මගකියයි නුඹ දුන්න ආලය නෙත් පියෙනතුරු මහ මෙරක්


කටුස්සා....

ප:ලි:
නිමිත්ත ගැන හැඟීමක් ඇතිකරගන්න ඕනෙමනම් මෙතන්ට (මිතුරිය ) ගිහින් කමෙන්ටුත් එක්කම බලන්න.

18 comments:

  1. අම්මවයි තාත්තවයි දෙන්නවම ආදරෙන් මතක් කරා කියපන්. දෙන්නටම දිර්ගායුෂ!!!

    ReplyDelete
  2. පංකාදුපහයි (තිත් දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete
  3. ගොඩක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් ටික කියලා උබගේ කතාව දැන ගත්තා මචන්.
      ලස්සන ආදර කතාවක්

      Delete
    2. ලස්සනයිනම් තමයි.
      කියවලා අදහස් දැක්වීමට ස්තූතියි මචෝ

      Delete
  4. කසුටුගේ ලස්සනම ලස්සන ආදර කතා.....

    ReplyDelete
    Replies
    1. කටුස්සගේ ආදරකතා කවද්ද බං ලස්සනවුනේ....

      Delete
  5. ලස්සනයි කවි ටික.

    ReplyDelete
  6. උඹ් කවි හරි රහයි බං............

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට සීනි නැතුව කන්න අමාරුයි නේද?

      Delete
  7. විරහ ගියක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. විරහවෙත් සෑහෙන්න ප්‍රභේද තියනවානේද අජිත් අයියේ....?

      Delete
  8. ඒකත් අන්තිමට විරහවක්ද?

    ReplyDelete
    Replies
    1. ඉස්සලා එකත් කියවලම එන්නකෝ නගේ.....

      Delete