Monday, January 11, 2016
සුදු සහ කලු....
චන්ද්‍රමඩල මුවාකරන්
ගත ඇඳි සළු නෙක උනමින්
ක්ෂීරපථය තනි අතකට
ගත්ත රූබරී....
නිල් දෙනයන කැල්මදරන්
සිත ටිකකට නතරකරන්
සප්ත සාගරය කැළඹුව
රත්න මෝහිණී....
කල්බලා ලැබුන ඉඩකින්
ඉවතහෙලා ලොව පතිදම්
විශාකාව තුරුලට ගිය
දීඝ ගාමිණි....
කිරට හඬන තම බිළිඳුන්
නොලා මගට සිත මවුවත්
දරු දෙනෙතට සිත කැපකළ
කිසාගෝතමී....
කඩා තනය පොළවෙගසන්
සාප නොකර නුවර දනන්
දුක තම ලැම මතම හෙවූ
චන්ද කින්නරී....
දරුපෙම සිත තුල දරමින්
වැගිරෙන කිරි නතරකරන්
පියවුරු කෙළි බඩුවක් කල
සප්ත පත්තිනී....
සලිතකරගන්න යටිකය
හොවන දණ්ඩ දැඟලිලි මැද
දරු කුසගිනි නිසාම
පිළිගත්තු ද්‍රෞපදී....
අනුරාගයෙ ඉම සොයමින්
පිහිනන දන සිත නිවමින්
ආයෙත් එන්නැයි පවසන
සීතා දේවී....
කරපු පවු වසා කඩතිර
මුවා කරන සිල්වතුන්ට
හැමදාමත් පවින් පිරුන
පට්ටම වේසී....
පවක්යැ'යි ලොවම පවසන
අපායක දිවිය රඳවන
රහසින්වත් පවු නොකරන
බිම්බා දේවී....
දිවි දවනා ගින්න මැදින්
සිත නිවනා පෙම සොයමින්
නිල් අහසට දුක පවසන
කුණ්ඩලකේසී....
අම්මා යන අකුරු තුනට
මහමෙරක් වෙන්න දඟලන
ලෝ ධාතුව කම්පාකල
බුද්ධ භාශීණී....
කටුස්සා....
ප:ලි:
විශේෂ ස්තූතිය- කමියට සහ ඇනෝපීලිසාට.
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
ඔක්කෝම කස්ටිය සෙට් කරගෙන නේද?? ජය වේවා..
ReplyDeleteතව අදුරන අය ඉන්නවාද?
Deleteපහුගියකාලේ එල්ලවුන චෝදනාවලට උත්තරයක්ද?ඒ මොනව උනත් ඔයාගේ ඉස්සර ස්ටයිල් එකට මම කැමතියි මේකටවඩා.
ReplyDelete\\චන්ද්‍රමඩල මුවාකරන්
ගත ඇඳි සළු නෙක උනමින්
ක්ෂීරපථය තනි අතකට
ගත්ත රූබරී....
නිල් දෙනයන කැල්මදරන්
සිත ටිකකට නතරකරන්
සප්ත සාගරය කැළඹුව
රත්න මෝහිණී....\\
මේක අත්දැකීමක්ද?
මාත් ගොඩක් කැමති ඒකට තමයි.එහෙම ලියන කොට මට ඕනෙකරන දේ ලියන්න පුළුවන් අත දිග ඇරලා.අනිත් ප්‍රශ්නෙට උත්තරේනම් මම නීතිපති උපදෙස් අරගනම දෙන්නම් :)
Deleteමුඹට ජීවත් උනා ඇති වගේද බං...? නියමයි කසුට්ටෝ... දැන් බත් පැකට් ගහලා ඉවරද..?
ReplyDeleteපිස්සුද මචෝ...තාම කසාදයක්වත් බැඳගත්තේ නෑ.දැන්ම මැරිලා කොහොමද.
Deleteදැන් ටිකක් නිවි හැනහිල්ලේ ඉන්නවා.
හරිම ලස්සනයි කසුටු
ReplyDelete:)
Deleteහම්මේ මොනව කියන්නද දන්නෑ කසුටු.... මට මේ කවිය ගොඩක් ලස්සනයි ඊටත් වඩා ඇනෙන ඊතලයක් වගේ
ReplyDeleteජීවත්වෙන්නේ මෙහෙම තැනක කියලා තේරෙන්නනම් ඊතල ඇනෙන්නම ඕනේ බං
Deleteඔන්න නියම කටුසු ස්ටැයිල්....
ReplyDeleteමම මේක මනසින් ක්‍රිෂාන්ත එරන්දක කියන සිංදුවක් විදිහට රසවින්ද.
https://www.youtube.com/watch?v=0qcQqu_BHwY&spfreload=10
Deleteමේක අහල බලන්න.
This comment has been removed by the author.
ReplyDeleteඔන්න ට්‍රැක් එකට වැටිල තියෙනවා.
ReplyDeleteතාම කිරට හඬන චූටි දරුවොනේ...හිටපු ගමන් කැලේ පනිනවා.
Deleteනියමයි කටුස්සයියේ
ReplyDeletethanks macho
Deleteසුපිරිම සුපිරියි කසුට්ටෝ..............
ReplyDelete:)
Deleteඔන්න මේකනම් සුපිරියටම තියෙනවා.
ReplyDeleteවැඩනිසා මට මගඇරුනට මාව මගඇරිලා නැති එකට ස්තූතියි වර්ණ
Deleteඔන්න කටුස්සෝ උබව බලන්නත් මාත් ආවෝ
ReplyDeleteලස්සනයි"
බලලා කමෙන්ට් කලාට ගොඩක් ස්තූතියි මචෝ
Deleteඋඹට ටිකක් තද වුණාද ?
ReplyDeleteසුදීක අයියා දැකලා තියනවද කවදාවත් මට කේන්ති යනවා....:)
Deleteලස්සනයි! වදින්න ඕනි තැන් වලටම වදිනවා.
ReplyDeleteකොච්චර වැදුනත් හැදුන එකෙක් ඉන්නවාද?
Deleteපට්ටයි සහෝදරයා
ReplyDelete